IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අධිවේගයේ අනතුරින් විදේශිකයා මරුට

බිමල් ශ්‍යාමන් ජයසිංහ

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙළවර පිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී ඔස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා schusccr woifgamg නැමැත්තෙකි.

ඔහුගේ මව බරපතල තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත.

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා යමින් සිටියදී ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථය පැද වූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අධිවේගී අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (10)

අධිවේගයේ අනතුරින් විදේශිකයා මරුට

Che Friday, 26 January 2024 10:53 AM

අධිවේග මගේ නීතිය හරියට කීයාත්මක නොවේ. රියදුරෝ වේග සීමා නොතකයි. වාහන අතර නිසි පරතරයක් තබා නොගනියි. පොලිසිය උඩ බලාගෙන හිඳියි. හරියට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අධික දඩ පැනවිය යුතුයි. එමගින් රාජ්‍ය ආදායමද වැඩිකර ගත හැකියි...

:       1       41

පියනන්ද Friday, 26 January 2024 11:10 AM

ලංකාවේ රියදුරන්ට අනික් ඔක්කොම තියෙනවා "විනය" සහ "මගියාගේ ආරක්ෂාව පිළිබඳ කැපවීම" ඇරෙන්න. ඔන්න තවත් ප්‍රතිඵලයක්... ත්‍රිවීල් එළවමින් ඉඳලා හයිවේ එකේ කාර් පදින්න ආපුවාමත් ඔහොම වෙනවා හැබැයි...!

:       0       39

චන්දන Friday, 26 January 2024 12:09 PM

අධිවේගී මාර්ගයේ යන රියදුරන් යන්නේ සාමාන්‍ය පාරක යන්න වගේ කිසිම හැඟීමක් නැහැ. සාමාන්‍ය පාරක ඉස්සර කරනවා වගේ එක පාරට දකුණට දානවා සිග්නල් ඇත්තේම නැහැ... ඉස්සර කළාට පස්සේ නැවත වමට දානවා ක්ෂණිකවම... පහු කරපු වාහනේ බ්රේක් කළේ නැත්නම් වදිනවා. පොලිසිය හැංගිලා ඉඳන් මීටරේ අල්ලන්න විතරයි ඉන්නේ... නොදකින් මෙහෙමත් පොලිසියක්. 100 ට වැඩියෙන් යාම නෙවෙයි අල්ලන්න ඕනෑ... මෙන්න මේ වගේ ඒවා. මේ විදියට දැන් ජීවිත කීයක් නැති වුණාද? සීසීටීවී තියෙන්නේ මොකටද? සල්ලිත් ගෙවලා යන පාරේ ආරක්ෂාව අන්තිමයි....!

:       0       33

Nuwan Lakmal Friday, 26 January 2024 12:24 PM

ඔය පහුගිය මාස 5 ක කාලය තුළ මම දැකපු ඔය ආකාරයේම 5 වෙනි රිය අනතුර ඒ සේරම වගේ විදේශිකයින් ගුවන්තොටුපොළ වෙත අරගෙන ගිය වාහන... මේ සඳහා ප්‍රධාන හේතු විදිහට මම දකින්නේ අධික වේගය රියැදුරන්ට නිසි විවේකයක් නැතිවීම මේ සඳහා සංචාරක අංශයේ වගකිව යුත්තන්ගේ අවධානය වහා යොමුකළ යුතුයි...

:       0       20

Lakmal Friday, 26 January 2024 12:24 PM

වේගය මැනීමට උපකරණ ඇත... කැමරාවෙන් අංකය හඳුනාගෙන දඩ කොළය ගෙදරටම එවිය හැකිය. නොකරන්නේ තව තවත් මිනිස් ජීවිත නැති කිරීම සඳහාද?

:       0       14

wimal Friday, 26 January 2024 02:03 PM

ලංකාවේ රියදුරන් විදේශිකයන්ට කිසිම විනයක්, ඇතුව ගරුකිරීමක් නැහැ. ඒක අපේ රටේ අවාසනාව... රට හදන අය දැනගන්න ඕනෑ හැමෝගේම යුදහමුදා පුහුණුවීමකට දාලා හරි විනය හදන්න.

:       1       12

සනත් ගමගේ Friday, 26 January 2024 03:06 PM

අධිවේගී මාර්ගවල හරියට විදුලි ආලෝකය නැහැ. පිටවීම් ස්ථාන ආසන්නයේ පමණයි. ලයිට් තියෙන්නේ අනික් ස්ථාන කළුවරේ. බර වාහන ගමන් කිරීම වහාම නතර කරන්න. ඒ අයට වේග සීමා නැහැ. අඩු වේගයෙන් යන්නේ අනික් වාහන වේගයෙන් යනවා. රෑට කළුවරේ අධිවේගී නීති රීති සංශෝධනය කර නියාමනයක් කරන්න...

:       0       12

Rohana Friday, 26 January 2024 05:59 PM

අධිවේගී මාර්ගයේ සමහර තැන්වල සුදුඉර මැකීගොස් තියෙනවා. ඒ මදිවට එතැන ලයිට් එළිය නැතිව රාත්‍රියට වාහන ධාවනය කරනවිට අනතුරු ඇතිවීමට ඉඩ තියෙනවා. මේවා ඉක්මණින් සපුරාලීම බලධාරීන්ගේ වගකීමකි.

:       0       3

පුරවැසියෙක්. Friday, 26 January 2024 06:30 PM

අධිවේගයේ බර වාහන නතර කිරීමට පියවර ගත යුතුයි.

:       1       0

Lelwala Friday, 26 January 2024 07:37 PM

ලංකාවේ ඩ්‍රයිවර්ලාට අධිවේගි මාර්ගයේ වාහන ධාවනය කරන ආකාරය ගැන නිසි අධ්‍යාපනයක් නොමැති වීම මෙයට හේතුවයි. රියදුරු බලපත්‍රය දෙනවිට දැනට යල් පැනගිය ට්‍රයල් යාවත් කාලීන කර... අධිවේගි මාර්ග ධාවනය සඳහා රියදුරු පුහුණුවක් ලබාදී රියදුරු බලපත්‍රය ලබාදෙනවා නම් යම් තරමකවත් අනතුරු වළකා ගත හැකියි. ඒ වගේම යන හැම වාහනයක්ම, මගින් සමග රක්ශණය කර රක්ෂණ ගාස්තුවක් ගෙවිය යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 893 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2838 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2224 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2718 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1370 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1035 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site