IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අධික ස්ථුලබව නිසා අංශ භාගය ඇතිවිය හැකියි‘

(උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදිත හේරත්)

අංශභංගත්වය යනුවෙන් හඳුන්වන්නේ ශරීරයේ එක් පැත්තක කි‍්‍රයාකාරිත්වය අඩපණ වීමයි. මෙයට හේතු වන්නේ අපගේ ශරීරයේ කි‍්‍රයාකාරිත්වය මෙහෙයවන මොළයේ එක් කොටසක් කි‍්‍රයාවිරහිත වීමයි. මොළයේ කි‍්‍රයාවිරහිත වූ කොටස සඳහා රුධිරය නොලැබීම, මොළයේ ඇති කුඩා රුධිරනාළ බිඳීයාම හෝ රුධිර වහනයක් සිදුවීම වැනි හේතු නිසා අංශභංගත්වය ඇතිවිය හැකිය.

මේ අතුරින් මොළයේ කොටසකට රුධිරය නොලැබීයාම නිසා සිදුවන අංශභංගත්වය ප‍්‍රමුඛස්ථානයක් ගනී. මොළයට රුධිරය සපයන කුඩා රුධිරනාළ අවහිරවීමෙන් මෙලෙස රුධිරය නොලැබී යන අතර එම නාළ තුළ ලේ කැටිති සිරවීමද එක් හේතුවකි. මොළය තුළ ඇතිවන රුධිර වහනයට හේතු වන්නේ දුර්වල වූ රුධිර නාළ බිඳීයාමයි. එලෙසම හිසට

සිදුවන ප‍්‍රබල අනතුරුද මෙයට හේතුවිය හැකිය. මෙයට අමතරව ස්වභාවිකව පිහිටන රුධිරනාළ විස්තාරණය වීම් ද මොළය තුළ රුධිර වහනයට හේතුවන සාධකයක් වේ.

මෙම හේතු නිසා මොළයේ කොටසකට එහි කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය ඔක්සිජන් වැනි සාධක නොලැබී යන අතර එවිට එම මොළයේ පටක කොටස මියයයි. මෙලෙස මොළයෙහි කොටසක් අකි‍්‍රයවීම නිසා එම කොටස මගින් පාලනය වන ශරීරයේ එක් කොටසක් අඩපණ වනු ඇත.

අංශභංගත්වයේ ප‍්‍රධාන ලක්‍ෂණ අතර ශරීරයේ කොටසක් අඩපණවීම, කතාකිරීමේ දුර්වලතාව, ශරීරයේ යම් කොටස්වල හිරිවැටීම, මුහුණෙහි පැත්තක් අකි‍්‍රයවීම සහ මානසික මට්ටම පහත වැටීම මළ පහ මුත‍්‍ර පාලනය නැතිවීයාමද දැකිය හැකිය. මෙම රෝගයෙහි ඉහත දැක්වූ රෝග ලක්‍ෂණ ඇතිවූ වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රෝහලක් වෙත යොමුවිය යුතුය. මූලික ප‍්‍රතිකාර සහ ඉන්පසු ලබාදෙන පුනරුත්ථාපන ප‍්‍රතිකාර ඉතා වැදගත්වන අතර එමගින් නැවත වතාවක් සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට ඇති හැකියාව වැඩිකරයි.

මූලික වෛද්‍ය ප‍්‍රතිකාර වලින් අංශභංගත්වයට හේතුවී ඇති මූලික තත්ත්වය පාලනය කරන අතර රෝගියා අනතුරුදායක තත්ත්වයෙන් මුදා ගැනීමට හැකිවේ. මොළයට ඇතිවී ඇති හානිය මූලික පරීක්‍ෂණවලින් සොයාගන්නා අතර එම තත්ත්යට හේතු වූ සාධකද පාලනය කිරීමටද හැකිවනු ඇත. මෙම මූලික ප‍්‍රතිකාර ඉතා ඉක්මනින් රෝගියාට ලබාදිය යුතු අතර අංශභංගත්වය වෛද්‍ය විද්‍යාවේ හදිසි තත්ත්වයක් ලෙසද සලකයි. මූලික ප‍්‍රතිකාරවලින් පසු හැකි ඉක්මනින් පුනරුත්ථාපන ප‍්‍රතිකාර ආරම්භ කළ යුතුය. මෙම පුනරුත්ථාපන අතරට වෛද්‍ය ප‍්‍රතිකාර, භෞත චිකිත්සක, වෘත්තිය චිකිත්සක සහ කතන චිකිත්සක ආදි ප‍්‍රතිකාර ක‍්‍රම සිදුකරන අතර එයට අමතරව මානසික උපදේශනය වැනිදෑද සිදුකරනු ඇත.

අංශභාංගත්වය ඇතිවීම කෙරෙහි බලපාන අනතුරුදායක හේතු මොනවාදැයි දැන සිටීමද ඉතා වැදගත්. මෙම අනතුරුදායක හේතුවලින් සමහරක් ඔබට වෙනස් කළහැකි අතර එමගින් ඔබට අනාගතයේදී අංශභංගත්වය ඇතිවීමේ අවධානම අඩුකරගත හැකිය. පාලනය කළහැකි

හේතු අතර අධික රුධිර පීඩනය, ප‍්‍රමුඛස්ථානයක් ගනී. ඔබට දැනටමත් අධික රුධිර පීඩනය ඇතිනම් ඒ සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර නිසි පරිදි ගැනීම, නුසුදුසු ආහාර පාන (උදා: තෙල්, ලූණු )

අධික මත්පැන්වලින් වැළකීම, මානසික පීඩන තත්ත්වවලින් ඉවත්වීම ආදියෙන් ඔබගේ රුධිර පීඩන මට්ටම නියමිත අගයක පවත්වා ගත හැකිය. එලෙසම මත්පැන් පානය හා දුම්පානයද අංශභංගත්වය ඇතිකිරීමේ අවධානම වැඩිකරයි. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම මෙලෙස පාලනය කළහැකි සාධකයක් වන අතර නිසි ප‍්‍රතිකාර හා ආහාර පාන පාලනය මේ සඳහාද වැගත්වේ.

ඔබ අධික ස්ථුල බවකින් යුතු අයෙක්නම් ඔබට ඉදිරියේදී අංශභංගත්වය ඇතිවීමේ අවධානම වැඩිවන අතර නිරෝගි ආහාර මගින් හා නියමිත ව්‍යායාමවලින් මෙය පාලනය කළ හැකිය.

මෙම ඉහත දැක්වූ සාධක පාලනය කළහැකි දේවල්වන අතර එමගින් අනාගත අංශභංගත්ව අවධානම පාලනය කළ හැක. මෙම ඉහත දැක්වූ සාධක පාලනය කළ හැකි දේවල්වන අතර එමගින් අනාගත අංශභංගත්ව අවධානම පාලනය කළ හැක. අංශභංගත්ව රෝගින් මෙම රෝගි තත්ත්වයෙන් පසු මුහුණදෙන ප‍්‍රධාන ගැටලූ ලෙස තම නිවස තුළ ස්වාධීනව ජීවත්වීමේ ගැටලූ, වැසිකිළි භාවිත කිරීමේ ගැටලූ, පඩි නැගීමේ ගැටලූ වැනි දෑ ඇතිවේ. මේ සඳහා නිවසේ සුළු වෙනස්කම් කිරීමෙන්ද එදිනෙදා කටයුතු සඳහා ඒ සඳහාම නිර්මාණය කරන ලද උපකරණ භාවිතය සහ රෝගියාට ගැළපෙන ලෙස වැසිකිළි උපකරණ වෙනස් කිරීම ආදියෙන්ද එවැනි ගැටලූ සඳහා සාර්ථකව මුහුණදිය හැක.

අංශභංගත්වය ගැන සැලකීමේදී රෝගය සෑදීමට පෙර එවැනි රෝගි තත්ත්වයක් සෑදිමේ ඉඩකඩ වැඩිකරන සාධක මඟහරවා ගැනීම ඉතා වැදගත් වේ.

 

 



අදහස් (0)

‘අධික ස්ථුලබව නිසා අංශ භාගය ඇතිවිය හැකියි‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 149 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 18 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 633 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 635 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13635 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3324 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19750 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 290 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site