IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක්

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති සිවුවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමෙන් අනතුරුව තරගය අත්හැරදැමීම පිළිබඳව විරෝධය දක්වමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පවසයි.

ශ්‍රී ලංකාව පළමු තරග තුන අවසන් වන විට 2-1 ක් ලෙස පෙරමුණේ සිටි අතර ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ලැබුවේ නම් 3-1 ක් ලෙස තරගාවලිය ජය ලැබීමේ අවස්ථාව තිබුණි. සිවුවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 222 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ. වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන ශ්‍රී ලංකා පිල  ඕවර 3.2 කදී කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය. 

වර්ෂාවෙන් පසුව තරගය අත්හිටුවීමට විනිසුරුවරුන් තීරණය කිරීමෙන්, තරගාවලිය පහසුවෙන් ජයග‍්‍රහණය කිරීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහීලිය බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අත්හිටුවීමට විරෝධය පළ කරමින් එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ හිටපු ඉන්දීය වේග පන්දුයවන ක‍්‍රීඩක ජවගල් ශ්‍රීනාත් මහතාට ලිපියක් යොමු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා පැවැසුවේ පෝල් රයිෆල් සහ මැරේස් එරස්මස් යන මහත්වරු සමඟ සාකච්ඡ කිරීමෙන් අනතුරුව ක‍්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නොමැතිවීමෙන් තරගය අත්හැර දැමීමට තීරණය කළ බවයි. ඉතාමත් දියුණු පහසුකම් ඇති සිඞ්නි ක‍්‍රීඩාංගණයේ තරගය පැවැත්වීමට නොහැකි යැයි පවසමින් අතහැර දැමීම පිළිබඳව තමන් මවිතයට පත්වන බව ද මහේල පවසයි.

‘‘මීට මාස තුනකට පමණ පෙර වාර්ෂාව පැවතුනක් අපි නවසීලන්ත තරගාවලිය සම්පූර්ණයෙන්ම පැවැත්වුවා. ඒ වගේම දිගින් දිගටම වර්ෂාව ඇද හැලූණත් ලෝක කුසලානයේදී පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදීත් තරග පැවැත්වුවා’’ යැයි මහේල පවසයි.

 



අදහස් (0)

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක්

තත්සරණි Friday, 25 January 2013 11:04 PM

මොනවා කිවුවත් කළත් කැන්ගරුවන් සිංහයින්ට බයයි. (නි)

:       0       0

නිස්තාර් Monday, 21 January 2013 07:41 PM

බය වෙන්න එපා කොල්ලෝ, අපි දිනනවා. (නි)

:       0       0

උපුල් මීගමුව Tuesday, 22 January 2013 05:43 PM

හෙට එක කොහොම හරි දිනලා ඖෂ්ට්‍රලියාවේදී තරගාවලි දෙකක් දිනපු ලෝකේ එකම කණ්ඩායම අපි වෙමු . ඔබට ජය .(නු)

:       0       0

චතුරංග Monday, 21 January 2013 08:07 PM

ඕස්ට්‍රේලියාව අපට නිකන් නෝන්ඩි වුණා (අ)

:       0       0

බණ්ඩාර Monday, 21 January 2013 09:40 PM

අපි සිංහයෝ කියලා එයලට අමතකවෙලා. (නි)

:       0       0

දසුන් Tuesday, 22 January 2013 01:22 PM

නියමයි මහේල, ඒත් අපේ ක්‍රිකට් ආයතනයෙන් පරිස්සම් වෙන්න. ඔයාට ප්‍රශ්නයක් ඇති කරයිද දන්නේ නෑ (ස)

:       0       0

සම්පත් Tuesday, 22 January 2013 01:27 PM

ඔබ ගැන ආඩම්බරයි. අපි ඇත්තෙන්ම කොටින් නොව සිංහයින්ය. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 22 January 2013 01:53 PM

ඔන්න නියම දිනුම ...(ස)

:       0       0

නිශා Tuesday, 22 January 2013 01:56 PM

මහේල හරි (දී)

:       0       0

ඩෑම් Tuesday, 22 January 2013 05:13 AM

ඔවුන්ට කියන්න "ලෝක කුසලානයේදී මුණගැහෙමු" කියලා. (නි)

:       0       0

තිස්ස Tuesday, 22 January 2013 06:12 AM

ඔහොම යන් මහේල. අතාරින්න එපා. ඔබට ජය! (නි)

:       0       0

මාලක Tuesday, 22 January 2013 06:12 AM

ඕස්ට්‍රේලියාවේ අයත් කැමැත්තෙන් හිටියේ මැච් එක ගහන්න. වැරැද්ද එයාලා අතේ නෙමෙයි. (නි)

:       0       0

සමන් Tuesday, 22 January 2013 06:51 AM

අපි කොහොමහරි අනික් තරගය දිනාගනිමු. (නි)

:       0       0

අසේල Tuesday, 22 January 2013 07:08 AM

මහේල ගැන ආඩම්බරයි. (නි)

:       0       0

තිලක් Tuesday, 22 January 2013 07:11 AM

සුද්දන්ගේ පපුව‍ හොද නැහැ. (නි)

:       0       0

විජේ Tuesday, 22 January 2013 08:08 AM

අපේ තරගයට ජය නියතයි මහේල. (නි)

:       0       0

අසන්ක Tuesday, 22 January 2013 08:20 AM

සදරුවන්, කට පියාගෙන ඉන්න. (නි)

:       0       0

සමන් Tuesday, 22 January 2013 03:19 PM

කැන්ගරුවෝ බය වුණා අපේ කොල්ලොන්ට (ස)

:       0       0

රන්දිමාල් Tuesday, 22 January 2013 09:21 AM

අපි අවසාන තරගය දිනනවා (ස)

:       0       0

රොහන් Monday, 21 January 2013 05:22 PM

මේ අය බයවුණේ අපිට (අ)

:       0       0

සුසන්ත Monday, 21 January 2013 05:37 PM

ඔබ හරි ‍මහේල. (නි)

:       0       0

ලාරා Monday, 21 January 2013 05:50 PM

වැඩිය කෑගහන්න එපා. ඊළගට කියයි බෝල දමලා ගහනවා කියලා. (නි)

:       0       0

ෂිරාශ් Monday, 21 January 2013 05:53 PM

ඔවුන්ගේ බය අපේ ජයයි. (නි)

:       0       0

සදරුවන් Monday, 21 January 2013 05:54 PM

අනෙක් තරගය පැරදුණොත් තරගාවලිය සමයි. අපේ අයගේ ෆයිනල් ගැන දන්න නිසා වැස්ස එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ජයනාත් Monday, 21 January 2013 06:27 PM

මහේල, ඔබ නියම සිංහයෙක්. (නි)

:       0       0

දෝහා Monday, 21 January 2013 06:38 PM

ඔය සේරම කෙණෙහිලිකම් අපිටම තමයි. (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 22 January 2013 04:33 PM

මහේල වගේ කොන්ද පණ තියන නායකයෝ තමයි අපට ඕනෑ. නියමයි මහියා... (නි)

:       0       0

රමාල් Tuesday, 22 January 2013 10:01 AM

ශ්‍රීනාත් බයවුණේ අපිට (ස)

:       0       0

ඇලෙක්ස් - ඩුබායි Tuesday, 22 January 2013 04:36 PM

කැන්ගරුවෝ කොහොමත් බයයි සිංහයන්ට (ත)

:       0       0

ඩෑම් Monday, 21 January 2013 06:37 PM

කමක් නැහැ මහේල. අපි අනිත් තරගයවත් දිනලා අපි කවුද කියලා පෙන්නමු. (නි)

:       0       0

අරුණ Monday, 21 January 2013 06:54 PM

ඔබ හරි මහේල. (නි)

:       0       0

විපුල් Tuesday, 22 January 2013 05:19 PM

මහේල ඔබ සිංහයෙක්..!(නු)

:       0       0

පතිරණ ආරච්චිගේ විපුලසිරි Tuesday, 22 January 2013 05:19 PM

මහේල ඔබ නියම සිංහයෙයක්.  ඊළග තරය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා..!(නු)

:       0       0

සුජූව Monday, 21 January 2013 07:24 PM

මැච් එක නවත්වන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. හයියෙන් වැස්සෙත් නෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 112 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1370 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8358 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 496 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1806 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3502 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39031 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site