IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


අනංගයා ඇනගනී

මෝදර පස් මහල් නිවසක විසූ වැන්දඹුවක බඳින බවට මගුල් යෝජනා දැන්වීමකට පිළිතුරු දී  ඇය සමග හාද වී, එම කතට සිහි නැතිවෙන දියරයක් පොවා රුපියල් ලක්ෂ හය හමාරක භාණ්ඩ පැහැරගත් තිදරු පියකු කටුනායකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඇගෙන් පැහැරගෙන ගිය සියලු භාණ්ඩ ද සොයා ගෙන ඇත.

 



අදහස් (0)

අනංගයා ඇනගනී

ලාල් Monday, 25 November 2013 10:08 AM

මම ඉන්න මේ අරාබි රටවලත් ඔය වගේ අය ඉන්නවා. මාසයක් දෙකක් ආශ්‍රය කරලා මොකක් හරි බොරුවක් කියලා සමහර පිරිමි සල්ලි ඉල්ලනවා. සල්ලි ගත් ගමන් අර මිනිස්සු ගිය තැනක් හොයාගන්නත් නැහැ. (නි)

:       0       0

ප්‍රිය Sunday, 24 November 2013 11:09 PM

අනේ ඇත්තටම දැන් කාලේ කෙල්ලන්ට NOWEI මගුල් විසේ නාකි ගැහැනුන්ට, එකනේ හැමදාම මරල දන්නේ බල්ලෝ මරනවා වගේ, මේ මනුස්සය එහෙම කරලා නැ, ටිකක් හොද වගේ, අපේ ගැහැණුන්ගේ වරද තම, (ස)

:       0       0

සරත් Monday, 25 November 2013 10:40 AM

ලංකාවත් ළඟදීම ඔය අප්‍රිකානු රටක් වගේ වෙනවා. හොරකම, අනුන්ගේ දුක නොදන්නා ,මවු මරා හරි සල්ලි හොයන්න පුරුදු ජාතියක් වෙනවා. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 25 November 2013 11:43 AM

උපාලි, ඔයාගේ තර්කය 35% ක් විතර මම පිළිගන්නවා. මේ වංචනිකයා නොවේ වැරදි, රැවටුණු කාන්තාව තමා වැරදි. මොකද මේක ලංකාවේ සිදුවුණ මුල්ම සිදුවීම නොවේ. කියමනක් තියෙන්නේ රෑ වැටුණු වළේ දවල් වැටෙන්නේ නැහැ කියලා. එහෙමත් කෙනෙක් මෙයාව කසාද බඳින්න ඉදිරිපත් වුණා නම් මුලින්ම ඒ මනුස්සයා ගැන පවුලේ අයගේ මාර්ගයෙන් හොයලා බලන්න ඕනෑ. විවාහය කියන්නේ අපේ ජීවිතයේ ස්ත්‍රී/පුරුෂ අපි දෙගොල්ලොම ඉතා හොදින් කල්පනාකර ගතයුතු තීරණයක්. පුවත්පත් කියවන අපිටත් ඒ වගේම රටේ හැමෝටමත් අද කාලයේ හැටියට හැම දෙයක් ගැනම සෝදිසියෙන් සිටීමයි වැදගත්. වංචනිකයින්, මංකොල්ලකරුවන් මොන වෙස්වලාගෙන අපි අතරට එයිද කියලා අපි දන්නේ නැහැ. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 12:43 PM

මෝඩ ගැහැණු, මුලින්ම මේ කාන්තාව දාන්න මාස හයක් ඇතුලට හැදිලා එන්න කියලා. අපේ ගැහැණු ඇත්තටම ඇය මේ තරම් මෝඩ? මෙවැනි සිදුවීම් අනන්ත අප්‍රමාන සිදුවෙලත් මෙයාලා පරෙස්සම් නොවෙන එක තමා පුදුමේ? (නදී)

:       0       0

උපාලි Monday, 25 November 2013 04:57 AM

සමහරු මේ කාන්තාවට දොස් කියන්නේ ඒ මනුස්සයා මහා අපරාධයක් කළ කෙනෙක් හැටියට හිතලා බව පේනවා. වැන්දඹුවක් නැවත විවාහ වීමට උත්සාහ කිරීම අරුමයක්ද? ඒ සඳහා දැන්වීමක් පළකිරීම අරුමයක්ද? එයට ප්‍රතිචාර දැක්වූ කෙනෙකු ඇසුරු කිරීම අරුමයක්ද?දක්ෂ වංචනියෙකුට මේ කාන්තාව නෙමෙයි ඕනෑම බුද්ධිමතෙක් අහුවෙන්න පුළුවන්. ඕනෑ තරම් නිදසුන් තියෙනවා. වැඩිය එපා ගෝල්ඩන් කී නඩුවේ තැන්පත්කරුවන්ගේ නාම ලේඛනය කියවලා බලන්න. හොඳයි, මෙතන ඉන්නවද කවදාවත් කිසිකෙනෙකුට මොනමදේකටවත් රැවටිලා නැති කෙනෙක්? මහත්වරුනි, වරද තියෙන්නේ 'රැවටුණු' කාන්තාවගේද? මේ වැඩේ කළ වංචනිකයාගේද? (නි)

:       0       0

දයා අලහාකෝන් Sunday, 24 November 2013 01:13 PM

දඩු කදේ ගහලා අවුරුද්දක් තියන්න.(නදී)

:       0       0

සත්‍යයා Monday, 25 November 2013 05:36 AM

දැන් ලංකාවේ හැම දෙයක්ම වෙන්නේ නාට්‍යානුසාරයෙන්. තිර රචකයෝ, දෙබස් ලියන්නෝ, අධ්‍යක්ෂකලා, නිෂ්පාදකලා රජයේම ඉහළම තැන සිට පහළ දක්වා ඉන්න අය. නළුවන් හා නිළියන් අතර නිතරම වගේ හමුදාවල ඉන්න අය සහ පැනලා ගිය අයත් ඉන්නවා. හැබැයි මැරුම් කන්නෙත්, භීෂණයට ගොදුරු වන්නේත් මේ නරිනාටක බල බලා ඉන්න ප්‍රේක්ෂකයෝමයි. වෙනත් වචනවලින් කිව්වොත් ඡන්ද දායකයෝයි. (නි)

:       0       0

ඉන්දු ලංඩන් Monday, 25 November 2013 05:49 AM

උපාලි, ඉතාම බුද්ධිමත් කතාවක්. අද සමාජයේ වැඩිපුර ඉන්නේ පටු විදියට සිතන අය. (නදී)

:       0       0

ලක්ෂ්මි Monday, 25 November 2013 07:25 AM

‍ලොකු ලොකු අය ගහගෙන කනවා. පොඩි පොඩි අය මරාගෙන කනවා (නි)

:       0       0

එරන්ද Sunday, 24 November 2013 02:07 PM

ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට දැන් සල්ලි නහැනේ ඒකයි ඕවා කොරන්නේ. ඔන්න බලන්න මේ පාර අය වැය නිසා ඕවා තවත් වැඩි වෙනවා. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 24 November 2013 02:57 PM

මේ මනුස්සයා වැන්දඹු වෙන්න ඇත්තෙත් ඔවැනි මෝඩ වැඩක් නිසාත් වෙන්න පුළුවන්. කාන්තාව දඬුකඳේ තියලා අනංගයා කකුල් දෙකෙන් එල්ලලා තියන්න පාර අයිනේ. (නදී)

:       0       0

පද්මේ Monday, 25 November 2013 03:24 PM

උපාලි, ඔබගේ අදහස් දැක්වීම 100% ක් අනුමත කරනවා. ෆස්රුල් ගෆූර් - කටාර්, ඔබ කිසි දිනක කිසිවෙකුට රැවටී නැද්ද? (නි)

:       0       0

sanju Sunday, 24 November 2013 09:55 PM

විස්තර ඔක්කොම නොදැම්මට සිහියත් නැති වුනානම් මිනිහ ෂුවර් එකටම තව මොනවා හරි කරන්න ඇති (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 24 November 2013 03:38 PM

ඇතිනැති පරතරයක මහතා පේනවා නේද ? බල්ලෝ හරි මරල තමන්ගේ ගොඩ වැඩි කරගන්න දඟලන සමාජයක් මේක (අ)

:       0       0

ෂපීන් Sunday, 24 November 2013 04:07 PM

අද ලංකාවේ වැන්දඹුවන්ගෙන් නම් අඩුවක් නැහැ. පවුල් කැඩී බිදී ගිහින්. පිරිමි පක්ෂය තමන්ගේ යුතුකම් ඉටු කරන්නේ නැහැ. එහි ප්‍රති විපාක තමයි මේ. අද සමාජය හැඩ ගැහිලා තියෙන හැටියට මෙවැනි අයට නිසි මග කියා දෙන්නවත් කවුරුත් නැහැ. ඒ නිසා මෙවැන්නන් කබලෙන් ලිපට වැටෙනවා.(නදී)

:       0       0

සිල්වා Sunday, 24 November 2013 04:12 PM

ඔන්න මාරු කතාවක්...අහගනිල්ල..අත කැඩුණු .අන්දරේ ගෙන්ම...ගෑනු පිරිමි ඔය අනංගයා ඇන ගන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි
2024 නොවැම්බර් මස 13 18 0

මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා


රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
2024 නොවැම්බර් මස 13 31 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 38 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 157 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 940 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 1270 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 178 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1605 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site