IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘අධ්‍යාපනයට දෙන සල්ලි මදි‘

රජය අධ්‍යාපනයට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත් නැති බවත් මුදල් වෙන්කරනවා යැයි කියා පැවසුවද රජයේ වත්මන් හැසිරීම දෙස බලන විට ඒ ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කියයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමෙන්තුවේදීද අදහස් දැක්වූ ඒ මහතා රටේ මුදල් ජනපතිවරයාටත්,ජනපතිවරයාට සමීප නිළධාරීන් හා ඇමතිවරුන් කිහිපදෙනෙකුට අවශ්‍ය පරිදි හැසිරවීවෙන බව පැවසූ අතර එනිසාවෙන්ම ඔවුන්ගේ වුවමනා වෙනුවෙන් මිසක් රටේ අත්‍යාවශ්‍යම වුවමනා වෙනුවෙන් මුදල් වෙන්කිරීමක් සිදුවන්නේ නැති බව කීය.

විශේෂයෙන් උසස් අධ්‍යාපනය ගැන සදහන් කළ මන්ත්‍රීවරයා ලෝකයේ විශ්වවිද්‍යාල අතර අප රටේ විශ්වවිද්‍යාල වලට ඇති තැන පිළිඹදවත්,විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙන්ම රටේ සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවගේ අනාගතය සදහා වැදගත් අධ්‍යාපන ක්‍රමයක් හදුන්වාදීමේ වැදගත්කම ගැනත් අදහස් පළ කළේය.

දරුවන් අපට සිටින වටිනාම සම්පත බව පැවසූ ඉරාන් වික්‍රමරත්න මහතා ඔවුන්ගේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම රජය සතුවන විශාල වගකීමක් බව කීය.

නව අයවැයට අනුව උසස් අධ්‍යාපනයට හිමිව ඇත්තේ පහත් ස්ථානයක්.රෙජීමකරණයේ හා රජයේ නොසැළකිල්ලේ තවත් ගොදුරක් බවට පත්ව ඇති එය තිබෙන්නේ ක්‍රමයෙන් විනාශය කරා යමින් -  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න.

වගකීම් විරහිත පාර්ලිමෙන්තුවක් හා මිලිටරිකරණයෙන්,රෙජීමකරණයෙන් අන්ධව ඇති සමාජයක් අතින් බැට කමින් සිටින ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය රටේ ජනතාවගේ නිදහසට දිනෙන් දින එල්ල වන තර්ජනය මොනවට කියාපාන්නකි.මෙවර අයවැයත්,රෙජීමකරණයේ ගොදුරක් බවට පත්ව ඇති විශ්වවිද්‍යාල පද්දතියත් අප රට දරුවන්ගේ අනාගතය තීරණය කරන උසස් අධ්‍යාපනය වළපල්ලට යවමින් සිටී.

මෙවර අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල් ප්‍රමාණය ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැක.එවන් තත්ත්වයක් යටතේ අධ්‍යාපනයට මෙතරම් මුදලක් වෙන්කර ඇතිය කියා කොළ කැබැල්ලක සදහන් කර අපට පෙන්වූයේ මන්ද?,එම වෙන්කර ඇති මුදල ඒ කොළ කැබැල්ල තරමටවත් නොවටී.වර්තමානයේ අයවැයෙන් ඒ ඒ අමාත්‍යංශ වලට මුදල් වෙන්කරනවාය කීමද එක්තරා අතකට කිසිදු තේරුමක් නැති දෙයකි.මන්ද පරිපාලනයේ ඉහළ තල වල සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුගේ වුවමනාව මත මුදල් වෙන්කිරීමේ ක්‍රමවේදයක් දැන් ඇතිව තිබෙන නිසාය.ඔවුන්ට කරන්නට ඇත්තේ මේ අමාත්‍යංශයට මේ

මුදල වෙන්කළා යැයි සදහන් කෙරුණු කොළ කැබැල්ලක් ඉක්මන් ගමනින් පාර්ලිමේන්තුව හරහා ගෙන ගොස් සම්මත කර ගැනීම පමණි.

මායාවී අධ්‍යාපන අයවැයක්

අයවැයෙන් අධ්‍යාපනයට දුන් පොරොන්දුත් ඒ සමගම අධ්‍යාපනයට වෙන් කෙරී ඇති මුදල් ප්‍රමාණයත් සන්සන්දනය කළ විට ඒ දෙක අතර ඇත්තේ මහත් නොගැලපීමකි.

2014 වර්ෂය සදහා උසස් අධ්‍යාපනයට අයවැයෙන් රුපියල් බිලියන 40 ක මුදලක්ද 2015 වර්ෂය සදහා රුපියල් බිලියන 41 ක මුදලක්ද වෙන්කර ඇත.උද්දමනය සැළකූ විට මේ වෙන්කර ඇති මුදල් ප්‍රමාණය දැනට ක්‍රියාත්මකව ඇති අධ්‍යාපන සේවා පවත්වා ගැනීමවත් ප්‍රමාණවත් නැත.එවන් තත්ත්වයක් තිබියදී අයවැයෙන් පොරොන්දු දුන් නව අධ්‍යාපන වැඩසටහන් වලට මුදල් කොහෙන්ද?,, අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල ඉතා දරුණු ලෙස කප්පාදුවට ලක් කෙරෙන බව මෙයින් හොදින්ම පෙනේ.

එසේ වුවත් මුදල් අමාත්‍යවරයා පොරොන්දු වූයේ පාලි හා බෞද්ධ අධ්‍යන කටයුතු පිළිඹද පශ්චාත් උපාධි ආයතනයට,උසස් අධ්‍යාපනය සදහා වන ශිෂ්‍යත්වයන්ට,විශ්වවිද්‍යාලයන් හි සිදු කෙරෙන පර්යේෂණ කටයුතු හා  ඒවායේ දෙපාර්තමෙන්තු වල කටයුතු සදහා රුපියල් බිලියන 1.6 ක මුදලක් වෙන්කරන බවයි.ඒ සමගම තවත් පොරොන්දුවක් දුන් ඔහු පැවසුවේ විශ්ව විද්‍යාල වලට ඇතුල් කරගන්නා සිසුන් සංඛ්‍යාව 25000 සිට 100000 දක්වා ඉහළ නංවන බවයි.නමුත් මේ පොරොන්දු ඉටු කර දීමට මුදල් නැත.මේ අංක සියල්ල මායාවන්ය.

2014 නොවැම්බර් මස 15 වැනිදා පාර්ලිමේන්තු විසර්ජන පණත් කෙටුම්පතටද සංශෝධනයක් සිදුකෙරෙණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස වියදම රුපියල් බිලියන 356 කින් ඉහළ නැංවිනි.ඒ අනුව රටේ මුලු වියදම රුපියල් ට්‍රිලියන 1.82 සිට රුපියල් ට්‍රිලියන 2.16 ක් දක්වා ඉහළ යනු ඇත.

වගකීම් විරහිත අයවැයක්

සංවර්ධන කටයුතු වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කර තිබෙන බව අප හමුවේ පැවසුනි.අධ්‍යාපනය සදහා  වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 12 කින් ඉහළ දමා ඇති බවද කියැවුනි.නමුත් එම මුදල උසස් අධ්‍යාපනයේ සුගතිය සදහා භාවිතා වනු ඇත්තේ කෙසේ දැයි තවමත් අපට සිතාගත නොහැක.

මෙම වෙන්කෙරෙන මුදල් සියල්ල ඇත්තේ මුදල් හා ක්‍රමසම්පාද අමාත්‍යංශය යටතේය.එනිසාවෙන්ම එම මුදල් වෙනත් අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට ඔවුන්ට හැකිය.මෙනිසා උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඇත්තටම මුදලක් වෙන්වනු ඇත්දැයි එම මුදල අතට ලැබෙන තෙක්ම විශ්වාස කළ නොහැකිය.

අයවැයෙහි සදහන් වුනු පරිදි ඒ ඒ අමාත්‍යංශ වලට මුදල් වෙන් කිරීම සිදුවේදැයි පවා සිතිය නොහැකි තත්ත්වයක් දැන් පවතී.එම යෝජනා සියල්ලක්ම බළධාරීන් කිහිපදෙනෙක් ඔවුන්ට වුවමනා පරිදි තැනින් තැනින් ඔසවා ගෙන දමන ලද ඒවා වන්න්ට හොදටම ඉඩ තිබේ.ඒ සියල්ල පාර්ලිමේන්තුවට හෙළිවන්නේ පසුවය.

විසර්ජන පණතේ 6 (1) කොටසට අනුව එය යටතට වෙන් කෙරෙන මුදල් භාණ්ඩාගාර ලේකම් තැනගේ හෝ නියෝජ්‍ය ලේකම් තැනගේ අණ පරිදි ඕනෑම වැඩසටහනකට ලබා දීමේ හැකියාව ඇත.

මෙය බළධාරීන් අතලොස්සකට හා අමාත්‍යවරුන් පිරිසකට ජනතාවගේ මුදල් රිසි සේ භාවිතා කිරීමට දොර විවර කර තිබෙන්නකි.රටේ මුදල් ගනුදෙනු වල හිමිකාරීත්වය තිබෙතත් දැන් එවන් පුද්ගලයින්ගේ රූකඩයක් බවට පත්ව ඇති පාර්ලිමෙන්තුවට සිදුවන්නේ එසේ රිසි සේ සිදුකෙරෙන මුදල් භාවිතයකට අවසරය ලබාදීමටය.

මෙවර අයවැය කිසිදු පදනමක පිහිටා නිර්මානය නොකෙරුණකි.

රුපියල් බිලියන ගණනින් තම අභිමතය පරිදි වෙන් කර ගැනීමට ඉඩ සළසා ඇති මෙවන් අයවැයක්,විශේෂයෙන් ළග එන මැතිවරණයක් තිබියදී ගැටලූ රැසක් මතුකරයි.අයවැයෙන් වෙන්කර ඇති මුදල් පාර්ලිමෙන්තුවේ සම්පූර්ණ අනුදැනුමක් නැතිව ‘‘වෙනත්‘‘ කටයුතු සදහා යොදාගනු ඇත්දැයි සාධාරණ සැකයක් පැනනගී.

හිස් කතා කියවෙන මේ කෝලම් මඩුව ඉවත් කර නියම පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට අප මේ වියරු පාලනයට නැවතීමේ තිත තැබිය යුතුමය.

ලෝක ආර්ථීක සන්සදයේ ආර්ථීක දර්ශකයේ 65 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 73 වැනි ස්ථානයේය.තවත් දර්ශකයක් වන ‘‘උසස් අධ්‍යාපයනය හා පුහුණුව‘‘ දර්ශකයේ පෙර සිටි ස්ථානයෙන් ස්ථාන 10 ක් ශ්‍රී ලංකාව පල්ලම් බැස ඇත.

රජය පවසන ලෙසට මුදල් වෙන්කිරීම් සිදුවනවා නම් රටේ කිසියම් හෝ ප්‍රගතියක් පෙනෙන්නට තිබිය යුතුය.නමුත් සිදුවෙමින් පවතින්නේ අප රටට පෙර තිබූ තත්ත්වයත් අහිමිව යමින් තිබීමය.

රටේ පවුල් වලට දැන් සිදුව ඇත්තේ අධ්‍යාපන පහසුකම් සළසා ගැනීමට පෞද්ගලික ආයතනයන්ට මුදල් පූජා කිරීමටය.ඊට අමතරව ඔවුන් බදු බරද දැරිය යුතුය.

මිලිටරිකරණය හා රෙජීමකරණය

රෙජීමකරණයේ ගොදුරක් බවට පත්ව ඇති අප විශ්වවිද්‍යාල වල නිදහස් චින්තනයට,ස්වාධීනත්වයට,නව අදහස් වලට ඇති ඉඩ ක්‍රමයෙන් අහුරා දැමෙමින් පවතී.අපගේ දෛනික කටයුතු පවා දැන් හැඩගැන්වෙමින් පවතින්නේ මිලිටරිකරණයේ හා රෙජීමකරණයේ බලපෑමට යටත්වය.දරුවන්ගේ මනස පෝෂණය කරවනා අධ්‍යාපනයටද ඒවායේ බලපෑමෙන් ගැලවීගත නොහැකිව ඇත.මෙය ඉතා භයානක තත්ත්වයකි.අපට සාධාරණ හා නිදහස් සමාජයක් අවශ්‍ය නම් මෙම තත්ත්වය වහාම පිටුදැකිය යුතුව ඇත.

අපට නව අදහස් වලින් පිරුණු ව්‍යවසායික සමාජයක් අවශ්‍ය නම් මේ යන මග වෙනස් විය යුතුය.

රටේ ඇති බොහෝමයක් අධ්‍යාපන ආයතන වලින් වනපොත් කරන්නට කියා දෙනවා මිස නිදහස් චින්තනයක් ගොඩනැගීමට,දැනුම් පිපාසාව ඇතිකර අලූත් දේ සොය සොයා ඉගෙනගන්නට, දරුවන්ට මග පෙන්වීමක් සිදුවන්නේ නැත.

නිදහස් චින්තනයට සිසුන් යොමුකරවය පරිසරයක් රටේ පැවතීම ඉතාම වැදගත්.(ශ්‍රී ලංකාවේ වටිනාම සම්පත දරුවන්).

විශ්වවිද්‍යාල පරිපාලනය මිලිටරිකරණයට ලක්කර විශ්ව විද්‍යාල පද්දතිය රෙජීමකරණයට ලක්වෙමින් පවතින වත්මනේ රෙජීමයේ අදහස් වලට ඉහළින් යන සිසුන් වේ නම් ඔවුන්ව ‘‘නිවැරදි‘‘ කිරීමට අවශ්‍ය පියවර ගැනේ.ඒ සම්බන්ධ උදාහරණ අප පසුගිය දිනවල ඇති තරම් දුටුවෙමු.

රෙජීමකරණයේ ආගමනය නව්‍යකරණයේ මළගමයි.

විශ්ව විද්‍යාල සිසුන් පාලනය කිරීමට රක්ෂණ ආරක්ෂක වැනි ආයතනත් මිලිටරිකරණයත් යොදාගැනීම මිනිස්කමට නිගාවකි.ස්වාධීන අදහස් වලට ඉඩක් නැති තැන නව්‍යකරණයක්,ව්‍යවසායකත්වයක් අපේක්ෂා කළ නොහැකිය.

මේ යෙදෙන පීඩනය පුපුරා යන දිනයක්ද එළැඹෙනු ඇත.එය අති භයංකර හා අති විනාශකාරී ස්වරූපයක් ගනු ඇත.එවැනි අවස්ථාවන් වලට අපට ඉතිහාසයේ පමණටත් වඩා සාක්ෂි ඇත.1970 1980 සමයේ බියකරු සෙවණැලි යළිත් වරක් ශ්‍රී ලංකාව වසා ගනු ඇත.අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා ඵලක් නැත.ඉතිහාසයෙන් උගත් පාඩම් වලින් අප රට තරුණ පරම්පරාවට යහපත් අනාගතයක් ගොඩනගා දීමට මේ දැන් කටයුතු කළ යුතුය.

ඉරාන් වික්‍රමරත්න.

 



අදහස් (0)

‘අධ්‍යාපනයට දෙන සල්ලි මදි‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 496 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 714 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 433 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 907 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1693 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 419 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site