IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අධි ආරක්ෂක කලාප ඉඩම් ටිකක් නිදහස්

උතුරේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක් පමණ නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමට රජය තීරණය කර ඇති බව බීබීසී ගුවන්විදුලිය වාර්තා කරයි.

 කොළඹ ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය අවට අධි ආරක්‍ෂිත කලාපයේ ඇති ගොඩනැගිලි ද ජනතාවට නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.

උතුරු ප්‍රදේශයෙන් නිදහස් කරන අක්කර දහසක ඉඩම්වලින් අක්කර 220 ක යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1,022ක ජනතාව නැවත පදිංචි කරමින් ආදර්ශ ගම්මානයක් පිහිටුවීමට ද රජය තීරණය කළ ඇමැති කිරිඇල්ල පවසයි.

එම ඉඩම් නිදහස් කොට ජනතාවට පවරනු ලැබීමෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව ද ඇමැති පවසයි.



අදහස් (0)

අධි ආරක්ෂක කලාප ඉඩම් ටිකක් නිදහස්

සරත් ප්‍රේමරත්න Friday, 13 February 2015 08:41 PM

යුද්දයෙන් ජිවිත පරිත්‍යාගයෙන් දින ගත දේශය ගිවිසුමකින් පරිත්‍යාග කිරීමේ පියවරවල් අරබිල ,ඕව ඡන්දෙට කලින් කිව්වා,ඊළගට ඉඩම් හා පොලිස් බලතල,ඊට පස්සේ හමුදා කදවුරු ඉවතට, තව අපේම උන් කැමතිදේවල්නේ ඕව .(ස)

:       0       0

සමීර Friday, 13 February 2015 06:00 AM

දැන් ඕනේ කෙනෙක්ට යන්න පුළුවන් ඇති.(හේ)

:       0       0

ෂේල්ටන් Friday, 13 February 2015 06:00 AM

දින 100 ට ඕව තිබුනේ නැහැ නේද? (හේ)

:       0       0

ෂෙල්ටන් Friday, 13 February 2015 06:00 AM

දින 100 ඕවා තිබුනේ නැහැ නේද ? අපරාදේ තිස්ස නිදහස් කළේ. (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Friday, 13 February 2015 06:03 AM

ඔව් ඉතින් යුද්දේ ඉවර කලා නම් ඇයි බය ඔච්චර නේද. යුද්දේ ඉවර නම් පාරවල් වහගෙන දැඩි ආරක්ෂාව දාගන ඉන්නේ ඇයි. වැඩේ හොඳයි (නදී)

:       0       0

දුමින්ද Friday, 13 February 2015 06:11 AM

එල්.එල්.ආර්.සී වාර්තාවේ නිර්දේශයක් පමාවී හෝ ක්‍රියාත්මක කිරීම වටිනවා. (නදී)

:       0       0

රාම් රාජ් Friday, 13 February 2015 06:23 AM

ගොඩක් අයට රටේ වටිනාකම තේරෙන්න කල් යනවා. (නදී)

:       0       0

සුජීව Friday, 13 February 2015 06:26 AM

ගෙට වෙච්ච කෙල්ල වගේ උතුර හැමදාම ලෝකෙන් හංගන් ඉන්න නිසා තමා මේ හැම මගුලක්ම. අපි වැරදි කරල නැති නිසා මගේ නම් අදහස ඕන එකෙක්ට ඇවිත් ඇත්ත බලාගන්න දෙන එකයි. පදිංචි කරන ඒව සංවර්දනය කරන ඒවා එතකොට හරියටම දකීවිනේ. බොරුවට අහිංසක දමිල ජනතාවගේ පහනින් ආපහු ඊලමට යන්න හදන්නේ උන් මිසක් දෙමළ මිනිස්සු නෙවෙයි. (නදී)

:       0       0

අබේරත්න Saturday, 14 February 2015 01:17 AM

මාගලීට බයෙන් සිටි කාලය අමතකවෙලා වගේ. ඒකනේ ප්‍රභාකරන් කිවුවේ සිංහලයාට මතක තියෙන්නේ සති 2යි කියලා.අනේ මාගලීගේ ටිකිරි මොළේ? (නි)

:       0       0

යූසුෆ් Friday, 13 February 2015 06:43 AM

මගේ නම් අදහස සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි, දෙමල, කියන හැම ජාතියක්ම ජාති බේදයකින් තොරව එකට පදිංචි කරවීම වඩාත් සුදුසුයි කියලයි. ඒක ජාතික සමගියට වඩාත් යෝගයයි. (ර)

:       0       0

සරසි Friday, 13 February 2015 06:46 AM

ඇත්තටම ලොකු දෙයක්. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 February 2015 07:04 AM

බොහොම හොඳ නිවැරදි තීන්දුවක් ! එය මිනිස්සුත් මේ රටේ ඉපදිලා මැරිලා යන මිනිස්සු, හැම ජාතියකටම එක වගේ අයිතීන් ලැබිය යුතුයි (දිල්)

:       0       0

ඇසළ Friday, 13 February 2015 07:07 AM

මොනවා කරත් ප්‍රථම සිතා ගත යුතුයි සිංහලයට තියෙන්නේ මේ කුඩා දිවයින විතරයි.කියලා (දිල්)

:       0       0

චමත් Friday, 13 February 2015 07:15 AM

මම නම් හිතන්නේ අධි ආරක්‍ෂිත කලාප අයින් කලාට කමක් නැහැ ආයෙත් යුද්ධයක් ආවොත් ඒ ගැන බලා ගන්න පුළුවන් .(හේ)

:       0       0

තබිත Friday, 13 February 2015 08:26 AM

ක්‍රිස්තියානි කියන්නේ ජාතියක් නොවේ ආගමක්, පමනයි (නදී)

:       0       0

විජයබාහු Friday, 13 February 2015 08:50 AM

චමත් ඔයා යුද්දෙට යනවනේ එහෙම උනොත් නේද. ඔය ගිවිසුම දින 100 නැහැ. හැබැයි අහවල් අයගේ වෙබ් අඩවියේ නම් තිබුනා. දැන් බලන්න පුළුවන් එ්කේ ගිහින් බලාගන්න පුළුවන් හැමෝටම (නදී)

:       0       0

ශ්‍යාමිණි Friday, 13 February 2015 09:16 AM

අපේ නායකයින් සින්ගප්පුරුවෙන් ආදර්ශ ගන්න ඕන. මෙහි කිසිම ජාතියකට තමන්ගේ හිතු මනාපයට වැඩ කරන්න බෑ. රට සම්බන්ධ සියලුම තීන්දු , තීරණ ඉතා නිවැරදිව ගන්නේ ආණ්ඩුව. රටේ ජීවත්වන සියලු දෙනා , (විදේශිකයින් ඇතුළුව) ඒ නීති රීති වලට අනුව ජීවත් වෙනවා. කවුරුවත් ආණ්ඩුවට ඉහලින් යන්නේ නෑ. නීතිය කාටත් එක වගේ. (හේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 14 February 2015 03:22 AM

මෙහි අදහස් දක්වන බොහොම දෙනෙක් උතුරු පළාතේ සංහිඳියාව වෙනුවෙන් රජය කරන හැම ක්‍රියාවක්ම විවේචනය කරනවා මිසක්, සුදුසු යෝජනාවක් කරන්නේ නැහැනේ. ඔයතරම් දේශපාලන දැක්මත් තියෙනවා නම් කරුණාකරලා ඔය කාරණයට සුදුසු යෝජනාවක් කරන්නකෝ (නදී)

:       0       0

නාලිකා Friday, 13 February 2015 10:10 AM

බලමු බලමු. හැංගි හැංගි මුහුණු බැන්ඳත් නටන්නේ එළිපිටනේ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 February 2015 10:18 AM

තමන්ට, තමා උපන් ප්‍රදේශයේ ලංකාවේ අනෙක් අය ජීවත්වනවා හා සමානව නිදහසේ ඔවුන්ටත් ජීවත්වීමට තිබෙන අයිතිය අපි කවුරුත් ගරු කළයුතුයි. (නි)

:       0       0

රණවක Saturday, 14 February 2015 03:41 AM

නිදහස් වු රට විනාශ වෙයිද ? (නදී)

:       0       0

නාමල් Friday, 13 February 2015 10:34 AM

ඕක තමයි අහවලා කලින්ම කිව්වේ (නි)

:       0       0

පහන් Friday, 13 February 2015 10:50 AM

මොක පිස්සුද සිංගප්පූරුව කියන්නේ තනිකර ඒකාධිපති රටක්. චීන ජාතිකයන් කීප දෙනෙක් අත බලය සහ මුදල් තියෙන්නේ .මැලේ සහ දෙමල ජාතිකයන් මොන තරම් පිඩනයකින්ද ඉන්නේ ලික්වන්යුගේ මරණයෙන් පස්සේ තත්වය ගොඩක් වෙනස් වේවි .එත් චීන ජාතිකයන්ට පමණක් පුරවැසි කම දීම මැලේ සහ ද්‍රවිඩ ජාතිකයන්ගේ කෝපයට හේතුවී ඇතිබව ඔබ දන්නවද? (ස)

:       0       0

සොපියා Friday, 13 February 2015 10:56 AM

සාම මාවතේ පරිස්සමින් අඩිය තැබිය යුතුයි .ලිස්සන සුළු නිසා ...(ස)

:       0       0

හේමා පෙරේරා Friday, 13 February 2015 12:23 PM

යුසුෆ් ඔබේ අදහස හොඳයි .එ්ත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ .උතුර නැගෙනහිර සිංහලයා පදිංචි කරන්න එපා කියන්නේ කව්ද? (අ)

:       0       0

දිල්ශාන් Friday, 13 February 2015 01:07 PM

ජාතික ආරක්ෂාව අමතක කරන මෙවැනි ආණ්ඩු ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. (අ)

:       0       0

සංජය Friday, 13 February 2015 01:20 PM

ඉඩම් බළතලත් දෙන්න .. එට පස්සේ පොලිස් බලතල දෙන්න . සාම කාමී නිදහස් ලංකාවක් බිහි වේවි නුදුරු අනාගතයකම (අ)

:       0       0

දුෂ්මන්ත Friday, 13 February 2015 02:23 PM

අපිට නොකියපු ටීඑන්ඒගිවිසුම වෙන්න බැරි නැ මේක? (අ)

:       0       0

අසංක Friday, 13 February 2015 03:18 PM

මේ දේ හොඳයි. අපි හැමෝටම සහයෝගයෙන් ඉන්න පුළුවන්. අපේ ජාතික ආරක්ෂාව ගැන රජය වගබලා ගතයුතුයි. මම හිතනවා මේක හොඳ දෙයක් වෙයි රටේ ඒකීයභාවයට (නි)

:       0       0

ලෝචන Friday, 13 February 2015 04:52 PM

දැන් ගොඩාක් අය හිතන්නේ කොටි කොහෙවත් නැහැ කියලා. පිටරටවල ඉන්න අපිට නම් පේනවා කොටින් දැන් වෙනදාටත් වඩා උනන්දුවෙන් තමන්ගේ වැඩ ටික නිශ්ශබ්දවම කරගෙන යන හැටි.ඔවුන්ගේ හීනය ඊළමමයි කියලා අපිට නම් හොඳට වැටහෙනවා. (නි)

:       0       0

සහන් Friday, 13 February 2015 05:55 PM

ඉතාම හොද ක්‍රියාවක්. ඉඩම් වල අයිතිය අනිවාර්යයෙන් අයිතිකරුවන්ට දිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 112 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 88 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 753 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 21 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 75 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 850 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site