IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘අධ්‍යාපනය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි‘‘

(ආරියරත්න රණබාහු)

මේ රට ඉදිරියට ගෙනයා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා අද (02) කොළඹදී පැවසීය.

ඇතැමුන් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කර නමුත් එය එසේ නොවිය යුතු බවත් දැනුම කිසිසේත් වෙළෙද භාණ්ඩයක් නොවිය යුතු බවට ඔහු අවධාරණය කළේය.

රට වැටී තිබෙන තැන  පිළිබඳව නොයෙක් තැන් වල‍ෙ විවිධ විග්‍රහ තිබුණත් එය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු වීමෙන් පමණක් යයිද ඔහු සඳහන් කළේය.

ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.

මරදාන පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ මෙම සමුළුව පැවැත්විණි.

 



අදහස් (31)

‘‘අධ්‍යාපනය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි‘‘

රංබොඩ Saturday, 03 August 2024 09:27 AM

රටේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙක් වෙලත්, දේශපාලන පවුලක වෙලත්, යුද්ධය අවසන් කිරීමට පෙරමුණ අරගෙනත් ගෝඨාභය මහතාට බැරි වුණා ජනාධිපතිකම කරන්න. ජනාධිපතිකම යනු කතා පැවැත්වීම පමණක් නම් අනුර මහතාට එය කළ හැකියි. මේ පාර කාට ඡන්දේ දෙනවාද කියලා තවම තීරණය කරගන්න බැරිවයි ඉන්නේ...

:       33       49

hesaSunday, 04 August 2024 01:32 AM

තමුන්ට විකාරද? මතක ඇති කාලයේ සිටන්ම මුන් කලේ අධ්‍යාපනය විනාස කල එක . වි.විද්‍යා. දරුවන් බිලී බාගෙන, ඒදරුවනට විස පොවල, ඉගෙනුමට නොව පාර දිගේ යන්න හුරුකරල, වර්ඡන කරන්න ගුරුන් යොදව ගෙන රටේ අනාගතයම කඩාකප්පල් කලෙ ජෙවිපෙය නෙවේද

:       16       20

Lal Saturday, 03 August 2024 09:46 AM

තියෙන ටිකත් කාපු ගුරුවරුන්ගේ ගෞරවයත් විනාශ කරලා දාපු අය. ඔයාලා හදයි අධ්‍යාපනේ. සහරාන් වගේ ත්‍රස්තවාදීන් සෙට් එකක් හදයි මොවුන්ට ඡන්දෙ දුන්නොත්...!

:       40       59

යෝගා Saturday, 03 August 2024 09:48 AM

අපොයි ඔව්. එක වසරේ ඉඳන්ම නවකවදය, පෙළපාලි, උද්ඝෝෂණ, අරගල උගන්නමු. අධ්‍යාපනය නැගලාම යයි.

:       36       57

සෙනෙවිරත්න Saturday, 03 August 2024 10:07 AM

ජයවේවා එය කළ හැක්කේ ඔබට පමණයි...

:       52       47

Kamal Saturday, 03 August 2024 10:12 AM

අම්බෝ ඇත්තද?

:       25       40

Manjula Pradeep Saturday, 03 August 2024 10:29 AM

ඒකනං සම්පූර්ණ ඇත්ත... කවදාවත් නැතුව ඇත්තක් කතා කරලා තියනවා රටේ හොඳට තිබිච්ච අධ්‍යාපනය මේ තරම් විනාශ කරන්න ලංකාවේ උපාධිය තුට්ටු දෙකට වට්ටන්න තරම් මහන්සි වුණු වෙන පිරිසක් නෑ. මොවුන් විද්‍යාලයේ වලට රිංගලා දේශපාලන අරමුණු වෙනුවෙන් ශිෂ්‍යයින් බිලිගන්න එක නැවත්තුවොත් මේ රටේ අධ්‍යාපනයට හොඳ කලක් උදාවේවි. දැන් මොවුන් අලුත්ම ව්‍යාපෘතිය තමයි පාසල්වල අධ්‍යාපනයට ඇඟිලි ගහලා රටට ආදරයක් නැතිව ආගමට, සංස්කෘතියට ගරු නොකරන හරි ගස්සන්න ගුරුවරුන්ගේ මනසවල් විකෘති කරන එක...!

:       22       64

ශිෂ්‍ය ව්‍යාපාරය Saturday, 03 August 2024 10:42 AM

එහෙම කොහොමද අපි මෙච්චර දර දිය අදින්නේ අධ්‍යාපනය දියුණු කරන්නද? අපිට ඕනෑ විශ්ව විද්‍යාල වල දේශපාලනේ කරන්න, නවක වදය දෙන්න, අවුරුදු 10වත් අඩුම ඉගෙන ගන්නවා වගේ ඉන්න. කොණ්ඩ කපන්නේ නැතුව දත් මදින්නේ නැතුව ඉන්න, කුහකකම වපුරන්න, වෘත්තීය සමිති දාලා හැම දේම අවුල් කරන්න. පිනට කන්න...

:       20       62

de silva berlin Saturday, 03 August 2024 10:59 AM

දැනුම අද රටේ වෙළද භාණ්ඩයක් බවට පත්වී බොහෝ කල්, එකවර ළමුන් 700-800 උගන්වන ටියුෂන් මුදලාලිලාට සහ ලෙඩුන් සූරා කන චැනල් කඩදමාගෙන සිටින දොස්තරලගේ ක්‍රියාකලාපය පිළිබඳව ඔබලාගේ මතය ප්‍රකශ කරනවා නම් ඉතා හොඳයි... නැතුව අර අරගලේ සිස්ටම් චේන්ජ් කරන සටන්පාඨය මෙන් කිසිම අරමුණක් නොමැතිව දැනුම වෙළෙඳ භාණ්ඩයක් කරන එක නවතනවා කියලා පොදු ප්‍රකාශයක් කරන එක කිසිම තේරුමක් නොමැති බව ප්‍රකාශ කරන්න ඕනේ.. අධ්‍යාපනය, ආර්ථිකය, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, රාජ්‍ය දේපල පුද්ගලිකකරණයට ලක්කරනවාද? එහෙම කරනවා නම් කොපමණ ප්‍රමාණයක්ද යන්න පිළිබඳව, කිසිම සැලැස්මක් ඉදිරිපත් නොකර කොහොමද ඡන්ද දායකයා තීරණයකට එන්නේ?

:       7       46

Saththaya Saturday, 03 August 2024 11:01 AM

ඒ නිසා තමයි දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් පාරට දාලා, ඉගෙනීමත් කඩාකප්පල් කරලා, තමුන්ලාගේ දරුවන් පිටරට සහ මෙරට පුද්ගලික විශ්ව විද්ද්යාල වල ඉගෙනුම ලබන්නේ. ඉස්සෙල්ලාම බලවේගයේ සෙට් එක ළමයින්ව එළියට දාන්න. පව් අර අසරණ දෙමව්පියෝ...!

:       16       57

සිල්වා Saturday, 03 August 2024 11:03 AM

සිසු අරගල නැවැත්වූවා නම් අධ්‍යාපනය දියුණු කළ හැකියි. වැඩ වර්ජන නැවැත්වූවා නම් මුළු රටම දියුණු කළ හැකියි. මෙම කාර්යයන් දෙකම කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි...!

:       20       46

චාල්ස් Saturday, 03 August 2024 11:05 AM

රජයේ විශ්ව විද්‍යාලවල අද පවතින මේ පහත් තත්වයට පත් කලේත් මේ උදවියනේ...!

:       16       59

sunimal Saturday, 03 August 2024 11:14 AM

සහතික ඇත්ත... මොකද විශ්ව විද්‍යාල ඇතුලේ සිදුවන කාලකන්ණි නවක වදය හා ටැප් එකක වතුර නැති වුණත් කෙරෙන උද්ඝෝෂණ, ඒ වගේම ගුරුවරුන් ලවා කෙරෙන උද්ඝෝෂණ මගින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට කෙරෙන සියලු කෙනහිලිකම් නවත්වන්න පුළුවන් ජෙප්පන්ට විතරයි... මොකද ඔය ඔක්කෝම නටවන්නේ මේ අය බව කවුරුත් දන්නවානේ...!

:       12       54

චින්තක Saturday, 03 August 2024 11:18 AM

ඉන්දියාවේ හිටපු කලකට පෙර අභාවප්‍රාප්ත ලංකාවේ බොහෝ පිරිසක් ඇදහූ සත්‍ය සායි බාබාගේ උපදේශාත්මක කතා රසවාහිණී සඟරාව තිබුණු කාලයේ එහි පලකොට තිබුණා එහි එක කතාවක තිබුණා... එක රටක හිටපු හොරෙක් නිසා රටේ ජනතාව දැඩිසේ පීඩාවට පත්වෙනවා කියලා.. ඉතින් රජ්ජුරුවන්ට කරන්නම දෙයක් නැති නිසා ඒ හොරාට රජයේ රැකියාවක් දීලා වගකීම් පැවරීමක් කළා. එදා සිට එම හොරාට හොරකම් කරන්න මංකොල්ලකෑම් කරන්න වෙලාවක් නැතිවුණා... රටේ සමාදානය ඇතිවුණා... නුවනැත්තෝ සිතත්වා මට හිතෙනවා එම සඟරාව නිකුත්වුනේ බොහෝ කාලයකට පෙර වුණත් ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත්ව ඇතියි කියලා..

:       5       22

Gamini Saturday, 03 August 2024 11:21 AM

ඒක තමයි හැමදාම කැම්පස් ස්ට්‍රයික් කරලා ළමයි වලට අදින්නේ...!

:       15       52

fairoos Saturday, 03 August 2024 12:03 PM

ජයවේවා...!

:       40       18

සමන් Saturday, 03 August 2024 12:05 PM

ගොඩනැගීම කෙසේවෙතත් විශ්ව විද්‍යාල සිසුන් පාරට දමලා, ගුරුවරුන් වර්ජන රැල්ලට දමලා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විවෟත කරන්න ඉඩ නොදී, ළමුන් පාසල් ගිය බස් ගිනිතියලා අධ්‍යාපනය විනාශ කලේ ඔය සහෝදරයෝ තමයි. අනිත් අය හොරා කෑව. මුන්ට ඒ අවස්ථාව නැති නිසා, සියල්ල විනාශ කළා.

:       11       54

යෝගා Saturday, 03 August 2024 12:08 PM

අධ්‍යාපන ඇමැති ජෝශප් ස්ටාලින්, රාජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ. ඵහෙමද?

:       13       55

Nilantha PahathgamaSaturday, 03 August 2024 05:07 PM

යෝගා ඔබ හරි එවුන් දෙන්නාම විශේෂයෙන් ස්ටාලින් ප්‍රේමදාස ජනාධිපති කාලයේ රුපියල් දාහෙ පත්වීමක් අරගෙන (සුදුසුකම් නැතුව වගේ) ඇවිල්ලා එකම දවසක්වත් ඉගැන්වීම නොකර සංගම් හදාගෙන රජයේ වැටුප් ලබපු කෙනෙක් කියලා තමයි අහලා තියෙන්නේ... එහෙම අය කොහොමද අධ්‍යාපනය දියුණු කරන්නේ කියලා අහන්න කැමැතියි... දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න බලාපොරොත්තුව සිටින කිසිම අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට මාලිමාව වෙනුවෙන් දරුවන්ට ආදරයක් තිබේ නම් ඉදිරිපත් වෙන්න බැහැ...

:       8       28

Lalla Saturday, 03 August 2024 12:49 PM

ඔව්... වර්ජනය කරවා දේශීය විශ්ව විද්‍යාල වසා දමා තම දරුවන්ට විදෙස්‌ගත අධ්‍යාපනය දීලා...

:       9       48

Ura Saturday, 03 August 2024 02:08 PM

සහතික ඇත්ත. දූෂණයෙන් පිරුණු දේශපාලඥයෙන් මහජනතාවගේ දැනුම වර්ධනයට කිසිවක් නොකරයි. මහජනතාව මෝඩයින් වන තාක් කල් දූෂිත දේශපාලනඥයින්ට, මහජනතාව දිගටම රැවටිය හැක. රටක සංවර්ධනයට ආකල්ප සහ චර්යාවන් වෙනස් වූ ජන සමාජයක් බිහිකිරීම මුල් ළමා විය අවදියේ සිට අධ්‍යාපන රටාවන් වෙනස් කිරීම තුළින් ම කළ යුතු අතර එය කල හැක්කේ අවංක දේශපාලන ප්‍රවාහයකට පමණි. මාලිමාවට එම අවංක චේතනාව ඇති බව පෙනේ. ඔවුන්ට ජය වේවා

:       37       13

ස්ටැන්ලි Saturday, 03 August 2024 07:01 PM

ඌරෝ අවංක දේශපාලන ප්‍රවාහයක් හා චේතනාවක් ඇති කියන මාලිමාවට කරන්න පුළුවන් දේවල් තමයි විශ්ව විද්‍යාල වර්ජන කර අඩපණ කිරීමත් රජයේ ගුරුවරු වර්ජනයට මෙහෙයවා දරුවන්ට අධ්‍යාපනය නැතිකිරීමත් පමණයි. එයට වැඩි හැකියාවක් ඔවුන්ට නැහැ. කොහොම වුණත් ඔය ගුරුවරුන්ට පෘතුගීසීන් එලවා ලංදේසින් ගෙන්වාගෙන රජ්ජුරුවෝ කිව්වලු ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා දැන් කාලෙට ඒක නොගැලපෙන නිසා නුඹලා එහෙම කියන්න එපා කැලේ හිටපු නයි පොළොංගු සාරිය හා හැට්ට අස්සේ නැත්නම් යට වැස්මේ ඇතුලට දාගෙන රිංගනවෝ රිංගනවෝ නැත්නම් කනවෝ කනවෝ කියපල්ලා...

:       5       21

Prase Saturday, 03 August 2024 02:15 PM

ඔව්වා අර දඹාන එක්කෙනෙක් හිටියා විභාග 9ක් අසමත් වුණු.. නාකි වෙලත් කැම්පස් එකේ කොහොමද?

:       7       25

රනේ Saturday, 03 August 2024 02:27 PM

මෙන්න සජියයි, රනිලුයි එකට කමෙන්ට් දානවා. අපි ඕක වෙන බව දන්නවා. අපිට ඕනත් ඒකම තමයි.. ජය වේවා..!

:       36       16

මහේෂ Saturday, 03 August 2024 03:58 PM

අධ්‍යාපනය විනාශ කලේ ජවිපෙයි අනුර කුමාරගෙ ගෝලයෝ දෙන්නා වන ස්ටාලිනුයි මහින්ද ජයසිංහයි. අනුර කුමාර කැමති රටෙ අධ්‍යාපනය විනාශ වෙලා හරක් පරපුරක් හදන්න, ඒ තමන්ට උවමනා වෙලාවට පාරට ගන්න ගවයන් අවශ්‍ය නිසා. තවද රජයේ පාසල් අකර්මන්‍ය කිරිමෙන් පුද්ගලික පාසල් ප්‍රවර්දනය කරලා එම ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්නවා. වැනි කෙනෙකු කිසිම විටකදි රටේ නායකත්වයට තියා පාර්ලිමේන්තුවටවත් සුදුසු නැහැ.

:       8       29

කළුගමගේ Saturday, 03 August 2024 05:17 PM

ඒක වෙන්න ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනැල්ලා එදා මුළු රටේම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න හදන කොට ඒකට විරුද්ධ වෙලා රනිල් මහත්තයාගේ රූපේ දාලා පඹයෝ හදලා පිච්චුවේ. අද ඔබට සහ ඔබේ සගයින්ට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැහැ . ඉතාම කුහකයෝ ඔබලා. රනිල් මහත්තයාට රටේ දරුවෝ ගැන අධ්‍යාපනය ගැන මීට අවුරුදු 30 කට කලින් දැකපු දේ අදවත් ඔබලාට හරියට තේරුම් ගන්න බැහැ. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කළ ඔබලාට කවදාවත් මේ රටේ බලය ලැබෙන්න එපා. එක තමා මේ රටේ වැඩි දෙනෙකුගේ ප්‍රාර්ථනාව...!

:       7       31

Upul Attanayake Saturday, 03 August 2024 07:18 PM

හිඟාකන්නේ නැතිව ජීවත්වන විදිහක් දන්නේ නැතිව අනිත් ඔක්කොම හදන්න දන්නවා මාරයි ඈ...

:       1       10

Willows Drive Saturday, 03 August 2024 08:26 PM

රටම ගොඩ ගත හැක්කේ ජජබ පමනයි

:       11       1

Mendis Boossa Sunday, 04 August 2024 04:53 AM

අයියෝ!රඟපාන ඔබ කවුද සුකුමලියේ .පිස්සු නැත්නම් ශෝක් .අනේ අයියේ අපි ඉවරයි .සියලු ලංකා වාසී සියලුදෙනාට අබසරණයි

:       2       1

ෂෙල්ටන් Sunday, 04 August 2024 05:20 AM

මාක්ස්වාදී රජයක් යටතේ දෙන අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම දේශපාලනීය කරන එකක් මිස පුළුල් නිදහස් අදහස් ඇති උගතුන් බිහිකරන එකක් නෙමෙයි.කොටින්ම කි⁣යතොත් කුඩා ලමයාගේ පටන් මොළ සුද්ද කිරීමක්.එවන් කාලකණ්ණි අධ්අධ්‍යාපනයකින් රටේ තත්ත්වය තවත් පිරිහෙනවා.ජාත්‍යන්තරයට අවශ්‍ය ත්‍රස්තවාදීන් බිහිකරන ක්‍රමයක් වෙනවා.

:       0       8

de silva Sunday, 04 August 2024 07:34 AM

නිදහස් අධ්‍යාපනය යනු සුළුතරයක පමණක් උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදී , මධ්‍යම පන්තික බහුතරයක් අතරමන් කර , තවත් , මුදල් තිබෙන සුපිරි ධනපති පන්තියේ ළමුන් සුළුතරයක් විදේශ වල උසස් අධ්‍යාපනය ලැබීම නොවේ . මේ ක්‍රමය වෙනස් කල යුතුය , මධ්‍යම පාන්තිකයන්ට තමන්ගේ ඉඩමක් විකුනාහෝ ළමයාට ලංකාව තුල පුද්ගලික විශ්වවිද්‍යාලයක් උසස් අධ්‍යාපනය ලබාදීමට හැකියාව තිබිය යුතුය

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 25 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 674 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 134 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3150 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1091 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2112 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30612 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23707 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site