(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ගවලට අනුයුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 175 දෙනා ඒ ස්ථානවලින් ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බලකාය අධිවේගී මාර්ගවල කරන ලොකු දෙයක් නැති බවද ඔහු සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ කරන එකම දේ අනතුරක් වුණොත් ගින්නක් ඇතිවුණොත් කටයුතු කිරීම පමණක් බවත් පසුගිය වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත්තේ සිද්ධි එකසිය හැට හතරකට පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.
ඕනෑම රටක ගිනි නිවීම සහ ගලවා ගැනීම කරන්නේ ගිනි නිවන හමුදාව බව පැවසූ අලස් මහතා මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය හැදුවේ එවැනි දේවල් කිරීමට නොවන බවත් අමාත්‍යවරයා කීවේය.
ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය
අධිවේගී මාර්ගවල ඉන්න පොලිස් විශේෂ කාර්ය බළකා පිරිසට අවුරුද්දකට කෝටි විසිහයක් වියදම් කරනවා. ඒ අය අනතුරක් වුණොත් එතනට යනවා නැත්නම් නිකං ඉන්නවා. කුඩු මාෆියාව නැති කරන්න අපිට විශේෂ කාර්ය බාලකාය අවශ්‍යයි. එම බලකායට 2000 ක් අඩුයි. අධිවේගී මාර්ගවලට පොලිස් විශේෂ කාර්ය බළකාය ගත්තේ කෙටි කාලයකට. ගිනි නිවන හමුදාවට ඒ කටයුතු කරන්න පුළුවන්. අපි දිනයක් දෙනවා. ඒ කාලය ඇතුළත එස්.ටී.එෆ් එක ගන්න ඕන. පොලිසිය එතන ඉන්නවා. පොලිසිය අයින් කරන්නේ නැහැ
පොලිසියේ පුරප්පාඩු 21,022 ක් තියෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදාහක් තියෙනවා. ඒ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධිවේගී මාර්ගවල එස්.ටීඑෆ් ළඟදීම ඉවතට
Perera Thursday, 14 December 2023 06:35 AM
හරියට ඇමති ලොකු දෙයක් කරනවා වගේ
Bamunuarachchi Friday, 15 December 2023 06:14 AM
පරිස්සමින්! එදාම කුඩු තොගයක් ප්‍රවාහනය උනොත් ඔබතුමාට චෝදනාවක් එනවා කුඩු ප්‍රවාහනයට ඉඩ දුන්න කියලා. කොහොමත් සතුටු වෙනවා තව රන්ජන් විජේරත්න බිහි වීම ගැන.