ආදී වෙස්ලි කී‍්‍රඩා සමාජය 19 වැනි වරටත් මෙහෙයව ‘මන්චි කුසලාන’ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය හෙට (7) ඇරැඹෙයි. තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. තරගාවලියට සිවුවැනි වරටත් සිලෝන් බිස්කට් සමාගම අනුග‍්‍රහය දක්වයි. පාසල් කණ්ඩායම් 23 ක සහභාගීත්වයෙන් 1993 වසරේදී මෙම තරගාවලිය ආරම්භවිය. පොලොන්නරුව, නුවරඑළිය, බණ්ඩාරවෙල, මොණරාගල, අම්පාර, හම්බන්තොට, අනුරාධපුර, මඩකලපුව, ත‍්‍රීකුණාමලය, යාපනය සහ වවුනියාව යන දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම ආවරණය කරමින් තරගාවලියට පාසල් කණ්ඩායම් සහභාගිවෙයි. මෙවර තරගාවලියට පාසල් කණ්ඩායම් 36 ක් සහභාගිවන අතර ඒ. බී. සී. සහ ඞී. ලෙස කාණ්ඩ හතරකින් කණ්ඩායම් තරග වදිති. තරගාවලියේ අවසන් දිනයේදී ආරාධිත පාසල් බාලිකා ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ද සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ. රත්නපුර සුමන බාලිකා, බලපිටිය රේවත, කටුපොත විජය සහ බොරැල්ල ගෝතමී බාලිකා යන පාසල් හතරක් බාලිකා තරගාවලියට සහභාගිවේ. කොළඹ රාජකීය විදුහල 1993 වසරේ සහ 2001 වසරේ ශූරතාව දිනාගත් අතර නාලන්දා විදුහල 1996, 1998, 2000, 2004 සහ 2005 යන වසරවල ශූරතාව දිනා ගෙන තිබේ. පසුගිය වසරේ ශූරතාව ගාල්ල රිච්මන්ඞ් විදුහල විසින් දිනා ගන්නා ලදී.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය හෙට සිට