IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අධ්‍යක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට

මීට දින විසි පහකට ඉහතදී කොළඹ වරායේ සී.එෆ්.එස් 1 ගුදමේ ගින්නට හේතු වූ රසායනික ද්‍රව්‍ය ගෙන්වූ සමාගමේ අධ්‍යක්ෂවරු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

ගින්නෙන් රුපියල් කෝටි හැටකට අධික අලාභයක් සිදු විය.

ගින්න හට ගන්නා අවස්ථාවේ 411 දෙනකුගේ භාණ්ඩ ගුදමේ තැන්පත් කර තිබිණි.

ගිනි ගන්නා සුළු අන්තරායකර රසායනික ද්‍රව්‍යයක් බව දැන ඒ සම්බන්ධයෙන් ලිපි ගොනු ඉදිරිපත් නොකර මෙම රසායනික ද්‍රව්‍යය ගුදමේ තැන්පත් කර ඇතැයි පරීක්ෂණවලදී හෙලි විය.

කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අධ්‍යක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට

උපාලි Wednesday, 19 June 2013 05:01 AM

සුනිල් රේගුවේ වගකීම පටන්ගන්නේ රේගු බඩු ගෙවලා භාණ්ඩ නිෂ්කාශනය කරන්න ආපු තැන සිටයි. මේ බඩු තවම වරාය බාරයේ තියෙන්නේ. වරාය බඩු කෑල්ලෙන් කෑල්ල බලන්න විදිහක් ප්‍රායෝගිකව නැහැ. ඔවුන් බලන්නේ ආනයන ලියවිලි අනුවයි. ආනයන ලියවිලිවල බොරු ලියන එක බොහෝවිට ආනයනකරුගේ අනුදැනුම මත වාප්පු ලිපිකරු විසින් කරන දෙයක්. පළපුරුදු කපටි වාප්පු ලිපිකරුවෝ රේගු බදූ අඩුකිරීම සඳහා අඩු වටිනාකම් යොදනවා. "ස්ප්‍රීතු" වෙනුවට "තීන්ත" වගේ බොරු නමක් දෙනවා. කොහොම නමුත් ආනයනකරු මේ බොරුවලටත් වගකිව යුතුයි. හැබැයි බොරුව නිසා ඇතිවන අතුරු විපාකවලට (මෙතෙන්දි වුනා වගේ) ඔවුන් කොයිතරම් වගකිවයුතුද කියන කරුණ අධිකරණයට බාරයි. (නි)

:       0       0

ජ,හේරත් Wednesday, 19 June 2013 05:10 AM

මගේ අම්මෝ ශාන්ත, ඔයා ගිහින් තියෙන දුර!(නි)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 07:37 AM

ඕකත් එක්තරා නාට්‍යක් පමණයි. හෙට අනිද්දා වෙනකොට රස පරික්ෂකටයි නීතිපති ගාවටයි උපදෙස් ගන්න ගියාම වැඩේ ඉවරයි.(නදී)

:       0       0

සාඳි Tuesday, 18 June 2013 07:14 PM

බයවෙන්න එපා.......හෙට නිදහස් කරනු ඇත .(අ).

:       0       0

නීල්-රානා Wednesday, 19 June 2013 08:37 AM

අසත්‍ය තොරතුරු සැපයීම හේතුකොටගෙන සිදුවන රේගු බදු වංචාවට මොවුන් වරද කරුවන් වගේම එසේ කිරීම නිසා උද්ගතවන මෙවැනි අතුරු විපාක වලටත් ආනයන කරුවන් වගකිවයුතුයි. අත්ලස් ලබා හෝ නොගෙන එහෙත් දැනුවත්ව ඊට සහයෝගය දෙන වාප්පු ලිපිකරුවන් ඇතුළු වෙනත් සේවකයන් හා/හෝ නිලධාරීන්ද උක්ත වැරදි වලට වක්‍රාකාරව වැරදිකරුවන් බැවින් ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල යුතුයි. ඊට අතිරේඛව රාජ්‍ය සේවකයන්ට එරෙහිව ආයතන මට්ටමෙන් පරීක්ෂණයක්ද පැවැත්විය යුතුයි.(නදී)

:       0       0

රකිත් Wednesday, 19 June 2013 08:51 AM

එතකොට අපේ වරායට එන බඩු කිසිම පරීක්ෂාවකින් තොරවද ගුදම්වල ගබඩා කරන්නේ? කවුරු හරි බෝම්බයක් පාර්සල් කරලා එව්වොත් දෙයියන්ගේම පිහිටයිනේ. පිට රට ඉන්න කොටි දැන ගත්තා නම් කොහොමද වැඩේ? (නි)

:       0       0

නීල්-රානා Tuesday, 18 June 2013 07:43 PM

කෝටි 60 කට වැඩි අලාබය අදාල සමාගමෙන් අයකරගන්න.(නදී)

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Wednesday, 19 June 2013 09:16 AM

සුනිල්,ගෙනා එක නොවේ ප්‍රශ්නේ. ගෙනා දේ ගැන බොරු තොරතුරු දීම තමා වරද. ඔයා ගෙදරට බඩු ගේනකොට සීනි කියලා ලුණු ගෙනත් දුන්නොත් මොකද වෙන්නේ? රේගුව වුනත් සියලුම දේ හැම තිස්සෙම පරීක්ෂා කරන්නේ නැහැ. ගුවන්තොටුපලේ වුනත් සැක අයගෙන් තමා බොහෝවිට ප්‍රශ්න කරන්නේ. නීත්‍යනුකුලව යන වැඩි දෙනාට ඉන් කරදරයක් නැහැ. හැම කෙනාම 100% පරීක්ෂා කිරීම ප්‍රායෝගික නැහැ, ඒ වගේම අනවශ්‍ය හිරිහැරයක් (නි)

:       0       0

ලලිත් Tuesday, 18 June 2013 09:06 PM

හි හි හි හතර හිනා.........(අ)

:       0       0

ලලාන් Wednesday, 19 June 2013 09:56 AM

ඡන්දෙකුත් ලංගම එනවා . (අ)

:       0       0

පද්මිණි Wednesday, 19 June 2013 10:08 AM

හේතුව හොයාගන්න ගිය කල්? (නි)

:       0       0

සනත් Tuesday, 18 June 2013 09:40 PM

අනේ පව් අහිංසකයෝ දෙන්න. (අ)

:       0       0

සුනිල් Tuesday, 18 June 2013 10:24 PM

අනේ මෙහෙමත් විකාර! මේ දේවල් ලංකාවට ගෙන්නන්න තහනම් කියල කතාවක් තිබුනද? ඒවා රේගුවෙන් ගෙනියනකල් ඒවා බලාගන්න එක රේගුවේ වගකීම නේද? කැකිල්ලේ රජ්ජුරුවෝ අද හිටියනම් බෙල්ලේ වැල දා ගෙන පන නහගන්නවා ෂුවර්.(නදී)

:       0       0

උපුල් Tuesday, 18 June 2013 10:24 PM

මේ දෙන්නා එයාලගේ ගෙදර වැඩකටද ඔය රසායනික ද්‍රව්‍ය ආනයනය කිරල තියෙන්නේ?. ඔය කොම්පැනියෙන් අලාභය අය කරගත්තොත් බටහිරෙන් ඉර පායාවී. (නදී)

:       0       0

පාලිත Tuesday, 18 June 2013 10:24 PM

හෙට ලක්ෂයක ඇප දීලා ගෙදර අරියි.(නදී)

:       0       0

සුනිල් Wednesday, 19 June 2013 10:50 AM

උපාලි, හරි විදියට කරුණු පහදලා දුන්නට ඔබට ස්තුතියි (නි)

:       0       0

ශාන්ත ටැන්සානියා සිට Tuesday, 18 June 2013 11:06 PM

වෙච්ච පාඩුව ගෙවනවද ඔය දෙන්න,,,,,,,,,,,,, (ස)

:       0       0

චූටියා Wednesday, 19 June 2013 11:03 AM

ගින්නක් නම් ඉතින් ජේ.වී .පී. එකේ වැඩක් නේ ..සුවර් එකට මේ දෙන්න ජේ .වී.පී එකේ තමයි.(නදී)

:       0       0

අපි සහ අපි Wednesday, 19 June 2013 12:09 AM

ලෝකෙම ඔට්ටු අල්ලන්නෙත් ඉන්දියා වලට. පහුගිය දවස්වල සොබාදහමත් අපේ පැත්තේ (නි)

:       0       0

කරු Wednesday, 19 June 2013 12:16 AM

එතකොට තැන් තුනකින් ගින්න ඇතිවුනේ කොහොමද? ඒ හැමතැනම මේ රසායනය තියලා තිබුනද? කෝටි 500 ක අලාභයක් කියලා නේද කලින් කිවුවේ?මේවට උත්තර ටිකක් පරක්කු වෙයි නේද? දැන් හේතුව හොයා ගත්තා වගේ (නි)

:       0       0

ගාල්ලෙ අයියා Wednesday, 19 June 2013 09:52 PM

රකිත් ඔබ හරියටම හරි (අ)

:       0       0

අතුල Wednesday, 19 June 2013 01:44 AM

රේගුවේ වගකීම අනුන් පිට පටවන්න එපා. මව්බිමට ජය ශ්‍රී! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2533 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1738 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5101 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3415 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3769 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site