IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අන්තරේ තහනම කඩයි

සිව් වසරේ සම සෞඛ්‍ය උපාධිය වසර තුනක් දක්වා අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන විරෝධතාවක් නිසා කුරුඳුවත්ත සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.

උද්ඝෝෂකයන් කුරුඳුවත්ත පොලිසිය දෙස සිට කොල්ලුපිටියට යමින් සිටින බවත්, ඔවුන් එක් මන්තීරුවක යද්දී අනෙක් මන් තීරුවේ වාහන ගමන් කරන බවත් පොලිසිය පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් 17 දෙනකුට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අඟහරුවාදා (7) නියෝග කෙළ් කොල්ලුපිටිය, කුරුඳුවත්ත හා කොම්පඤ්ඤවීදිය පොලිස්වසම්වල පෙළපාළි හෝ උද්ඝෝෂණ නොපවත්වන ලෙසයි.

ඩීන්ස් පාර,  ලිප්ටන් වටරවුම, ද සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කොල්ලූපිටිය හන්දිය,  ආනන්ද කුමාරස්වාමි මාවත, මල් පාර, ග්‍රීන් පාත්, මාකස් ප්‍රනාන්දු මාවත, ඇල්බට් ක්‍රෙසන්ට්, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මාවත, වෝඩ් පෙදෙස, බෞද්ධාලෝක මාවත, කිංසි පාර, ජේම්ස් පීරිස් මාවත, උත්තරානන්ද මාවත, ආර් ඩී මෙල් මාවත, ගාලූ පාර, ඩුප්ලිකේෂන් පාර යන මාර්ගවලට මහේස්ත්‍රාත් විසින් උද්ඝෝෂණ තහනම් කැරුණු බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

අන්තරේ තහනම කඩයි

සත්‍යා Wednesday, 07 May 2014 10:38 PM

අන්තරේ සටනට අපේ උත්තම ආචාරය.(නදී)

:       0       0

අහමඩ් Wednesday, 07 May 2014 10:54 PM

දේශපාලනිකරණය වූ බවක් තමයි අපිට නම් පෙන්නේ (දී)

:       0       0

විශ්ව විද්‍යාල සිසුවෙක් Wednesday, 07 May 2014 10:54 PM

සාධාරණයක් ලැබෙනා තුරු අන්තරේ සටන් කරනවා ජයවේවා (දී)

:       0       0

කුමාර Wednesday, 07 May 2014 03:44 PM

සම සෞඛ්‍ය සිසුන්ගේ අරගලයට අපගේ විප්ලවීය ආචාරය!!!!!(දිල්)

:       0       0

කුසුම් Wednesday, 07 May 2014 11:44 PM

කලන, ඔබට බන්දුල පෙරේරා දී ඇත්තේ කදිම පිළිතුරක්. ඔබ මෙන්ම විශ්වවිද්‍යාල බොහෝ සිසුන් යන්නේ වැරදි මාවතක බව වටහා ගන්න. (දී)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 04:02 PM

උද්ඝෝෂණ යුතුයි. නමුත් නීතියත් රැකගෙන වැඩ කළොත් කාලෝචිතයි. (ස)

:       0       0

රෂි ප්‍රනාන්දු Wednesday, 07 May 2014 04:07 PM

අපේ කොල්ලො කෙල්ලො නිකන් මහන්සි වෙනවද මන්දා. මොකද ඉතින් මේවා ගැන බලන්න කවුරුත නැනෙ.(ස)

:       0       0

කල්ප Wednesday, 07 May 2014 04:27 PM

මේ උද්ඝෝෂණය ඉතාම සාධාරණයි. මේවට විසදුම් ඉක්මනින් ලබා දිය යුතුයි. (ස)

:       0       0

සාරංග Wednesday, 07 May 2014 04:29 PM

උසාවි නියෝග නියෝග ගණන් ගන්නේ නැහැ කියන්නේ නීතියට අපහස කළා වැනිය (දී)

:       0       0

ප්‍රසාදිනි Wednesday, 07 May 2014 04:37 PM

රටේ පවතින නීතියට අවනත වෙන්න බැරි නම් මෙයාලට උපරිම දඩුවම දෙන්න ඕනෙ. (ස)

:       0       0

ඉන්දික Wednesday, 07 May 2014 05:02 PM

මේ ගොල්ලෝ උද්ඝෝෂණ කර කර අවුරුදු 7-8ක් ඉන්නවා. උතුරේ කිසිම උද්ඝෝෂණයක් නැහැ. අවුරුදු 4-5න් කැම්පස් එකෙන් එළියේ. අනිත් එක මේ උද්ඝෝෂණ කරන අයව පුද්ගලික ආයතන වලට ගන්න කැමතිත් නැහැ. ඒගොල්ලොන්ට නැතුව උතුරේ දෙමළ තරුණයින්ට රස්සා දෙන්න හුඟක් අය කැමතියි. මොකද ඒ ගොල්ලෝ උද්ඝෝෂණ නැතුව වැඩේ හරියට කරන නිසා. තරුණයන්ව අනාථ කරවන අය මේවට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

ජයසිංහ Wednesday, 07 May 2014 05:05 PM

නීතිය ගණන් ගන්නේ නැහැ කියන්නේ ? ප්‍රේමදාස මහත්තයා නැති පාඩුව තමයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 07 May 2014 05:29 PM

තරුණයෝ තම ප්‍රශ්න වලට මහ පාරේ. ඒත් තවත් පැත්තක තරුණ සමුලු? (නි)

:       0       0

අයේෂ Thursday, 08 May 2014 08:20 PM

නිර්භීත සිසුන් පිරිසක්! (නි)

:       0       0

දිනූෂ් Thursday, 08 May 2014 08:20 PM

විරෝධතාව සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට අපගේ උපහාරය!!! අනාගත සිසුන්ට නිදහස් අධ්‍යාපනය උරුම කරදීමට අපි ඔබ සමඟයි. (නි)

:       0       0

කලන Wednesday, 07 May 2014 05:53 PM

අධ්‍යාපනය සුරකින්න තමන්ගේ අධ්‍යාපනය කැපකළ පිරිසක් තමයි අන්තරේ ඉන්නේ (දී)

:       0       0

විශ්වජිත් පුනර්ජීව Wednesday, 07 May 2014 06:01 PM

ඉන්දික කියන දේ හරි.. තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ඉගෙන ගන්න එක කරන්න ඕනේ.. ‘‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා..“ කවියෙන් කියනවා වගේ දුක් විඳලා ජීවිතය ජයගන්න ඕනේ.. එවිට තමයි ජීවිතයේ නියම අරුත වැටහෙන්නේ.. ඔය උද්ඝෝෂණ කරන අය කවමදාවත් සෑහීමකට පත් වෙන්නෙ නැහැ.. අන්තිමට බලද්දි වයස ගිහිල්ලා විතරයි.. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න දේට කාලය වැය කළයුතුයි.. වෛරය කියන දෙයින් බුද්ධිය කියන දේ වහලා තියෙන්නේ.. (දී)

:       0       0

රෝහණ Thursday, 08 May 2014 01:58 PM

උසාවි නියෝග කඩකිරීම භයානක අනාගතයක පෙරනිමිති වේ. (දී)

:       0       0

ඇසළ Wednesday, 07 May 2014 06:22 PM

උද්ඝෝෂණ මෙහෙයවන අය කරන්නේ ජීවත්වෙන්න රස්සාවක්. උද්ඝෝෂණ ඇති කළේ නැත්තම් ජීවත් වෙන්න මුදල් නැහැ. ඒකට තමයි පන්ති පවත්වලා මොළ හෝදලා මෝඩයෝ රැලක් බිහි කරන්නේ. ඒවා තේරෙනකොට වයසට ගිහිල්ලා ඉවරයි. (නි)

:       0       0

සේරම් Thursday, 08 May 2014 08:26 AM

නීතිය රකින්න නීතියක් තියෙනවා කියන හැගීම ජනතාවට තියෙන්න ඕනනේ.(නදී)

:       0       0

සේරම් Thursday, 08 May 2014 08:30 AM

බන්දුල පෙරේරා බංකොලොත් චරිත පොලිෂ් කරන්න බාරගත්ත කෙනෙක්නෙ . අපි එයා ගැන දන්නවා.(නදී)

:       0       0

සෑම් Wednesday, 07 May 2014 06:58 PM

සිසු උද්ඝෝෂණයට ජයවේවා.! (නදී)

:       0       0

සෑම් Thursday, 08 May 2014 09:02 AM

ඔය කරන්නේ නෙහොම හරි හිරේ යන්න වැඩක්. එළියට එන්න පුලුවන්නේ වීරයෝ වගේ. අම්මලා තාත්තලගේ බලාපොරොත්තු ගැන හිතලා මෝඩ වැඩ කරන්න එපා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 May 2014 07:18 PM

කලන මල්ලි,වෙලක්‌ පැත්තට ගිහිල්ලා මඩේ ළඟින මී හරකෙකුට කනට කරලා ඕක කියන්න.කන හරහා ලැබේවි මී හරකගෙනුත්. අන්තරේ ඉන්නේ බංකොළොත් දේශපාලුවන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කරන්න ඒ දේශපාලනයෙන් සියලු විය හියදම් දරමින් නඩත්තු කරවන පිරිසක්.දන්නේ නැත්නම් දන්න‍ා කෙනෙක්ගෙන්ම අහලා බලන්න. (නි)

:       0       0

චන්දන Wednesday, 07 May 2014 07:43 PM

බන්දුල බොහොම දේවල් දන්නවා වගෙයි. සිසු සටනට ජය වේවා! (නි)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 07 May 2014 08:25 PM

අන්තරේ නිසා හෙට අනිද්දා ටික දෙනෙක් අනතුරේ (නි)

:       0       0

සිරි Wednesday, 07 May 2014 09:15 PM

මේ දරුවන්ගේ පැන නැඟී ඇති ගැටලුවට රජය අනිවාර්යයෙන්ම අර්ථවත් විසඳුමක් කරා යායුතුමය. මේ මුවාවෙන් පළාත් සභා ඡන්දයෙන් උදම් වී ඉන්න නඩය මේ කැසකවන්නේ 88 - 89 වගේ උදා නොවූ බල පෙරළියකට නැවත වරක් පෙර සුබ නිමිති සුත්‍රය ජප කරන්න සුදානමක්ද කියා කියන්නට දන්නේ නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 789 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1426 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 406 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 909 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2232 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 340 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site