IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා‘

(ඩයනා උදයංගනී)

නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් අතර අද (29) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිවූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

 

 



අදහස් (16)

‘අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා‘

සකල ගුරු Friday, 29 April 2022 02:42 PM

මේ ලොක්කෝ නොදන්නා නිසා අහන්නේ..? ඇත්තටම පාර්ලිමේන්තුව හා අධිකරණය තියෙන්නේ ජනාධිපති යටතේද, නැත්නම් පාර්ලිමේන්තුවට ස්වාධීන තීරණ ගත නොහැකිද? මම හිතාගෙන හිටියේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා.. බැලුවාම පේන්නේ එකාධිපති රජයක් කියලා වහාම විධායක ජනාධිපති තනතුර අහෝසි කළ යුතුයි...

:       7       55

vinividaFriday, 29 April 2022 05:04 PM

රට දැවැන්ත අර්බුදයක මුහුණදී තිබියදී අන්තර්කාලීන ආණ්ඩුවකට සියලුදෙනා එකඟ වෙද්දී පොදුජනතාවගේ සුබසිද්ධිය පිළිබඳව නිතර කතාකරන්නා වූ රටේ විපක්ෂ නායක මේ අවස්ථාව මගහැර සිටින්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජනතා විරෝධී ජනතාව වෙනුවෙන් වගකීමක් ගැනීමට නොහැකි විපක්ෂ නායකවරයෙක් බව ජනතාව තීන්දු කරනු ඇත. ගෝලීය දේශපාලනයේ රටවල් තුළ ඇතිවන මෙවැනි අර්බුද එම රටවල දේශපාලන පක්ෂ මැදිහත්ව විසඳා නොගන්නේ නම් UN මැදිහත්ව ලෝකයේ වෙනත් බලවත් රටවල් මානුෂිය අයිතීන් (බෙහෙත් ආහාර, වෙනත් අවශ්‍යතාවන්) වෙනුවෙන් ලංකාවේ ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදයට මැදිහත්වීම වැළැක්විය නොහැක. රටේ ආර්ථිකය මුළුමණින්ම කඩා වැටි තිබෙන්නා වූ අවස්ථාවක ජනතා පීඩනය සහ අපේක්ෂාවන් අමතක කොට දේශපාලකයින් ඔවුන්ගේ තනතුරු, බලය සහ වෙනත් අරමුණු වෙනුවෙන් ඉදිරියටත් ක්‍රියාකර එමගින් ලංකාවට ජාත්‍යන්තර මැදිහත් වීමකට රට විවෘත වුවහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින්නා වූ අර්බුදය කළමනාකරණය කළ නොහැකි දේශපාලකයින් සියලු දෙනා එහි වගකීම ගතයුතුවේ...

:       8       5

Dr. Vajira FernandoFriday, 29 April 2022 08:03 PM

අරගලයේ ඉන්න තරුණ පිරිස් ඉල්ලන්නේ ගෝඨා ඇතුළු රාජපක්‍ෂවරුන් පාලනයෙන් ඉවත් විය යුතු බවයි. ඔවුන් බලයේ රැඳී සිටිමින් ගෙන එන කවර ආකාරයේ ආණ් ඩුවකටවත් මේ තරුණයින් අරගල භූමියෙන් ඉවත් කළ නොහැකියි.

:       0       0

දාස Friday, 29 April 2022 02:49 PM

එකම බඩු ටික අලුත් නමකින්, මිනිස්සු ඕවාට රැවටෙන්නෙ නෑ ගොබිලෝ...

:       4       64

නව ගජමිතුරු Friday, 29 April 2022 04:04 PM

පොහොට්ටුව, නව පොහොට්ටුව කියලා නම් කරමුකෝ ඔක්කොම ප්‍රශ්න විසඳේවි...!

:       2       21

pradeep Friday, 29 April 2022 02:58 PM

අර්බුදයේ නිර්මාණකරු උඩින්ම ඉන්නවා... කිසිම වෙනසක් නෑ. ඔයාලා කාවද මේ රවටන්න හදන්නේ?

:       4       49

Prabha Friday, 29 April 2022 03:00 PM

කොහොමහරි බලන්නේ ඉතුරු කාලෙත් කීයක් හරි හොයාගන්න. මේ වෙලාවේ ඡන්දෙකට ගියොත් ඇපත් නෑ කියලා දන්නවනේ.

:       2       48

ජයේ Friday, 29 April 2022 03:04 PM

අලුත් කෝච්චි පාරක් හදමුද අයියා, මල්ලී වගේ...!!

:       2       37

sashi Friday, 29 April 2022 03:25 PM

කාලෙ කාදමනවා විතරයි...!

:       1       32

HCH Amaraweera Friday, 29 April 2022 03:26 PM

ඕකටපත් වෙන්නේ කවුද? පරණ හොරුද? එකෙක් පත්කරනකොට අනිකා විරුද්ධ වෙන්නැද්ද? ඕක යතාර්ථයක් කරගන්නේ කොහොමද?.

:       0       16

පාල​ Friday, 29 April 2022 03:31 PM

ඔබතුමාත් එක්ක කන දීග ඉතින් රටටම අබ සරණයි තමයි...

:       0       22

siri Friday, 29 April 2022 03:35 PM

ජනාධිපතිවරයා ඊයේ කියා තිබුණා අගමැතිවරයා අයින් කරන බවක් පැවසුවේ නැහැ කියලා. මෙයා කියනවා "නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක්" පිහිටුවන්න ජනාධිපතිවරයා එකඟ වුණා කියලා. මෙකද්ද මේ කතා දෙකේ ඇත්ත කතාව? අර හැට හුටාහමාරෙන් වැඩි කොටසකුත් ඇතුළුව මුළු රටේම ජනතාව කියන්නේ "මේ සියලුම දෙනා හොරාකාපු සල්ලි ආපහු දීලා ගෙදර යන්න" කියලයි. මේක පැලැස්තර දාලා බේරගන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. "මේ සේරම විපත් රතුනූල් බඳින සාස්තර කාරියකගේ උපදෙස් පිළිපදිමින් අනුරාධපුර ශුද්ධ භුමිය කෙලසමින් සිදුකළ වැඩ කටයුතු නිසා රටට ඇතිවූ දේවශාපයක් නිසා සිදුවන දේ " කියලයි.

:       2       19

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 April 2022 03:36 PM

රට පුරා ජනතාව 'ගෝඨා ගෝ' කියමින් වීදි බැස සිටිනා අවස්ථාවක, ගෝඨාභය හා මෛත්‍රිලාගේ අන්තර්කාලීන ආණ්ඩුවලට ජනතාව කැමැති වේදැයි කියන්නට බැහැ. ඒ වගේම, විපක්ෂය 125ක් අත්සන් යෙදූ විශ්වාස භංගය බාර දෙනවලු. කොයි දේ හරියයිද දන්නේ නැහැ. මේ මෛත්‍රිගේ සෙට් එක ගැන නම්, සත පහකට විශ්වාසය තියන්නට හොඳ නැහැ. නීති විරෝධී හොර ආණ්ඩු හදලා, එයින්ද නොනැවතී මේ අයට බලයට එන්නට පාර කැපුවේ මේ සෙට් එක තමයි. කොහොම වුණත්, තවත් ජනතාවට කොකා පෙන්නුවොත්, මේ සෙට් එකට ගෙවල් වල යනවා තියා මේ රටේ වසනවා නම් බොරු....

:       3       34

විපරමා Friday, 29 April 2022 05:53 PM

පස්ස දොරින් දින 52 අගමැතිකම මහින්දයාට දීලා කරපු කෙළිය ලෝකෙම දන්නවා. මේ සැරේ කාටද දන්නේ නැහැ එන්න හදන්නේ..?

:       2       6

රොනි Saturday, 30 April 2022 06:39 AM

අන්තර් පාලනයක් බලාපොරොත්තු වන්නේ රටෙම ජනතාව නොවෙයි . විශේෂ යෙන්ම තනතුර අහිමි වු අය ,මෙහෙම පාලනයක් ගැන මැතිවරණ ප්‍රකාශනයන් හො ආන්ඩුක්‍රම විවස්තාවතුල සඳහන්ව ඇතිදැයි පලමුවෙන්ම සොයාබැලිය යුතුයි . දින 100 සුපිරි පාලනයක් ගැනජනතාව දැනුවත් කල සිරිසෙන ජනාධිපති වරයා සහ එහි නිර්මාණ කරු විජෙදාස රාජපක්ෂ කලින් කලට කරන දියාරු ප්‍රකාශ රටෙම ජනතාව පිලිගන්නවද ? කෙසෙ වෙතත් ආන්ඩුවක් පිහිටුවන්න 113 ක , සංඛ්‍යාව ක් අව්ශ්‍ය බව ආන්ඩුව ක්‍රමවිවස්තාවෙ සඳහන්ව ඇත . මේ අතර සජිත් ප්‍රෙමදාස මහාතා එහෙම ආන්ඩුවක කොටස් කරුවන් විම්ට අකමැත්ත මේ වනවිටත් ප්‍රකාශ කර ඇත. මේ අතර තමාට 117 ක පර්ලිමෙන්තු ආසන සංඛ්‍යාවක් ඇති බව අගමැති තුමා පවසයි ඔහු ගේ ප්‍රකාශ සුලුවෙන් තැකියහැකි නොවෙයි ඒ ඔහු හොන්දට තෙරුම් පරාදුවිඇති දෙසපාලකයෙක් නිසාය .මේ තත්වය මත අන්තර් පාලන ප්‍රරයත්නය පුස්සක් බවට පත් වෙන්න බොහො ඉඩ ඇත . කෙසෙ වෙතත් උදාවිඇති තවය අනුව රටෙ ආර්තිකය සමානතාවයකට ගෙන ඒම ලෙහෙසියෙන් කටයුත්තක් නොවෙයි .

:       0       0

Lelwala Saturday, 30 April 2022 07:18 AM

මිනිස්සුන්ගේ ඉල්ලීම 21 ව්‍යවස්ථාව, අන්තර් කාලීන ආණ්ඩුවක් නොව, කම්බ හොරු ටිකක් එකතු කරගෙන වෙනත් ආකාරයකින් පාලනය කිරීමක් නොව, ගෑස්, ඖෂධ, ආහාර, මිනිසුන්ගේ අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුකිරීම සහ වැටුප් වැඩිකිරිමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 74 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 343 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 577 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 335 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 493 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1536 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site