IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


අධිවේගී පළමු අනතුරෙන් දෙන්නෙක් රෝහලේ

දකුණු අධිවේගී මාර්ගයේ ප‍්‍රථම අනතුර අද උදේ 7.10 ට කහතුඩුවේ කිලෝ මීටර 8 කණුව අසළදී සිදුවිය. කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් පෙරළී දෙදෙනෙක් තුවාල ලදහ. අධිවේගී මාර්ගයේ ගිනි නිවීම් හා ජීවිතාරක්‍ෂක ඒකකය ඔව්හු හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.  



අදහස් (0)

අධිවේගී පළමු අනතුරෙන් දෙන්නෙක් රෝහලේ

පාලිත Tuesday, 29 November 2011 12:27 PM

මහා වංශයෙ ලියැවෙයි

:       0       0

දීප්ති Tuesday, 29 November 2011 12:28 PM

තාම ආධුනිකයිනෙ පහුවෙනකොට හරි යයි

:       0       0

ඩී පී රණදේව Tuesday, 29 November 2011 12:11 PM

බැරි වැඩ නොකරන් අබරෝ... කියල කියන්නෙ ඔව්වටනෙ ආයිබොවන්ඩ...!

:       0       0

ඩී පී රණදේව Tuesday, 29 November 2011 12:31 PM

බැරි වැඩ නොකරන් අබරෝ... කියල කියන්නෙ ඔව්වටනෙ ආයිබොවන්ඩ...!

:       0       0

ගැලැක්සි Monday, 28 November 2011 09:58 AM

අධි වේගය සහ අධි පරිස්සම එකට ම යා යුතුය.

:       0       0

ශ්‍රියාලතා Monday, 28 November 2011 09:46 AM

‍මුල්ම ප්‍රතිචාරය හොදයි මහත්තයෝ මොකද අපට ඔවගේ ගිහිල්ලා පුරුද්දක් ඇ

:       0       0

අර්ජුන Monday, 28 November 2011 11:28 AM

ඔය වැඩ අල්ලල තියෙන්නේ....01. පරිස්සම 02. වේගය

:       0       0

purohitha.com Monday, 28 November 2011 11:38 AM

ලංකාව ගිනස් පොතේ නම දාගන්නද හදන්නේ?

:       0       0

නලීන් සම්පත් Tuesday, 29 November 2011 01:36 PM

මුදල් ගෙවූ පමනින් පාර ඔබ සතු නොවේ. අධිවේගය සුන්දරයි. ඒත් කලබලයි. අධිවස්දොස් ගියා...........දැන් ඔහොම යං. වේගය මරුවා කැදවයි.

:       0       0

මන්ජුල Monday, 28 November 2011 11:53 AM

ලංකාවේ මේ වගේ මාර්ග අරින්න ඉස්සර වෙලා හරි විදිහිහට රියදුරු පුහුණුව ලබා දෙන්න ඕනේ.

:       0       0

එච් ජී ඩබ් පද්මසිරි Monday, 28 November 2011 12:15 PM

කල්පනාවෙන් පාර පාවිච්චි කරන්න.කාලය,මුදල ඉතිරිකරන්න ගිහින් ජීවිත විනාශ කරගන්න එපා.......

:       0       0

Dam Monday, 28 November 2011 12:16 PM

ඔයින් ගියා ඇති

:       0       0

ගුණපාල වික්‍රමආරච්චි Monday, 28 November 2011 11:59 AM

දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග දැනුවත්ව අධිවේගී මග භාවිත කරන්න

:       0       0

k h d Monday, 28 November 2011 12:28 PM

ඒකත් වාර්තාවක්

:       0       0

ෆයිස් මොහොමඩ් Monday, 28 November 2011 12:43 PM

අඩු වේගය සැනසිල්ලයි

:       0       0

රංග - එන්සීසී Monday, 28 November 2011 12:36 PM

බොහොම කණගාටුයි., නමුත් මේක පාරෙ වරදක් වෙන්න බෑ. කරුණාකර රියදුරුමහතුන් මීට වඩා තමන්ගේ මොලේ පාවිච්චිකර පරිස්සමට වැඩ කළොත් මේ අනතුරු වළකා ගන්න පුළුවන්.

:       0       0

විජිත නවරත්න Monday, 28 November 2011 01:09 PM

මෙච්චර හොද පාරේ හොද වාහනයක නැගලා නොසැලකිල්ලෙන් රිය පදවලා කරගත්තු දෙයක්

:       0       0

ජේ.සී.පී.වික්‍රමරත්න Monday, 28 November 2011 01:51 PM

ඔයින් ගියා ඇති

:       0       0

මංජුල Monday, 28 November 2011 01:38 PM

ලංකාවේ මේ වගේ මාර්ග අරින්න ඉස්සර වෙලා හරි විදිහිහට රියදුරු පුහුණුව ලබා දෙන්න ඕනේ. අද ලංකාවේ නිවෙරෙදි රියදුරු පුහුණුව ලබාදෙන්නේ කව්ද? අඩුම ගානේ ලර්නස් වල ඉන්න අයවත් මේවා හරියට දන්නවද කියන ප්‍රශ්නයක් තියෙනවා. වෙන රට වල රියදුරු පුහුණු පාසල් නිකන් අරින්න බැහැ. ඒවාට මනා පුහුණුවක් තියෙන්න ඕනේ. එත් ලංකාවේ සල්ලි තියෙනවා නම් ඕන වෙලාවක ලර්නස් එකක් අරින්න පුළුවන්. මොනාද එකට තියෙන ප්‍රමිතිය. වගකිවයුතු ඇත්තෝ මේවා හොයල බලල මේවට පිලියම් යෙදුවොත් තමයි හොද

:       0       0

අරුණ රත්නායක Monday, 28 November 2011 01:59 PM

දැනගෙන ගියොත් කතරගම.... නොදැන ගියොත් අතරමග...

:       0       0

සිසිර Monday, 28 November 2011 02:33 PM

අධිවේගී මාර්ග හැදුවට මිනිස්සුන්ගේ ඹලු හැදුවෙ නැනෙ...

:       0       0

සුමින්ද Monday, 28 November 2011 02:38 PM

තමන්ට පාලනය කළ හැකි අයුරින් රිය පදවන්න

:       0       0

සම්පත් උපුල් කුමාර Monday, 28 November 2011 03:00 PM

වභිනකොට පරිස්සමට ගියානම් ඔභොම වෙන්නෙ නෑ. අනිත් අයත් පරිස්සමට ගියානම් තමයි භොදයි

:       0       0

රිස්වාන් Monday, 28 November 2011 03:00 PM

ඉස්සර හැමදාම බෝම්බ පිපිරෙන සිදුවීම් ප්‍රවෘත්ති වලින් අහන්න වුණා. දැන් "සදර්න් එක්ස්ප්‍රස්" එකේ වාහන අනතුරු ගැන අහන්න වෙයි වගේ????

:       0       0

ප්‍රදීප් Monday, 28 November 2011 03:07 PM

ඔය පටන් ගත්ත විතරයි....

:       0       0

මධූ Monday, 28 November 2011 02:51 PM

නොදන්න පාරක මුලින්ම යද්දි කල්පනාවෙන් යන්න ඕනෑ. හේතුව කාපට් නිසා ඔයිල් එක වැඩියි. වැස්සට හරිම භයානකයි. අපේ මිනිසුන්ට ඉවසීම අඩු නිසා ඉගිලෙන්න හදනවා

:       0       0

මංචනායක DOHA QATAR. Monday, 28 November 2011 03:13 PM

අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන වල තත්ත්වය ඉතාම හොද මට්ටමක තිබිය යුතුයි. තිරිංග, ටයර් ආදිය විශේෂයි

:       0       0

ධම්මික හෙට්ටිආරච්චි Monday, 28 November 2011 02:55 PM

රියදුරන්ගේ වැරදි වලට හැබැයි කාටවත් බනින්න හදන්න එපා

:       0       0

මංගල Monday, 28 November 2011 02:56 PM

ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ... නියම වේගෙන් ගියා නම් කරදර නෑනේ යාලු...

:       0       0

ජී.එච්. සිරිනිමල් [dubia] Monday, 28 November 2011 03:20 PM

මේක අධිවේගී මාර්ගයක් බව මතක තබාගෙන ධාවනය කරන්න

:       0       0

ජී.එච්. සිරිනිමල් [dubia] Monday, 28 November 2011 03:22 PM

තවම පුරුදු නෑනේ පාර ඕපන් කලේ ඊයෙනේ

:       0       0

අශෝක Monday, 28 November 2011 03:13 PM

ඉතිහාසේ පොතට එකතු වෙන්න හිතලම නේද පෙරල ගත්තේ?

:       0       0

සද Monday, 28 November 2011 03:42 PM

ප්‍රශ්නයක් නේද?

:       0       0

STEPHEN Monday, 28 November 2011 03:46 PM

අපේ රටට මෙම අදිවේගී මාර්ගය අලුත් දෙයකි.වෙනත් රටවලට මෙය අලුත් දෙයක් නොවේ,යුරොපයේ නම් අදිවේගී මාර්ගය භාවිතය ගෑන පුහුණුවක් රියදුරු බලපත්‍රය ගෑනිමේදි ලබාදෙනු ලබනවා. මගේ අදහස නම් මුලින්ම වේගය තව සීමා කර මෙම මාර්ගය භාවිතය ගැන හොද පුහුනුවකින් පසු මෙම මර්ගය භාවිතයට ඉඩ දිම සුදුසුය කීයාය.අදිවේගී මාර්ගය භාවිතයේ දි අනුගමනය කල යුතු ගොඩාක් දේ තිබේ, ඒ අතර වැදගත් දෙයක් වන්නේ තීරු භාවිතයට පුහුනුවක් සහ තීරු මාරූ කිරිමෙ දි අනුගමනය කලයුතු නිති රිති වලින් රියදුරන්ව දනුවත් කිරිම මගින් ජීවිත රැසක් බේරා ගත හැකිවේ.

:       0       0

ඉන්ද්‍රානි Monday, 28 November 2011 04:12 PM

ඔහොම ගියොත් ලංකාවට දියුණු වෙන්න බැරිවෙයි

:       0       0

NAME Monday, 28 November 2011 04:29 PM

ඔහොම යන් ඔහොම යන්

:       0       0

තිලංක Monday, 28 November 2011 04:30 PM

කට්ටිය රූපවාහිනියට මූන දාගන්න ගිය වැඩේ හරි ගිහිල්ලා නෑ වගේ

:       0       0

රොෂාන් Monday, 28 November 2011 04:40 PM

දැන්මම ඔහොම නම් ඉස්සරහට කොහොම වෙයිද නේද?

:       0       0

රොෂාන් Monday, 28 November 2011 04:20 PM

දැන්ම ඔහොම නම් ඉස්සරහට කොහොම වෙයිද නේද?

:       0       0

රොෂාන් Monday, 28 November 2011 04:40 PM

දැන්ම ඔහොම නම් ඉස්සරහට කොහොම වෙයිද නේද?

:       0       0

නාමල් Monday, 28 November 2011 05:39 PM

අපිට තවම මැජික්. තව ටික කාලයකින් හරි යයි

:       0       0

මුදිත් ගගන Monday, 28 November 2011 05:45 PM

වැටි වැටි තමයි හැම මිනිහෙක්ම නැගිටින්නේ..... ඒකයි මේ ලෝකෙ හැටි

:       0       0

සමීර Monday, 28 November 2011 06:10 PM

ජනපතිතුමනි, ඉතාමත් ඉක්‌මනින් පමණ ඉක්‌මවා ධාවනය කරන රියදුරන්ව අල්ලා ගනිමට වේග කැමරා සවිකරන්න. මෙමගින් රටට අදායමක්‌ වගේම සිදුවන අනතුරු සංඛයාව අඩුකර ගනිමට හැකිවේ.

:       0       0

රංග-ncc Monday, 28 November 2011 06:45 PM

මෙවැනි අනතුරකදී මාර්ගයට වෙන අලාභහානිය රියැදුරන්ගෙන්ම අයකරගත යුතුයි

:       0       0

ප්‍රභාත් Monday, 28 November 2011 06:53 PM

යන තැනකට පරෙස්සමින් ගියානම් ඉවරයිනේ

:       0       0

චන්ද්‍රකාන්ත Monday, 28 November 2011 07:17 PM

ලොකු දෙයක් වෙන්න කලින් පොඩි දෙයක් කරලා පෙන්නුවා

:       0       0

යමුනා වික්‍රමආරච්චි Monday, 28 November 2011 07:27 PM

ගිනස් වාර්තාවක් තියන්න ඒකත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි නේද?

:       0       0

ඉෂාන් අමල්ක Monday, 28 November 2011 07:55 PM

අපේ මිනිස්සු 120 ට යන්න ඕන එකේ 220 ට යන්න හදනවා

:       0       0

මාලි Monday, 28 November 2011 08:58 PM

පාර හොද නිසාම පාගලා යන්නෙ නැතිව තමන්ගෙ ජීවිත ගැනත් ටිකක් හිතලා රිය පැදෙව්වොත් හොදයි නේද?

:       0       0

රංග dubai Monday, 28 November 2011 09:01 PM

මොනවා වුණත් දැන් ඒ අය ලංකාවෙ වාර්තා පොතට ගියානේ

:       0       0

නිෂාද් Monday, 28 November 2011 09:07 PM

ඩ්‍රයිවින් කරන රියැදුරෝ දැනගන්න ඕනෑ කොහොමද රිය පදවන්නේ කියලා.

:       0       0

සුනේත්‍රා Saturday, 03 December 2011 01:17 PM

ඒකත් ඉතිහාස වාර්ථාවක්

:       0       0

නුවන් චින්තක Monday, 28 November 2011 09:47 PM

අපරාදේ මම මේ වාර්තාව තියන්න හිටියේ මේක මට ඉස්සර උනානේ..

:       0       0

මදුරංග Tuesday, 29 November 2011 12:22 AM

මම හිතුවෙ මේක විවෘත කරපු දවසෙම වෙයි කියලා

:       0       0

කවිදු Tuesday, 29 November 2011 12:39 AM

01. ධාවනයට පෙර වාහනය හොදින් පරීක්ෂා කිරීම 02. සීට් බෙල්ට් පැලදීම 03. වේගය ගැන අවධානයෙන් සිටීම 04. රියදුරු ජංගම දුරකතන භාවිත නොකිරීම 05. රිය පදවන ගමන් වෙනත් කටයුතු වළට සිත යොමු නොකිරීම 06. වැසි සහිත කාලගුණයක අවධානයෙන් ගමන් කිරීම යක කරුණු තුලින් මාර්ගයේ අනතුරු වලින් තොරව ආරක්ෂිතව ගමන් කළ හැකිය

:       0       0

ජේරාජ් මෙන්ඩිස් Tuesday, 29 November 2011 01:50 AM

මේවා ලංකාවට තවම හුරු මදි

:       0       0

අනිල් වික්‍රමගේ Tuesday, 29 November 2011 02:28 AM

පරිස්සමින් යන්න

:       0       0

සුජාතා Tuesday, 29 November 2011 02:57 AM

ඇත්තම කමා. පාර කැඩුනනම් රියදුරාගෙන්ම අය කළ යුතුයි

:       0       0

සමිපත් Tuesday, 29 November 2011 04:40 AM

වස්දොස් ගියා...........දැන් ඔහොම යං

:       0       0

රන්දෙනිය Thursday, 01 December 2011 08:24 PM

යන එන සැමට බුදු සරණයි...

:       0       0

අරුණ Tuesday, 29 November 2011 08:41 AM

ආශ්චර්ය.....

:       0       0

චින්තන Tuesday, 29 November 2011 09:40 AM

මේ පාරේ ආපදා තීරුවක් නෑ නේ??

:       0       0

චින්තන Tuesday, 29 November 2011 09:21 AM

මේකෙන් පාරට වෙච්ච හානිය අලුත්වැඩියා කරයිද දන්නෙ නෑ නේද? එහෙම නොකොළෝ ඔතන තවත් අනතුරු වෙයි

:       0       0

ඉනෝකා චාමලී Tuesday, 29 November 2011 09:32 AM

මුදල් ගෙවූ පමනින් පාර ඔබ සතු නොවේ. අධිවේගය සුන්දරයි. ඒත් කලබලයි. අධික වේගය මරුවා කැදවයි.

:       0       0

නිර්මලී Tuesday, 29 November 2011 10:18 AM

තාම අත්දැකීම් අඩුයිනේ...තව ඉදිරියට බලමුකෝ

:       0       0

නිර්මලී Tuesday, 29 November 2011 09:59 AM

තාම අත්දැකීම් අඩුයිනේ...තව ඉදිරියට බලමුකෝ

:       0       0

carmel Tuesday, 29 November 2011 11:35 AM

සාමාන්‍ය පාරවල් වලත් රොකට් වගේ යන එක, ඕකත් අහනන දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 846 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 865 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 368 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 904 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 254 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1832 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 72 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site