(කාංචන කුමාර අරියදාස සහ ඉන්දික අරුණ කුමාර)
බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය පැවසීය.
මෙසේ මිය ගොස් ඇත්තේ ප්‍රකට පරිසරවේදියෙකු වන තිලක් කන්දේගම මහතාගේ බිරිඳ වන විශ්‍රාමික විදුහල්පතිනි ලක්ෂ්මි සිරිවර්ධන (72) මහත්මිය සහ ඔහුගේ සොබාදහම ගොවිපලේ අධ්‍යාපනය සඳහා පැමිණ සිටි ධනුෂ්ක නැමැති සිසුවෙකු බව පොලීසිය කියයි.
එමෙන්ම තුවාල ලබා ඇත්තේ ඉංජිනේරුවරියක් වන කන්දේගම මහතාගේ දියණිය පොලිසිය කියයි.
නාඋල දෙසින් ඇළහැර දෙසට මෝටර් රථය ධාවනය වෙද්දි රියදුරුට ඉදිරි වංගුවක රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග සංඥා කණුවක් ද කඩාගෙන යෝද ඇළට මෝටර් රථය පෙරළී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .
මේ අතර නාඋල - බකමූණ මාර්ගයේ මොරගහකන්දේදී කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිවව සිටි ජේ. ඒ. නිශාන්ත උදය කුමාර(47) සහ ආර්.එම්.සංජීවනි දිල්රුක්ෂි (41) නමැති අඹු සැමි යුවලකි.
ඩිමෝ බට්ටා රිය පැද වූ රියදුරු නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුලකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටසිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
(යෝධ ඇළට මොටර් රිය පෙරැළි සිදු වු අනතුරෙහි ඡායාරූප - කාංචන කුමාර ආරියදාස )
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධ
විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාග
සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළදී අපයෝජනය කළැයි කියන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවක
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අනතුරු දෙකකින් හතරක් මරුට
Perera Tuesday, 11 March 2025 08:33 AM
පොලිස් වාර්තාවලට අනුව වසරකට 3000ක් පමණ ලංකාවේ රිය අනතුරුවලින් මිය යනවා. ඒ කියන්නේ දවසකට 8 දෙනෙක් විතර...