IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අධිවේගයේ මුල් පැයේ ආදායම අට ලක්ෂයයි

අධිවේගී මාර්ගයේ ප්‍රථම පැයේ දී වාහන 3000කින් රුපියල් ලක්ෂ අටක් උපයා ගෙන ඇත.

මාර්ගය විවෘත කර මුල් පැය 13 දී වාහන 11000කින් ඉපයූ මුදල රුපියල් තිස් ලක්ෂයකි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් දිනයේ උපයා ගත් මුදල මෙන් දෙගුණයක් දෙවැනි අධිවේගී මාර්ගයෙන් උපයා ගත් බව කටුනායක අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් ඒ ඩී කහටපිටිය මහතා කියයි.

 



අදහස් (0)

අධිවේගයේ මුල් පැයේ ආදායම අට ලක්ෂයයි

විජේසිරි Monday, 28 October 2013 04:02 PM

බස්නාහිරට විතරක් නෙමෙයි දකුණත්, උතුරත් හොදට සංවර්ධනය කරලා තියෙන්නේ.ඒත් ඉතින් සමහරක් අය ඒ වගේ දේවල් ගැන කියන්න කැමති නැහැ. (නි)

:       0       0

රොෂාන් Monday, 28 October 2013 11:15 AM

රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන්නේ බස්නාහිර සහ වයඹ පළාත් තමා. (ස)

:       0       0

ඔකිත Monday, 28 October 2013 11:30 AM

දකුණේ මෝඩයෝ අඩුයි. කටුනායක මෝඩයෝ වැඩියි. (ස)

:       0       0

මායා Monday, 28 October 2013 11:32 AM

ලංකාවේ මිනිසුන්ගේ ගොන්කමත් ඉහල ගොස් ඇති බව මෙයින් ඔප්පු වේ. (ස)

:       0       0

චමී Monday, 28 October 2013 11:38 AM

මේ ආදායම කොහේටද යන්නෙ. (ස)

:       0       0

අජිත් පරණමාන Monday, 28 October 2013 11:57 AM

ඔකීත, ඉතුරු පාරවල් ටිකත් හැදුවහම, ඔයා යනවා නෙමෙයි ඕන්. මොකෝ අධිවේගී මාර්ග වල යන්නෙ මෝඩයොනෙ. (ස)

:       0       0

දොන්සේතං Monday, 28 October 2013 12:13 PM

කැසිනෝ මොනවද මේවා දකිද්දී? (නි)

:       0       0

චන්දි Monday, 28 October 2013 12:18 PM

මේ රටේ නම් කිසිම අයකිරීමක් කෙරෙන්නේ නැහැ ..!! (නි)

:       0       0

රන්ජිත් Monday, 28 October 2013 12:30 PM

වැඩේ නම් හොදයි තමා. නමුත් අයකරන ගාණ තමයි ටිකක් වැඩි (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 28 October 2013 12:32 PM

ඔකිතගේ ගම කටුනායක. (නි)

:       0       0

දාස Monday, 28 October 2013 12:41 PM

එතකොට දවසකට ලක්ෂ 60 ගානේ (දල වශයෙන්) ණයට ගත් ඩොලර් මිලියන 292 ගෙවන්න අවුරුදු 17 හමාරක් යනවා. අවුරුදු 17 හමාරකට පස්සේ ඔය පාරේ නොමිලයේ යන්න ලැබෙනකොට පාරවල් කැඩිලා එහෙම තිබුණොත් බලාගමු එදාට. (නි)

:       0       0

රණා Monday, 28 October 2013 12:44 PM

අපිට නම් කිසිම ගැටළුවක් නැහැ (නි)

:       0       0

අමිල Monday, 28 October 2013 04:55 PM

දකුණේ තියෙන්නේ මැරකමයි කයිවරුවයි !!! බස්නාහිර තමයි රටේ ආර්ථිකයට මුලිකත්වය දෙන්නේ. නමුත් බස්නාහිර ජනතාවට තමයි හැමදාම ප්‍රශ්න දාන්නේ (ස)

:       0       0

සදුනි Monday, 28 October 2013 12:44 PM

ගණන් ගන්න එපා අජිත්.ඔකිතලා වගේ ළිං මැඩියෝ 21 වන සියවසේත් ඉන්නවා (නි).

:       0       0

අබා Monday, 28 October 2013 12:45 PM

මුල් දවස් වල ඔහොම තමා (නි)

:       0       0

සෙනරත් Monday, 28 October 2013 12:53 PM

කාලය සහ තෙල් ඉතුරු කරගන්න පුළුවන් වීම වාසියක්. රටේ තිබෙන ගුවන්තොටුපලට අධිවේගී මාර්ගයක් තිබීම රටට ආඩම්බරයක් සහ විශාල වාසියක්. මේ තරම් සෙනග ගිය එකෙන්ම පේනවා මෙය මොනතරම් වැඩදායකද කියලා. (නි)

:       0       0

අනුර Monday, 28 October 2013 05:12 PM

මායා, මෝඩ කතා එපා. එහෙම වුණොත් යන්න වෙන්නේ අහසේ (නි)

:       0       0

බිම්සර Monday, 28 October 2013 01:02 PM

ඔකිත, දකුණේ මෝඩයෝ අඩුයි, කුඩුකේඩුවෝ වැඩියි! අපරාධකාරයෝ වැඩියි! (නි)

:       0       0

ලලිත් Tuesday, 29 October 2013 11:40 PM

මෙය චීන අධාර යටතේ තමා හදලා තියෙන්නේ ගිය වියදම ඩොලර මිලියන 300 ක්, මේක ගෙවන්නේ කොහොමේද ? අවරුදු කියකින්ද ? කියන එක ප්‍රශ්නෙයක්. හදන්න ගිය කල් වකවානු නම් තිබුනා. අධිවේගී මාර්ග වලින් ජර්මන් වල විතරයි සල්ලි ගන්නේ නැත්තේ. (නදී)

:       0       0

සම්පත් ඩුබායි Monday, 28 October 2013 01:04 PM

කොයිදේටත් ඊ්ර්ෂ්‍යා කරන කට්ටියක් ඉන්නවා කියලා අදහස් දැක්කම පේනවා. (නි)

:       0       0

අප්පුව Monday, 28 October 2013 05:13 PM

අපේ අහවල් මහත්තයා යන්නෙත් ඔය පාරෙන් (නි)

:       0       0

ටිමූ Monday, 28 October 2013 01:05 PM

වටිනා කාලය ඉතිරි වීම ගැන අවංකවම සතුටක් ඇත (නි)

:       0       0

චමත් (ඉතාලිය) Tuesday, 29 October 2013 02:13 AM

මායා, එතකොට ඔයා ඉන්දියාවේද? ඔකිත, ඔහොම කියන ඔයත් දවසක ඔය පාරේ යයි.තමන්ගේ රටේ දියුණුවක් දකින්න බැරි කුහකයෝ තමයි ඔය වගේ අදහස් දාන්නේ (නි)

:       0       0

චමත් (ඉතාලිය) Tuesday, 29 October 2013 02:16 AM

චන්දි,ඔයා මොන රටේද ඉන්නේ? ඉතාලියේ නම් අය කරනවා (නි)

:       0       0

චමී Monday, 28 October 2013 01:17 PM

නියමයි. සුපර්. (ස)

:       0       0

එඩී Monday, 28 October 2013 01:29 PM

සල්ලි චීනයට නේද? (නි)

:       0       0

උදය Monday, 28 October 2013 05:46 PM

කොහොමත් ලංකාවේ තදබදය වැඩිම පාර කොළඹ-කටුනායක පාර (නි)

:       0       0

සුනිල් Monday, 28 October 2013 01:54 PM

මම හිතන්නේ මේ අදිවේගී මාර්ග අර අවුරුද්දකට ඩොලර් 2800ක් ආදායමක් ලැබෙන අයට තමයි හදලා තියෙන්නේ (නි)

:       0       0

පද්මිණි Monday, 28 October 2013 06:20 PM

ඔන්න කටුනායක- කුරුණෑගල තිබුනා නම් අපිටත් යන්න තිබුණා.ඒ දිනයත් ළගදීම උදාවේවි. (නි)

:       0       0

මනෝජ් Monday, 28 October 2013 02:02 PM

මිනිස්සුන්ට කාලය එතරම් වටිනවා කියන එක නේද ප්‍රවෘත්තියෙන් කියැවන්නේ?නුවර -කොළඹ අධිවේගී පාර හැදුනම මීට වඩා අාදායමක් තියෙයි (නි)

:       0       0

ජිලෝ Monday, 28 October 2013 02:12 PM

බස්නාහිරට රජ සැප. අනිකුත් පළාත් වලට අපා දුකද? (නි)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 29 October 2013 01:54 PM

චන්දී මේකනේ හේතුව, ඔයා ඉන්න රටේ ආණ්ඩුවට ඕන තරම් සල්ලි ඇති මහජනයාගේ අවශ්‍යතාවයන් සපුරන්න. ලංකාවට එහෙම සල්ලි නැහැනෙ. පිට රටවල් වලට, ඒ වගේම ලෝක බැංකුවට ණය වෙලා තමයි අපේ රටේ මෙවැනි දේවල් කරගන්න වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම රජයට සිදු වෙනවා වියදම් වූ මුදල පියවා ගැනීමට මුදල් අය කිරීමට. (ස)

:       0       0

සුජීවා Monday, 28 October 2013 02:21 PM

මාර්ග ඉදිකිරීම සතුටක්. ඉදි කරන්නට දායක වූ ශ්‍රී ලංකික ශ්‍රමිකයන් ගැනත් කතා කලා නම් සහ ඔවුන්ගෙන් සිදුවූ සේවාව අගය කලා නම් සතුටුයි නේද? (ස)

:       0       0

ජිලෝ Monday, 28 October 2013 02:51 PM

බස්නාහිරට රජ සැප, අනිකුත් පළාත් වලට අපා දුක. (ස)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Monday, 28 October 2013 02:56 PM

අධිවේග මාර්ග වල යන්නේ මෝඩයන්ද ? ඔය ලියන අයත් ඒවායේ ගියොත් කවදා හරි මෝඩයන් වෙනවා එහෙනම්. (ස)

:       0       0

කළණ Monday, 28 October 2013 03:13 PM

ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් පුපුරමින් ඉන්න සමහරක් ඉතින් ලැබෙන දෙයින් නිසි ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ට මෝඩයෝ කියලා අපහාස කරලා පහත් තෘප්තියක් ලබන්න හදනවා. අනුකම්පා කළ යුතුයි ඔවුන්ට. කාටත් හොරෙන් ඔවුනුත් මේවායේ යනවා. මෙතනට බස්නාහිර කතාවක් අදාල නැහැ. මේක හදල තියෙන්නේ ප්‍රධන වාණිජ නගරයයි ගුවන් තොටුපලයි අතර. ඕනෑම රටක ඒ විදියේ මාර්ග තිබෙනවා. (නි)

:       0       0

ඔකිත Monday, 28 October 2013 03:46 PM

ණයට මගුල් කෑවොත් පසුවට තමයි කරදර වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4452 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 4 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 34 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 44 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 70 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 124 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site