IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අනාගතය ශක්තිමත් කරන්න එක්ව වැඩ කරමු

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය රාමසාන් දින පණිවිඩයෙන් පවසයි.

රාමසාන් උත්සවය  අපට සිහිපත් කර දෙන්නේ සහජීවනය, ඉවසීම, යුක්තිය සහ සාමය අරමුණු කොටගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය බවද අග්‍රාමාත්‍යවරිය කියයි.

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අපගේ ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරියන් පූජනීය රාමසාන් උත්සවය සමරන මේ මොහොතේ, සාමය, සමෘද්ධිය සහ අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

රාමසාන් යනු ගැඹුරු පසුවිපරම, යාච්ඤාව සහ ස්වයං විනය පිළිබඳ කාලයක් මෙන්ම එය අපට අනුකම්පාව, ත්‍යාගශීලීභාවය සහ එකමුතුකම යන වටිනාකම්ද උගන්වන කාල පරිච්ඡේදයකි. මෙම ශුද්ධ මාසයේ  අපගේ මුස්ලිම් සහෝදරත්වය අනුගමනය කරනු ලබන උපවාසය භක්තියේ ක්‍රියාවක් පමණක් නොව, අව වරප්‍රසාදිත අපේම සහෝදර ප්‍රජාව මුහුණ දෙන අරගලයන් පිළිබඳ සිහිපත් කිරීමකි. එය පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමඟ අපගේ බැඳීම් ශක්තිමත් කරන අතරම ඉවසීම, නිහතමානිකම සහ කෘතඥතාව වර්ධනය කිරීමටද හේතුවන කාලයකි.

එහි හරය තුළ, කරුණාව දැක්වීම, සමාව දීම සහ පුණ්‍ය කටයුතුවල යෙදීම වැනි මානව හිතවාදී ක්‍රියාවන් අන්තර්ගතය. මෙම කාලය තුළ පිළිපදින සකාත් සහ සදකා පිළිවෙත, අවශ්‍යතා ඇති අය සමඟ බෙදා හදා ගැනීමේ වැදගත්කම පිළිබිඹු කරන අතර සැබෑ සමෘද්ධිය යනු අනිකාට නැගී සිටීමට අතදීම බවද අපහට සිහිපත් කරයි. මෙම වටිනාකම් විශ්වීය වන අතර ඉස්ලාම් බැතිමතුන් පමණක් නොව සියලු ජන ප්‍රජාවන් සමඟ ගැඹුරින් බැඳී   පැවතිය යුතුය. එසේම ඒවා විවිධ ඇදහිලි සහ නොයෙක් ආගමික සමාජීය පසුබිම්වල ජනතාව අතර සමගිය සහ අවබෝධයද පෝෂණය කරනු ඇත.

උපවාස මාසය ප්‍රීතිමත් ඊද් උත්සවයෙන් අවසන් වන නමුත්, මේ රාමසාන් උත්සවයේ වටිනාකම් වන අනුකම්පාව, එකමුතුකම සහ පරාර්ථකාමීත්වය - අපගේ දෛනික ජීවිතයට එක්කර ගැනීමට කටයුතු කරමු. මෙම ආශිර්වාද ලත් මාසය අපසැමටත් සමස්ථ රටටත් ජාතියටත් සාමය සහ සෞභාග්‍ය පිළිබඳ පණිවිඩය ගෙනෙනු ඇත.



අදහස් (7)

අනාගතය ශක්තිමත් කරන්න එක්ව වැඩ කරමු

සුමනාවතී Monday, 31 March 2025 09:56 AM

අගමැතිතුමියණි, මම ඔබට ගොඩක් ආදරෙයි. ගරැ කරනවා, ඒ වගේම අනුර ජනාධිිපතිතුමාටත් ඒ වගේම ආදරෙයි ගරැ කරනවා. නමුත් මතක කියා ගන්න පිට වගේම ඇතුලෙත් හොරැ ඉන්න බව. ඒ කියන්නෙ හොර කම් කරනවා කියන එක නොවෙයි. නමුත් පුතිපත්ති අතින් ගැල පෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දෙපළම ඔයිට වඩා තදින් ඉන්න ඕනේ

:       5       7

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩMonday, 31 March 2025 10:59 AM

සුමනාවතී කියපු නතාව මම තදින්ම පිළිගන්නවා. මමත් ජනාධිපතිතුමාටයි අගමැතිතුමියටයි හරිම ආදරෙහි. ගරැ කරනවා. ඒ දෙන්නම හරිම සිලාචාරයි. අනික අපේ රටේ බොහෝ දේශපාලකයින්ට හරිම ආදරශමත් චරිත දෙකක්. අවංකයි. යමක් කරන්න අවංකවම උත්සාහ කරනවා. ඒ වුනාට සමහර පක්ෂයේ නම ගිය අය ගැන අපිට එහෙමම කියන්න බැහැ. ඒක නිසා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. නිතරම ජනතා අදහස් විමසන්නත ඡන්දයක් ලගට ආවහම ලැහැස්ති වෙලා වැඩක් නැහැ. හැම දාම ඡන්දෙ අත ලගම කියල හිතාගෙන ජනතාවට ඕන දේවල් කරන්න. මම ඔබ දෙපළට විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. සුභ පතනවා.

:       6       5

Mohan Mangala Mapa Monday, 31 March 2025 10:36 AM

එහිදි තීරණ ගන්නේ නැතුව ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ.... පක්ෂය සහ බලය ගැන නොහිතා නීතිය බල ගැන්වීමත් එය ක්‍රියාත්මක කිරිමත් උපරිම උත්සහයක් ගත යුතුයි

:       0       0

රම්බොඩ Monday, 31 March 2025 10:42 AM

ඔය කියන සහජීවනය එයාලා ළඟ නෑ. ඒක බොරු වදනක් විතරයි. එයාලාගෙ ප්‍රජාණනය ම විකෘතියක්.

:       2       9

Nimal Monday, 31 March 2025 12:08 PM

සියල්ලටම කලින් ජාතික ආරක්ෂාව හදාලා ඉන්න... ජාතික ආරක්ෂාව තියා පොලිසියටවත් ආරක්ෂාවක් නෑ...

:       0       0

Jamal Monday, 31 March 2025 03:10 PM

ලොක්කාටම හරියන කෙනො මෙයාත් කියපු එකක්වත් කරන්නේ නෑ... ඔක්කොම අමතකයි.. බොරු බයිලා විතරයි

:       2       3

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 31 March 2025 06:43 PM

හැපී රාමඩාන්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1205 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 935 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 384 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1186 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1161 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 713 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site