ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් එයාර්ටෙල් සමාගම සංවිධානය කළ දිවයින පුරා සිටින නැඟී එන පාපන්දු ක‍්‍රීඩකයන් අතරින් දක්‍ෂතම ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ වැඩසටහනේ විශිෂ්ටතම ක‍්‍රීඩකයන් 12 දෙනාට පසුගියදා කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයේදී ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. මෙම ක‍්‍රීඩකයන් 12 දෙනාට ලෝකයේ ප‍්‍රමුඛතම පාපන්දු ක‍්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඞ්’හි පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයයි. ඉකුත් ජුලි මාසයේ සිටම දිවයින පුරා මධ්‍යස්ථාන 14 කදී ක‍්‍රියාත්මක වු මෙම වැඩසටහනේදී 8000 කට අධික පාපන්දු ක‍්‍රීඩකයන් සඳහා පුහුණු කඳවුරු සහ තරග පවත්වමින් ක‍්‍රීඩකයන් 48 දෙනෙක් තෝරා ගන්නා ලදි. අවසානයේදී ඔවුන් අතුරින් දක්‍ෂතම ක‍්‍රීඩකයන් 12 දෙනා තෝරා ගත් අතර එය මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු පුහුණු ඇකඩමියේ පුහුණුකරුවන්ගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරිණ. අවසන් ක‍්‍රීඩකයන් 12 දෙනා: එල්. ඒ. ප‍්‍රනාන්දු (කළුතර), සුජාන් පෙරේරා (කොළඹ), ආර්.ඒ.චතුරංග (ගාල්ල), ආර්. සරන්රාජ් (මහනුවර), දුලිප් මධුෂංක (කළුතර), සුජිත් කුමාර (ගාල්ල), එම්. සී. බී. රත්නායක (කුරුණෑගල), එම්. සර්වාන් ජොහාර් (කොළඹ), ජී. ඊ. ප‍්‍රසාද් (කොළඹ), එච්. ඞී. චන්ද්‍රරත්න (මහනුවර), ආර්. ඒ. ෂාස්නි (කොළඹ) සහ ජේ.එම්.නියාස් (ත‍්‍රිකුණාමලය)
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අනාගත පාපන්දු ශූරයෝ 12 දෙනෙක් මැන්චෙස්ටර් යුනයිටඞ්හි පුහුණුවට යති
චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:17 PM
පාපන්දු අනාගතයට හොඳයි...ප්‍රමාද වෙලා හරි ගත්ත තීරණය හොඳයි...(ස)
පෙරේරා Friday, 14 September 2012 05:35 PM
නියමයි. නියමයි අපිට ලංකාවෙන් නියම කෙනෙක් ඕනේ . (දී)
ප්‍රසාද් Friday, 14 September 2012 01:28 PM
බොහොම අගෙයි
ස්ටීවන් Friday, 14 September 2012 02:05 PM
අනේ හොදයි
වරුණ Friday, 14 September 2012 11:04 AM
යැවිය යුතු සුදුස්සන්මද ඔය යවන්නේ? නැත්නම් යූ19 ටීම් එක ඕස්ට්‍රේලියා ගියා වගේ තියෙයි. (නි)
ජනක Friday, 14 September 2012 03:59 PM
ලංකාවට හොදක් වෙනවනම් ඕන දෙයක් (දී)