IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අන්තර් ජාතික කි‍්‍රකට් තරග යළි දඹුල්ලට ?

වසර ගණනාවක් තිස්සේ තරග නොපැවැත්වූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ නැවතත් කි‍්‍රකට් තරග පැවැත්වීම සම්න්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝජිතයෝ පිරිසක් ඉකුත්දා ඉනාමළුවේ ශ්‍රී සුමංගල මල්වතු මහ විහාරයේ රංගිරි දඹුල්ල පාර්ශ්වයේ මහ නායක හිමියන්  හමුවූහ.

මාතලේ කි‍්‍රකට් සංගමයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් යන මහත්වරුන් සහ මාතලේ කි‍්‍රකට් සංගමයේ සභාපති, ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද ඇතුළු නියෝජිත පිරිසක් මෙම සාකච්ඡුාවට සහභාගි වූහ.

දඹුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණය නිරීක්‍ෂණය කිරීමෙන් පසුව නියෝජිත පිරිස ශ්‍රී සුමංගල මහ නාහිමියන් සමඟ සාකච්ඡුා කළ අතර එහිදී නිශාන්ත රණතුංග මහතා පැවසුවේ පසුගිය කාලයේ පැවති මූල්‍ය අර්බුදය නිසා කී‍්‍රඩාංගණයට විදුලිය ලබා ගැනීමේ අපහසුතා ඇති වූ බවයි. නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා කියා සිටියේ රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණය නොමැතිව මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවේ පැවැත්මක් ගැන සිතිය නොහැකි බවයි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉනාමළුවේ සුමංගල මහා නාහිමියන් පැවසුවේ කී‍්‍රඩාංගණය ප‍්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් තමන්ට ප‍්‍රශ්නයක් පැන නැගී තිබෙන බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර කී‍්‍රකට් තරග රංගිරිදඹුල්ල කී‍්‍රඩාංගණයේ නැවතත් පැවැත්වීමේ හැකියාව පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා නාහිමියන්ට පැවසීය.

 



අදහස් (0)

අන්තර් ජාතික කි‍්‍රකට් තරග යළි දඹුල්ලට ?

ෂාහිම් Thursday, 30 May 2013 07:53 PM

දඹුල්ල කී‍්‍රඩාංගණය යනු ජාතික සම්පතකි. එය විනාශ වෙන්නට ඉඩ දෙන්න එපා.(නදී)

:       0       0

chanaka Thursday, 30 May 2013 09:07 PM

ජාතික සම්පත් විනාස නොකර ඉන්න එක තමි හොදම

:       0       0

චානක Thursday, 30 May 2013 09:07 PM

ජාතික සම්පත් විනාශ නොකර ඉන්න එක තමයි හොදම. (නි)

:       0       0

පාලින්ද Thursday, 30 May 2013 04:54 PM

අහන්නත් සතුටුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 674 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 921 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2020 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4307 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2250 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 840 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site