IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අධ්‍යාපන අධ්‍යක්ෂ අනු නවයෙන් බේරේ

හංවැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයසිරි ආරියරත්න මහතාට ඉතිරි සල්ලි නොදී බැන වැදී බස් රියට යට කිරීමට උත්සාහ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල හංවැල්ල බසයක රියදුරා හා කොන්දොස්තර සැක පිට අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය කියයි.

කොන්දොස්තරට දුන් රුපියල් තිහෙන් බස් ගාස්තුව වන රුපියල් විසිහතර අය කැරගෙන ඉතිරි මුදල් නොදුන් හෙයින් ගමනාන්තයේදී එය ඉල්ලු විට තමාට බැන වැදුණු බව අධ්‍යක්ෂවරයා පොලීසියට පැමිණීලි කැර ඇත.

ඉතිරි මුදල් නොදීම ගැන පැමිණිල්ලක් කිරීමට බසයේ අංකය ලියා ගැනීම සදහා බසය පිටුපසට ගොස් සිටීයදී බසය පසු පසට ධාවනය වු බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වේ.

රියදුරු හා කොන්දොස්තර අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අධ්‍යාපන අධ්‍යක්ෂ අනු නවයෙන් බේරේ

ශාන් Wednesday, 11 December 2013 03:17 PM

මම නම් මේ අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාට ගරු කරන්නේ මෙවැනි තනතුරක් තියා ගෙනත් බස් එකේ ගිය එක ගැනයි .සාමාන්‍යයෙන් අපේ පළාතේ ඊට පහල නිලධාරියෙක්වත් බස් එකේ යන්නේ නැහැ. මෙයා ගොඩක් සාධාරණ කෙනෙක් වෙන්න ඇති. (ස)

:       0       0

ධම්ම Wednesday, 11 December 2013 03:24 PM

රුපියල් හයකට මිනී මරන්න තරම් මිනිසුන් දරුණු වෙන්නේ ඇයි? මා හිතන්නේ අපේ මිනිසුන්ගේ පුහු ආත්ම අභිමානය මෙයට හේතුවයි. (ස)

:       0       0

සම්පත් Wednesday, 11 December 2013 03:29 PM

අධ්‍යාපන අධ්‍යක්ෂක නිසා වැඩේ ඉක්මන් වුනා... අපි වගේ උනා නම්...වැඩේ නොවෙන්නත් තිබුනා....කොහොම උනත් හංවැල්ල පොලීසියට අපගේ උත්තමාචාරය.... අවිස්සාවේල්ල උසාවියෙන් මේ දෙදෙනාගේ බලපත්‍ර තහනම් කෙරේවා..... (ස)

:       0       0

අමිල - කටුනායක Wednesday, 11 December 2013 03:33 PM

බස් එකේ මඟින් නිදන් ද හිටියේ. මිනිහෙක්ව යට කරන්න හදද්දිත් තමන් ගැනම හිතලා. (ස)

:       0       0

කවිඳු Wednesday, 11 December 2013 04:04 PM

රටේ හැම තැනම තියෙන තත්වෙ ඕකයි. (ස)

:       0       0

කුමාර රාජකරුණා Wednesday, 11 December 2013 04:27 PM

දැන් බොහෝ දෙනා අනුන්ගේ දේකට තබා තමන්ගේ දේකට කතා කරන්නත් බයයි. නමුත් අපි මේ විදිහට කොඳු බිඳගෙන නිවටයන් වගේ ජීවත් වෙන එක ජීවත්වීමක් නෙමෙයි කියලයි මං හිතන්නේ. රටේ පාලකයොත් කැමති රටේ ජනතාව නිවට ලෙස ඉන්නවාට. ඒ අතරින් මෙවන් වූ උදවිය ඉන්න එක අපි හැමට ආදර්ශයක්. (ස)

:       0       0

නිසාර් Wednesday, 11 December 2013 04:32 PM

කොන්දොස්තර කොන් වැඩ නොකර දොස්තර වැඩ කොරයි යැ. (ස)

:       0       0

මලින්ද Wednesday, 11 December 2013 04:51 PM

මෙම බස් ගාස්තු ඉතුරු නොදීමේ ගැටළුව ගැන ඉක්මන් විසදුමක් අවශ්‍යයි (නි)

:       0       0

අංජන Wednesday, 11 December 2013 04:54 PM

ඉතුරු සල්ලි දෙන්නේ නැති කොන්දොස්තරලාට කරන්න හොඳ වැඩක් යෝජනා කරන්න බලන්න කවුරුහරි... (නි)

:       0       0

මයුර Wednesday, 11 December 2013 09:27 PM

දැන් ලඟදි ඉඳල පුද්ගලික බස් රියදුරන් ජංගම දුරකථන භාවිතා කරමින් බස් එළවීම ජයටම කරනවා . අල්ලන්න කෙනෙක් නැහැ අනේ අපි එයාලගේ දෙමාපියන් සිහිකරමින් යමු.(නදී)

:       0       0

සේරම් Wednesday, 11 December 2013 05:19 PM

කොන්දොස්තරලව හුරතල් කරන්නේ පාරේ ඉන්න පොලිසිය. (නි)

:       0       0

අල්විස් Wednesday, 11 December 2013 05:29 PM

මුන්ට කරන්ට "හොඳ වැඩක් " නම් යෝජනා කරන්ට පුළුවන්'. ඒ උනාට මොන මගියද ඕකට සාමුහිකව එකතු වෙන්නේ.? දවසක් මම බස් එකේ ගනේමුල්ලේ ඉඳල කඩවතට යද්දී ඒකේ ඩ්‍රයිවර් උන්නැහේ පුදුම වේගයකින් බස් එක ඩ්‍රයිව් කෙරුවා. මගියෝ එහාට මෙහාට විසිවෙනවා. බැරිම තැන කෑ ගහලා කිව්වා " මැරෙන්න ඕන නම් තමුසේ කෝච්චියකට හරි පැනල මැරෙනවා. මේකේ ඉන්න කට්ටිය මරන්නේ නැතුව " කියලා. එතකොට කොන්ද මගේ ලඟට ඇවිල්ල මට අපහාසෙට කතා කරලා " මේ අප්පුහාමි... මට්ටන් ලියෙන් මට්ටන් වෙන්නේ නැතුව කරබාගෙන ඔය පොල්ල අල්ල ගන්නවා.." කිව්වා. බස් එකේ හිටපු මිනිස්සු බොක්කේ මලපහ පිච්චේද්දී මට ඔලොක්කුවට හිනාඋනා. මං මේසන් බාස් කෙනෙක් හින්ද උන්නැහේ එහෙම කිව්වට කලිසන් අන්දපු මහත්තයෙකුට නං කියන එකක් නැහැ. ඒ උනාට කලිසන් ඇඳපු කට්ටිය තමයි හිනා වෙන්නේ. මේ බස් නවත්තන්ට ඕන නැහැ. නමුත් බලධාරීන් මේවට නිසි පිළිවෙලක් යොදන්ට නං ඕන අප්පා. (නදී)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 10:55 AM

සනත් මහත්තයා කියන දේ හරි. නමුත් මේ විරෝධතා කට්ටියට ඒ වගේ රස්සාවල් දුන්නට භාර ගන්නේ නැහැ නේ මහත්තයෝ. අපේ මලයත් ඔය ඒ ලෙවල් පාස්වෙලා ඉල්ලන්නේම බැංකුවේ රස්සවක්මයි. ඒ ලෙවල් කියන එක දැන් ගණන් ගන්නේ නැහැ කිවුවට අහන්නෙම නැහැ අප්පා.. (ස)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 11 December 2013 01:43 PM

පාසල් ළමයෙක් යටකළ රියදුරෙක් දැන් ආයෙත් බස් එලවනවා නේද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 01:47 PM

පෞද්ගලික බස් කාරයෝ නැවත 1940 -1950 වලට යන්න හදනවා වගෙයි ? ඒ සෙල්ලම් නම් දැන් හරියන්නේ නැහැ. තරා තිරම නොබලාම ක්ෂණිකවම මේ ගොන්බාන අල්ලපු එකට සහ නිතිය ක්‍රියාවේ යෙදවීම ගැන හංවැල්ල පොලිසියට අපේ ආචාරය. (ස)

:       0       0

යසවතී Wednesday, 11 December 2013 01:56 PM

සියලුම පුද්ගලික බස් රියදුරන් සහ කොන්දන් වැඩ මුළුවලට ගෙන්වා පුනරුත්ථාපනය කල යුතුමය.(නදී)

:       0       0

සාම Wednesday, 11 December 2013 06:28 PM

ඉස්සර මතකද බස් වල සිගරට් බිව්වා.දැන් එහෙම නැහැ.මේ මාරු සල්ලි ප්‍රශ්නෙයි මගියන්ට බනින එකයි නවත්වන්නත් පුළුවන්.නීති සැකසීමයි නීති ක්‍රියත්මක කරන්නයි දේශපාලකයන්ට බල කරන්න ක්‍රමවේදයක් හදාගන්න ඕනෑ.විපක්ෂයවත් මේ වගේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ.ජනතාව වෙනුවෙන් කියලා කෑගහන සංවිධාන කතා කරන්නෙත් නැහැ,මාධ්‍ය විතරයි මේ වෙනුවෙන් හඬක් නගන්නේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 12 December 2013 12:42 AM

පුද්ගලික බස් කොන්දොස්තරලය් රියදුරෝ හුඟ දෙනෙක් මනුස්සකමක්වත් සදාචාර කමක්වත් දන්නේ නැති අමනුෂ්යෝ විදිහට තමයි දවස ගෙවන්නේ. (ස)

:       0       0

සත්‍යා Wednesday, 11 December 2013 02:05 PM

මීට බොහෝ සම්මාන අත්දැකීමක් අප සතුවද තිබෙනවා. අවිස්සාවේල්ල බස් නැවතුම් පොළේදී බස්රිය යන්නේ කොහෙටද කියා ඇසුවිට රියදුරා මගේ ඇඟට කඩා පැන්නේ මාගේ මියගිය මෑණියන්වද මතක් කරය. මේ පිළිබඳව පැමිණිල්ලක් කිරීමට එහි ගියවිට ඒ පැමිණිල්ල ලියා ගැනීමට කාර්යාලයේ අය බියක් දැක්වුහ. පසුව සොයා බැලූ විට මේ රියදුරා පළාතේ එක්තරා දේශපාලඥයෙකුගේ ආරක්ෂකයෙකු වූ අතර ඒ නිසාම මිනියක් ද මරා නීතියේ රැහැනින් මිදුන බවකි දැනගන්න ලැබුනේ. මෙය සිදුවී දශක කිහිපයක් ඉක්ම ගියත් රෝගී සමාජය තවත් රෝගී වූ බවක් තමයි පෙනෙන්නේ. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 12 December 2013 11:23 AM

ඕකට රියදුරුටයි කොන්දොස්තරටයි දොස් කියලා හරියන්නේ නැහැ. රටක මහජන ප්‍රවාහනය භාර දෙන්න ඕනෑ වගකිවයුතු ආයතනයකට. අනෙක් රටවල එහෙමයි. (නි)

:       0       0

ෆසාර් Wednesday, 11 December 2013 02:16 PM

බසය ඉදිරියට හෝ පසුපසට ධාවනය කීරීම රියදුරු සතු අයිතිවාසිකමක් ලෙසයි මම නම් දකින්නේ. අපි බසයෙන් ඉවත් වෙලා ඉන්න ඕනෑ. (නි)

:       0       0

දිලිප් Wednesday, 11 December 2013 02:17 PM

මේක අපරාධ චෝදනාවක්. ඒත් පාලකයෝ නිදිනේ (නි)

:       0       0

සාරාසී Wednesday, 11 December 2013 02:17 PM

ඔවුන්ට හරි දඬුවම් නැති නිසා තමයි ඔය වගේ වැඩ කරන්නේ. (නි)

:       0       0

අබ්දුල් Wednesday, 11 December 2013 02:20 PM

කොහොමත් මේ කොන්දලා ඉතිරි සල්ලි දෙන්නෙම නැහැ.ඉල්ලුවත් කෑ ගහනවා.කුණු හරුපෙන් පවා. හරියට අමි වැරදි කරා වගේ. (ස)

:       0       0

අබ්දුල් Wednesday, 11 December 2013 02:23 PM

මේ වගේ වෙලාවට තමයි අපිටත් බස් කුඩු කරලා දාන්න හිතෙන්නේ.(නදී)

:       0       0

මංගලා Wednesday, 11 December 2013 06:56 PM

අධ්‍යක්ෂකගේ අතේ වරදක් තිබිලාම නැද්ද? (නි)

:       0       0

සහන් Thursday, 12 December 2013 01:45 AM

අද ඒ ලෙවෙල් තියනවා කියල විරෝදතා කරපු අය පුහුණු කරලා කොන්දොස්තර බලපත් දෙන්න. ඉදිරියට කොන්දොස්තරලට බලපත සහ පුහුණුව අනිවාර්ය කරන්න. ඒවගේම කොන්දොස්තරලගේ සහ රියදුරන්ගේ වැඩ පරික්ෂා කරන්න රස්සාදෙන්න කියල බස් සමිති වලට නීති දමන්න. (අ)

:       0       0

සමන්ත Wednesday, 11 December 2013 02:28 PM

දැන් කොළඹ බස්වල ටිකට් දෙන එක නවත්තලා.100, 101 ,138 154 එක බස් එකකවත් ටිකට් දෙන්නේ නැහැ. ගම්පහ -කඳාන 276 පාරේ උදේ පාන්දරට බස් නැහැ. හවසටත් එහෙමයි. මේ 276 පාරේ හිතුන හිතුන ගණන් ගන්නේ. 60-8435 කියල බස් එකක් තියෙනවා ඒකේ වැඩකරන අයිතිකාරයා මිනිස්සුන්ට ඉතුරු දෙන්නෙත් නැහැ. රට බල්ලට ගිහින්ද? නැත්නම් බල්ලට රට ගිහින්ද කියල හිතාගන්න අමාරුයි. (නදී)

:       0       0

චන්දි වික්‍ Wednesday, 11 December 2013 02:32 PM

ඔය වගේ කොන්දොස්තරලා රියදුරෝ අනන්තවත් ඉන්නවා.නමුත් අහිංසක මිනිසුන්ට ශක්තියක් නැහැ ඒ වරදිවලට පැමිණිලි කරන්න. මේ අවස්ථාවේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාට ස්තූති කරනවා.ඔබගේ දහිරිය ගැන. (ස)

:       0       0

ආරියසේන Wednesday, 11 December 2013 07:06 PM

පෞද්ගලික බස් රියදුරුන් කොන්දොස්තරලා වැඩිදෙනෙක්ම චණ්ඩි.කිසිම හිතක් පපුවක් නැති,මිනිස් ජිවිතයක කිසිම වටිනාකමක් නොදන්නා පිරිසක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 258 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 64 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 414 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 745 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14549 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 132 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site