IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘‘අන්තිම අවස්ථාව පැහැර හරින්න එපා‘‘

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රජය යටතේ සම්මත කරගත නොහැකි වුවොත් යළි අවස්ථාවක් නොමැති බවත් දේශපාලනික වශයෙන් අනාගතයක් නොමැති පිරිස් විසින් වත්මන් ආණ්ඩුවේ ගමනට බාධා කරමින් සිටින විට ඒ පිළිබඳව සැළැකිලිමත් නොවී මෙම වසර පහ ගතවීමට මත්තෙන් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතු බවද තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහානාහිමියෝ පැවැසුහ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හමුවු අවස්ථාවේදී මේ බව මල්වතු හිමියෝ කීහ.

3_27-11-2016-maligawa 6_27-11-2016-malwaththu 8_27-11-2016-asgiri



අදහස් (0)

‘‘අන්තිම අවස්ථාව පැහැර හරින්න එපා‘‘

විදානේ Sunday, 27 November 2016 10:33 PM

අනේ හාමුදුරුවරුනේ, දේශපාලනය හැර වෙන ඕනෑම දෙයක් ගැන කතා කරන්න (නි)

:       0       0

කළ්‍යාණ Sunday, 27 November 2016 10:33 PM

හාමුදුරුවරු දේශපාලනය කතා කරනවා. එ්ත් ලංකාවේ බුදු දහම හරියට ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලන්නේ නැහැ. දවසකට ලංකාවේ කොපමණ සතුන් මරනවද? ඒවා ගැන කතා නැහැ (නි)

:       0       0

සවනත් Sunday, 27 November 2016 10:34 PM

අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේත් මේවට එකඟද? (නි)

:       0       0

ටෙහාන් Sunday, 27 November 2016 10:45 PM

අපිට නම් මේ ක්‍රමය ගැන ඇත්තේ ලොකු කළකිරීමක් (නි)

:       0       0

ටෙනිසන් Sunday, 27 November 2016 10:53 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ශාන්ත Sunday, 27 November 2016 11:00 PM

අනේ අහිංසක දේශපාලකයින් ටික. හරියට වැරැද්දක් කරලා අහුවුණා වගේ. මෙහෙම අසරණ අය වගේ නැතුව ප්‍රාණවත්ව ඉන්න. ලොකු වැඩක් කරන්න. (නි) යනකොට

:       0       0

දුමින්ද Sunday, 27 November 2016 11:32 PM

හොඳින් සිතාබලා කටයුතු කළයුතු අවස්ථාවක් (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 28 November 2016 08:50 AM

මෙතන දේශපාලුවෝ ටිකක් නේද ජාතික ලැයිස්තුවෙන් මොවුන්ව පාර්ලිමේන්තුව ගත්තේ මේවට කඩේ යවන්න කියල අපිනම් හොදටම දැනගෙන හිටිය හාමුදුරුවනේ.......? (බ)

:       0       0

ටිකිරි Sunday, 27 November 2016 11:45 PM

ස්වාමින් වහන්සේ කියන්නේ ඇත්ත. අපිත් එකඟයි (නි)

:       0       0

සත්‍යයා Sunday, 27 November 2016 11:52 PM

ඒ ස්වාමින් වහන්සේ කිව්වා කියා ජනතාව හැම දෙයක්ම පිළිගන්න අවශ්‍ය නැතිබව කාලාම සුත්‍රය අපට නිදසුන් දෙනවා. මෙතන තියෙන ප්‍රශ්නය සියලුම ජඩකම් කරනකොට එක දේශපාලුවෙක්වත් අඩුවශයෙන් ගමේ පන්සලේ හාමුදුරුවන්වත් දැනුවත් නොකර හොර රහසේම කර ගන්නවා. බෞද්ධ නායකයින්ට පමණක් දුක් ගැනවිලි කියන්න යන්නේ ලෙහෙසියෙන්ම අන්දන්න හැකි ජනතාව සිංහල-බෞද්ධයෝ නිසා. (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 27 November 2016 11:56 PM

සම්පූර්ණයෙන්ම සත්‍යයයි (නි)

:       0       0

සහන් Monday, 28 November 2016 09:03 AM

විශිෂ්ට මහා නායක හාමුදුරු නමක්. සමහරු අහනවා රටට මොකටද දැන් ව්‍යවස්ථාවක් කියල. අවුරුදු 30 ක් යුද්ධ කළේ ඔය ප්‍රශ්න නිසා තමයි. ඒ වගේම හාමුදුරුවනේ රටේ හැම දෙනාටම සමානාත්මතාවයෙන් ජීවත්වෙන්න ඉඩ ලැබෙන ව්‍යවස්ථාවක් හැදෙන්න ඔබ වහන්සේ වගබලාගන්න ඕන. බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවාසේම අනිත් ආගම්වලටත් නිසි තැන ලැබෙන විදිහට කටයුතු සලස්වන්න ඕනේ (බ)

:       0       0

ජගත් ලියනගේ Monday, 28 November 2016 01:03 AM

අපි නම් හිතන්නේ නැහැ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගනියි කියලා. මේ කවුරුත් කරන්නේ හම්බවුණ අවස්ථාවෙන් හම්බ කරගන්න එක (නි)

:       0       0

යෝනක Monday, 28 November 2016 01:05 AM

ඇත්ත. නැවත අවස්ථාවක් ආවේ නැත්නම් අපි අමාරුවේ (නි)

:       0       0

නිමල් ලලිත Monday, 28 November 2016 01:13 AM

සිංහල බෞද්ධ අයිතිය කවදත් රැකුණේ මහානායක හිමිවරුන් නිසාම නොවේ (නි)

:       0       0

කසුන් Monday, 28 November 2016 01:46 AM

සත්‍යා, මමත් ඔබ සමඟ එකඟයි. සිංහල බෞද්ධ ජනතාව මේ අවස්ථාවේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. (නි)

:       0       0

සුජිත් Monday, 28 November 2016 02:18 AM

දැන් හාමුදුරුවරුනුත් දේශපාලනයට ගැතිවෙලා වගෙයි (නි)

:       0       0

පියසිරි Monday, 28 November 2016 10:05 AM

හාමුදුරුවනේ රටේ පාලකයින්ට කඩේ යන්න කීයල බුදු දහමේ කොහේවත් කියල නැහැනේද, සීලයයි සිවුරයි රැකගත්තොත් නේද හොද,කඩේ නොයා. (බ)

:       0       0

පුස්සැල්ලේ විනීත හිමි Monday, 28 November 2016 02:30 AM

කියන්න පුලුවන්ද ව්‍යවස්ථාවේ තියෙන අඩුව. බලයට කෑදරකම විතරයි. කිසි වැඩක් නැහැ. අපි ලැජ්ජා වෙනවා දැන්නම් (නි)

:       0       0

ජයන්ත Monday, 28 November 2016 02:44 AM

කොහොමහරි අපිට ඉන්න තැනක් නැතිවෙනතුරු හැමෝම එකතුවෙලා රට විනාශ වෙන්න වැඩ කරන්නකෝ (නි)

:       0       0

ප්‍රියාන් Monday, 28 November 2016 02:46 AM

සමහර හාමුදුරුවන්ටත් පෙන්නේ නැහැ රටට වෙන්න යන විනාශය. උන්වහන්සේලාත් බලන්නේ උන්වහන්සේලාගේ දේශපාලන පක්ෂය පැත්තෙන් මිසක් රට පැත්තෙන් නොවෙයි.. (නි)

:       0       0

පාලිත Monday, 28 November 2016 02:50 AM

මහානායක හමුදුරුවරු රටේ ප්‍රශ්නවලදි මැදිහත් විය යුතුයි. හැබැයි ඒ දේශපාලකයන්ට, ඩොලර්වලට නෙමෙයි. මේ සිංහල බෞද්ධ රට යන තේමාව යටතේ. (නි)

:       0       0

සුනිල් Monday, 28 November 2016 12:26 PM

හාමුදුරුවන්ටත් කුට්ටියක් හම්බුවෙලා වගේ .(බ)

:       0       0

සොපි Monday, 28 November 2016 01:22 PM

මැදහත් දේශපාලන විශාරදයෝ දෙතුන් දෙනෙක්වත් මේ ගැන කියන්නේ මොනවද කියල හොඳින් විමසා බලා මිසක් හාමුදුරුවෝ කියපු පලියට ඕවට ජනතාවට එකඟ වෙන්න බැහැ (බ)

:       0       0

ජනක Sunday, 27 November 2016 02:24 PM

මේ වගේ අය බලයට එන්නේ නැහැනේ (හේ)

:       0       0

අසංග Sunday, 27 November 2016 03:26 PM

මොකක්ද තියෙන ව්‍යවස්ථාවේ අඩුව. රටේ වෙන ප්‍රශ්න නැද්ද විසඳන්න? ඡන්දයක් තියන්නකො පෙන්වන්න (නි)

:       0       0

ලුවිස් Sunday, 27 November 2016 04:23 PM

ඕකට ඔතරම් තියෙන හදිස්සිය මොකක්ද? කාගේ උවමනාවක්ද? (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Sunday, 27 November 2016 04:39 PM

අනේ හාමුදුරුවනේ, ඔය ව්‍යවස්ථාව හදන කමිටුවේ ඉන්නේ ඔක්කම රට වනසන කල්ලි වල අයනේ. රටට අාදරය කරන රට ගැන හිතන අයගේ මතය යට කරගෙන තමයි ඕක එළියට එන්නේ. (නි)

:       0       0

දයා රත්නායක Sunday, 27 November 2016 04:47 PM

මෙය සම්මත කරගැනීමට විරුද්ධ වන්නේ බලය වෙනුවෙන් පක්ෂග්‍රාහී වූ අය පමණයි කියායි මම නම් සිතන්නේ. (නි)

:       0       0

පහන් Sunday, 27 November 2016 04:56 PM

බුද්ධාගමට දැන් නිසි තැන නැහැ. අනික ඡන්ද නොතියා ඉන්නේ ඇයි? (නි)

:       0       0

සුන්දරලිංගම් Sunday, 27 November 2016 05:04 PM

මේක මම පිළිගන්නෙ නැහැ. අන්තිම වතාව කියලා එකක් නැහැ. (නි)

:       0       0

රජින්ද Sunday, 27 November 2016 05:05 PM

රටේ අවාසනාවට රටට හොඳක් වෙන කිසිම දෙයක් නොවෙන බව දැන් හැමෝම දන්නවා. ඒ නිසා මිනිස්සු දැන් රට ගැන තනියෙන් හිතනවා, එහෙම හිතලා තීරණ ගන්නවා. දැන් කවුරුවත් කියන ඒවා මිනිස්සු අහන්නේ නැහැ. (නි)

:       0       0

සනත් ඒකනායක Monday, 28 November 2016 06:10 PM

හාමුදුරුවනේ, ඒ ව්‍යවස්ථාව ගැන දන්නෙ නැති දේවල් දන්නා ගිහියෙකුගෙන් හරි ඉගෙනගන්න. ඕවා කියලා දෙන්න ආයේ බුදු හිමියන් වඩින්නෙ නැහැ (නි)

:       0       0

ජනහිත Sunday, 27 November 2016 05:09 PM

අපේ ව්‍යවස්ථාව දැන් සඟරාවක් බවට පත්වෙලා බව නොතේරෙන එක ගැන මට නම් පුදුමයි. අලුත් ව්‍යවස්ථාවකට වැඩිය තිබෙන එ්කෙම වෙනස්කළ යුතු තැන් කවුරුත් එකතුවෙලා වෙනස්කළා නම් හොඳ නැද්ද? මේ ව්‍යවස්ථා වෙනස් කිරීමේදී සිදුවන හානි හා යහපත ගැන හොඳට සිතාබැලිය යුතුයි. අනෙක ව්‍යවස්ථාවක් ඉක්මනට හදන්න යාමේදී නොයෙකුත් අඩුපාඩු එමට සිදුවීමට ඉඩ ඇත. (නි)

:       0       0

විදානේ Sunday, 27 November 2016 05:20 PM

මගේ හිතට එන සිතුවිලි කියන්න අමාරුයි (නි)

:       0       0

චමිදු Sunday, 27 November 2016 05:22 PM

මේ ආණ්ඩුව යටතේ සිදුනොවිය යුතුම දෙය මෙයයි (නි)

:       0       0

ප්‍රබෝද Sunday, 27 November 2016 07:14 PM

ඔබ වහන්සේ දන්නවද ඔය ව්‍යවස්ථාවේ තියෙන්නේ මොනවාද කියලා. ඉස්සරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඊටපස්සේ ජනමත විචාරණයකට යා යුතුයි. සහජීවන ආණ්ඩුවේ හැටියට අපිට නම් හිතාගන්න පුළුවන් මොනවාද තියෙන්නේ කියලා. බුදු සසුන තියෙන්නත් රටක් තියෙන්න එපැයි. (නි)

:       0       0

චන්න Sunday, 27 November 2016 08:49 PM

හොරු රැලට හොඳ ටොක්කක් (නි)

:       0       0

සමරසිංහ Sunday, 27 November 2016 09:43 PM

දේශපාලන පක්ෂ ඔලුවේ තියාගෙන රටට, ජාතියට ද්‍රෝහිවෙන්න නම් එපා හාමුදුරුවනේ (නි)

:       0       0

චන්ද්‍රිකා Sunday, 27 November 2016 10:09 PM

හාමුදුරුවරුන් දේශපාලනයට අතනොගසා  මහජන මුදල් නාස්ති  නොකර වැඩවිසීම වටී (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1781 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1356 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 382 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 515 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 232 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 151 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site