IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අන්තරේ ජපුරෙන් කොළඹට

අන්තර් විශ්ව විද්‍යාලීය  ශිෂ්‍ය බළ මණ්ඩලය සංවිධානය කරන  පා ගමන අද (03) දහවල්  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින්  ආරම්භ විය.

ගමනාන්තය කොළඹ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විය. නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස දිනා ගැනීම මෙහි අරමුණයි.

හයිලෙවල් මාර්ගය  ඔස්සේ  පැමිණි මෙම පාගමනට සියලු විශ්ව විද්‍යාලයන් නියෝජනය වන  පරිදි  සිසුහු  5000 කට අධික පිරිසක්  එක්ව සිටියහ.

 ආණ්ඩුවේ  විශ්ව විද්‍යාල ශිෂ්‍ය  මර්ධනයේ උපරිම අවස්ථාවට  ලග‍ෙ වෙමින් පවතින බවත්  මේ වන විට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා  ඇතුලු  සිසුහු 190 දෙනකුගේ  පන්ති තහනම් කැර  ඇති බවත්  ශිෂ්‍ය භාවය නැවත ලබා දී  තහනම ඉවත් කරන ලෙසත්  ඔවුහු ඉල්ලති.



අදහස් (0)

අන්තරේ ජපුරෙන් කොළඹට

ගයෝමි Wednesday, 03 July 2013 06:52 PM

මහින්ද අධ්‍යාපනයට ගරු කරන්නේ නැහැ.(නදී)

:       0       0

ඇසල Wednesday, 03 July 2013 06:56 PM

ජේ.වී.පී එක තියනකම් උසස් අධ්‍යාපනේ ගොඩ ගැනීම බොරු. කවද හරි දෙමුපියෝ එකතුවෙලා මුන්ට ගහල එලවපු දාට තමයි අධ්‍යාපනේ ගොඩ ගන්න පුළුවන් මොන ආණ්ඩුව තිබුනත්. කහපාට මහත්තුරු ටික නම් උපාදිය ගත්ත ගමන් කලිසමක් ගහල පන්සලට ආයුබෝවන් කියයි. අපේ උපාසක අම්මල දොහොත් මුදුන් තිය වදින්නේ මේ මහතුරුන්ට තමයි කවදාවත් නොදකින නිවනක් දකින්න බලාගෙන.(නදී)

:       0       0

නන්දික Wednesday, 03 July 2013 07:05 PM

ගයෝමි, අධ්‍යාපනයට ගරු කරන්න අධ්‍යාපනයක් තියෙන්න ඕනිනේ ......... (ත)

:       0       0

නිශ්ශංක Wednesday, 03 July 2013 07:06 PM

රට හදන්න කලින් ජේ.වී.පී පෝස්ටර්ස් විසිකරලා. ඉගෙනගෙන තැනකට වරෙල්ලැ. මේවගේ වැඩවලින් ලැබෙන කිසිම දෙයක් නැහැ. ජේ.වී.පී උන් ජොබ් දෙන්නෙත් නැහැ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 July 2013 07:20 PM

මේ අපේ අනාගත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරියට එන අපේ හාමුදුරුවරු. මේ හාමුදුරුවරු දැකීමෙන් නම් හිතට සතුටක් දැනෙන්නේ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 July 2013 07:21 PM

අන්තරේ නැතිනම් මුන් මෙලහකටත් අධ්‍යාපනය විකුනන් කාලා ඉවරයි. ඒක මොලේ කළදක් තියෙන ඕනෙම මැට්ටෙකුට වුනත් තේරෙනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 July 2013 07:23 PM

අධ්‍යාපන ඇමතිකම් දෙන්න ඕනේ ඒ සදහා සුදුසු කම් තියෙන අයට. දැන් නම් මේ රටේ අධ්‍යාපනය විනාහ කරලා ඉවරයි. ඒ කොන්ත්‍රාත්තුව නම් හරියට කෙරීගෙන යනවා.(නදී)

:       0       0

නලින් ප්‍රනාන්දු කළුතර Wednesday, 03 July 2013 08:21 PM

පාරවල් අවහිර කරලා උද්ගොශනය කරන එක දැන් අලුත් විලාසිතාවක් වෙලා .මේගොල්ල කරන්නේ බොරු .මේ සටන් පාටයට අවුරුදු 20 විතර පරණ එකක් .මේ කාලය තුල උගතුන්, බුද්ධිමතුන් බිහි උනේ නැද්ද.මේ උද්ගොශනය කරන ඔක්කම විශ්වවිද්‍යාලවලින් අයින් කරන්න ඕන.එතකොට තමයි. නිදහස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබෙන්නේ .මේ අය කීප දෙනෙක් පමණි . මුන් උන්ගේ අධ්‍යාපන කාලයත් විනාස කරගෙන අනිත් ශිෂ්‍යන්ගේත් කාලය කාල ඒ මදිවට පාරේ යන අපෙත් කාලය කනවා.(අ)

:       0       0

ජික්සියාම Wednesday, 03 July 2013 08:39 PM

අන්තරේ ජේ වී පී නෙවෙයි අර පෙරටුගාමී ද මොකක්ද එකෙන් තමයි දැන් කොන්ට්‍රෝල් වෙන්නේ. අපරාදේ ජේ වී පී එකට බනින්නේ.(අ)

:       0       0

මාම Thursday, 04 July 2013 10:41 PM

අනේ! කවදා හෝ ලංකාවට නිදහස් අධ්‍යාපනය ලැබේවා! (නි)

:       0       0

කිරි Thursday, 04 July 2013 10:51 PM

හරි අපි කියමුකෝ මේ ළමයි කඩේ යනවා කියලා කාටහරි. නමුත් හිතපල්ලා මුන් ඉල්ලන්නේ වැරදි දෙයක්ද කියලා. එදා ඉදන් මේ මිනිස්සු මේවට කෑ ගැහුවේ නැත්තම් නිදහස් අධ්‍යාපනය නැති වෙලා ගොඩක් කල්. රටේ තියන ඔක්කොම විකුනුවාම හරිද? තව ටික කාලයකින් නිදහස් සෞඛ්‍යත් විකුණයි. මෝඩ මිනිසුන් සිටින රටක බුද්දිමතුන් සුළුතරයට තැනක් නැත. දුකයි රට ගැන. දුප්පතුන් ගැන.(නදී)

:       0       0

රණා Thursday, 04 July 2013 06:42 AM

ටියුෂන් ක්ලාස් නිසා ඇති අය විතරයි කැම්පස් යන්නේ. දුප්පත් කෙනකුට රට ගිහිල්ලා හරි කීයක්හරි හොයාගන දැනුමක් ගන්න ආයතනයක් හදන්න මේ ඉරිසියාකාර මිනිස්සු වළක්වනවා. එහෙම නම් අවම ලෙස ඇත්ත දුප්පතාට ආදරය නම් ටියුෂන් වලට විරුද්ධවත් පෙළපාලි යන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර Wednesday, 03 July 2013 09:06 PM

ඉස්සර අන්තරේ හිටපු එකෙක් ඇමති වෙලා අන්තරේ ටම කෙලිනවා .(අ)

:       0       0

සමන් Thursday, 04 July 2013 07:01 AM

මේ අය සල්ලි දීලා ඉගෙන ගත්තා නම් ,මෙහෙම කරාවිද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 09:24 PM

තිලක් ඩුබායි වලට වෙලා හීන දකින්න..මෙහෙටනම් එන්න එපා.ඩුබායි වලට ලංකාවෙන් මීහරක් යවනවා කියල දෙන ගත්තේ අද..(අ).

:       0       0

කුමාර Thursday, 04 July 2013 11:04 AM

විශ්ව විද්‍යාල ළමයින්ට දේවේශ සහගත ලෙස මෙහි අදහස් ප්‍රකාශ කර ඇති අය අපොස සා .පෙ වත් සමත් අය නොවන බව පැහැදිලිය.(නදී)

:       0       0

මොහාන් Friday, 05 July 2013 12:58 AM

නිදහස් අධ්‍යාපනයට ජය වේවා! ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා! (නි)

:       0       0

සරත් Wednesday, 03 July 2013 09:36 PM

දරුවන්ට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබිය යුතුයි (අ)

:       0       0

ඉෂාර Thursday, 04 July 2013 08:50 AM

ඇත්තටම මට නං මේ එක මූනකවත් උගත් බවක් පේන්නෙ නෑ. අර බෝක්කු උඩ කාලය කන අයගේ රූපම තමා. (ස)

:       0       0

තිලක් Thursday, 04 July 2013 09:16 AM

ඉෂාර, පොලවේ පය ගහලා ජීවත් වෙන්න. මේ දරුවන් දුෂ්කර පාසල් වලින් ඉගෙනගෙන ඉහලින්ම සමත් වෙලා තමා විශ්ව විද්‍යාල වලට එන්නේ.මහජන මුදලින් සැප විදලා සැප කාර් වලින්,සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු දරුවන් නෙමෙයි. (නි)

:       0       0

තිලක් Thursday, 04 July 2013 09:20 AM

පෙරේරා,ඔහේලා වගේ අයට ලක්ස 65 ක් තියෙනවද පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවලා උගන්වන්න. ඉන්දියන් අය කෝටි දෙකක් වියදම් කරනවා උසස් අධ්‍යාපනය ගන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 04 July 2013 09:23 AM

මේ අවරුදු 5 තුල අධ්‍යාපනය බල්ලටම ගියා. ඉස්සර අපි දරුවන් 1 පන්තියට ඇතුලත් කලේ නොමිලේ. දැන් ලක්ස 2 කක් ඇමතියට දීල තමයි නම ඇතුලත් කර ගන්න සිද්ද වෙලා තියෙන්නේ. ඉන් පස්සේ මොන තරම් මුදල් කන්දරාවක් වියදම් කරන්න වෙලා තියෙනවද. දුප්පත් පාසල් දාස් ගානක් වහල දාල තියෙනවා.(නදී)

:       0       0

වාසල Thursday, 04 July 2013 12:10 PM

"කෝටි ගනන් බිහිවේවා! මගෙ පුතු මෙන් තව පුතුන්. කිරි මව් ලෙස ලග ඉන්නම් එවන් පුතුන් ලග. උතුම් අධ්‍යාපණයේ වටිනාකම නොදන්නා හා අද එයට වෙමින් පවතින හානිය නොදන්නා මෙහි අදහස් දක්වා ඇති අයගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ හෙට දවස ගැන කනගාටු වෙමි. ඒ වගේම මේ ජායාරූප වල ඉන්න කිසිවෙක් කරන්නේ උන්ගේ බඩවියත ගැන හිතා කරන අරගලයක් නොවෙයි. රටේ දරුවන්ගේ හෙට ගැන හිතා කරන අරගලයක්. අපේ රටේ ව්ශ්ව ව්ද්‍යාල රටේ අධ්‍යාපණයට ලබා දි ඇති ජයග්‍රහන කොතෙක්ද කියා නොදන්නා තාක් මේ වාගෙ වටිනාකම් බාහිර ඉන්න අයට තේරෙන්නෙ නැහැ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 04 July 2013 09:26 AM

විශ්වා විද්‍යාල ටිකත් විකුනපු දවසට තේරීවි මෙතන ප්‍රතිචාර දාල තියෙන පෙරේරා වගේ අයට. ලක්ෂ 65 තියාගෙන ඉදපල්ලා අත දරුවෙකුට උසස් අධ්‍යාපනය දෙන්න ඕනා කියලා හිතනවානම්.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 03 July 2013 11:26 PM

සමහර අය දාන ප්‍රතිචාර දැක්කහම මට හිතෙන්නේ ලංකාවේ අධ්‍යාපනයක් තිබ්බෙම නැද්ද කියලා. හරිම කුහක කොමෙන්ට් දාන්නේ. මේ මිනිස්සු යමක් පෙන්නන්ඩ ඇගිල්ල දිගු කරාම ඇගිල්ල දිහා බලලා තේරුන් ගන්න සෙට් එකක්. මේ රටේ පාලකයින්ට හරි පහසුයි මේ වගේ අය පාලනය කරන්න.(නදී)

:       0       0

අචිනි Thursday, 04 July 2013 09:36 AM

අයෝමි, ගරු කරන්න එකේ වටිනාකමක් දැනගෙන ඉන්න ඕනේ නේද..? (ස)

:       0       0

කුමාර Thursday, 04 July 2013 03:26 PM

චන්ද්‍රා ඔබගේ නායකයින් එදා ළමයින්ගේ ඔලු කටු හිල් වෙන්න පරාල ඇන ගහපු නිසා තමයි හැමදාම විපක්ෂයට වෙලා ඉන්න උනේ

:       0       0

චන්ද්‍රා Thursday, 04 July 2013 12:02 AM

මේ ඔක්කොම බොරු වැඩ , මුන් බොරු කලර් පෙන්නන්න හදන්නේ. මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. රනිල් හිටියානම් පෙන්නයි වැඩ. අපිට මතක තියෙනවා 82 පන්න පන්න ගහපු හැටි විජේරාමේදී.(නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 04 July 2013 12:04 AM

190 නෙවේ ජේ.ආර් හිටියානම් ඔය ඔක්කෝටම ගෙදර තමයි යන්න වෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3618 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1301 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site