IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


'අනාගත රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු බලාසිටිනවා'

(ඩයනා උදයංගනී)

වත්මන් රජය හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් ඉදිරියේදී පත්වන රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු බලාසිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

පාස්කු ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයන් සහ උසස් නිලධාරීන් ආරක්ෂා කර උසස්වීම් ලබාදෙමින් වත්මන් රජය එය විහිළුවක් කර ඇතැයිද කාදිනල්තුමෝ සඳහන් කළහ.

වත්මන් රජය තමන්ට දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කර නැතැයි ද කාදිනල්තුමෝ කීහ. 

පාස්කු ප්‍රහාරයට අදාල සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදනය කරන ලද "තිත" නම් ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් කාදිනල්තුමෝ මේ බව පැවසූහ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (19) පැවැත්විණි. 

 ශ්‍රී ලංකා රදගුරු රදගුරු මණ්ඩලයේ සභාපති දේව ධර්මාචාරය වින්ස්ටන් ප්‍රනාන්දු අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි. 

පාස්කු දින ප්‍රහාරයට වසර තුනක් පමණ ගතව ඇතත් ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවූ බවක් පිළිගත නොහැකි බව කී කොළඹ අගරදගුරුතුමෝ මේ සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති සාක්ෂිද රජය සහ නීතිපතිවරයා විසින් සඟවා ඇතැයි පැවසූහ.

නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම හේතුවෙන් යුක්තිය ඉටුනොවන තත්වයකට පත්ව ඇතැයි ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (39)

'අනාගත රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු බලාසිටිනවා'

මෙලන් Saturday, 19 February 2022 05:18 PM

පොහොට්ටුවෙනුත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. UNP/සබජ දෙකම එකයි. ඒ ආණ්ඩුව තියෙන කාලේ තමයි බෝම්බ පිපුරුවේ. JVP ත් වැඩක් නැහැ. බෝම්බකාරයින් ඒ ගොල්ලන්ගේ ජාතික ලැයිස්තුවේ හිටියා. දැන් ඔබතුමාලා ත්‍රස්තවාදී පනතටත් විරුද්ධ නිසා, ත්‍රස්තවාදීන්ගේ ආණ්ඩුවකින් පිහිටුවලා බලන්නද හදන්නේ..?

:       641       2243

nimalSaturday, 19 February 2022 07:34 PM

පාස්කු ප්‍රහාරය එල්ලකළ ප්‍රහාරකයින් කිසිවකුත් ජීවතුන් අතර නොමැති වුවත් එයට ඍජුව දායක වූ පිරිස ජීවතුන් අතර සිටියද කුමන ආකාරයෙන් හෝ ඔවුන් නිදහස් වුවද ඔවුන්ට සොබාදහමින් සමාවක් නොලැබෙනු ඇත...

:       0       80

gunarathnaSaturday, 19 February 2022 08:57 PM

ආණ්ඩුව විශ්වාස නැහැ. හිටපු ආණ්ඩුව විශ්වාස නැහැ. නීතිපති විශ්වාස නැහැ. පොලිසිය විශ්වාස නැහැ. දෙවියන්ට කීව එකෙනුත් වැඩක් නැහැ. දැන් කරන්න තියෙන්නේ අනුර කුමාරටවත් උදව් කරලා ආණ්ඩුවක් ගන්න එකයි.

:       18       11

වෙල්ලස්සේ කඳුලුSunday, 20 February 2022 07:18 AM

අතදරුවෝ උඩ දාලා උන්ට කඩු තුඩ අල්ලලා මැරූ අයට ඕවා කරන්න බැරි දේවල් නෙමේ...

:       9       134

ගෝත්‍රිකයාSunday, 20 February 2022 03:58 PM

බොරුවට ආගම් වාදය ඇදලා අරන් වර්තමානය අමතක කරලා කථාකරන යමෙක් වේද ඒකත් එකටම මෝඩ දේශපාලකයෙක්ගේ ඇම්බැට්ටයෙක්. අතීතයේ මේ රට පටන් ගත්තෙත් විජය විසින් කුවේණි පාවා දීලා. බටහිර රටකට පනින්න අවස්ථාව නැති නිසා මේ ඉන්නේ... මේ වගේ කට්ටිය තමයි ජනතා සම්පත් කොල්ල කාලා දූ දරුවන් දැනටමත් රට පටවලා දේශීය මාමකත්වය දේශනා කරන්නේ...

:       31       10

ගෝත්‍රිකත්වයෙන් ඔබ්බටMonday, 21 February 2022 10:30 AM

ලංකාවේ සිංහලයින් හිටියේ විජය එන්න සෑහෙන කළින්... ඔවුන් මැණික් ඔබ්බවලා රත්තරන් පු‍ටු හදපු මිනිස්සු... ලංකාවේ සෑහෙන්න මිනිස්සු ඉන්නවා රට යන්න ඕනෑතරම් අවස්ථා හම්බවෙලා.. ඒවාට පයින් ගහලා ලංකාවට සේවය කරන අය... අපේ වෛද්‍යවරු, මහාචාර්යවරු ඕනතරම් ඒ ගොඩේ ඉන්නවා. රට පනින්න ඉන්න නිසා ඕවා පේන්නේ නැහැ.

:       0       2

Vajira FernandoSunday, 20 February 2022 12:13 PM

ජවිපෙ මේ ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැතිබව පැහැදිලියි. මහමොලකරුවන් තමයි මේ ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලැබූ අය​. ජවිපෙ ඇතුලු ජාතික ජනබලවේගය පමණයි විශ්වාස කළ හැක්කේ...!

:       170       74

සනත් ඉතාලිය Sunday, 20 February 2022 03:51 PM

එතකොට ඊබ්‍රාහිම් නානා හමුදා බුද්ධි අංශයටත් වඩා ශක්තිමත් බුද්ධි අංශයක් ඇති jvp දන්නේ නැහැ ඊබ්‍රහිම් නානගේ පුතාලා ගැන...

:       7       102

uk ranSunday, 20 February 2022 06:28 PM

දැන් ඔයා හිතන්නේ මිනිස්සුන්ට මතක නෑ කියලද? ජවිපය කරයි තමයි. බස් ගිනිතියලා රට විනාශයට පටන් ගත්තේ ඔය ජවිප හැතිකරේ තමයි..

:       9       63

de silva Saturday, 19 February 2022 06:02 PM

ඔය පරීක්ෂණ හරියට කළොත් එවකට සිටි සහ දැනට බලයේ සිටින පුද්ගලයින් විශාල පිරිසක් හිරේ යනවා. කවුද කැමැති හිරේ යන්න? එමනිසා ඔවුන් තිබෙන බලය යොදවලා ප්‍රශ්නය යට ගහනවා. මේක බලය ගන්න කළ කුමන්ත්‍රණයක්...

:       1507       675

Kalindu FonsekaSaturday, 19 February 2022 09:03 PM

ඇත්තෙයි? දැන් ඉස්ලාම් අන්තවාදීන් හොඳයිද? ඔහේලගේ ඔය මහමොලකරු කතාව අහ අහ උන් හැම පැත්තෙන්ම හිනාවෙනවා. ලෝකෙ ගැන මේලෝකෙ අවබෝධයක් නැති ළිං මැඩි සෙට්එක දන්නේ නෑ.. ඉස්ලාම් අන්ත වාදය නිසා වෙනත් ක‍තෝලික රටවල තියෙන තත්වේ... වැඩිය ඕනෑනෑ ලන්ඩන්වල සමහර කොටස් තනිකර ඉස්ලාමයට යටවෙලා. ප්‍රංශයේ ලක්ෂ 60ක් ඉස්ලාමිකයන් අතරේ දරුණු අන්තවාදීන් අණ එනකන් බලන් ඉන්නවා. ලංකාවේ මිනිස්සුන්ට කවදා මොලේ පෑදෙයිද මන්දා...?

:       3       48

Ruhunu Saturday, 19 February 2022 06:04 PM

ඒ ඉතින් දේව රාජ්‍යෙයන් පමණයි පියතුමනි..!

:       223       34

FernandoSaturday, 19 February 2022 08:11 PM

අපිටත් තේරෙනවා හැරෙන්නේ පොල් පැලේ කන්න තමයි කියලා. ඒක තමයි අපි කිව්වේ දැන් අඩු පක්ෂයක් ලියාපදිංචි කරගන්න එක විතරයි කියලා. ප්‍රභාකරනුත් පරලෝ සැපත් හෙයින් අලුත් කෙනෙක් හොයා ගමු.

:       0       15

Namal Saturday, 19 February 2022 06:19 PM

ඊළඟ සැරේ උදේම ගිහින් ගහන්න එපාද?

:       6       158

Sanath KandySunday, 20 February 2022 12:07 PM

මේ දෙගොල්ලගෙන් නම් ආයේ කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. අළුත් පිරිසකට රට බාරදෙන්නම වෙනවා.

:       1       154

ඇත්තSunday, 20 February 2022 04:11 PM

ප්‍රජාන්තන්ත්‍රවාදීව සැදූ අලුත් පක්ෂයක් නෑ. විජය පරපුර නිසාදෝ මන්දා මේ රටේ ප්‍රතිපත්ති ගරුක මිනිසුන් විශ්ව විද්‍යාලවලින්වත් සාදලා නෑ. හොඳ මිනිස්සු හිටියත් ඔවුන් අන් අය කපා උඩට නොඑන නිසා අපි දකින්නේ නෑ. ඉතින් 225 වැරදි ලෙස අපිට පේන්න සිටියට මේ පිටුපස අවස්ථාවාදී උගතුන් හා පැවිද්දන් ජාලයක් සහ වහල්කම තම ජීවන ගීතය වූ දීන මිනිසුන් රජයේ රැකියා ලබා වහල්කම තම සම වෘත්තිය යැයි සිතා සිටිනවා...

:       31       6

කිරිපුතා Saturday, 19 February 2022 06:21 PM

මෝල් ගහෙන් දළු එනතුරු... කළු කපුටා සුදුවන තුරු...

:       6       82

සිරිසේන Sunday, 20 February 2022 04:24 AM

කොකා මුහුද හිඳෙනතුරු හිටියා වගේ වේවි.. නැත්නම් ලේනියක් වෙන්න වලිගයෙන් මුහුදු ඉසින්න ගියා වගේ වේවි...!

:       15       3

hesaSunday, 20 February 2022 12:00 PM

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල...!

:       24       51

යෝගා Saturday, 19 February 2022 07:17 PM

ඒ ආණ්ඩුවෙත් අරයා කොටස් කරුවෙක් වුණොත් හිටං?

:       10       57

චන්දන Saturday, 19 February 2022 09:20 PM

ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයට විසඳුමක් ගන්නනම් ඔබතුමාම බලය ගන්න ඕනෑ.

:       17       2

BamunuarachchiMonday, 21 February 2022 11:19 AM

යුක්තිය ඉෂ්ට වීම කියන්නේ නොනිමෙන හම්බ ක්‍රිස්තියානි අරගලයකට සිංහල බෞද්ධයින් බිලිදීම නොවෙයි. නුඹලාගේ පාරම්පාරික අරගලය ලංකාවේ විසඳන්න පුළුවන්කමක් අපිට නැහැ.. විසඳන්න පිට ඕනෙත් නැහැ. ඇයි 2008 මුම්බායි හෝටලේට කළ ප්‍රහාර ගැන කතා කරන්නේ නැත්තේ? ඒ ප්‍රහාරයෙන් 163ක් මැරුණා. එහි මහමොලකරුට දුන් දඬුවම ගැන කතාකරන්න කාදිනල් කෙනෙක් හිටියද? නොනිමෙන හම්බ ක්‍රිස්තියානි අරගලයකට සිංහල බෞද්ධයින් අත පුච්චා ගැනීම නුවණට හුරු නැත. එව්වා ඔවුනොවුන් බේරා ගත්තා වේ.

:       4       1

Rohana Saturday, 19 February 2022 09:36 PM

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් කරන මුවාවෙන් ආණ්ඩුවකර ඇත්තේ බොරු සංදර්ශනයක්. අන්තිමට වැරදිකාරයෙක් නැහැ. එහෙනම් පාස්කු ප්‍රහාරය ක්‍රියාකාරිකයෙකු නැතිව ඉබේ සිදුවෙන්න ඇති... ඒක නොවෙයි වැඩිය විස්තර සහිතව ප්‍රහාරයට කිවයුත්තන් හෙව්වොත් තෝරු මෝරුත් අහුවෙනවා. ඒ නිසා මහජන සංදර්ශනයක් විදියට නිලධාරීන් දෙදෙනෙකු පමණක් අල්ලගෙන නඩු ඇසුවා. මේ රටේ කවදාවත් යුක්තිය ඉටුවෙන දේවල් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

:       24       4

Perera Sunday, 20 February 2022 12:25 AM

ඉදිරියේදී ලංකාවේ ජනතාවට පාස්කු ප්‍රහාරයට වඩා දරුණු ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවේවි...

:       30       16

Sunil Sunday, 20 February 2022 05:39 AM

පාස්කු වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ඔබවහන්සේ ගත් උත්සාහය දැඩිසේ අගයකරමි. කෙසේවුවත් ඔබවහන්සේම පවසන පරිදි මේ රජය හෝ වත්මන් නීතිපති යටතේ සාධාරණත්වයක් අපේක්ෂා කළ නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය. මක්නිසාද යත්, රට පාලනය කරන්නෙත් දාමරිකයන්ය. නීතිය වල්වැදී ඇත.

:       256       173

Nuwan Sunday, 20 February 2022 05:54 AM

ලංකාවේ රාජ්‍ය නිලධාරීන් අතින් වෙන වැරදිවලට හිරේ දැම්මොත් ඉතින් රටෙන් භාගයක් හිරේ. කා.කා.ස ඉඳන් ලේකම්ලා දක්වා දවස ගානේ මිනිස්සු මරන්න දායකවෙන තරම හොයලා බලන්න. රාජ්‍ය සේවක මාෆියාව මිනිස්සු බිලිගන්න එක නවත්තන්න මොන පක්ෂයද පොරොන්දු දුන්නේ...? තැපැල් ඡන්ද ටික බලාගෙන ඉන්නේ...

:       1       118

Mendis Sunday, 20 February 2022 07:04 AM

දැන් එතකොට තමුන්නැහැලාට ඉස්ලාම් අන්තවාදීන් හොඳයිද? ඒ වගේම ලංකාවේ එහෙම අන්තවාදයක් නෑද දැන්? මොකද තමුන්නැහැලා කවදාවත් ඒ අන්තවාදයට විරුද්ධව කථා කරනවා අහලාම නෑ. අපිට තේරිලා තියෙන්නේ පාස්කුව ඉස්සරහට දාගෙන තමන්ගේ පෞද්ගලික දේශපාලන කෝන්තර පිරිමහගන්න හදන බව විතරයි.

:       124       346

වසන්ත කුමාර Sunday, 20 February 2022 08:13 AM

ඇත්තටම සාධාරණය වෙනුවෙන් ඊළඟට බලය ගන්න ඉන්න සජිත්, අනුර වැනි අයත් යම් විධියකින් බලය ගත්තොත් කවදාවත් මීටවඩා දෙයක් නම් කරන්නේ නැහැ. ඔවුන් දෙදෙනාම පම්පෝරි ගැහුවාට මේ ගැන හරි කෙලින් ඇහුවොත් උත්තර නැතිනිසා මොකක් හරි බොරුවක් කියලා හෙමිහිට, මග හරිනවා. නඩුවකට අදාළ කරුණු හරි විදියට ගොනු නොකර ඉදිරිපත් කළාම අන්තිමේදී වෙන්නේ උසාවියේදී නඩුව නිෂ්ප්‍රභා වෙන එකයි...

:       5       169

Pradeep Kumara Sunday, 20 February 2022 08:34 AM

ඉදිරියේදී බලයට පත්වන රජයකින් කිව්වේ.. එජාප / සබජ කොහොමත් වෙන්න බෑ. මොකද ප්‍රහාරය එල්ල වුනේ ඔවුන්ගේ කාලයේ නිසා. අනික කොහොමත් අපේ රටේ ජනතාව මේ දෙගොල්ලන්ගෙන් පිට කෙනෙක් ගැන හිතුවේත් නෑ. මේ යන විදියට හිතන එකකුත් නෑ. එහෙම නම් ඔබතුමන්ලාගේ මීලග අපේක්ෂාව කවුද..?

:       5       117

Nimalka Sunday, 20 February 2022 08:44 AM

ඇහැට ඇහැ නේද පියතුමනි...?

:       4       39

Jagath Sunday, 20 February 2022 09:06 AM

එකම විසඳුම ජාතික ජන බලවේගය.. ජේවීපි පමණි..

:       193       61

Don perea Sunday, 20 February 2022 09:06 AM

මෙයා UN එකට ගෙනිය යුතුයි. ලංකාවේ මිනිස්සු පාත්කරන්නේ මිනී මරන, කුඩු විකුණන දේශපාලකයෝ...

:       145       61

Roshan Sunday, 20 February 2022 09:11 AM

ඔය ප්‍රහාරය ගැන මෙයත් දැනගෙන ඉඳලා තියෙනවා...!

:       12       161

sujeewa Sunday, 20 February 2022 09:16 AM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධ වෙමින්ම ත්‍රස්ත ක්‍රියාවලින් සාධාරණත්වයක් අපේක්ෂා කළ නොහැකිවාක් මෙන්ම, අපට අවශ්‍ය කෙනා ඉලක්කකර ගනිමින් දඬුවම් පැමිණවීමට උත්සාහ කිරීමද සාධාරණත්වය නොවේ. අති බහුතරයක් බෞද්ධයින් සිටින අප රටේ පසුගිය කාලය පුරා බෞද්ධ සිද්ධස්ථානවලට සිදුකළ ත්‍රස්ත ප්‍රහාර ගැනත්, අදටත් ඒ බොහොමයක් සඳහා වැරදිකරුවන් හඳුනාගෙන නොමැතිවීම සහ වැරදිකරුවන් හඳුනා ගත්තද සාක්ෂි නොමැති වීම මත වැරදිකරුවන් නොවී කෙතරම් සිද්ධි ඇත්දැයි බුද්ධිමත් ජනතාව පරීක්ෂාකාරීව බලා සියළු කාරණා සැසඳිය යුතුයි. බෞද්ධ රටක බෞද්ධ සිද්ධස්ථාන විනාශකළ, බෞද්ධ භික්ෂූන් ඝාතනය කළ ත්‍රස්තවාදීන්ගේ අයිතිවාසිකම් ගැන හා එම ත්‍රස්තවාදය පැරද වූ විරුවන්ට දඬුවම් දීමට කැස කවන ජාත්‍යන්තරයක් වෙත මෙම ප්‍රශ්ණය රැගෙන යාමෙන් අපේක්ෂිත අරමුණු පිළිබඳවද විමසිලිමත් විය යුතුයි. එම ප්‍රහාරයන් සිදුවූ කාලයන්හිදී ත්‍රස්තවාදීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළවුන් පිළිබඳවද ජනතාව විමසිලිමත් විය යුතුයි. නීතිය අභිබවා ජනතාව අතරට වැරදි මත පැතිරීමේ නිදහස හිමි රටක ජනතාව කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි, යන්න හැමවිටම මෙනෙහි කළ යුතුයි...

:       10       99

Lal Sunday, 20 February 2022 09:20 AM

පොහොට්ටු, යූඇන්පී, සජබ ආදී රටට අහිතකර පක්ෂ වල දැන් කාලය ඉකුත් වී ඇත. මේ පක්ෂ තුනෙන්ම ඔබතුමන්ලාට හා රටේ සියලුම ජනතාවට යුක්තිය, සාධාරණය ඉටු නොවන බව හොඳටම පැහැදිලියි. යුක්තියක්, සාධාරණයක්, එක නීතියක් හා රටේ දියුණුවක් ඇතිකර ගැනීමට ඇති එකම මාර්ගය ජේවීපී, ජාතික ජන බලවේගය බලයට පත් කර ගැනීම පමණි.

:       121       91

Sanath italySunday, 20 February 2022 03:58 PM

ඡන්දෙකට තව කාලය තියෙනවා. මෙතන ඇඩ් නොදා ඉන්න... අපිට හිනා යනවා.

:       5       44

duplicate Ralahami Sunday, 20 February 2022 02:51 PM

කාදිනල් පියතුමනි, පවතින රජයෙන් අවුරුදු 2ක් ඉවර වෙලත් කිසිම සාධාරණයක් නැහැ. ඉතිරි අවුරුදුත් එසේමයි. ඉදිරි අනාගත රජයක් කෙරෙහි විශ්වාසය තැබිය හැකියි... ජවිපය හෝ සජබය ආවොත්..එහෙත් SLFP හෝ UNP මේ අයත් එක්ක එකතු වුණොත්... එවිට කිසිම සාධාරණයක් නොවෙන බව නම් පැහැදිලියි. එම නිසා මෙයා පමා නොවී UN එකට ගෙනියන්න.

:       40       6

Bishan Sunday, 20 February 2022 03:57 PM

මේ වගේ අපත ආණ්ඩුවක් හැදුවට කියන්න ඕනේ... කරන්න තියෙන්නේ ලෝක නායකයින් හමුවී මේ ආණ්ඩුවට බලකර සිටීමයි

:       18       6

Bunny Preena Monday, 21 February 2022 10:42 AM

අති උතුම් කාදිනල්තුමනි, එහෙමනම් ජීවිතේට සිද්දවෙන දෙයක් නෙමෙයි. මොකද ලංකාවේ දේශපාලුවෝ කිසිවිටෙකත් විශ්වාස කළ නොහැකියි. එක එක්කෙනාගේ පිට කසාගන්නා ජාතියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 943 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 394 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 742 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 725 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 589 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1860 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site