(මුදිතා දයානන්ද)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය මිට සුළු මොහොතකට පෙර කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.
රනිල් - ගෝඨා කුමන්ත්‍රණය පරදමු යන්න තේමා කරගනිමින් මෙම පාගමන සංවිධානය කර ඇත.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ පා ගමන අරඹයි
කිරි පුතා Thursday, 19 May 2022 02:45 PM
පාලකයින් කිසිවෙකුත් විශ්වාස කළ නොහැකිය. නමුත් රටේ පවතින අර්බුදය තේරුම් ගත යුතුයි. රටට ආදරේ නම් නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන රටට වැඩක් කළ යුතුයි. මොවුන් කරන්නේ දේශපාලනයකි. මොන ආණ්ඩු තිබ්බත් මොවුන් පාරේය. විශ්ව විද්‍යාල කුණු ගොඩක් බවට පත්කර හමාරයි.
saman Thursday, 19 May 2022 03:13 PM
වැඩක් නැතිනම් කුඹුරු යායක් අස්වද්දන්න... අඩුගානේ රටට හාල්ටිකවත් ලැබේවි..
Lalla4 Thursday, 19 May 2022 03:30 PM
දැනට මේවා ඇති. කොයි දේටත් සීමාව තුළ කටයුතුවල යෙදෙන්න ඕනෑ. මේක මහජන පීඩාවක්...
SWISS Thursday, 19 May 2022 03:33 PM
මේ සතිඅන්ත වෙසක් පෝය දිනයේ යුරෝපා බෞද්ධ විහාරයක සිල්සමාදන් වෙලා හිටිය කුඩා ළමුන් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.." ඇයි ලංකාවේ හාමුදුරුවරු කෑ ගගහා පාරේ පෙළපාලි යන්නේ... ? සමහර හාමුදුරුවරු රැවුලවත්, කොණ්ඩයවත් හරියට කපලා නැහැ. අපේ මේ පන්සලේ ඉන්න හාමුදුරුවරු අම්මා, තාත්තා දාලා, රටත් දාලා ඇවිල්ලා ධර්ම ප්‍රචාරය කරනවා පිටරට හැමටම.. ඒත් ලංකාවේ හාමුදුරුවරු ප්‍රචාරය කරන්නේ බුදු දහම නොවෙයි නේද..?
naleen Thursday, 19 May 2022 03:47 PM
මොකක් හරි හේතුවක් මූලික කරගෙන හැමදාම වෙන දේ. ඉස්සර නම් එනවා කනවා යනවා. දැන් එනවා දෙගොල්ලොම කනවා යනවා. මේ ළමයි පාරේ කියන්නේ ඊළඟ වැඩකරන කණ්ඩායම හොඳ පුහුණු පිරිසක්ද නැත. අද රැකියා තිබුණාට සුදුස්සන් නැත. රැකියා මූලික කරගත් විෂයන් ඇතිකර වැඩදායක පුරවැසියන් බිහිකළොත් මේ රට දියුණු වේවි. වර්තමානයේ මෙන් නූගත් පාලකයින් පාර්ලිමේන්තුවට නොයනු ඇත...
Kule Thursday, 19 May 2022 04:14 PM
දැනට වසර 25කට ප්‍රථම ඔයවගේ පෙළපාලි ගිහිල්ලා පීඩිත පන්තිය වෙනුවෙන් ජලප්‍රහාර පවාකාපු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අද රජයේ ඉහළ නිලධාරීන් ලෙස විශාල වේතනයන් අරගෙන ඉහළින් වැජඹෙනවා. එයාලගෙන් අද වැඩක් තියෙනවද?
BT Thursday, 19 May 2022 06:08 PM
මෙම පිරිස “ළමයින්” ලෙස හැඳින්වීම දැන්වත් නවත්වන්න. මෙරට විශ්ව විද්‍යාලවල වැඩිහිටියන් මිස ළමයින් ඉගෙන ගන්නේ නැත. නමුත් මොවුන්ගෙන් සමහරෙකුට ‘අත්අඩංගුවට’ යන වචනය පවා නිවැරදිව ලියාගත නොහැකි බව එක් ඡායාරූපයකින් සනාථ වේ.
Bamunuarachchi Sunday, 22 May 2022 01:16 PM
ජෙප්පන්ට ලොක්කෝ දීලා තිබෙන ජොබ් එක මේක... මේ කොල්ලෝ පොස්ටර් අඳිනවා.. තාප්පවල පාප්ප ගානවා ලොක්කගේ ළමයි ස්විට්සර්ලන්තේ සිට මේවා නරඹනවා..