අන්තර්ජාලය ඔස්සේ පුරා පැය විසි හතරක් පැවති ‘අයි ට්‍රිපල්ඊ එක්ස්ට්‍රීම් 8.0‘ නම් ජාත්‍යන්තර සුප්‍රසිද්ධ පරිගණක ප්‍රශ්න පිළිතුරු වැඩසටහනට ඉදිරිපත්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ ඉංජිනේරු අංශයෙන් ‘ඌප්ස්‘ ශිෂ්‍ය කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ බව මහාචාර්ය රොහාන් මුණසිංහ පැවසීය. රටවල් සියයක් පමණ මේ තරඟයට ඉදිරිපත් විය.
මෙම තරඟය ඔක්තෝබර් 18 උදේ 5.30 ට ආරම්භවී 19 උදේ 5.30 දක්වා අඛණ්ඩව පැවැත්විණි.
ජයග්‍රහණය හිමිකරගත් ශිෂ්‍ය කණ්ඩායමට වරුණ ජයසිරි සහ තිළිණ අඹගහවත්ත නමැති පශ්චාත් උපාධි අපේක්ෂකයින් සහ අවසන් වසරේ ශිෂ්‍ය නිපුණ සමරසේකර ඇතුළත් විය. මෙම ශිෂ්‍ය කණ්ඩායම තරඟය අවසන්වීමට පැය දෙකකට පෙරාතුව තම පිළිතුරු ලියා අවසන් කිරීමද විශේෂත්වයකි.
මෙය ජාත්‍යන්තරව සුපතළ සුවිශේෂී මෙන්ම අග්‍රගන්‍ය තරඟයකි. එක දිගට ප්‍රශ්න විසිතුනක් මෙහිදී අන්තර්ජාලය හරහා ඉදිරිපත්වෙයි. ඒ සඳහා විසඳුම් ලහිලහියේම සැපයිය යුතුය. මෙම තරඟයට සහභාගීවුණු තණ්ඩායම් ඉදිරිපත් කර තිබුණ විසඳුම් සංඛ්‍යාව ලක්ෂ තුනකි. ඒ අතරින් හොඳම පිළිතුරු තෝරාගෙන එහි ප්‍රතිඵල දැනට දින කිහිපයකට පෙර නිකුත් කළේය.
මෙම තරඟයේ ප්‍රථම ස්ථානය අයිස්ලන්තයේ රික්ජාවික් විශ්වවිද්‍යාලයත් දෙවැනි ස්ථානය අමෙරිකාවේ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයටත් හතරවැනි සහ පස්වැනි ස්ථාන චීනයේ සන් සැට්යෙන් විශ්ව විද්‍යාලයටත් හිමිවිය.
අමෙරිකාව කේන්ද්‍රකොට ගත් අයි ට්‍රිපලි එක්ස්ට්‍රීම් නමැති ලෝකයේ පිහිටි අග්‍රගන්‍ය හා විශාලතම විද්‍යුත් හා විදුලිය ඉංජිනේරු ජාලය මඟින් මෙම තරඟය පවත්වයි.
මොරටුව විශ්වවිද්‍යාලයයේ ජයග්‍රාහී ශිෂ්‍ය කණ්ඩායමට මග පෙන්වීමත් අධීක්ෂණයත් කළේ මහාචාර්ය රොහාන් මුණසිංහ සහ ආචාර්ය රංග රොද්‍රිගු යන මහත්වරුන්ය.
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අන්තර්ජාල තරගයෙන් මොරටු සරසවිය තෙවැනි තැනට
ගම්‍යා Saturday, 15 November 2014 02:14 AM
ජානකි, හොඳ ප‍්‍රතිචාරයක්, මමත් කටුබැද්දේ දක්ෂ වැඩක්, වර්ජන, ගර්ජන, නවකවදය ජීවිතය කරගත් උන් මේක වනසනවා. (බ)
සුගත් Saturday, 15 November 2014 03:39 AM
මගේ සුබපැතුම් අපේ වීරයන්ට.(හේ)
සංගීත් Saturday, 15 November 2014 05:16 AM
සරසවි සිසුන් ගැන පළවුණ වෙනත් ලිපියකට අදහස් දක්වපු අපේ උගත් පාඨකයෝ බොහොමයක් ලංකාවේ සරසවි සිසුන් දැක්කේ උද්ඝෝෂණ කිරීමට පමණක් දන්නා පිරිසක් විදියට යි. අද කෝ ඒ අය ගේ අදහස්? මේ කණ්ඩායමට සුබ පතනවා. ඉදිරියටත් ජයෙන් ජය ම වේවා...! (හේ)
චන්ද්‍රසිරි Saturday, 15 November 2014 05:30 AM
ලංකාවෙ ඉන්ජිනෙරුවො තමයි ලෝකෙ ඉන්න දක්ෂයෝ . එක වෙන රටවල අයත් එක්ක වැඩකරන කොට තේරෙනව. (අ)
මිලින්ද Friday, 14 November 2014 01:46 PM
අපේ රටේ මොනතරම් සම්පත් තියෙනවාද කියලා දැන් තමයි තේරෙන්නේ (දී)
ලහිරු කෝකිල Friday, 14 November 2014 01:49 PM
සුභපැතුම් යාලුවනේ (දී)
අනුරාධ සංජීව Sunday, 16 November 2014 04:06 AM
ඇත්තෙන්ම ආඩම්බරයි අපේ විශ්වවිද්‍යාලය ගැන. අපි ලෝකෙන්ම 282 වුනා.ළඟදීම මේ අයියලගේ මට්ටමට එන්න ඕන.(හේ)
නුවන් Saturday, 15 November 2014 06:30 AM
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් කවදාවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පටු දේශපාලනික අවශ්‍යතා සපුරන්න කඩේ ගියේ නෑ. ප්‍රශ්නයක් තිබුන නම් ශිෂ්‍ය නායකයෝ පරිපාලනය එක්ක කෙලින්ම සාකච්ඡා කළා. අඩු වයසෙන් විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා හොඳ රස්සාවල නියුතු වෙලා රටට වැඩක් කරනවා. තෙරුවන් සරණයි. !!! (අ)
වසන්ත Friday, 14 November 2014 02:05 PM
මේ ළමයින් අන්තරේට සම්බන්ද නැතුව ඇති.එක නිසා තමා මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්.සුබ පැතුම්. (දිල්)
කුමාරි - කැනඩාව Friday, 14 November 2014 02:47 PM
උණුසුම් සුබපැතුම්. බුදුසරණයි.! (ර)
ඉන්දික Friday, 14 November 2014 04:29 PM
ලංකාව ජයග්‍රහණය කරා ගෙනගිය අපේ දරුවන්ට සුබ පැතුම්.! (ර)
ගයාන් Friday, 14 November 2014 06:20 PM
හද පිරි සුභ පැතුම්.! තිළිණ මල්ලි කොහොමත් වැඩ කාරයා නේ. (ර)
රාමා Friday, 14 November 2014 09:08 AM
අපේ දක්ෂ පුතුන්ට සුබ පැතුම් (බ)
හර්ෂ Saturday, 15 November 2014 11:27 AM
මගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
මාගෙදර ගමගේ Friday, 14 November 2014 08:39 PM
මගේ හෘදයාංගම සුබ පැතුම්! (නි)
සිදත් Friday, 14 November 2014 09:30 AM
ගණිතය අංශයන් ලන්කවන්ම පලුමු තැනට අපු අපේ නිපුන මල්ලිත් මේ පොටෝ එකේ ඉන්නවා.ඔබට අපේ උණුසුම් සුබ පැතුම් ! (බ)
විජේවීර ගුණතිලක Friday, 14 November 2014 09:34 AM
මගේ හෘදයාංගම සුබ පැතුම් (බ)
ලලිත් Friday, 14 November 2014 09:38 AM
හරිම සතුටුයි. තව තවත් ජයග්‍රහණ .ලැබේවා. (දිල්)
නාලක Friday, 14 November 2014 09:47 AM
රටටම ආඩම්බරයක්. උණුසුම් සුබ පැතුම්.(හේ)
නන්දන Friday, 14 November 2014 09:47 AM
සුබ පැතුම්.(හේ)
අකිත Friday, 14 November 2014 09:52 AM
සියළුම දෙනාටම උණුසුම් සුභ පැතුම්.(හේ)
සිරිසේන Friday, 14 November 2014 09:52 AM
අපේ ළමයින් දක්ෂයි.තව ඉදිරියටම යන්න පුළුවන්.(හේ)
දසුන් Friday, 14 November 2014 09:52 AM
ජය වේවා.(හේ)
ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 12:41 PM
එක සිතින් සුබ පතනවා මේ ලැබූ ජයග්‍රහණයට.(හේ)
කුමාරන Friday, 14 November 2014 09:52 AM
අපට බැහැ ,කියා කියා ඉන්න උදාසීන,මිනිසුන්ට මෙය හොඳ පිළිතුරක්.බැහැ නොකියා හැම විටම ඕනෑම අභියෝකයකදී උත්සහ කර බලමු.අපිටත් පුළුවන් බව ප්‍රතිපලයෙන් පෙනේවි .(හේ)
කුමරන Friday, 14 November 2014 10:05 AM
අපට බැහැ, කියා කියා ඉන්න උදාසීන මිනිසුන්ට මෙය හොඳ පිළිතුරක්. බැහැ නොකියා හැම විටම ඕනෙම අභියෝකයකදී උත්සහ කර බලමු. අපිටත් පුළුවන් බව ප්‍රතිපලයෙන් පෙනේවි. (ර)
සිරි Friday, 14 November 2014 10:07 AM
මගේ සුභ පැතුම්.! (ර)
ජානකි Saturday, 15 November 2014 12:02 AM
සුභ පැතුම්! මෙන්න මේ වගේ රටට වැඩ ඇති දරුවන්ට අපේ මහන්සියෙන් උපයන බදු සල්ලි වියදම් කරලා යහපතක් කරන්න. දකිනකොටත් අවංක සතුටක් එනවා. වර්ජන, ගර්ජන, නවකවදය ජීවිතය කරගත් අයට අපේ කිසිම පැහැදීමක් නැහැ. (නි)
සිල්වා Friday, 14 November 2014 11:22 AM
ලංකාව ජයග්‍රහණය කරා ගෙනගිය අපේ දරුවන්ට සුබ පැතුම් !!! (නි)