IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අන්තර්ජාතික සහය ලංකාවට ලැබෙනවා‘

ගංවතුර හා නායයෑම පීඩාවට පත්ව ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර රටවල් රැසක් ඉදිරිපත් ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (19) පැවැසීය.
 
1992 වසරෙන් පසු මෙරටට ඇති වූ ප්‍රබතලම වර්ෂා තත්ත්වය මෙය බවත් ඒ හේතුවෙන් රට තුළ ඉතිහාසයේ නොවූ ආකාරයේ ආපදා තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදි කීය.
 
රටේ පවතින ආපදා තත්ත්වය පිළිබඳ මෙරට සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් හා තානාපතිවරුන් අතර පැවැති හමුවකින් පසු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (19) මෙම කරුණු කීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද කීය.
 
“විදෙස් රටවල් රැසක් ආපදා තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සහාය කුමක් දැයි විමසා සිටියා. ඔවුන් අපේ අවශ්‍යතා මොනවා දැයි අසා සිටියා. ඉන්පසු කොළඹ සිටින තානාපතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ කෙටි සාකච්ඡාවක් පැවැත්වූවා.
 
ඒ අනුව සෑම රටක්ම අපේ හදිසි අවශ්‍යතාවලට උපකාර කිරීමට ඉදිරිපත් ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොව රටවල් රැසක් දැනටමත් ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. 
 
ගංවතුර හා ධාරාණිපාත වර්ෂාවෙන් වැඩිම හානියක් වී තිබෙන්නේ කොළඹ, ගම්පහ හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලටයි. ඊට අමතරව අනෙකුත් සෑම පරිපාලන දිස්ත්‍රික්කයටම අඩු වැඩි වශයෙන් හානි සිදු වී තිබෙනවා. 
 
ධාරණීපත වර්ෂය තත්ත්වය අඩු වන බවට වාර්තා වෙනවා. එසේ වුවද ආණ්ඩුවත්, නිලධාරීන් ඇතුළු සියලු දෙනා මුදා ගැනීමේ කටයුතු, සහන සේවා සැපයීම් දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඉදිරියේදී නිරිත දිග මෝසම ආරම්භ වෙනවා. එයත් සමඟ මේ තත්ත්වය තවත් දරුණු අතට හැරෙන්න පුළුවන්. 
 
විදේශ කටයුතු අමාත්‍යාංශය වශයෙන් අපට ලබාදිය යුතු සහාය ලබාදීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් කාර්යය සාධන බලකායක් ද පිහිටුවා තිබෙනවා.” යැයි විදේශ කටයුතු අමාත්‍යවරයා කීය
 
INFSL-05-20-01 INFSL-05-20-02
 



අදහස් (0)

‘අන්තර්ජාතික සහය ලංකාවට ලැබෙනවා‘

අමිරා Friday, 20 May 2016 04:41 PM

ඕකේ අරමුදල් වලට අපේ හිටපු රජතුමාවයි ඔහුගේ මිත්‍රයෙකුයි පත්කරගන්න බැරිද? සුනාමි අරමුදල් පාලනය කරලා සෑහෙන පළපුරුද්දක් එතුමන්ලාට තිබෙනවා (නි)

:       0       0

නිමල් Friday, 20 May 2016 04:55 PM

2003 වර්ෂයේ මේ අය කොහෙද හිටියේ? මතක නැද්ද නිල්වලා ගඟ, ගිං ගඟ, වලවේ ගඟ ඉතිරෙන්න වැස්සා. දෙනියායේ කඳු නාය ගිහින් කී දෙනෙක් පොළොවට මිහිදන් වුණාද? කොහොමහරි කමක් නැහැ, මිනිසුන්ට සහන සළස්වන්න ලැබෙන ආධාර නිසිපරිදි මිනිසුන්ට ලැබෙන්න සළස්වන්න. (නි)

:       0       0

රුවන්ති Friday, 20 May 2016 05:55 PM

මේ සැරේ නම් හොරකම් සිදුවෙන එකක් නැහැ වගෙයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 20 May 2016 06:17 PM

මේ සහනාධාර මුදල් සුනාමි ආධාර මෙන් හොරුන්ගේ අතට යන්න නොදී සුදුස්සන්ටම ලැබෙන්න සළස්වන්න. (නි)

:       0       0

ජයතු Friday, 20 May 2016 06:56 PM

පසුගිය රජය සුනාමි අාධාර මංකොල්ල කෑ අයුරින් දුෂිත දේශපාලුවන් සිටිනාතාක් කල් වර්තමාන රජයත් මේ අාධාර මංකොල්ලකෑම නොවැළැක්විය හැකියි. (නි)

:       0       0

ඉෆ්තීර් Saturday, 21 May 2016 07:55 AM

කෝ චීන ආධාර? (නි)

:       0       0

කපිල Sunday, 22 May 2016 07:30 AM

පීඩාවට පත්ව ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට පැමිණෙන සියලු දෙනාට ප්‍රනාමය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 324 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 19 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 517 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 225 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 413 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 801 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site