විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.සුහයිර් වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලයෙන් ඉවත් කරනු ලැබ සිටී.
මෙගා ටෙලි නළුවක් නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 700ක් ඔහු විසින් අනුමත කරන ලදැයි කියන සිද්ධියක් දැන ගන්නට ඇත.
ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු බව කියන සුනිල් එස්.සිරිසේන මහතා පත්කර ඇත.
සුහයිර් එම තනතුරට ගිය වසරේ පත්කෙරුණේ ගිය රජයෙනි.
අධ්‍යක්ෂ ජනරාල් ඒ සම්බන්ධයෙන් මෙසේ කියයි.
‘විදුලි සංදේශ නියාමන කොමිසම නිසි පටිපාටියකින් තොරව සිනමා පටයක් සඳහා මුදල් දීම ගැන පළවන පුවත් සාවද්‍යය. විදුලි සංදේශ පනතේ 73 වැනි වගන්තියට අනුව විදුලි සංදේශ යන වචනය අර්ථ දැක්වීමේදී එයට ටෙලි නාට්‍ය හා සිනමාවද ඇතුළත් වේ. අදාළ චිත්‍රපටයට අනුමැතිය දී ඇත්තේ එම වැඩසටහනේ අදාළ ක්‍රියාපටිපාටීන්ට අනුගත වෙමිනි. මෙහි ප්‍රතිලාභයන්ගන් 100% අයිතියද කොමිසම සතුය. සමාගම සතු සමාජ වගකීම් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන කොමිසමට ලබාදී ඇති ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී ඇත. ඒ අනුව ටෙලි නාට්‍ය සඳහා රුපියල් මිලියන 7.9 ක්ද චිත්‍රපටයකට රුපියල් මිලියන 63 ක්ද අනුමත කර ඇත‘
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධ්‍යක්ෂ ජනරාල්ගේ පුටුව පෙරළේ
ලියොන් ගුනවර්දන Sunday, 18 October 2015 10:40 PM
මෙවැනි අයතා ක්‍රියාවලට රජයේ ජේෂ්ඨ නිලධාරීන් පෙලබෙන්නේ වගකියයුතු දේසපලඥයින්ගේ බලපෑමෙන් බව දැනට අදිකරණය ඉදිරියේ ඇති සිල් රෙදි නඩුව ආදියෙන් මැනවින් පෙනේ . (අ)
සමන්ති Monday, 19 October 2015 12:27 AM
මෙගා ටෙලි නළුවා කවුද දන්නෙ නැහැ (නි)
පියුමි Monday, 19 October 2015 12:45 AM
ඒකත් එහෙමද? (නි)
ටෙනිසන් Tuesday, 20 October 2015 03:26 AM
එම්.ආර්. කේ.සීෂෙල්ස්, අපේ ආදරණීය අම්මා දැනටමත් ඉන්නේ ලෙඩ ඇඳේ. අපේ අයට වගේ වගක් නැහැ. මෙයාලට ඇහැ ඇරෙන්නේ අම්මා මියගියාට පස්සේ.අපේ මතු පරපුරට ඉතුරු වන්නේ තවත් පලස්තීනයක්. (නි)
නාමල් Monday, 02 November 2015 12:57 AM
සුදුස්සාට සුදුසු තැන දෙන්න (නි)
පෙරේරා Sunday, 18 October 2015 10:39 AM
ඌවෙ ඇත් රජුනි, විනාශ කරපු ඔය සල්ලි එයාගෙන්ම ගන්න එ්කත් කරන්ට. (බ)
දිලංක Monday, 19 October 2015 08:51 AM
ඉන්න වැරදි කරුවන් සියල්ලන්ම නීතියේ රැහැනට හසු වේවා,! (ර)
පෙරුමාල් Sunday, 25 October 2015 07:58 AM
ඔන්න සිරිසේනලගෙත් හොඳ කාලෙ ඇවිල්ල (රේ)
පිටබැද්දර ජයා Sunday, 18 October 2015 12:00 PM
මගේ අම්මෝ මිලියන 700 කියන්නේ කජු ඇටද කොස් ඇටද ? (බ)
සිල්වි Wednesday, 21 October 2015 05:42 PM
දන්නවද ඔය අනිත් සිරිසේන ගැන ? (රේ)
සුනිල් Monday, 19 October 2015 10:41 AM
ටෙලි නළුවට සල්ලි දෙන්න උපදෙස් දුන්නු උපදේසකට තවමත් රස්සාව තියෙනෙවද ? අපි නං දන්නවා කව්ද කියල (රේ)
රජන්ත Wednesday, 21 October 2015 04:49 AM
මෙයාගේ කතාව දෝලාවෙන්.ගමන පයින් .මමත් මෙයත් එක්ක කතා කලා.දුන්නේ ධර්ම ටෝක්ස් .හොඳ වැඩේ (ම)
රොහාන් දයාදර පැරිස් Saturday, 24 October 2015 02:16 PM
මහජනයා, හාල් ඇටෙන් ,සිනි ඇටෙන් , අබ අැටෙන් ,තිරිගු අැටෙන් ,කොත්තමල්ලි අැටෙන් ,ගෙවන බදු මුදල් නේද මේ .මගේ රටේ අහිංසක මිනිස්සු පවු (අ)...
සරණපාල Tuesday, 20 October 2015 06:10 AM
දැන් ඔක්කොම හරියාවි (ම)
ඇන්ටන් Sunday, 18 October 2015 05:02 PM
අනේ අම්මපා වෙනසේ තරම! නේද? (නි)
බුද්ධික Tuesday, 20 October 2015 05:47 PM
හොඳ ආරංචියක් (නි)
ශානක Monday, 19 October 2015 07:00 AM
පෙරේරා මහත්තයෝ, ඌවෙ දළ ඇත්තුත් ඉන්නවද ඇත්තට? ආසයි අපිත් බලන්න. ඉන්න තැන කියන්නකෝ අපිටත් බලාගන්න (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්.. Sunday, 18 October 2015 07:30 PM
කට්ටියක් කජු ඇට කොස් ඇට ගානට මුදල් කාබාසිනියා කරනවා.තව කට්ටියක් අම්මා අප්පාගේ බුදලය කියලා හිතාගෙන රක්ෂිත එළිපෙහෙළි කරමින් ගොවිතැන මුවාවෙන් පරම්පරාව පදිංචි කරනවා.තව පැත්තකින් කුඩු රටට පොම්ප කරමින්,වඳ පෙති,මත් පුවක් පාසල් අවට පවා ප්‍රචලිත කරමින් ජාතියට වින කටිමින් මහා විනාශයක් කරමින් සිටිනවා.මොන පාලනය ආවත්,තොප්පිය හැරුන පැත්තට වැඩ ටික කරගෙන යනවා අපේ හැම පාලනයකටම නාස් ලණු දාගෙන... (නි)
මොහොමඩ් Monday, 19 October 2015 07:18 AM
මහින්ද ආර් කිතුල්ගොඩ, ඔබයි හරි කතාව කිවුවේ (නි)
කමල් Sunday, 18 October 2015 08:08 PM
සුහයිර් මහත්තයා වරදක් කර ඇත්නම් එහෙම කළාට කමක් නැහැ (නි)
අජිත් කරුණාරත්න Thursday, 22 October 2015 02:57 AM
මෙහෙම ටෙලි නාට්‍ය ගහන්නයි චිත්‍රපටි හදන්නයි කෝටි ගණන් වියදම් කරන්නේ 25%, 2%, 10% අපේ දුරකථන බිලට එකතු කරන අර බදු සල්ලිවලින් නේද? (ත)
සුනිල් Wednesday, 21 October 2015 07:34 AM
හොඳ හොඳ නාට්‍ය පහුගිය දවස්වල කට්ටිය රඟපෑවානේ? (නි)