IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අධ්‍යාපන කටයුතු සමගින් කලාව ඉදිරියට කරගෙන යනවා

2016-10-04-ent-32

ළමා නිළියක මෙන්ම ළමා නිවේදිකාවක ලෙස කලාවට පිවිසි ඇය, සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාවකාලිකව කලාව අත්හැර නැවතත් ක්‍ෂේත්‍රයට පැමිණ සිටියි. නිමාශා සෙව්වන්දි වැන්ඩොර්ට් නම් ඇය, ඇගේ ඉදිරි කලා කටයුතු අප සමග පැවසුවේ මෙලෙසිනි.

 

ඔයාගේ නම් කිව්වොත්?

2016-10-04-ent-34නිමාශා සෙව්වන්දි වැන්ඩොර්ට්

 

රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?

නැහැ. මම තාම ඉගෙන ගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම හදාරනවා.

 

මොන විෂය සම්බන්ධයෙන්ද?

ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්නේ

 

එතකොට නිරූපණය කරන්නේ?

විනෝදාංශයක් විදිහට

 

අධ්‍යාපන කටයුතු එක්ක නිරූපණය බාධාවක් නෙවෙයිද?

නැහැ. මං වෙලාව තියෙන විදිහට තමයි මේ දේවල් කරන්නේ. අධ්‍යාපන කටයුතුවලට තමා මුල්තැන දීලා තියෙන්නේ.

 

ඉහළ අධ්‍යාපන මට්ටමක ඉද්දි ගෙවල්වලින් අකමැත්තක් නැද්ද මේ දේවල් කරනවට?

ඇත්තටම තාත්තා නම් චුට්ටක්වත් කැමති නැහැ. ඒත් අම්මා මගේ ළඟින්ම ඉඳන් මේ දේවල්වලට උදව් කරනවා. මොකද මං ක්ෂේත්‍රයට ආවේ ළමා නිළියක් සහ නිවේදිකාවක් විදිහට පුංචි කාලේ.

 

ඒ ගැන කිව්වොත්?

මං වයස අවුරුදු 11දී තමා ළමා නිවේදිකාවක් විදිහට ටීවී චැනල් එකේ කටයුතු කළේ. ඊට පස්සේ ‘සපිරිවැර ටෙලි’ නාට්‍ය එකේ මාලනී ෆොන්සේකා මහත්මියගේ ළමා කාලය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා.

 

දැන් රංගනයෙන් සහ නිවේදනයෙන් ඈත් වෙලාද ඉන්නේ?

ඔව්. අධ්‍යාපන කටයුතු එක්ක මේ දේවල් කරනවට තාත්තා කැමති වුණේ නැහැ. ඒ නිසා කාලයක්ම මේ දේවල්වලින් ඈත් වෙලා හිටියා. දැනට මාස 08කට විතර කලින් ඉමේෂ් අයියා හරහා නැවතත් නිරූපණ ක්ෂේත්‍රයට මං යොමුවුණා.

 

ඉදිරියේදී රංගනයට සහ නිවේදනය එකතු වෙන්න ආසාවක් තියෙනවාද?

රංගනයට නම් වැඩි කැමැත්තක් නැහැ. නිවේදනයට යොමුවෙන්න ආසාවක් තියෙනවා. ඒ සඳහා ඉදිරියේදී පුහුණු වීම් කරන්න බලාපොරොත්තු වෙනවා. නිරූපණය ක්ෂේත්‍රයට තුළ හෙමින් ගමනක් යනවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

නිරූපණ ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කිහිපයක් ඉදිරියේදී තියෙනවා. මේ දවස්වල උපාධියේ වැඩවලට වැඩිපුරම කාලය වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව මම වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. ඒ සම්පත් බැංකුවේ. ඒකත් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඇති නේද?

ඔව් මගේ අම්මා, තාත්තා, නංගිව මතක් කරන්න ඕනේ. ඒ වගේම බුද්ධික අයියා, ඉමේෂා අයියා, ෂාන් අයියා, ඉෂාන් අයියා, චතුර රමේෂ් අයියවත් නිරූපණය ක්ෂේත්‍රයේ මගේ යාළුවෝ හැමෝමවත් මතක් කරන්න ඕනේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

ඡායාරූප - ඩිල්ෂාන් ජයසිංහ ( 0775256180 / 0712341429)

 

2016-10-04-ent-36
2016-10-04-ent-35
2016-10-04-ent-33
2016-10-04-ent-29
2016-10-04-ent-30
2016-10-04-ent-31



අදහස් (0)

අධ්‍යාපන කටයුතු සමගින් කලාව ඉදිරියට කරගෙන යනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 4 0

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 195 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 116 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 281 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 127 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 655 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site