IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අධ්‍යාපන පුටු මාරුවක්

අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයකින් පසු ඉහළම තනතුරු තුනක නිලධාරීන් ස්ථාන මාරු කළ බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා අධ්‍යාපන සේවා අතිරේක ලේකම් ලෙස ද, ගොඩනැගිලි අංශයේ මදුරා වේහැල්ල මහත්මිය ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම් ලෙස ද, අධ්‍යාපන සේවා අතිරේක ලේකම් ලෙස කටයුතු කළ අයි එම් කේ ඩී ඉලංගසිංහ මහතා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතැම් අංශවල දුරකතනවලට පවා ප්‍රතිචාර නොදක්වන නිලධාරීන් සිටින බවත්, මේ නිසා දුර බැහැර ප්‍රදේශවල පුද්ලයන්ට දුරකතනයෙන් කතා කර සිදු කර ගත හැකි රාජකාරි සදහා අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණීමට සිදුව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කීවේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවට හේතු වන නිලධාරීන් සිටී නම් ඔවුන් අමාත්‍යංශයෙන් පිටතට මාරු කර යැවිය යුතු බවත්, මෙවර උසස් නිලධාරීන් ස්ථාන මාරු කර ඇත්තේ අධ්‍යාපන සේවා අතිරේක ලේකම් අයි එම් කේ ඩී ඉලංගසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ අරමුණින් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

දේශපාලන පළිගැනීම් ලැයිස්තුවලට ඉංගසිංහ මහතා ඉඩ නොදෙන නිසා දේශපාලන පළිගැනීමේ ලැයිස්තුවෙන් එන පිරිසට පත්වීම් දීම සදහා මෙම නිලධාරීන් හුව මාරුව කර ඇති බව ද ස්ටාලින් මහතා පසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් සිදු නොවූ නිසා දේශපාලන පළිගැනීම් ලැයිස්තු ඉදිරිපත් කළ නොහැකි බවත්, අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින චෝදනා ලාභීන් වෙනත් ස්ථානයකට මාරු කර යැවිය යුතු බවත් ස්ටාලින් මහතා සදහන් කරයි.



අදහස් (0)

අධ්‍යාපන පුටු මාරුවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1463 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1959 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1502 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8516 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2468 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10471 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site