IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අාධාර දුන් සැමට පියා තුති පුදයි

පානදුරයේ ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ පදිංචි නව හැවිරිදි චලනි සොයිසා දැරිය දකුණු ඉන්දියාවේ චෙන්නායි මියොට් රෝහලේ දෙවැනි හදවත් සැත්කමට ලබන 6 වැනි දා පිටත් ව යෑමට නියමිතය. ඇගේ පියා වන එච්.ජී. නාලක සොයිසා මහතා අදත් (01) ලංකාදිප කාර්යාලයට පැමිණියේය. පරිත්‍යාශීලිනට පිං දෙමින් ඔහු පැවසුවේ  චෙන්නායි රෝහලේ සැත්කම සඳහා උදව් කළ සියලු  දෙනාටම පිං දෙන බවයි. lankadeepa.lk වෙබ් අඩවිය,අද සහ ඩේලිමීරර් ලංකාදීප පාඨකයන්ගෙන් රුපියල් හත් ලක්ෂයක් ලැබුණු බව ද ඔහු කියයි. 

ඇගේ හදවතේ පළමු සැත්කම ඇය කුඩා කාලයේම සිදු කළ චෙන්නායි රෝහලේ විශේෂඥ වෛද්‍ය දොස්තර කේ ශිවකුමාර් උපදෙස් දී ඇත්තේ දෙවැනි සැත්කම වහාම කළ යුතු බවයි. එම සැත්කම දැනටම පමා වී ඇතැයි ද ඇගේ දෑත් වල එම ලකුණු ඇතැයි ද ඇගේ පියා කියයි. ශ්‍රී ලංකාවේ මෙවැනි සියුම් සැත්කමක් කිරීමේ දී බොහෝ සංකූලතා ඇති වන හෙයින් චෙන්නායි රෝහලේ එය කළ යුතු බව වෛද්‍ය මතය වී ඇත. කොළඹ සමාගමක සුළු සේවකයෙකු වන නාලක සොයිසා පවසනුයේ මුල් සැත්කමට හිතවතුන් හා පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණූ සහායෙන් තම දරුවා ජීවතුන් අතර සිටින බවයි.සැත්කමින් පසු ඔවුන්ට තවත් සතියක් එහි රැදී සිටීමට  සිදුවන බවයි.

චෙන්නායි නුවර සැත්කම් ගාස්තුව වන රුපියල් හත් ලක්ෂයක් අමතරව ගුවන් ටිකට් පත් තුනට  රුපියල් 93200ක් ද තෙසතියක් චෙන්නායි නුවර නැවතීම සඳහා වියදම් ද අවශ්‍ය බව නාලක සොයිසා පවසයි.

ලංකා බැංකුවේ පානදුර ශාඛාවේ එච්.පී නාලක සොයිසා නමින් ඇති 8124458 බැංකු ගිණුමට හෝ සම්පත් බැංකුවේ පානදුර ශාඛාවේ 102657129083 ගිණුමට ආධාර යොමු කරන ලෙස ඔහු ආයාචනා කරයි. ඔහුගේ ලිපිනය අංක 58, ෆොන්සේකා පාර , පානදුරය. 071 4758595 ඔහුගේ ජංගම දුරකතන අංකයයි.

IMG_5896

20160801_130925 20160801_132528 20160801_132540IMG_5898 IMG_5899 IMG_5900 IMG_5901 IMG_5902 IMG_5903

20160801_130925



අදහස් (0)

අාධාර දුන් සැමට පියා තුති පුදයි

අබය Thursday, 14 July 2016 07:04 AM

හැකි විදියට ඉක්මනට උදව් කරමු. මේ චූටි කෙලි පැටියාව බේරාගනිමු ඉක්මනින්ම. (නි)

:       0       0

දීන් Thursday, 14 July 2016 07:10 AM

රජින්දගේ අදහස අගය කරමි. අපි සියලු දෙනා උපකාර කරමු (නි)

:       0       0

තරංග Monday, 25 July 2016 12:28 PM

මමත් උදවු කළා රුපියල් 2000කින් (නි)

:       0       0

අබරන් Monday, 01 August 2016 08:14 AM

මේ ආර්ටිකල් එක හත් දහස් හාරසිය ගණනක් බලල තියෙනවා. ඒත් කීදෙනාද සල්ලි දමලා තියෙන්නේ ...පපු කැනැත්ත උණු වෙන්නේ නැද්ද තවම.....(රේ)

:       0       0

පතිරණ Thursday, 14 July 2016 06:10 PM

මම හැකි පමණින් උදවු කරන්නම්. මම දන්නා හැමදෙනාටම මේ පණිවුඩය කිවුවා (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 14 July 2016 06:40 PM

සම්පත් බැංකු ගිණුම් අංකයක් දාන්න පුලුවන් නම් ඉක්මනට ඔන්ලයින් එවන්න පුළුවන් (නි)

:       0       0

තරංගා Thursday, 14 July 2016 07:37 AM

ඔව්. රජින්දගේ අදහස හරි. අපි හැකි විදියට සම්මාදම් වෙමු. (බ)

:       0       0

ඩොනල්ඩ් Monday, 01 August 2016 08:40 AM

මම ඉන්නේ එක්සත්අ රාබි එමීර් රාජ්‍යයේ අම්මගේ බැංකු ගිණුමට එවල රුපියල් 20000/= නාලක මහතාගේ ගිණුමට අද දැම්ම (01-08-2016) (බ)

:       0       0

තිලක් Friday, 22 July 2016 10:10 AM

අපිත් හැකි අයුරින් උපකාර කළා (නි)

:       0       0

රූපවතී Saturday, 23 July 2016 03:32 PM

මේ දැරිවියට සැත්කමට අවශ්‍ය මුදල් මම ඔවුන්ට ලබා දුන්නෙමි. ඒ ඔබ පුවත්පත කෙරෙහි ඇති විශ්වාසයෙන් සහ ඒ දරුවාගේ ජීවිතයත් මගේ දරුවාගේ ජීවිතයත් අතර ඇත්තේ මාපිය සෙනෙහස එකම සෙනෙහස නිසාවෙනි. මා යැවූ මුදලින් මේ වනවිට කොටසක් ඔවුන්ගේ ගිණුමට බැරවී ඇති බව දුරකතනයෙන් දැනගතිමි. අනික් කොටස මගේ ගිණුමින්, ඔවුන්ගේ ගිණුමට බැරකිරීමට සතියක් ගන්නා බව බැංකු ශාඛාවෙන් දැනගතිමි. මේ දරුවාගේ සැත්කමින් පසුව ඒ දරුවාගේ නිරෝගීතාවය ගැන දැකගන්නට හැකි නම් මා මෙන් උදව්කළ සැමටම ගොඩක් සතුටුවීමට හැකිවේවි...! (නි)

:       0       0

රත්න Friday, 22 July 2016 10:50 AM

අපේ මැති ඇමතිවරුනම් මෙලහකටත් පිටරට ගිහින් ප්‍රතිකාර සඳහා. මේ අසරණ ළමයට පිහිට වෙන්න ඉන්නේ අපිම තමා. මමත් අද රු 2000ක් දීලා ඇති ගිණුමට දැම්මා. අපි සැවොම ඉක්මනින් මේ ළමයට පිහිට වෙමු. (ර)

:       0       0

කෝලිත Friday, 22 July 2016 10:51 AM

ලොකු ලොකු ගණන් ගැන හිත හිත ඉන්න එපා පුළුවන් ගණනක් දාන්න. අපි හැමෝම දායක උනොත් මේක සුළු දෙයක්. බැරිද අරමුදලක් පිහිටුවන්න මේවගේ අසරණ අයට පිහිට වෙන්න? (ර)

:       0       0

අබය Thursday, 14 July 2016 10:47 PM

දැනට තුන්දහස් ගණනක් දෙනෙක් මෙය බලා තිබෙනවා. එක්කෙනෙකුගෙන් අවශ්‍ය රුපියල් 210 ක් වගේ ගණනක් විතරයි. ඒත් අර කිවුවා වගේ දාහක් දෙනෙක් දාහ බැගින් දැම්මා නම් ළමයා ඉක්මනින්ම ගොඩ ගන්නට හැකිවේවි. ඉක්මන් කරමු. ජීවිතයක් බේරාගන්න දායක වෙමු. (නි)

:       0       0

නවරත්න Thursday, 14 July 2016 08:28 AM

සල්ලි ලැබෙත්වා! දෙවියෝ බලත්වා! (නි)

:       0       0

සාගර Thursday, 14 July 2016 08:30 AM

ඔව් මමත් 5000 දෙනවා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපි ඔක්කොම එකතු වුණොත් එක්මනට සනීප කරගන්න පුලුවන් ඔය දරුවාව. (නි)

:       0       0

බන්දුල. Tuesday, 19 July 2016 03:24 AM

අනේ බුදුසරණයි දුව! ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපි අපිට පුළුවන් විදියට උදව් කරමු මේ මල් කැකුල බේරගන්න. (නි)

:       0       0

නන්ද Thursday, 14 July 2016 08:32 AM

යහපත් පුණ්‍ය කටයුත්තක් කරන්න හොඳම අවස්ථාවක් උදාවෙලා. අපිත් මීට හැකි ආධාරයක් කරනවා. එය අප සතු යුතුකමක් වනවා සේම, එය ඇයගේ අයිතියක්. ලොකු දාගැබ්, පිළිම, රන් වැටවල් හදන්න පොරකන සුපින්වත්නි, මෙන්න උතුම් පුජාවක් කිරීමට කදිම අවස්ථාවක්. (නි)

:       0       0

උගිත Thursday, 14 July 2016 08:40 AM

මම 1000 ක් දැම්මා. ඔබත් ගිණුමට බැරකර අදහස් දක්වන්න. මම දැම්මේ මට මේ වන් දෙයක් සංසාරේ ඇති නොවේවා කියායි (නි)

:       0       0

ජයරත්න Thursday, 14 July 2016 09:09 AM

රජින්දගේ අදහස හරි. අපිට ලංකාදීප පත්තරය ගැන විශ්වාසයි. ඒ නිසා මම අන්තර්ජාලය හරහා එම ගිණුමට මුදල් බැරකළා. නමුත් මගේ ගිණුමෙන් මේ අවස්ථාවේදී බැරකළ හැකි වූයේ රු. 950 ක් පමණයි. මෙහි අදස් පළකරන හැම දෙනාම එකතුවුණොත් මේ මුදල එකතු කරගැනීමට පහසු වේවි. (නි)

:       0       0

චාමින්ද Thursday, 14 July 2016 09:11 AM

සමාජ වෙබ් අඩවි වලිනුත් මේ ගැන දැනුවත් කරමු (නි)

:       0       0

රූපවතී Tuesday, 02 August 2016 06:04 AM

කලින් මෙහි සදහන් වූ පුවතට අදාලව රුපියල් ලක්ෂතුනක මුදලක් දරුවාගේ ඔපරේෂන් එකට අවශ්‍ය බව සදහන් වූ නිසා ඒ තුන්ලක්ෂයම මා ඔවුන්ට කොටස් දෙකකට මගේ ගිනුමින් සහ වෙස්ටෙර්න් මගින් ඔවුන්ට ලබා දුනිමි...? අද උදේ ඒ මුදල් ඔවුන්ගේ ගිණුමට බැර වී ඇති වග දැන්වුවායින් පසුව මට හරිම සතුටුයි ..? එ්ත් ගුවන්ගමනට තව 60, 70, දහසක පමණ අඩුවක් ඇති බව ඔවුන්ගෙන් දැනගත් මා ඇත්තෙන්ම මෙය ලියන්නේ පාඨක අපි හැමෝම තව කීය කීය හෝ ආධාර කරමු ගුවන් ටිකට්පත ගන්න ....ඒ පිනෙන් ඔබ අපි සැමගේම දරුවන් නිරෝගී වේවා !!! (බ)

:       0       0

රොෂාන් චමින්ද සිල්වා Monday, 01 August 2016 06:38 PM

ඔන්න ලංකාදීප පුවත දැකල මමත් ආධාරයක් දුන්න. චුටි දුවට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේව. මම රොෂාන් ද සිල්වා බලපිටිය .(රේ)

:       0       0

ඔෂාන් Thursday, 14 July 2016 09:34 AM

අපිත් උදව් කරන්නම් (නි)

:       0       0

ඇසළ Monday, 25 July 2016 06:35 AM

සසික, ඒ අරමුදලෙන් ආධාර කරන්නේ සිංගප්පුරුවේ ප්‍රතිකාර ගන්න පුළුවන් අපේ කතිරෙන් පත්වෙච්ච අයට විතරයි කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

නලීන් පෙරේරා Monday, 25 July 2016 06:59 AM

මමත් හැකි අයුරින් උපකාර කළා (නි)

:       0       0

ශාන්ත Thursday, 14 July 2016 09:52 AM

උදව් කරන්න කැමතියි මමත්. (නි)

:       0       0

හේමන්ත Thursday, 14 July 2016 10:03 AM

ඔබගේ අදහස බොහොම වටිනවා රජින්ද. අපි සියලුදෙනා එකතුවී ඒ පොඩි දරුවට උපකාර කරමු. (නි)

:       0       0

නාමල් Monday, 25 July 2016 07:54 AM

මමත් රු14000 ක් දැම්මා. හිතේ සතුටටයි කිව්වේ (නි)

:       0       0

මුදිත Thursday, 14 July 2016 10:34 AM

සම්පත් බැංකු ගිණුම් අංකය පුලුවන්නම් දාන්න ඔන්ලයින් ට්‍රාන්ස්ෆෙර් කරන්න (ම)

:       0       0

සනත් රෝහණ Monday, 18 July 2016 01:26 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

මුදිත Friday, 15 July 2016 02:14 AM

අපි ඉන්නේ පිටරට නිසා සම්පත් බැංකු ගිණුමක් තිබෙනවා නම් පහසුයි (නි)

:       0       0

ශ්‍රියානි Monday, 18 July 2016 01:26 PM

මමත් මුදලින් උපකාර කළා. පින්වත් ඔබත් මෙයට දායක වන්න (නි)

:       0       0

සනත් Monday, 18 July 2016 01:28 PM

ඔබටත් යමක් කළ හැකි නම්... (නි)

:       0       0

චින්තක Tuesday, 26 July 2016 12:08 AM

මමත් රුපියල් 10000/- ක් දැම්මා. අපි හැමෝම පුළුවන් උපරිමයෙන් මේ සද්කාර්යයට උපකාර කරමු. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 01 August 2016 01:47 PM

මම දැන් රු 5000ක් ඉහත සම්පත් ගිණුමට බැර කළා.දරුවට ඉක්මන් සුවය පතමි..(රේ)

:       0       0

රම්සි Thursday, 14 July 2016 11:46 AM

මාව වරදවා තේරුම් ගන්න එපා. මම දන්නා පරිදි මෙම සියලුම හදවත් සැත්කම් ළමා රෝහලේ කරනවා. මම වැරදි නම් ඒ බව මට කියන්න (නි)

:       0       0

කෙවින් Monday, 25 July 2016 08:46 AM

මම රුපියල් 25000/- දැම්මා. තාත්තාට කතා කළා (බ)

:       0       0

රුපාවති Tuesday, 19 July 2016 06:43 AM

අසරණ දැරිවියගේ ජීවිතය බේරා ගැනීමට වහාම කටයුතු කරනවා. මාත් කුඩා දියණියක් සිටිනා මවක්. ඔබ හැමටත් හැකි අයුරින් උදව් කරන්න ඔවුන්ට ගුවන් ටිකට් පත ලබා ගන්න. ඒ පිනෙන් අපි. සහ අපේ දරුවන් නිරෝගිවේවි ..!!!! (ම)

:       0       0

ලක්විදු Thursday, 14 July 2016 12:07 PM

කරුණාකර ළමා හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ කාංචන සිංගප්පුලි මහතා හමුවන්න. ඔහු අප රටේ ඉන්න අති දක්ෂ ළමා හෘද ශල්‍ය වෛද්‍යවරයා. (හේ)

:       0       0

ශාමන්ත වෙල්ගම Monday, 25 July 2016 09:34 AM

අපිත් අදම මුදල් එවනවා. (ම)

:       0       0

පද්මිණි Thursday, 14 July 2016 12:16 PM

අද ප්‍රංශයේ නිදහස් දිනය නිසා නිවාඩු.හෙටම ඔබේ නමට මුදල් එවන්නම්. දුරකතනයට කතා කරන්නම්.(හේ)

:       0       0

රෙයාන් Thursday, 14 July 2016 12:49 PM

මමත් හැකි අයුරින් දායක වෙනවා (නි)

:       0       0

තරංග සිංහ Friday, 15 July 2016 04:12 AM

මම 5$=720 දැම්මා. පුළුවන් හැමො‌ම හැකි පමනින් උදව් කරන්න. (ර)

:       0       0

මුදිත Monday, 25 July 2016 10:13 AM

හෙට සම්පත් බැංකු ගිණුමට රුපියල් 5,000 ක් තැන්පත් වෙයි.(හේ)

:       0       0

අසංක Wednesday, 20 July 2016 01:18 AM

මමත් හැකි අයුරින් දායක වෙනවා (නි)

:       0       0

රජින්ද Thursday, 14 July 2016 06:38 AM

රු.1000 ගානේ අපි 700ය දෙනෙක් සම්මාදම් වුණොත් තවත් ජීවිතයක් බේරාගන්න පුළුවන් වේවි නේද අපිට? හැකි විදිහට සම්මාදම් වෙමු. (නි)

:       0       0

රූපවතී Tuesday, 19 July 2016 08:12 AM

අද උදේ වනතුරුම මට නිව්ස් කියවන්න බැරි වුනා රැකියාවේ කාර්ය බහුල නිසා. මේ පුවතට අදහස් දමා ඇති ඔබ හැමෝගෙම අකුරක් නෑර කියෙව්වා ගොඩාක් ආඩම්බරයි ඔබ හැමෝම ගැන ඉතාමත් කාරුණිකව අසරණයෙකු වෙනුවෙන් පිහිටවෙන්න ඉදිරිපත්වෙලා ඉන්න ඔබ හැමෝම ගැන ආඩම්බරයි අපේ පුවත්පත ඇතුළු ඔබ හැම සදාකල් නිරෝගී වේවා! (හේ)

:       0       0

අනුර Friday, 15 July 2016 06:30 AM

හැකි පමණින් උදව් කරන්න. මමත් රුපියල් 10,000 දැම්ම. ගොඩක් පින් උදවු කරන හැමෝටම. (ර)

:       0       0

දොම්පේ Monday, 18 July 2016 06:33 PM

මේ සැත්කම් රජයේ වියදමෙන් කරන්න බැරිද? ආධාර කළ හැමෝටම පින්. නමුත් ළමයෙකුගේ අසනීපයකදී සල්ලි නැති නිසා දෙමාපියන් මේ වගේ අසරණ වෙන්න නොදී, අවශ්‍ය වෛද්‍ය පහසුකම රජයෙන් දෙන්න. (නි)

:       0       0

සසික Saturday, 23 July 2016 12:48 PM

ජනාධිපති අරමුදලේන්වත් බැරිද මෙයාලට උදව්වක් කරන්න.(හේ)

:       0       0

මහේෂ් Thursday, 14 July 2016 03:43 PM

ඔබේ නමට සල්ලි අද දානවා. රජින්ද කියනවා වගේ මේ පුවත බලන අය ඉක්මනින්ම සල්ලි දාන්න. එංගලන්තේ ඉන්න අයගෙන් කාරුණිකව ඉල්ලනවා මේ ළමයා වෙනුවෙන් £5 කින්වත් දායක වෙන්න. ස්තුතියි!

:       0       0

ඩිලාන් Thursday, 14 July 2016 07:03 AM

අනේ පවු දෙවියනේ. අපි උදවු කරන්නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 122 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 156 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 294 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 109 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1104 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2495 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site