IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අධ්‍යාපන විශේෂඥයන්ගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

(අංජුල මහික වීරරත්න)

අපොස උසස්පෙල විභාගය කල් දැමුව හොත් දේශීය මෙන්ම විදේශීය උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව ඉක්ම ගොස් ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ දිගුකාලීන අර්බුදයක් ඇති විය හැකි බව අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

විභාග කල් දැමීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ඒ කරුණු  සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය වී ඇත.

පසුගිය වසර වල කොරෝනා වසංගතය,ආර්ථික අර්බුද ආදිය නිසා ද විභාග  කල් යාම මෙන්ම පාසල් අධ්‍යාපනයේ ඇණහිටීම් සිදු වූ බව අධ්‍යාපන විශේෂඥයන් සිහිපත් කර තිබේ.

2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල් දැමුවහොත්  එම වසරේ මාර්තු, අප්‍රේල් වල පැවැත්වීමට සැලසුම් කර තිබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි,ජුනි දක්වා කල් තැබීමට සිදුවනු ඇතැයි ද 2023  උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජුලි මාසය තෙක් පමා වන අතර එවිට 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට ද මෙවර මෙන්ම අමතර කාලයක් ලබා දීමට සිදු වනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී ඇත.

එසේ වුවහොත් 2024 අපොස උසස් පෙළ විභාගය නැවත 2024 දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල් යනු ඇතැයි ද මේ වන විටත් ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කර ගැනීම තව දුරටත් පමා වනු ඇතැයි ද ඔවුන්ගේ මතය වී තිබේ.

විභාග කල් දැමීමෙන් පාසල් වාර සටහන්  ප්‍රමාද වීම, පාසල් වලට දරුවන් ඇතුලත් කරගැනීම  ප්‍රමාද වීම,11 සහ 12 ශ්‍රේණිවල දරුවන්ට යම් වැඩිපුර කාලයක් රැඳී සිටීමට සිදු වීමෙන් පන්ති කාමරවල ඉඩකඩ ප්‍රශ්නයක් ද ඇති වීම,  උසස් පෙළ ප්‍රවේශය ප්‍රමාදවීම, විදේශ විශ්ව විද්‍යාල සදහා ඇතුලත් වීමේ කාලය ප්‍රමාද වීම,විදේශ විශ්ව විද්‍යාල මගින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමි වීම ,රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් ප්‍රමාද වීම වැනි දිගු කාලීන ප්‍රතිවිපාක යන්ට  මුහුණ දීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

දරුවන් උසස් පෙළ  විභාගය සඳහා අවුරුදු  18 වන විට පෙනී සිටිය යුතු වුවද විභාග කල් යෑම නිසා එම වයස ඉක්මවා ගොස් තිබෙන බව අධ්‍යාපන විශේෂඥයෝ පවසති.



අදහස් (12)

අධ්‍යාපන විශේෂඥයන්ගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

චන්දන Thursday, 28 September 2023 02:12 PM

විභාග කල් දැමීම වැඩිපුර අවශ්‍ය ප්‍රයිවට් ටියුෂන් කාරයින්ට. ඇත්තටම සිසුන්ගේ වයස ඉක්මවා යාමක් දැනටමත් තිබෙනවා. ජාත්‍යන්තර සිසුන් සමග බැලුවොත් වයස 18 සිසුන් සමග අනෙක් රටවල අධ්‍යාපනය හදාරන්නේ වයස 16 අය. ජාත්‍යන්තර විද්‍යා/ඔලිම්පියාඩ්/ගණිත වගේ තරගවලට යන අය ඒ බව දන්නවා. එ නිසා උසස් පෙළ විභාගයට ලිවීම වයස අවු 16 දක්වා පහතට ගත යුතු වෙනවා. සමස්ත අධ්‍යාපන රටාවම වෙනස් විය යුතුයි. විෂය නිර්දේශ සමගම... මේ විභාග කල් දැමීම නම් නොකළ යුතුම දෙයක්. මේ විදියට විශ්ව විද්‍යාලවලට යන අය උපාධි අරගෙන එළියට එනකොට අවු 27 පැනලා. කෙතරම් අභාග්‍යයක්ද? අවුරුදු 24 වන විට විශ්ව විද්‍යාල ප්‍රථම උපාධිය අවසන් කළොත් තමයි අනාගතයක් තියෙන්නේ. මේ වගේ දුර දිග නොබලා වැඩ නොකළ එකේ විපාක අදටත් භුක්ති විඳිනවා. ඇති හැකි අය දැන් පුද්ගලිකව විභාග ලියලා විදේශගත වෙනවා. නැති බැරි එකා මෙහේ දුක් විඳිනවා...!

:       28       47

බද්රානිThursday, 28 September 2023 03:32 PM

චන්දන ඔබ නිවැරදියි.. දැන් ලංකාවේ අධ්‍යාපනය හසුරවන්නේ, ටියුෂන් කාරයින් රැලක්. මොවුන් උසස් පෙළ සිසු දරුවන්ගේ මොළ විනාශ කරමින් කරන විගඩම මේ රටේ දෙමව්පියන්ට හා අදාළ අධ්‍යාපන බලධාරීන්ට නොපෙනීම ඛේදවාචකයක්... මේ ටියුෂන් කාරයින් ළමයින්ට දෙන ඔවුන්ගේ ගෝත්‍රික හා අමන ආකල්ප මේ රටේ ඉදිරි අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක්... මේ ටියුෂන් කාරයින් බදු ගෙවනවාද..? මම නම් කියන්නේ මේ ටියුෂන් කඩ වර්ජනය කළයුතුයි. අනාගතයේදී ඇතිවිය හැකි අර්බුදය පෙන්වාදුන් සැබෑ අධ්‍යාපන විශේෂඥයින්ට අප කෘතඥ විය යුතුයි. කරුණාකර මේ ගැන විශේෂ අවධානය යොමුකොට මේ උසස් පෙළ විභාගය කල් දැමීමට එරෙහි වී, එය නතර කිරීමට කටයුතු කරන්න. එහෙම නැතිනම් නුදුරු අනාගතයේදී පසුතැවීමට සිදුවීම ස්ථීරයි.

:       20       39

සමන්Thursday, 28 September 2023 04:07 PM

අන්න ඒක තමා කියන්නේ ඇති හැකි අයට විතරක් පිටරට යන්න වුවමනාවට තමා මේ පාර දෙවෙනි තුන්වෙනි පාරවල් වල ලියන ළමයි බිල්ලට දෙන්න හදන්නේ... විභාග මේ තියෙන්න ඕනෑ නිශ්චිත දිනයක් නෑ... ළමයින්ට සූදානම් වෙන්න නියමිත කාලය දීලයි විභාග තියන්න ඕනෑ.. වයස ප්‍රශ්නයක් වෙනවා නම් ලංකාවේ ඔක්කෝම වගේ ඕලෙවල් වලින් පස්සේ අතෑරලා දාලා අධ්‍යාපනය.., වයස කීයක් ගියත් ඉතුරු වෙලා තියෙන කාලෙ හොඳින් ජීවත් වෙන්නයි ඉගෙන ගන්නේ..27න් කැම්පස් එකෙන් එළියට ආවට අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා නම් තව 43ක් හොඳින් ඉන්න පුළුවන්...නිකන් පුහු තර්ක ගේන්න එපා... ප්‍රශ්නෙ දිහා හරියට බලන්නේ නැතුව...!

:       14       28

Sajini Friday, 29 September 2023 06:38 PM

ඒක හරියටම හරි, දෙවැනි, තුන්වැනි වර විභාග ලියන ළමයි පවු. හැමෝටම පුද්ගලික වි.විද්යාaලවලට යන්න සල්ලි නැහැ. ඒ වගේම ඉසෙඩ් ස්කෝර් එක ලකුණක් දෙකක් අඩුවීම නිසා වි විද්යා ල තේරුණේ නැති අය ඒ මදිවූ ලකුණුත් හදාගෙන නැවත විභාගයට සහභාගි වෙන්න තරම් අවශ්යh කාලය ඒ ළමයින්ට දෙන්න ඕනෑ. මේ අධ්යාහපන විශේෂඥයෝ කියන අයට ළමයි උ/පෙළ විභාගය ප්ර්තිඵල ඇවිල්ලත්... වි.විද්යාිල තේරුණත් කැම්පස් යන්නේ නැතිව අවුරුද්දක්ම ගෙදරට වෙලා කාලේ නාස්ති කරන එක පේන්නේ නැද්ද දන්නේ නැහැ? එතකොට සා/පෙළ ප්රකතිඵල දෙන්න මාස 6යි. උ/පෙළ ප්රනතිඵල දෙන්න මාස 6යි. එතැනන විභාග 2ක ප්රිතිඵල එනකන් ළමයින් අවුරුද්දක් නිකන් කාලේ නාස්ති කරකර ගෙදරට වෙලා ඉන්නවා කියලා පේන්නේ නැද්ද දන්නේ නැහැ. බොරුවට නිකන් මෙතන මාසයක් වගේ කල් යන විභාගයක් අල්ලන් ඉන්නවා. වැදගත් දේවල් කතා නොකර. මේ පාර උසස්පෙළ විභාගය පොඩ්ඩක් කල් ගියාම සිදු වෙනවාට වඩා ලොකු බරපතල හානියක් වෙනවා. හැම අවුරුද්දේම ඔය කියන තැන්වලදී...

:       0       4

කිරිපුතා Thursday, 28 September 2023 03:03 PM

ප්‍රශ්න පත්තර බලනකොටත් ඔය උගතුන් මේ විදිහට හිතනවා නම් රටේ දරුවන් ගැන, රුපියල, දෙක ඉල්ලලා වැඩවරන එක කරන එකක් නෑ නේද...?

:       8       57

Rata Perata Thursday, 28 September 2023 03:08 PM

ළමයින්ගේ විභාගයක් වත් හරියට තියාගන්න බැරි මේ මෝඩ රට මොකටද? දුර්වලයෙක් පාලනයට ආවාම අධ්‍යක්ෂකයෝ වැජඹෙනවා.

:       12       25

Isuru Chanaka Friday, 29 September 2023 11:19 PM

ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ... ඔයාලගේ අකාර්යක්ෂමතාවය නිසා වුණු දෙයක්... කලින්ම ප්‍රතිඵල ආවානම් කිසිම ප්‍රශ්නයක් නැතුව නොවැම්බර්වල ලියන්න තිබුණා. ලියන ළමයි කිසිම කෙනෙක් ඡන්දෙ දීලා ඔබලාව පත් කරේ නෑ. ළමයි පලි නෑ ඔයාලගේ දේශපාලන බල අරගල වලට...

:       1       6

Samantha Rathnayake Saturday, 30 September 2023 06:17 AM

කොරෝනා වලින් පස්සේ විභාග කල්ගියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ජන නිසා නේද? ඒ වෙලාවේ කොමා තත්ත්වයට පත්වෙලාද හිටියේ...?

:       0       6

Saturday, 30 September 2023 09:21 AM

ළමයින්ට ඇතිතරම් කාලය නැති වුණාම විභාග ෆේල් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඊටපස්සේ පුද්ගලික විශ්වවිද්‍යාල පුරවන්න ලේසියිනේ. මං හිතන්නේ ගොඩක් අයගේ අරමුණ ඒක...!

:       1       4

Nimsara Tharinda Monday, 02 October 2023 12:44 AM

විභාගයක් තියන දවස, ළමයින්ට කියන දවසත් කල් දදා ඉඳලා නොවැම්බර් ළං වෙනකොට නොවැම්බර් 27 විභාගෙ තියනව කියල මුක පූට්ටු කරගෙන කිව්වට වැඩක් නැ. විබාගයක් ලියපු උන් පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්නවනම් තේරෙයි රඟෙ. මෝඩයො පාලනයට පත් කරන්න මෝඩයො හදන රටක් මේක. තව වයිරස් එකක් එනකන් හරි බෝම්බයක් ගහනකන් හරි, ගංවතුරක් ගලලා රටට කෙලවෙන කන් හරි ඇද ඇද හිටියාම මරු...!

:       0       1

ආලෝක අනුහස් Monday, 02 October 2023 08:03 AM

ජනවාරි වලට කල් දාන්න ඕනේ නැත්තම් අපි මොනවද ලියන්නේ? අනික මේ පාර ප්‍රතිඵල ආපු අය කොහොමද ලෑස්ති වෙන්නේ? මෙව්වා මොවුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?

:       0       1

Ashan Monday, 02 October 2023 11:28 AM

අනේ මේ මහත්තයෝ ගොන් ආතල් දෙන්න එපා....අපි කරපු බම්බුවක් නෑ.....මහලොකුවට මොලේ තියේනම් ගොන් ආතල් තර්ක ගේන්න එපා.....අපි කර මගුලක් නෑ.....ඔය කියනෝවගේ ජනාදිපති තුමාට කියන්න තිබ්බනෙ ටග්ගාලා පේපර් ටික බලන්න කියලා......ඒකට පෙනී ඉන්න තිබ්බනෙ.....පේපර් බලන්න පරක්කු වෙනකොට කියන්න තිබ්බනෙ ලමයිට ලබන පාර රෙඩී වෙන්න කාලෙ මදිවෙයි ඉක්මනට බලල දෙන්න ඕන කියල මතක් උනේ නැද්ද..........ඒවත් හිතල කතා කරන්න....වැරදි ඔක්කොම තමන්ගෙ පැත්තෙ ක්ශේත්‍රයේ තියාගෙන ලමයින්ගෙ අනාගෙතේ කන්න එපා......ඔයාලා යන්න ඕන තැන් වලට ගිහිල්ලනෙ නේහ්.....????......

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 126 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 132 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1853 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1555 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 456 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 583 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40026 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25953 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 235 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site