IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


අනංග කතාවට මැතිසබේ ගිනි ගනී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිසබයේ  ඇතැම් කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් කතා බහක් මතුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ  උණුසුම් තත්වයක් ඇතිවිය.

මේ උණුසුම් තත්ත්වය ඇතිවූයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය  වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා  ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.

පාර්ලිමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට ඇතැම් නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවෙනවා කියලා  මාධ්‍යවල ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා.  මේ ගැන පැමිණිල්ලක් ඕන නම් මුජිබර්  රහුමන් මන්ත්‍රීතුමා කරපු පැමිණිල්ල ප්‍රමාණවත්. මේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපය ගැන ප්‍රශ්නයක් මතුවෙනවා.

මේ සිද්ධිය නිසා තොරතුරු පද්ධති සහ කළමනාකරණ  අංශයට මීට පස්සේ කිසිම කාන්තාවක් එන එකක් නෑ. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ලේකම් මණ්ඩලය පැහැදිලි විමර්ශනයක් කරලා මේ ගැන රටට යමක් කියන්න ඕන. එහෙම නොවෙයි නම් කතානායකතුමා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන. මේකේ ඇත්ත සිද්ධිය හොයන්න ඕන.

මුජිබර් රහුමාන් මහතා

පාර්ලිමේන්තුවේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් මන්ත්‍රීවරුන් විදිහට අපිට ඒක බලපානවා. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නය මතු කළේ. ජනමාධ්‍ය මේ සිද්ධිය අනාවරණය කරලා තිබුණා. මෙතන අකටයුත්තක් සිද්ධ වෙනවා නම් දෝෂාරෝපණය එන්නේ මන්ත්‍රීවරුන්ට. දැන් එහෙම තමයි සමාජ මතය හැදිලා තියෙන්නේ.
මෙතන කාන්තාවන්ට සිදු වෙන හිරිහැර ගැන මීට පෙරත් පුවත්පත් වාර්තා පළ වුණා. මෙහෙම දේවල් වෙනවා කියලා. සමහර අවස්ථාවලදී ප්‍රධාන ලේකම්තුමිය  අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. සමහරුන් වැඩ තහනමට පවා ලක් කළා. මේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි කලින් පාර්ලිමේන්තුවෙත් මේ වගේ සිද්ධ වුණා. මාධ්‍ය ඒවා වාර්තා කළා. මට ලැබිච්ච තොරතුරු තමයි මම වාර්තා කළේ. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරලා ඇත්ත හොයාගන්න. හොයාගෙන කටයුතු කරන්න.

නලින්ද ජයතිස්ස මහතා;

මම කියන්නේ ඒක තමයි. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා තමයි මම කියන්නේ.මේක කොයි කාලෙ සිද්ධ වෙච්ච වැඩක්ද

රහුමන් මහතා;

මේක අලුත් දෙයක් නොවෙයි.  පහුගිය පාර්ලිමේන්තුවෙත් මේ වගේ දේවල් සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් හොයලා බලලා තීන්දුවක් ගන්න.

කතානායක;

අපි ඊයේම මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. ඒ කාන්තාවන් කැඳවා විමර්ශන කරන්න කියලා මම දැනුම් දීලා තියෙනවා.

මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය;


මන්ත්‍රීවරියන්ගේ කාන්තා  සංසදයට නම් තවම මේ ගැන පැමිණිල්ලක් ලැබිලා නැහැ. මන්ත්‍රීවරුන්ට යම් මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙසේ ප්‍රකාශ නිකුත් කිරීමේදී සමාජයට වන හානිය ගැනත් අවධානය යොමු කරමින් ඒවා ඉදිරිපත් කළොත් හොඳයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඊයේ ඒ කතාව කිව්වේ වාචාල කමට නොවේ. එතුමා බොහොම වගකීමෙන් රටේ ප්‍රශ්න ගැන අහන මන්ත්‍රීවරයෙක්.

 



අදහස් (5)

අනංග කතාවට මැතිසබේ ගිනි ගනී

Fawaaz Wednesday, 08 January 2025 03:24 PM

ඇත්ත කියනකොට ඔක්කෝටම රිදෙනවා. රහ්මන් කිව්වේ ඇත්ත...!

:       20       18

සුනෙත්Wednesday, 08 January 2025 09:43 PM

ඔබතුමා කොහොමද කියන්නේ එයා කියන්නේ ඇත්තමයි කියලා? මෙතන වෙනත් කතාවක් තියෙන්නත් පුලුවන්

:       0       1

හසක Wednesday, 08 January 2025 04:08 PM

වැරැද්දක් වෙලා නම් කාවවත් ආරක්ෂා වෙන්නෑ. ඒක ගැන සෑහෙන විශ්වාසයක් තියාගන්න පුළුවන්.. NPP ආණ්ඩුව ගැන. වැරැදි වහන්නෙත් නැතිවෙයි, කලින් අය වගේ. එහෙම වැහුවොත් මුලින්ම දෝෂාරෝපණය එන්නේ මාලිමා ආණ්ඩුව ජයග්‍රහණය කරවපු බහුතර ජනතාවගෙන්...

:       3       22

Edirisingha Thursday, 09 January 2025 06:44 AM

ඔබේ අදහස පිළිගන්න බැහැ සමන්මලීගේ ප්‍රකාශය නිසා එය පිළිගන්නම බැහැ පැමිණිල්ලක් කල කෙනෙක් ඒක දකින දකින හමුවන හමුවන හැම කෙනෙකුටම කියන්නෙ නැහැනේ සාමාන්‍යයෙන් තොරතුරු ලැබෙන ක්‍රම රාශියක් තියෙනවා කෙනෙකුගේ ප්‍රකාශයක් අනුව වුනත් වගකිවයුතු කෙනෙකුට සොයාබලන්න ඒක හොදටම ප්‍රමාණවත් වෙනවා කොහොම වුනත් ඇමති නලින්දගේ අදහස නම් සාර්තකයි කියන්න පුලුවන් .එතුමා එහිදී කියනවා මෙහෙම ගියොත් අනාගතයේ කිසිවෙක් සේවයට නොඒවි කියලා අන්න ඒක තමයි වැදගත්ම ප්‍රකාශය වෙන්නෙ මොකද එහෙම වුනානම් දැනට පාර්ලිමේන්තුවේ සිටින පිරිස්වලට පාර්ලිමේන්තුව උන්ගෙ දරු මුනුබුරන්ට පමණක් රැකියා සපයන තැනක් කරගත්ත පුලුවන් වෙනවා සේවිකාවන්ට හිරිහැර වෙනවා නම් එය යටි අරමුණ කරගෙන තමයි හිංසා කරනවා ඇත්තේ

:       0       0

Ven.D.Revatha Thero Thursday, 09 January 2025 08:29 AM

කාන්තාවොත් ශිලාචාරව ඉන්න දැන ගන්න අවශ්‍යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සහල් ආනයනයන කාලය හෙටින් අවසන්
2025 ජනවාරි මස 09 75 0

සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.


මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත
2025 ජනවාරි මස 09 137 0

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී


පළාත් කිපයකට වැසි වාර කිපයක්
2025 ජනවාරි මස 09 32 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා
2025 ජනවාරි මස 09 482 0

සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජ


අපූරු උපන්දින සාදය
2025 ජනවාරි මස 09 854 2

අද සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් තම උපන්දිනය සමරන්නේ විශේෂයෙන් තෝරාගත් ස්ථානවලය. ඊට හාත්පසින්ම වෙනස් ස්ථානයක සිට සිය සහෝදර නිලධාරීන් සමග උපන්ද


දුරකතන පාර්සලයක් ගාල්ල බන්ධනාගාරයට උඩින් වැටෙයි
2025 ජනවාරි මස 09 146 0

ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 27 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 489 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 251 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site