IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අන්තරේ පාගමනට කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට පාර්ලිමේන්තු වටරවුම අසල දී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.


අන්තරේ ඇතුළු සරසවි ශිෂ්‍ය සංගම් මේ වනවිට විරෝධතා පාගමනින් පාර්ලිමේන්තු පෙදෙසට ගමන් කරමින් සිටී.


පස්වරු 1.00

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලමින් කැලණි සරසවි සිසුහු දහස් ගණනක් කොළඹ දෙසට ඒම ඇරඹූහ.

මෙම පෙළපාළිය නිසා කැලණිය - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇති අතර පාරේ එක් මංතීරුවක් ඉබේම වැසී ගොසිණි.

IMG_4343 IMG_4346 IMG_4347 IMG_4348 IMG_4349 IMG_4350 IMG_4352 IMG_4353 IMG_4358 IMG_4359

0-02-06-f0d8d2015e4ad92013a472b980f572907541c571a51b777e8dc48b17f4c55779_full 0-02-06-5a32b5c8031a053330f4532d51a97047111a06916c0e6b78cee5a33f8c812110_full 0-02-06-40315794d317effd8c34a7dfce8639eb333b5c853e2bbeca09fde939282c4174_full 0-02-06-aa8e04722710acbad3b294c2c2771255fceca4e398cace1bf523984676e68090_full

0-02-06-d594853e25a5e55296e2c93de679f6406593d921450736f8d4902c3f8e04a64d_full 0-02-06-e62e71560e5fbaed9dd879739d26ee737772941ded6751dff67422825d33263e_full0-02-06-aa7959b7385456eea95c216fbc2ed2921ddf3ff5811b8e7e9885e1c9d63a20ea_full



අදහස් (0)

අන්තරේ පාගමනට කඳුළු ගෑස්

නෙහාරා Tuesday, 29 November 2016 10:40 AM

ඉගනගැනීමට අපට බදා කරන්න අයිතියක් නැහැ .එත් සල්ලි ගෙවලා ඉගනගන්න අයට වඩා රටේ පවත්වන විභාග අමාරුවෙන් පාස් කරලා යන අයට මුලිකත්වය දෙන්න (හේ)

:       0       0

ජනිත Wednesday, 30 November 2016 05:16 AM

නියමිත පරිදි අවසරයක් නැතිව කොයි ලෝකෙවත් කඩයක්වත් දාන්න බැරි වුණාට අපේ ලංකාවේ ඕනේ තරම් විශ්ව විද්‍යාල කඩ දාන්න පුළුවන් (බ)

:       0       0

හැන්නැදිගේ Tuesday, 29 November 2016 11:18 AM

රැකියාව කරලා ගෙදර යන්න වෙන්නේ නැහැ අදනම් . මාර්ගය අවහිරවෙලා අතරමන් වෙන අපි ගැන කවුද බලන්නේ (හේ)

:       0       0

අජිත් නිශ්ශංක Wednesday, 30 November 2016 05:21 AM

සමහර අය මාර අදහස් දාන්නේ!! මේවා කියවනකොට මට හිතෙන්නේ අවුරුද්දකට ලක්ෂ 65 වැය කරලා තමන්ගේ දරුවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට යවාගන්න පුළුවන් අය මෙතන පෝලිමට ඉන්නවා වගේ !! අනේ පිටරට සමහර අය නැවතුණා කියලා කාටවත් ප්‍රශ්නයක් නොවේ !! මම හිතන්නේ පෞද්ගලික ඒවා දාන එක නොවේ ප්‍රශ්නය! ඒවාට ඇතුල්වන එකම සුදුසුකම සල්ලි තිබීම පමණක් වීම තමා ගැටලුව? (බ)

:       0       0

ජනිත Wednesday, 30 November 2016 05:21 AM

මෙතැන තිබෙන ප්‍රශ්නය කුහකකම් ඊර්ශ්‍යාව නොවේ. ලැබෙන ප්‍රතිඵලයයි හේතුව. ලැබෙන ප්‍රතිඵලය වැඩදායක එකක් නොවේ. (බ)

:       0       0

ශ්‍රී ලාල් Tuesday, 29 November 2016 12:19 PM

මගේ පළමු උපාධිය ලංකාවේ. අවරුදු 35 විදේශිය රැකියාව කරමි. සියලුම පෞද්ගලික උපධි කඩ වසා දැමිය යුතුයි. දැනට තිබෙන ඒවා දියුණු කළ යුතුයි. තවතවත් ලෝකයට ඉදිරියට අවශ්‍ය නව පාඨමලා ඇරඹිය යුතුයි.(හේ)

:       0       0

සුදේශ් පෙරේරා Tuesday, 29 November 2016 12:24 PM

පිස්සු වැඩනේ මේ.(හේ)

:       0       0

ජනහිත Wednesday, 30 November 2016 06:13 AM

නියමිත පරිදි අවසරයක් නැතිව කොයි ලෝකයවත් කඩයක්වත් දාන්න බැරි වුණාට අපේ ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් විශ්ව විද්‍යාල කඩ දාන්න පුළුවන් . (ම)

:       0       0

සමීර Tuesday, 29 November 2016 12:30 PM

මේ අය කරන දේවල් වලින් බැට කන්නේ සාමන්‍ය ජනතාව (හේ)

:       0       0

කමනි Tuesday, 29 November 2016 12:46 PM

මාලබේ ගැන නම් කතා කරන්නේ විශ්‍රාම වැටුපක් ගාව ගත්තේ ඇයි (හේ)

:       0       0

තිලක් Tuesday, 29 November 2016 12:47 PM

පිස්සු වැඩනේ මේ....(හේ)

:       0       0

තිලක් Tuesday, 29 November 2016 12:50 PM

තමන්ගේ එක දරුවෙකුට රුපියල් ලක්ෂ 65 වියදම් කරන්න පුළුවන් 3% උදවිය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමනවට විරුද්ධ වෙන්න ඕනේ.එත් 97% දුප්පත් මිනිස්සු මේ විරෝධතා වලට සහයෝගය දෙන්න ඕනේ.(හේ)

:       0       0

අරවින්ද Tuesday, 29 November 2016 02:03 PM

තිලක්, පසුගිය වසර 40/50 තුල සරසවි වලට ඇතුළු වී ඇත්තේ ඇතුළුවීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 18% වැනි ප්‍රතිශතයකට පමණි. දිස්ත්‍රික් පදනම නිසා ඇතුල් වුන අය වැඩිම ලකුණු ගත සිසුන් නොවේ. ඉතුරු 82% ට වැඩිදුර ඉගෙනීමේ අයිතියක් නැද්ද? සරසවි ඇතුලේ ඉන්න අයට විතරද අයතීන් තියෙන්නේ? (හේ)

:       0       0

භද්‍රානි Tuesday, 29 November 2016 03:01 PM

මේ අයගේ මොළ ගෙඩි හේදෙන්න නම් වතුර ගහලා හරි යන එකක් නැහැ. වෙන මොනවා හරි කරන්න වෙයි. පොතපතේ තියනදේ උගත්තාට, වැඩක් නෑ.(හේ)

:       0       0

රවින්ද්‍ර Tuesday, 29 November 2016 03:28 PM

ලෝකයේ වෙනත් රටවල සිසුන් විශ්ව විද්‍යාල ඉල්ලා සටන් කරද්දී ලංකාවේ ළමයින් තියෙන විශ්ව විද්‍යාලයක් වසන්නැයි කියා උද්ඝෝෂනය කරති. නියමයි ලංකාවේ බුද්ධිමත් යැයි කියන තරුණයන්ගේ කුහක කම..! (හේ)

:       0       0

අජිත් Tuesday, 29 November 2016 03:35 PM

ඉගෙන ගන්න තියන කාලය මේ ළමුන් පාරේ තොටේ . ඉතින් කොහොමද රටක් හැදෙන්නේ .(හේ)

:       0       0

රොෂාන් Tuesday, 29 November 2016 03:45 PM

දිස්ත්‍රක් කෝටා ක්‍රමයට පින්සිද්ධ වෙන්න අඩු ලකුණු වලට සරසවියට රිංග ගත්ත අය හිතන් ඉන්නේ ඒ අය තමයි නියම කට්ටිය කියලා.(හේ)

:       0       0

ලංකා Tuesday, 29 November 2016 03:54 PM

ප්‍රයිවට් විශ්ව විද්‍යාල තවත් මේ රටට ඕන. මොකද තරුණ ජනගහනයට සල්ලි ගෙවලා හරි ඉගෙන ගන්න. දුප්පත් ඉගෙන ගත් අයට නොමිලේම උපාධිය ගන්න පුළුවන්නේ. මොකද මේ තරම් ආත්මාර්ථ කාමී වෙන්නේ. රටේ උගතුන් බිහිවෙන්න නේ අවශ්‍ය. (හේ)

:       0       0

මංගල Tuesday, 29 November 2016 03:58 PM

නිදහස් අද්‍යාපනයට පිහිටෙන් ඉගන ගන්න මේ පිරිස උපාධිය අරන් එළියට අැවිත් කරන්නේ පුද්ගලික රෝහලක නම ද ගන්න එකී මල්ල්ල පුරවා ගන්න හැම දේම නිකන් අරන් මැක්කෝ මකුණෝ වගේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි සූරන් කනවා ..(හේ)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 29 November 2016 04:29 PM

මෙහි අදහස් දැක්වූ වැඩි පිරිසක් නිදහස් අධ්‍යාපනය නැතිවන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල කඩ ඇතිකිරීමට පක්ෂ බව පෙනේ. එම ක්‍රමයට පක්ෂ වැඩි දෙනෙකුට තම දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යැවීමට ආර්ථික හැකියාවක් නැති බවත් පැහැදිලිය. එසේ නම් ඔවුන් ඉල්ලන ක්‍රමය දිය යුතුයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 29 November 2016 04:44 PM

මේ අය විරුද්ධ සයිටම් එකට විතරද? අනෙක් පෞද්ගලික අධ්‍යාපන ආයතන වහන්නේ නැද්ද? මේ අයගේ ප්‍රශ්නය පෞද්ගලික බවද? නැත්නම් ප්‍රමිතියක් නැතිකමද? එහි ඉගෙනගන්න ළමයින්ට තිබෙන අයිතිවාසිකම් ගැන මොකද කියන්නේ? මෙම සංකීර්ණ ප්‍රශ්නයට විසඳුම් මේ අයට නැත්නම් අපට පෙන්නේ හුදු දේශපාලන උවමනාවක් පමණක් පෙරදැරි කරගෙන කරන විරෝධතාවයක් පමණක් බවයි. (නි)

:       0       0

රාජා Tuesday, 29 November 2016 06:47 PM

මේ ප්‍රශ්නය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. මන්ත්‍රීවරු කීපදෙනෙකුගේ අය මේ උපාධි කඩයේ උපාධිය හදාරනවලු. දවසක් කෙනෙක් අභියෝග කළා හැකිනම් ශිෂ්‍යයන්ගේ උසස්පෙළ ප්‍රතිඵල පෙන්වන්න කියලා. එ්කට කිසිම පිළිතුරක් නැහැ. (නි)

:       0       0

විලී Tuesday, 29 November 2016 07:04 PM

මේ ‍හො‍ර ‍උ‍පාධි‍ ‍ක‍ඩ‍ය ‍ හැ‍මෝ‍ම ‍රැ‍වැට්‍‍ටු‍වා. ‍මේ ‍ආ‍ය‍ත‍න‍යෙ ‍ඉ‍ගෙ‍න‍ගෙ‍න ‍දැන්‍ ‍අ‍මා‍රු‍වෙ ‍වැ‍ටි‍ලා ‍ ඉන්‍‍න ‍අ‍ය‍ට ‍ආ‍ය‍ත‍න‍ය ‍ වි‍සින්‍ ‍වන්‍‍දි‍ ගෙ‍වි‍ය ‍යු‍තු‍යි. ‍ස‍ම‍හ‍ර ‍ දෙ‍ම‍වු‍පි‍යන්‍ ‍ත‍මන්ගේ ‍ දේ‍ප‍ල ‍වි‍කු‍ණ‍ලා ‍ද‍රු‍වො ‍වෙ‍නු‍වෙන්‍ ‍වි‍යදම්‍ කළේ. ‍ දැන්‍ ‍මේ ‍හැ‍ම‍දෙ‍ය‍ට‍ම ‍ ඉ‍දි‍රි‍පත්‍‍වෙන්‍‍න ‍වෙ‍ලා ‍ ති‍යෙන්‍‍නෙ ‍දුප්‍‍පත්‍ ‍විශ්‍‍ව ‍ විද්‍යා‍ල ‍ශිෂ්‍යයන්‍‍ට‍යි. (නි)

:       0       0

තිස්ස Tuesday, 29 November 2016 07:32 PM

රට විනාශ කරන්න නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ හිවල් ප්‍රජාවක්. මොවුන්ගේ පින්තූර හා ප්‍රවෘත්ති පළකිරීමත් කඩදාසි නාස්තියක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 29 November 2016 07:55 AM

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා මේ අයට ඇතිවෙන පාඩුව මොකද්ද? නියම ප්‍රමිතියකට තියනවා නම් (ම)

:       0       0

රොමේෂ් Tuesday, 29 November 2016 08:03 PM

මාලබේ කියන්නේ ප්‍රමිතියක් ඇතුව පවත්වාගෙන යන විශ්ව විද්‍යාලයක් නොවන බව ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ ඇයි. නිසි අධ්‍යාපනයක්, ප්‍රායෝගික පුහුණුවක් නැති දොස්තරලා බිහිවුණාම ඒවාට වන්දි ගෙවන්න ඕනෑ අපිම තමයි. මොකද මේකේ උපාධිය පිළිගත්තොත් ඔවුන්ට රජයේ වෛද්‍ය පත්වීම් ලබාගැනීමට හිමිකම ලැබෙනවා. (නි)

:       0       0

විකුම් රංගන Tuesday, 29 November 2016 09:08 PM

මෝඩයිනේ, නුඹලා මේ රටේ සල්ලි ගෙවලා හරි ඉගෙනගන්න අය ටික පන්නා දාන්න. ඔවුන් පිටරකට ගිහින් ඉගෙනගෙන එහෙම පදිංචි වෙයි. එදාට නුඹලාට තේරෙයි (නි)

:       0       0

නෙවිල් Tuesday, 29 November 2016 09:37 PM

ලෝකේ විශ්ව විද්‍යාලත් දැක්කා, මෙහෙම මෝඩ රැලක් නම් දැකලා නැහැ. පොලිසියට පැයක් දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි. (නි)

:       0       0

ගයාන් Tuesday, 29 November 2016 08:33 AM

මුළු රටම අගාදයට වැටෙනු නියතය. පාලකයන් සහ සිසුන් සියලුදෙනා මංමුලාවී සිටීයි (ම)

:       0       0

මිගිද Tuesday, 29 November 2016 10:04 PM

නිදහස් අධ්‍යාපනය මොවුන්ට තේරුම් ගන්වන්න ඕනෑ නම් සියලුම සරසවි වසර දෙකකට වසාදමන්න (නි)

:       0       0

රෝහණ Wednesday, 30 November 2016 01:54 AM

සමාජවාදී රුසියාවේ සහ චීනයේ පවා පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවා. කොහොමහරි වැඩි පිරිසකට අධ්‍යාපනය ලබාදීම ඒ රටවල උත්සාහය. (නි)

:       0       0

අරවින්ද Wednesday, 30 November 2016 02:30 AM

යමක් ප්‍රමිතියෙන් කිරීමට එය රජයෙන්ම කළයුතුද? ඇයි පුද්ගලික අංශයට ප්‍රමිතියකින් යුතු ආයතන පවත්වාගෙන යන්නට බැරි. මේ විරෝධතා වලට ප්‍රධාන හේතුව තව කෙනෙක් වැඩිදුර අධ්‍යාපනය ලබා දියුණුවෙයි කියා තිබෙන ඊර්ෂ්‍යාවයි. (නි)

:       0       0

රොෂාන් ලියනගේ Tuesday, 29 November 2016 09:48 AM

නිදහස් අධ්‍යාපනයේ අරුත නොදනී මොවුන් ....කෙලෙස අප රට බාරදෙනන්ද මෙවන් රැලකට .. (ම)

:       0       0

දිනෙත් Wednesday, 30 November 2016 02:34 AM

ගහලා මදි. පුදුම ඊර්ෂ්‍යාකාර කුහකකමක් තියෙන්නේ (නි)

:       0       0

ගයාන් Wednesday, 30 November 2016 02:51 AM

අනේ මම දන්නේ නැති නිසා අහන්නේ. එස්එල්ටී එක, ඉන්ෆෝමැටික්ස්, එතකොට ඩිසයින් ස්කූල් මේවා පුද්ගලික නෙමෙයිද. ලංකාවේ පුද්ගලික ඒවා තව මදි. තව ඕනෑ. ඕවට විරුද්ධ වෙන්නේ කුහකයෝ, තමන්ගේ බඩ ගැන විතරක් හිතන අය. ඔය පෙළපාලියේ යන අයවත් දන්නේ ඇතුව ඇති අැයි යන්නේ කියලා (නි)

:       0       0

සරසි Tuesday, 29 November 2016 10:05 AM

පුදුම කුහක සිසුන් කොට්ටාශයක්. තමුන් අනුන්ගේ බදු මුදල් වලින් ඉගෙන ගනිමින් වෙනත් අයවලුන්ගේ අධ්‍යාපන අයිතියට අභියෝග කරනවා. (හේ)

:       0       0

වසන්ත Tuesday, 29 November 2016 10:14 AM

මේ කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් නැහැ. ප්‍රශ්න මග හැර , ප්‍රශ්න විසදන්න බැහැ.(හෙ)

:       0       0

ජේ .එම් .ප්‍රසාද් ලක්මාල් Tuesday, 29 November 2016 10:15 AM

ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් නැත්නම් නිදහස් අධ්‍යාපනයේ මළගම වෙලා ගොඩක් කල් ..(හේ)

:       0       0

කමල් Wednesday, 30 November 2016 03:30 AM

මෙවැනි විකාර උද්ඝෝෂණ නැවැත්වීමට නම් ලංකාවට ඒකාධිපති පාලනයක් අවශ්‍යයි. හමුදා පාලනයක් වුවත් ගැලපේ.(ම)

:       0       0

ප්‍රදීප් Tuesday, 29 November 2016 10:30 AM

පාලකයන්ගේ දුර්වලකම (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 940 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 667 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1938 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1745 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 540 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site