IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි

ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.

එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.

මෙම යතුරුපැදිවල ධාරිතාවය ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය.

අලුත්ගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි

කුරුවිට Tuesday, 29 January 2013 09:30 PM

ගලබඩ සහතික ඇත්ත... මේවා ලොකුකෙනෙකුගෙ උනොත් ඒකයි ගැටලුව(නු)

:       0       0

ගාමිණී Tuesday, 29 January 2013 09:33 PM

වාරණ නීති තිබියදී එලියට ගැනීමත් පාරේ දිවීමත් ගැන පිළිතුර අපි බලපොරොත්තුවෙන් සිටිමු..!(නු)

:       0       0

සුරංග Tuesday, 29 January 2013 09:34 PM

ඔබ දන්නවාද 125cc රේසිං බයිසිකලයකට 300KMPH යන්න පුළුවං කියලා.. අපේ රටේ මේ නීතිය කවාද අහෝසි වෙයිද කියලා.. එංජිමේ ධාරිතාව වැඩි වීමට සාපේක්ෂව පමණයි වැඩි වෙන්නේ.. එය වේගය වැඩිවීමට බලපාන්නේ නැහැ..!(නු)

:       0       0

රුවන් Tuesday, 29 January 2013 09:34 PM

250cc කාණ්ඩය යටතේ ලියාපදිංචි කරපු 1000 cc යතුරුපැදි ඕනැතරම් කුරුණෑගල තියනවා.දන්නා තරමින් ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල තියනවා. මෙය සාමන්‍ය දෙයක්නේ.(නු)

:       0       0

ගාමිණී Tuesday, 29 January 2013 09:48 PM

රේස් පදින්න බලපත්‍ර ලබාගෙන ගෙන්නපු දෙයක් කියයි.. එයා දිනයි අපි තමයි බොරුවට රැවටෙන්නේ අන්තිමට..!(නු)

:       0       0

සමිත් විදුරංග Tuesday, 29 January 2013 09:48 PM

දුක්විදින අසරණ ජනතාවට දෙයක් කරන්න.!(නු)

:       0       0

ඉන්දිකා Tuesday, 29 January 2013 10:02 PM

මේ ලැම්බොගිනි කියන්නෙ අධිබල නෙමෙයිද? (නු)

:       0       0

එරන්ද Thursday, 31 January 2013 08:50 AM

මෙවටත් ටැක්ස් අයින් කරලද ?? (ස)

:       0       0

එරන්ද Thursday, 31 January 2013 08:53 AM

අපේ පොලීසියටත් මේ වගේ ඒවා දුන්නානම් හරි. දැන් තියෙන CT-100 අයින් කරලා (ස)

:       0       0

ශාකුන්තල Thursday, 31 January 2013 08:58 AM

ඒ වුණාට අපි දන්න විදියට නම් උපරිම වේග සීමාව 200සීසී. (නි)

:       0       0

ජසීම් Tuesday, 29 January 2013 10:27 PM

මේ වගේ දේවල් ලංකාවට පුදුමයක් නෙවෙයි..!(නු)

:       0       0

ඇන්ඩි Monday, 04 February 2013 09:45 AM

මිනිස්සුන්ට සල්ලි තියෙනවා නම් ඔවුන්ට අවශ්‍ය දෙයක් මිළට ගැනීමට අයිතිය ලබාදිය යුතුය. (නි)

:       0       0

අජිත් Thursday, 31 January 2013 07:17 PM

කොහොමද ඒ වගේ වීර ක්‍රියාවක් කලේ? (දී)

:       0       0

ලහිරු Wednesday, 30 January 2013 06:51 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 30 January 2013 01:04 PM

තව තියෙනවා (දී)

:       0       0

සම්පත් Thursday, 31 January 2013 10:18 AM

අපරාදේ (ස)

:       0       0

ජයම්පති Tuesday, 29 January 2013 11:57 PM

මේක දේශපාලනයක් සම්බන්ධ නැතිව ඇති..!(නු)

:       0       0

ගාමිනී Tuesday, 29 January 2013 11:59 PM

කොච්චර අගේද? පැයෙන් යාපනේට ගිහින් එන්නත් පුළුවං..!(නු)

:       0       0

සිසිර Wednesday, 30 January 2013 07:44 PM

අපෝ මේ පරණ මොඩ්ල් බයික් දෙකක්නේ. (නි)

:       0       0

බන්දුල රත්නායක Wednesday, 30 January 2013 12:21 AM

මේවා තහනම් නම් ලංකාවට ගෙනාවෙ කොහොමද කියලා සොයයන්නේ නැද්දද?(නු)

:       0       0

ජීවන් Wednesday, 30 January 2013 01:34 PM

මේ දෙක වික්කානම් කැබ් එකක් ගන්න තිබ්බා (දී)

:       0       0

සිසිර Wednesday, 30 January 2013 07:52 PM

කොහොමද ඕක අල්ල ගත්තේ (දී)

:       0       0

එරංග Thursday, 31 January 2013 03:04 PM

පොලිසියටත් 700සීසී දුන්නා නම් මේ වැඩේ ඉවරයිනේ. (නි)

:       0       0

ජනිත් Wednesday, 30 January 2013 01:50 AM

ලංකාවෙ ඉතින් මොනවද තහනම් නැත්තෙ? විවෘත හිරගෙයක්නෙ ලංකාව හැබැයි ඉතින් මේ ඔකොම තහනම් සාමන්‍ය ජනතාවට විතරයි... (නු)

:       0       0

දම්මික Wednesday, 30 January 2013 08:06 PM

මේක අල්ල ගත්තට තෑග්ගක් දෙන්න ඕනේ (දී)

:       0       0

ප්‍රභාත් Thursday, 31 January 2013 09:33 PM

අපේ රටේ විතරයි මෙහෙම නීති තියෙන්නේ. (නි)

:       0       0

ගයාන් පෙරේරා.. Wednesday, 30 January 2013 02:32 AM

පොඩ්ඩක් හිතල බලන්න, ලංකාවෙ හැම දේම දැන් වෙනස් වෙලා, අපි දැන් ඉන්නේ 2013.... වෙනස් වෙන ලෝකෙත් එක්ක අපිත් නව තාක්ෂනය කරා වේගෙන් ගමන් කරනව. පුලුවන් කමක් තියනව නම් කවුරු මේවා ගත්තත් ඇයි බොරුවට අනිත් අය කෑගහන්නෙ. 250 cc වලට වඩා වැඩි එන්ජින් ධාරිථාව ඇති යතුරු පදි තහනම දැන් ඉවත් කරන්න කාලය ඇවිත්. ඒත් එක්කම ආසියාවෙ අශ්චර්ය කරා අපිට යන්න ඕන නම් මෙහෙම හැම දාම කරත්තෙන් ගිහින් බැහැ නේද.. රටක දියුණුවට අලුත් මං මාවත් වගේම ඒ මාර්ග වල ගමන් යන්න වාහනත් තිබිය යුත්යි. මේ වගේ යල් පැනපු නීති අයින් කරන්න බරි ඇයි?(නු)

:       0       0

මොහමඩ් Wednesday, 30 January 2013 08:20 PM

මෙච්චර වටිනා බයිසිකල් තියෙනවද (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 30 January 2013 03:41 AM

මේ නොදන්න නිසයි අහන්නේ. ලම්බොර්ගීනි එහෙම අධිබල නෙවෙයිද..? (නු)

:       0       0

සිල්වා Wednesday, 30 January 2013 02:00 PM

නියම බයික් දෙක (දී)

:       0       0

කලන්සුරිය Monday, 04 February 2013 10:58 AM

දන්නා තරමින් නම් ඔය බය්සිකල් දෙකට 320 ට වඩා යන්න බැහැ. (දී)

:       0       0

අපොන්සු Wednesday, 30 January 2013 07:10 AM

කොහොමද මේවා රේගුවෙන් නිදහස් කරගන තියෙන්නේ? ඒවා එහෙම හොයල බලන්න අමාරු ඇති. (අ)

:       0       0

නීලා Wednesday, 30 January 2013 07:19 AM

අදහස නම් අගය කරන්න වටිනවා ගලබඩ. අඩුම තරමේ ආදායම් බෙදී යාමේ විෂමතාවය සුළුවෙන් හෝ අඩුවෙයි නේ. (නි)

:       0       0

නීල් Thursday, 31 January 2013 11:18 PM

මම හිතුවේ කැළණිය පැත්තෙන් කියලයි. (නි)

:       0       0

ඩයස් Wednesday, 30 January 2013 07:26 AM

දයා හරි. මෝට සයිකල් කන්ටේනර් එක ගියේ ඉතාලියේ නාපෝලි නගරයෙන්. මාධ්‍යයේත් ඒ ගැන අපි බැලුවා. මෙහෙන් පටවලා ලංකාවට යනකොට ,ඉතාලියේ ගුවර්දියා පිනෑන්ස් කියන පොලීසියට සම්බන්ධ ආයතනයකින් තමා ලඃකාවේ රේගුවට දන්වලා තිබෙන්නේ. ශ්‍රී ලාංකිකයන්ගේ බඩුත් එම කන්ටේනර් එකේ තිබිලා තියෙනවා. කලුතර පෑත්තේ දේශපාලන බලවතකුගේ ගෝලයකුගෙ වැඩක්ලු. ශ්‍රී ලාංකිකයන්ගේ බඩු පෙට්ටි අද වෙනතුරුත් ලෑබී නැතිලු. රහස් පොලීසියට අවශ්‍ය වුණොත් ඔවුන්ගේ සියලු තොරතුරු අප සතුව ඇත. මගේ ඊ මේල් ලිපිනය එයාලට දෙන්න මම කැමතියි. ඇත්ත කියන්නත් බිම ඉදගන්නත් මා බියවන්නේ නැත. (නි)

:       0       0

බබා Wednesday, 30 January 2013 09:30 PM

නියම බයිසිකල් දෙකක් නේ (දී)

:       0       0

බිහාර Wednesday, 30 January 2013 02:30 PM

මේක ඇත්තක්ද? (නි)

:       0       0

සම්පත් Wednesday, 30 January 2013 08:51 AM

දැන් ඒවා කටුගෙදරටද යවන්නේ? (නි)

:       0       0

ගයනී Monday, 04 February 2013 12:50 PM

ලෝකයේ වේගවත්ම යතුරුපැදිය යන්නෙත් පැයට කිලෝමීටර් 300 ටත් අඩුවෙන්. (නදී)

:       0       0

ගයනි Monday, 04 February 2013 12:52 PM

මම හිතන්නේ මේක 600ට විතර යනවා (දී)

:       0       0

ඊසාම් Wednesday, 30 January 2013 09:05 AM

අනුන්ගේ සතුටට ඊර්ෂ්‍යා කරන මිනිස්සු කොච්චර නම් ඉන්නවද? (නි)

:       0       0

චමින්ද Wednesday, 30 January 2013 10:22 PM

ඒකෙ' ලස්සන (දී)

:       0       0

එම්.එන්.පියරත්න. Wednesday, 30 January 2013 10:23 PM

ලෝකයේ වේගය වැඩිම මෝටර් සයිකල් වර්ගය තියෙන්නෙ ඇමරිකාවේ. එහි නම හාලි ඩේවිඩ්සන්. අවම එඒජින් ධාරිතාව සීසී800 ක් වෙනවා. නමුත් ඒ රටේ පොලිසිය ඒවා තහනම් කරන්නෙ නැහැ. අපේ පොලිසියට ඉස්සර දීලා තිබුනෙ සීසී500 එංගලන්තයෙ නිපදවපු ට්‍රයම්ප් කියන අධිවේගී මෝටර් සයිකල්. දැන් අපේ පොලිසි වලට වැඩිය තියෙන්නේ සීසී125 මෝටර් සයිකල්. මහජනයාට අධිවේගී මෝටර් සයිකල් පදින්න තහනම් වෙලා තියෙන්නෙ පොලිසිය මදවේගී මෝටර් සයිකල් පාවිච්චි කරන නිසයි. ඔය තර්කයෙන් වෙන්නේ අනෙක් රටවල් නවීන තාක්ෂණනයෙන් ඉදිරියට යනකොට අපි තාම බර කරත්තයෙන් යන එකයි. ආසියාවේ ආශ්චර්යට යන්න නම් අපි නවින දැනුම හා වැඩි දියුණු කළ තාක්ෂණය වැළද ගත යුතුයි. (නි)

:       0       0

චාමික Wednesday, 30 January 2013 11:02 PM

දැන් මේ බයික් දෙකද ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නය? (නි)

:       0       0

දෝහා Wednesday, 30 January 2013 09:52 AM

මොනවද අප්පා මේ අවනඩු? (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 29 January 2013 06:53 PM

සල්ලි තියෙන මිනිස්සු ඒවායින් මොනවාහරි ගේනවා. (නි)

:       0       0

රූස්ට Tuesday, 29 January 2013 06:54 PM

ඇමති පුත්තුන්ගෙ වෙන්න පුලුවන් නේද? (නි)

:       0       0

පිටිගල Tuesday, 29 January 2013 06:58 PM

දැන් ඔය වාර්තාව ගන්නේ එන්.ඩී.ටී. අයගෙන්ද? බී.එස්.සී. අයගෙන්ද? (නි)

:       0       0

කමල් Tuesday, 29 January 2013 06:58 PM

දාන්නකෝ බලන්න ෆොටෝ එකක්. (නි)

:       0       0

ඩෑම් Wednesday, 30 January 2013 09:55 AM

ඕවා රේගුවෙන් පන්නා ගත්තේ කොහොමද කියලයි ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනෑ. (නි)

:       0       0

ලියනගේ Tuesday, 05 February 2013 02:16 PM

මේ දෙකෙන් යන්න පුළුවන් උපරිම වේගය කියද (දී)

:       0       0

අමිල Tuesday, 29 January 2013 07:11 PM

එතකොට ඔය පහුගිය දවස්වල කතාවුණ ලැම්බෝගිනි එහෙම අධිබල නෙමෙයිද? දන්නෙ නැති නිසා අහන්නේ... (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 30 January 2013 10:09 AM

රටේ පාරවල් වලට ගැළපෙන වාහන තමයි ගන්න ඕනෑ. නැත්නම් අනික් කට්ටියටත් කරදරයිනේ. (නි)

:       0       0

පීසා Thursday, 31 January 2013 12:11 AM

550 වේගයෙන් යන්න බැහැ ඔය දෙකෙන් එකකටවත්, මම දන්න තරමින් නම්. (නි)

:       0       0

සුරංග Friday, 01 February 2013 02:41 PM

මේවා 1000සීසී නෙමෙයි. නියම මොඩ්ල් එක සීබීආර් 600 (නි)

:       0       0

කිවි Tuesday, 29 January 2013 07:22 PM

කමල්, ෆොටෝ බලන්න ඕනෑ නම් දාන්නකෝ ගූගල් සර්ච් පාරක්. (නි)

:       0       0

ඉසන්ක Wednesday, 30 January 2013 10:20 AM

ලොකු අයගේ ළමයින්ට විතරයි හැම එකම කරන්න පුලුවන්. අර අහවලා 600cc බයික් එකක් පදිනවා, කවුරුත් මොකුත් කියනවද..? තව එක් කෙනෙක් ගරාජ් නම්බර් ගහගෙන ලංකාව පුරා වාහන දුවනවා, කවුරුත් අල්ලනවද... ? සල්ලි වැඩි නම් හොද කාර් එකක් ගන්නවනෙ, බයික් පදින්නෙ නැතුව. නැනෝ එකක්ම දැන් ලක්ෂ 16ක් වෙන එකේ ලක්ෂ 6ක් 7ක් දීල බයික් එකක් අරගන්න එක මහ වරදක් නෙමෙයිනේ. (නි)

:       0       0

සුරංග Thursday, 31 January 2013 01:08 AM

ඒකේ වටිනා කම (දී)

:       0       0

සුරංග Thursday, 31 January 2013 01:10 AM

සීසී 1200 එකක් ලක්ෂ 20ක් විතර වෙනවා. (නි)

:       0       0

අජිත් Tuesday, 29 January 2013 07:33 PM

මම අහලා තිබෙනවා අධිබලැති ඒවා ගේන්න දෙන්නේ නැත්තෙ පොලිස් බයිසිකල් වලට වැඩි වේගෙන් යන්න පුළුවන් නිසා කියලා. මොන විහිළුද අනේ? (නි)

:       0       0

සුරංග Thursday, 31 January 2013 01:22 AM

ඇයි මේ මිනිස්සු නීති විරෝධී වැඩ කරන්නනේ (දී)

:       0       0

හේරත් Tuesday, 29 January 2013 07:34 PM

මම දන්න කියන කෙනෙක්ගේ පුතෙක් නම් කිසිම ගැටලුවක් නැතුව මෙයින් එකක් පාවිච්චි කරනවා. (නි)

:       0       0

ලෙපර්ඩ් Wednesday, 30 January 2013 10:36 AM

දුප්පත් මානසිකත්වය තමයි ඔය. ලැම්බොගිනියත් 330යි. 431 ට කාර් යන කාලෙ අපි 125 , 250 යමු නලුවො වගේ. සුද්දො දෙකොනින් හිනාවෙනවා ඇති මේවට. පල් වෙනවා අපි එක තැන. (නි)

:       0       0

සිසිර Tuesday, 29 January 2013 07:40 PM

හදිස්සි වෙන්න එපා. දැන් මෙහේ අධිවේගී හැදුණහම ඕවා ඕනෑතරම් පදින්න පුලුවන්. (නි)

:       0       0

ශ්‍රීලංකා Wednesday, 30 January 2013 03:58 PM

නීති විරෝධී වැඩ කරන්න මිනිස්සු පුදුම ආසාවක් තමයි තියෙන්නේ (දී)

:       0       0

සිංහ Wednesday, 30 January 2013 04:00 PM

මේවායින් තමයි සල්ලිකාර අය පිස්සු නටන්නේ. (නි)

:       0       0

රිස්වාන් Tuesday, 29 January 2013 07:43 PM

කමල්, අපට කොහෙද ඉන්ටර්නෙට්? නේද? (නි)

:       0       0

ලෙපර්ඩ් Wednesday, 30 January 2013 10:43 AM

ඕක හදලා ඇත්තෙ කෙළින්ම එලොව යන්න. 550ට යනකොට පුදුම සැපක් ඇති. (නි)

:       0       0

ගලබඩ Tuesday, 29 January 2013 07:47 PM

මේ බයිසිකල් දෙක විකුණලා පහළ ප්‍රවෘත්තියේ ගස් නැගලා ඉන්න මිනිස්සුන්ගේ ගමට වතුර ටිකක් දෙන්න බලන්න. (නි)

:       0       0

සංජීව Tuesday, 29 January 2013 07:55 PM

මොරටුව සරසවියේ ප්‍රායෝගික දැනුම ඇත්තෙක්ගෙන් උපදෙස් ගත්තා නම් හොදයි. (නි)

:       0       0

දමිත් Wednesday, 30 January 2013 11:03 AM

අපි අපේ පොඩි වාහනේ ලංකාවට ගෙනියන්න හැදුවහම තමයි ටැක්ස් කිය කියා ලක්ෂ ගණනින් ඉල්ලන්නේ. (නි)

:       0       0

දයා Tuesday, 29 January 2013 07:53 PM

ෂුවර් එකටම ඉතාලියෙන් හොරෙන් උස්සපු බඩු වෙන්න ඇති. ළගදීත් ඉතාලියෙන් හොරකම් කරපු මෝට සයිකල් 10 ක් ලංකාවෙදි කන්ටේනර් එකක් සමග අත්අඩංගුවට ගත්තා. ලංකාවට යන අයගේ පාස්පෝට් 4ක් 5ක් දාලා කන්ටේනර් වල බඩු දාලා එවනවා. ඒ අතරට ඉතාලි හොරුන්ගෙන් යුරෝ 5000ත් 8000ත් අතර වටිනා මෝටසයිකල් යුරෝ 200ත් 500ත් අතර ගානට අරගෙන යුරෝ50 දීලා හොරට පොත් හදලා ලංකාවට දානවා. ලංකාවෙදී අසුවුණ මෝට සයිකල් 10ට මොකද වුණේ කියලා නම් තාම දන්නේ නැහැ. ඉතාලි පොලිසියෙන් තමා ලංකාවට දෑනුම් දුන්නේ. ඒ ගැන සොයාබැලීම මාධ්‍යයට බාරයි. (නි)

:       0       0

ප්‍රෙමේෂ් Sunday, 03 February 2013 09:35 AM

අල්ලපු වෙලාවේ පොලිසියට කීයත් වත් දුන්නේ නැතුව ඇති. ඒකයි පොලිසියට ගන්න ඇත්තේ(නදී)

:       0       0

ෂිරාශ් Tuesday, 29 January 2013 08:02 PM

කිලෝමීටර් 550ක් තියා 50ට යන්නෙත් පුදුම අමාරුවකින්, මේ පාරවල් වල. (නි)

:       0       0

ෂිරාශ් Tuesday, 29 January 2013 08:02 PM

ආසාවට ළග තියාගත්තා කියලා ඒකෙන් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ? (නි)

:       0       0

දිල්ශානි Tuesday, 29 January 2013 08:03 PM

ඒවාල ගිය අය අන්තිමට නතර වෙන්නේ හදිසි අනතුරු වාට්ටුවල. (නි)

:       0       0

නලින් Tuesday, 29 January 2013 08:07 PM

අද සමාජයේ මේවගේ හොරට රෙජිස්ටර් කරපු මොටර් රථ ඕනෑ තරම්. පොලිසියත් නිහඩයි. අදාල අංශත් නිහඩයි. මේකත් වැරදිලා අල්ලපු එකක්ද මන්දා? (නි)

:       0       0

ශේන් Tuesday, 05 February 2013 03:38 PM

ලොකු ලොකු අය‍ට විතරද ඔය බයික් පදින්න පුළුවන් මාර නීති ලංකාවේ තියෙන්නේ (ස)

:       0       0

හේමන්ත Tuesday, 29 January 2013 08:10 PM

මත්තලට යන්නද දන්නෙ නැහැ? (නි)

:       0       0

චමින්ද Tuesday, 29 January 2013 08:15 PM

දන්න කියන කෙනෙක්ගෙ නම් ඇල්ලුවා වගේම ආ‍යෙත් භාරදෙයි නේද? (නි)

:       0       0

සමන් Tuesday, 29 January 2013 08:15 PM

පුදුමයක් වගේ ඇති කට්ටියටම. (නි)

:       0       0

ශාන්ත Tuesday, 29 January 2013 08:50 PM

අධිවේගී හදපු ගමන් පියාඹන්න ඇවිල්ලා... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 January 2013 11:54 AM

ඩයස් කියන්නේ නම් වංචාව පිටුදකින නියම කොල්ලෙක්. (නි)

:       0       0

හර්ෂණ Wednesday, 30 January 2013 05:19 PM

අනෙක් අයට කරදර වෙන්නෙ නැත්නම් මොන අධිබලයක් දිවුවහම කාටවත් මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 21 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1710 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4588 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3396 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3510 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site