(රන්ජන් කටුගම්පොළ)
නොබෝදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවරු 9.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) රහස් පොලිසි පොලිසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
ප්‍රශ්න තුනක් කලින් පිට වූ බව කියන ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් සහ මව්පියන් පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම සිද්ධිය පිළිබඳව මේ දක්වා සිදු කර තිබෙන පරීක්ෂණ පිළිබඳව සවිස්තර වාර්තාවක් රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි කවරයක බහා අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට නියෝග
ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගන්නට කොහේවත් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනු
පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද(18) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගි
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහරගම අපේක්ෂා රෝහලට අද ඖෂධ පරිත්‍යාගයක් කළාය.
බලපත්‍රයක් නොමැතිව සහල් ආනයනය කිරීමට ආණ්ඩුව අවසර දීමෙන් පසුව පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 16,000 ක් කොළඹ වරාය වෙත ළඟාවී ඇති බව රේගු මා
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
අධිකරණය පිටවූ පහේ පේපරේ ගැන වාර්තාවක් ඉල්ලයි