කඩුවෙල, කොට්ටාව, කහතුඩුව, ගැලනිගම, දොඩංගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, බද්දේගම, පින්නදුව, කොක්මාදුව, මාතර, ගොඩගම යන දක්‍ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් පොලිස් මුරපොළ මෙන්ම පෑලියගොඩ, ජාඇල, සීදුව , කටුනායක යන අධිවේගි මාර්ග පිවිසුම් වල 600 කට අධික පොලිස් නිලධාරීහු පිරිසකගේ රාජකාරි නිවාඩු කපා හැර ඇතැයි කියති.
2011 නොවැම්බර් 25 වැනි දින විවෘත කරන ලද අධිවේගී මාර්ග සේවා කටයුතු වල නිරත වූ පොලිසියට සේවා දින 09 කට එක් නිවාඩු දිනයක් බැගින් මාසයකට නිවාඩු දින 03 ක් ලැබුණ බවත් එම නිවාඩු වෙන් වෙන් වශයෙන් හෝ එකතු කර ලබා ගැනීමේ අවස්ථාව ඉකුත් අගෝස්තු 15 වන දින දක්වාම තමන්ට හිමිව තිබූ බවත් ඉන් පසුව කිසිම චක‍්‍ර ලේඛයක් නැතිව එහි වැඩ බලන අධ්‍යක්‍ෂක පොලිස් අධිකාරී වරයාගේ කට වචනය මත සිය නිවාඩු අහිමි කිරීමට පොලිස් මුරපොළ ස්ථානාධිපතිවරුන්ට සිදුව ඇති බවත් අධිවේගී මාර්ග පොලිස් සාමාජිකයෝ කියති.
අගෝස්තු 14 වැනි දින ගැලනිගම පොලිස් මුරපොළ වෙත අධිවේගී මාර්ග පිවිසුම් වල රාජකාරී කරන සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් පොලිස් පරික්‍ෂකවරුන් උපපොලිස් පරික්‍ෂකවරුන් ඇතුළු පරික්‍ෂක ශ්‍රේණියේ සියලුම නිලධාරීන් කැඳවා දක්‍ෂිණ අධිවේගී මාර්ග වැඩ බලන අධ්‍යක්‍ෂක සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඞී.ඒ.ධනංජය මහතා දැනුම් දී ඇත්තේ කි‍්‍රයාකාරී පොලිස් සේවාවේ යෙදෙන සියලුදෙනාගේම දින 09 කට වරක් ලැබෙන විවේක දින නිවාඩුව ලබා නොදෙන බවයි.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ බලන අධක්‍ෂක සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඩී.ඒ.ධනංජය මහතා පැවසූවේ අධිවේගී මාර්ග පොලීසියත් පොලිස් මූලස්ථානයේ එක් අංශයක් බවත් ඒ අයට හිමි විය යුතු යැයි කියන නිවාඩු ඔවුන්ට ලැබෙන බවයි. දින 09 කට වරක් එක නිවාඩුවක් බැගින් මාසයකට දින 03 ක නිවාඩුවක් ඔවුන්ට හිමිව නැහැ.
‘ඒවා පොලිස් චක‍්‍ර ලේඛවල සඳහන් වෙනවා. මට චක‍්‍ර ලේඛයේ අංකය මතක නැහැ. ඔය කියන අයට පොලිස් දෙපාර්තමේන්තුවේ නීති රීතී ගැන දැනගන්න කියන්න.‘
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර
ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත
මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්
කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ
පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අධිවේගේ පොලිසිය නිවාඩු නැතිව වැඩ
පුෂ්පා Sunday, 23 August 2015 10:39 AM
ලංකාව හරියට මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැති කරන ආයතන තියෙන රටක්. වෙනත් හොඳ රටකට ඇවිත් බලන්න මිනිස්සුන්ට සලකන ආකාරය. ලංකාවේ විවිධ ආයතන වල වැඩ කිරීම ගැන විවේචන තියෙන්න පුළුවන්. එ්ක වෙන ප්‍රශ්නයක්. නමුත් මිනිස්සුන්ගේ ජීවිතේ වැඩ නෙවෙයි. මිනිස්සුන්ට විවේකය අත්‍යවශ්‍යයි හොඳ මානසික තත්වයකින් වැඩ කරන්න. (බ)