IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අන්තරේ විරෝධයට කඳුළු ගෑස්

සිසු මර්දනය වළක්වන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (15) විරෝධතා පාගමනකින් ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටියදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

කඳුළු ගෑස් කෑ සිසුහු සී සී කඩ විසිර ගියහ.

විරෝධයට එක්ව සිටි සරසවි සිසුන් දෙදෙනකු හා සිසුවියක පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද ඔවුන් නිදහස් කරන තුරු ලෝටස් පාරේ බිම වාඩිවී සිටින බවද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.

0.02.01.b9ae61476c1f5aeebb75f93193ec47ccbe9138855fba4d8bce95718685492d94_full 0.02.01.ebd627ceef70a2146e5ac9a1e20dbb1e22c179d25a8424018ded7530f5dac96c_full 0.02.01.ef79e36878bf3733ed9c6ce2bafe0302fea48a6ad0078200f246aba32fd90c5b_full 0.02.01.f4492c7adc4463c62eaae7bea20de26230af9d120c04ba119b09fcffb37df9d3_fullIMG_5220 IMG_5238 IMG_5239 IMG_5363


අන්තරේ විරෝධය පා කොළඹට එයි  14:59

සිරගත කර සිටින කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (15) මරදාන තාක්ෂණ විද්‍යාල හන්දියෙන් විරෝධතා පාගමනක් ඇරැඹීය.

සිසුන් දහසක පමණ පිරිසක් පාගමනින් කොළඹ කොටුව දක්වා පැමිණ විරෝධයේ නිරතව සිටිති. අනතුරුව ජනපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනින් යාමට නියමිත අතර ජනපති ලේකම් කාර්යාලයට පිවිසෙන මග හරස් කර පොලිසිය රැකවල්ලා සිටියි. එම ස්ථානයෙන් ඉදිරියට නොයන ලෙස කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි පොලිසිය කියයි.

0.02.01.142e629031a16e2e40613ca02d92b682453dfaa3153f63a81a8fe713b7720a9a_full 0.02.01.b4925130f175dfb0c0c979544b72ef38183871e51b0761fa9d9859bfe4921a3e_full 0.02.01.bf51a50c09715af4ee67a62fd748454b77ad5ae6253d7d396ce027cd327bbee8_full 0.02.01.e9c5a214f2b153753b6a9016e1b8e385dbc831db21b8ddbc0d4defa958735da4_full 0.02.01.ebf45a84bf26eb29f893bff1f47c6499562aa90ab2a223574c4fb863d5314aac_full



අදහස් (0)

අන්තරේ විරෝධයට කඳුළු ගෑස්

ශහීවාල් Wednesday, 15 June 2016 02:57 PM

අනේ රාළහාමි, මොවුන්ගේ අතක් පයක් කඩලා හය මාසයක් කැම්පස් යන්න බැරිවෙන්න වැඩ සළස්වන්න. මොවුන් නිසා වැඩ ඇරිලා ගෙදර යන අපිට හරිම කරදරයි. මොවුන්ගේ අම්මලා මේවා ගැන දන්නේ නැහැ. පුළුවන් තරම් ෆොටෝ දාන්න (නි)

:       0       0

කරුණාසේන Wednesday, 15 June 2016 03:15 PM

මට තියෙන ප්‍රශ්නය සරසවි වලට පොදු නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියලයි. දුක් විඳලා විඳලා බාගයක් කරපු උපාධිය  තහනම්  වෙනවා. සමහරු වහ බොනවා. දෙමව්පියෝ දුක් විඳලා මැරිලා යනවා. මම  මේ අදහස් දාන මහත්වරුන්ට කියන්නේ.ඔබේ දරුවටත් මේ දේ  වියහැකි බව සිතන්න. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 16 June 2016 11:55 PM

සත්‍යපාල, මිනිසුන්ට පාරට බැහැල ගමන් බිමන් යන්න බැරිවුණාම ද්වේශය එනවා. මේගොල්ලෝ ඕනෑම කනත්තකට ගිහිල්ලා විරෝධතා දැක්වුවාට අපට කමක් නැත. (නි)

:       0       0

දිලානි Wednesday, 15 June 2016 03:34 PM

ලංකාවේ සිසුන්ට නොමිලේ දෙන නිසයි විරෝධය. පිටරට වල සිසුන් ටියුෂන් සඳහා මුදල් හොයාගන්න හැටි දන්නවා නම් දුක හිතෙයි (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 15 June 2016 04:21 PM

පුදුම ද්වේශසහගත බවක් සහ ඊර්ෂ්‍යාවක්නේ මේ විශ්ව විද්‍යාල සිසුන් ගැන තියෙන්නේ. මේ තමන්ගේ දරුවෝ, එහෙම නැත්නම් සහෝදරයෝ කියලා හිතන්න බැරි තරමට වෛරයක් තමයි අද සමාජයේ බහුතරයකගේ හිත්වල තියෙන්නේ. මේ රටේ නිදහස් අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය,වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රටේ බුද්ධිමත් පිරිසට නින්දා අපහස කිරීම අවලාද නැඟීම තමන්ගේ කුහකබව හා හිස්බව පෙන්වීමක් බව තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

උමේශ් Wednesday, 15 June 2016 05:02 PM

නිදහස් අධ්‍යාපනයේ මල් පිපිලා දෝරේ ගලනකොට ඔහොම තමයි.. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 June 2016 03:05 AM

සත්‍යපාල, ඔබගේ අදහසට මම ගරු කරනවා. මගේ දරුවාත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මේ දරුවනුත් මම වගේම දුප්පත් දෙමාපියන්ගේ දරුවන් කියලා අපේ සමහරක්ට තේරුමක් නැහැ. කොහේ තේරුම් ගන්නද රට පාලනය කළ ඒකාධිපතියන් විසින් සමහරක්ගේ මොළ හෝදලානේ තියෙන්නේ. (නි)

:       0       0

සංක Thursday, 16 June 2016 08:16 AM

මේ වගේ අය ඉන්නකම් රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද? මේ අය යන්න හදන්නෙම පස්සටනේ... (ර)

:       0       0

විජේන්ද්‍ර Wednesday, 15 June 2016 08:03 PM

උපාලි, ඔබ හරි (නි)

:       0       0

චන්න ගම්මන Wednesday, 15 June 2016 10:47 PM

කරන්නෙම පෙළපාලි යන එක, ඉගෙනගන්න කියලා ගිහින්. ඉතින් රස්සා නැහැ. (නි)

:       0       0

භද්‍රානි Thursday, 16 June 2016 08:44 AM

සත්‍යපාල, ඔබ හිතල තියන විදිහට කිසිවෙක් මේ සිසුන් ගැන ද්වේශයකින් හෝ වෛරයකින් මෙතන අදහස් දමලා නැහැ. මේ ළමුන් කරන්නේ වැරද්දක් ලෙස පෙන්වා දීලා තියනවා. ඔබ කියන්නේ නවකවදය දීම සදාචාර සම්පන්න දෙයක් කියලද? එය ශිෂ්ඨ සම්පන්න සමාජය අනුමත කරන දෙයක් කියලද? විභාගය සමත්වී, විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන වෙන සිසුවාගේ මනස විකෘතිකරන පරිසරයක් විශ්ව විද්‍යාලය තුල නිර්මාණය වී තිබීම, රජයක් විසින් මර්ධනය කල යුතු තත්වයක් නොවේද? සමහර සිසුන්ගේ හැසිරීම් දිහා බැලුවාම, ඔවුන් පුනරුත්ථාපනය කල යුතු තත්වයේ සිටිනබව තමයි මට නම් හැඟෙන්නේ. (ර)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 15 June 2016 11:32 PM

පොලිසියට ජයවේවා! (නි)

:       0       0

සඳුන් Thursday, 16 June 2016 12:57 AM

විශ්ව විද්‍යාලට ගිහින් ඉගෙනගන්නේ නැතුව බදු ගෙවන මිනිසුන්ට රස්සාවකට යන මිනිසුන්ට පාරවල් වහගෙන කරදර කරනවා මදිවට, ඉගෙනගෙන ඉවරවුණාම රස්සාවක් දෙන්න කියලත් කරදර කරනවා. පෙළපාලි වර්ජන කරන අය වසර 10 කට හිරේ යවන නීති ගේන්න ඕනෑ. (නි)

:       0       0

රනිදු Thursday, 16 June 2016 09:21 AM

මේ අය ඉල්ලන්නෙ නවක වදය දෙන්න අයිතිය දෙන්න කියලා. පාඨමාලා යාවත්කාලීන නොකර හැමදාම හිගන්නගෙ තුවාලෙ කරගන්න කියලා. විශ්ව විද්‍යාල මුදානොගත් ප්‍රදේශ ලෙස දිගටම තබාගන්න කියලා. මේ ත්‍රස්තවාදයට හැමදාම ඉඩ දෙමුද.? (ර)

:       0       0

ශ්‍රීනාත් Thursday, 16 June 2016 02:04 AM

සත්‍යපාල, මොවුන්ට පිනට දෙන අධ්‍යාපනය ලබාගන්න පින නැහැ (නි)

:       0       0

උපාලි Thursday, 16 June 2016 02:21 AM

සත්‍යපාල, ඔබ ඔය කියන වෛරය සමාජයෙන් මේ ශිෂ්‍යයින් කෙරෙහි එල්ලවී තියෙන්නේ ඇයි කියලා හිතුවද? මේ ඉල්ලන්නේ අපි කරන නීතිවිරෝධී වැඩවලට ඉඩ දීපල්ලා කියන එක නේද? ශිෂ්‍යයින් නීතියට ඉහළින්ද ඉන්නේ? මොවුන් ඔබ කියන තරම් බුද්ධිමත් නම්, ප්‍රජාතන්ත්‍රවාදයට දිවිදෙන්න හදනවා නම්, ඔවුන්ට ඔය ටික තේරුම් ගන්න බැරිද? සත්‍යපාල, ඒකයි සමාජයේ විරෝධය, ඒකයි සමාජයේ වෛරය. (නි)

:       0       0

රොෂාන් Wednesday, 15 June 2016 10:02 AM

උසාවි නියෝග වලට පටහෑනිව යන මොවුන් මොන වගේ අයද? (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 15 June 2016 10:15 AM

මේගොල්ලන්වත් දාන්නකෝ ඇතුළට. එතකොටවත් හැදෙයි (නි) (නි)

:       0       0

හීන් මැණිකා Thursday, 16 June 2016 04:21 AM

ප්‍රජාත්‍රාන්තවාදී සිසු උද්ඝෝෂණ වැඩිහිටි අධ්‍යපනයේ මූලික ක්‍රියාකාරකමකි. අනාගතයේදී නිවැරදි දේ වෙනුවෙන් පෙනීසිටීමට උගත් පුරවැසියෙකුට අත්‍යවශ්‍ය පුහුණුවකි. එසේ නොමැති තැන බිහිවන්නේ ජනප්‍රිය රැල්ලට හසුව පොතේ දැනුම පමණක් ලබාගත් උපාධීධාරී වහලුන් බව මොවුන්ට බනින අය මතකතබා ගතයුතුය​. අවශ්‍යවන්නේ හැකිතාක් නිත්‍යානුකූලව සහ නිර්මාණශීලීව මෙවැනිදෑ කිරීමට සිසුන් උත්සාහවන්ත වීමය​. (නි)

:       0       0

කපුගේ Thursday, 16 June 2016 04:29 AM

දේශපාලන අතකොළු ටික විශ්ව විද්‍යාල පද්ධතියම කනවා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 16 June 2016 04:33 AM

අඩුපාඩු නැත්තේ කාගේද? ඉහළ බලධාරීන් කරන සිල්ලර වැඩ නිසා පහළින් සිටින රටේ සාමාන්‍ය උදවිය මෙවැනි උද්ඝෝෂණ මගින් ඒ අඩුපාඩු පෙන්නුම් කිරීමට උත්සාහ දරනවා. මෙයින් ඇතිවන පලවිපාක පොදුවේ මුළු රටටම බලපාන හැඩයි (නි)

:       0       0

කරුණාපාල Wednesday, 15 June 2016 10:39 AM

වැරදි වැඩ කරලා හිරේ ගියාම, යාලුවෝ ටිකයි, ඥාති පිරිසයි එකතුවෙලා හිරේට නියමවුණ අය නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කළොත් කොහොම තියෙයිද කියලයි මම මේ කල්පනා කළේ. උසාවි ටිකයි පොලිසියයි වහලා දමලා වල්බුරු නිදහස භුක්ති විඳිමින් මේ රට පිස්සු නටන්නන්ගේ පාරාදීසයක් බවට පත්කරන්න කියලා වෙන්න ඇති කට්ටිය මේ පිස්සු නටන්නේ (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 19 June 2016 12:51 AM

තිලක්, රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසාකාපු ලෝකයේ සිටින දරුණුම කම්බා හොරුන් ගසා කෑවේ ඔය ගණන් වලින් 10% පමණ කියලා ජේ වී පී එක දැන් කියනවා. තිලක්, අර හොයාගත් ලැම්බෝගිනි දැන් කොහෙද තිබෙන්නේ කියලා කියනවද? (නි)

:       0       0

ටෙනිසන් Thursday, 16 June 2016 04:55 AM

අනේ හැබෑට මේ ළමයින්ට ලැජ්ජා නැති හැටි? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 16 June 2016 12:08 PM

මෙතන අදස් දමන බොහෝ පිරිස් වැස්සකටවත් කැම්පස් ගිය අය නෙමේ. මමත් කැලණිය කැම්පස් හිටපු කෙනෙක්. මමත් පෙළපාලි ගිය කෙනක්. අද මම ඇමෙරිකාවේ එකව්න්ටන් කෙනෙක් වෙලා වැඩ කරනවා. මේවගේ පෙළපාලි වලින් හොඳ දේවල් තියෙන බව අමතක කරන්න එපා. (ර)

:       0       0

චේසිකා Thursday, 16 June 2016 04:58 AM

මොකක්ද මේ රටේ නීතිය? අහිංසක මිනිසුන්ගෙ බදු සල්ලි කොල්ලකාපු අය රකින එකද? පොඩ්ඩක් හිතන්න කවුද මේ නීති හැදුවෙ? කාගෙ උවමනාවටද මේ නීති හැදුනෙ? කාට ඕනෑ විදිහටද මේවා ක්‍රියාත්මක වෙන්නෙ? කාට එරෙහිවද මේවා ක්‍රියාත්මක වෙන්නෙ? අද නුඹලාට ගෙවල් වලට යන්න විනාඩි 5 ක් පරක්කුවෙයි. ඒත් හෙට නුඹලගෙ වකුගඩුම විකුණාගෙන ජීවත්වෙන්න වුනු දවසට තේරෙයි මොවුන් මැරීගෙන කිව්වෙ මොනවද කියලා. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 16 June 2016 04:58 AM

මෙතන එකම වරද මොවුන්ට නොමිලයේ උසස් අධ්‍යාපනය ලබාදීමයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 15 June 2016 11:03 AM

රට කන, විශ්ව විද්‍යාල නාස්තිකරන තරුණ පරපුර නොමග යවන මේ අන්තරේට කඳුළු ගෑස් නොවෙයි (ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 16 June 2016 12:25 PM

රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසාකාපු ලෝකයේ සිටින දරුණුම කම්බා හොරුන් ඉදිරියේ නිවට, නියාලු බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කළාට මොකද, අසරණ දුප්පත් උගත් දරුවන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්නවා. ඒ වෙනුවෙන් යහපාලනයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

රොෂාන් Wednesday, 15 June 2016 11:08 AM

උගත්තු කියලා හිතන තුම්පනෙන් ආව මෑට්ටන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ පිනට දෙන දේවත් ගන්න බෑරි කරුමක්කාරයෝ (අ)

:       0       0

දීප් Wednesday, 15 June 2016 11:09 AM

මේවා ඉල්ලන් කෑම.දෙමාපියන් තම දරුවන් පාසලකට හෝ විශ්වවිද්‍යාලයකට යවන්නේ අධ්‍යාපනය ලබාදීමට. දරුවන්ගේ යුතුකම ඉගෙනගැනීමයි. එසේ නැතුව කණ්ඩායම්ගතිකතාවය නිසා හෝ පෙලබවිම නිසා තම අධ්‍යාපනයට අදාල නැති ක්‍රියා දාමයන්ට සහභාගීවිය යුතු නැත (අ)

:       0       0

සුනන්ද Wednesday, 15 June 2016 11:25 AM

අමානුෂික නවක වදය නවත්වන්න....එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ (අ)

:       0       0

ගියාන් Wednesday, 15 June 2016 11:22 AM

තමන් ඉගෙන ගන්නෙත් නැහැ. අනුන්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ . අපේ දුක් මහන්සි වෙලා උපයන බදු සල්ලි වලට තියා මේ උදවියගේ මව්පියන්ටවත් යන කලක් නැහැ. අපොයි මෙහෙමත් කරුමයක් ! (අ)

:       0       0

ගිහාන් Thursday, 16 June 2016 05:46 AM

ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර මහජනතාවට හිසරදයක් විය යුතුද? නුඹලා දවසක රටේ ආර්ථිකයට හවුල් වේවි. එතකොට හිතන්න පැය 8 ක් 9ක් රාජකාරී කරලා ගෙදර යන්න ඉන්න මිනිසුන්ට වෙන කරදරය. මිනිසුන් නුඹලාගේ උද්ඝෝෂණ නිසා තව පැයක්, දෙකක් පාරේ රස්තියාදු කරන එක මොන තරම් සදාචාරාත්මකද? (නි)

:       0       0

පෙරේරා Thursday, 16 June 2016 06:15 AM

ඔබට සතුටුයි ද දැන් (බ)

:       0       0

විජය Wednesday, 15 June 2016 12:07 PM

ඉගෙන ගන්න තියෙන කාලයේ පෙළපාළි ගිහිල්ල, පස්සේ කොහොම හරි උපාධියක් ලබාගෙන මුන්ද අපට සේවය කරන්න එන්නේ, ලිඛිත විභාග විතරක් නැතුව, මේ උපාධි පාඨමාලා සංශෝධනය කරන්න ඕන, අනම් මනම් වලට යන්න බැරිවෙන්න, පිට රටවල විශ්ව විද්‍යාල ගුරුවරු මග පෙන්නනවා විතරයි, වැඩි වැඩ කොටසක් කරන්න තියෙන්නේ, ළමුන්ට, ප්‍රයෝගික වැඩ ඇතිවෙන්න තියෙනවා (බ)

:       0       0

ටෙෂාන් Friday, 17 June 2016 11:24 AM

අහවලා උසාවි නියෝගය දිහා බලන විදිහෙන්ම තේරෙනවා මෙයාලා කොච්චර මේ රටේ නීතියට ගරු කරනවද කියලා. (නි)

:       0       0

නුවන් Wednesday, 15 June 2016 12:45 PM

අපි රාජපක්ෂ රෙජිමය ගෙදර යවපුවාම ශිෂ්‍ය මර්ධනය නවත්වනවා . ශිෂ්‍ය අයිතිවාසිකමි ආරක්ෂා කරනවා. නිදහස් අධ්‍යාපනය රකිනවා. මානව හිමිකමි ආරක්ෂා කරනවා.... කවුද බං මෙහෙම කියලා බලයට ආවෙි.... කාපල්ලා කොල්ලනේ ක‍‍දුලු ගෑස් ඉල්ලපල්ලා ඔීකුන්ට හෙන. හලපු බෙිගල් වලට (අ)

:       0       0

දිසානායක Thursday, 16 June 2016 06:42 AM

රජයේ මුදලුත් මහජනයාගේ කාලයත් තමන්ගේ ජීවිතත් විහින් කාබාසිනියා කරන මෙවන් ගොන් රැලකට කාලකන්නි ලෙස ඇමතීම නුසුදුසු නොවේ. (බ)

:       0       0

මලික් Wednesday, 15 June 2016 01:01 PM

පුදුම ශිෂ්‍ය ජීවිත තමයි. වෙනත් රටවල ලමයි තමන්ගේ වියදමින් ඉගෙන ගෙන අවුරුදු විසි දෙක වෙන කොට උපාධිය ඉවරයි. මේගොල්ලන්ට බෙඩ් ශීට් එකේ ඉඳලා රටේ මිනිස්සු සපයලා දෙන්නත් ඕන. පිළිවෙලකට ඉගෙනගන්නෙත් නැහැ. (අ)

:       0       0

උපාලි Wednesday, 15 June 2016 01:19 PM

මේ පෙළපාලිය මොකටද, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලිංගික අතවර කිරීමට ඉඩ දෙනු, අපි කරන නීති විරෝධී වැඩ වලට අත නොතබනු කියල නේද? නැතුව අපේ අධ්‍යයන පාඨමාලා කාලීනව රටට ගැලපෙන පරිදි සකස් කරනු වගේ දේකට නෙමෙයි නේ. එහෙනම් ඉතින් ඔහොමවත් නාගන්න එක හොඳයි, මොලේ පෑදෙයිද බලන්න. (අ)

:       0       0

චන්දන Wednesday, 15 June 2016 02:04 PM

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල තමයි මේ (නි)

:       0       0

සුනිමල් Thursday, 16 June 2016 07:03 AM

විශ්ව විද්‍යාලයට ඇතුල්වන සියලුම සිසුන් කිසිම දේශපාලන කටයුතුවල හෝ උද්ඝෝෂණ වල නිරත නොවන බව ලිඛිතව සනාථ කරමින් අත්සන් කළ යුතුය. නොහැකි අය ඉවත්කර ඊළගට සුදුසුකම් තිබෙන අලුත් සිසුන් බදවා ගත යුතුය. (බ)

:       0       0

රමණි පෙරේරා Thursday, 16 June 2016 07:06 AM

මුන් මොලේ අමාරුකාර හීනමානයෙන් පෙලෙන පිස්සන් වගයක්. නවකවදය නීතියෙන් තහනම් කළ යුතුයි. නවක වධකයෙක් අහුවුනොත් වහාම විශ්ව විද්‍යාලයෙන් නෙරපිය යුතුයි.වහාම පිස්සන් කොටුවට බාර දිය යුතුයි. (බ)

:       0       0

සේන Thursday, 16 June 2016 07:28 AM

අර හත්වැනි පින්තුරේ ඉන්න දරුවා දැක්කම ලොකු දුකක් ඇති වෙනවා වගේම මේ දරු දැරියන්ගේ මොළ හෝදලා මේවාට යොමු කරන උදවිය ගැන ලොකු තරහක් ඇතිවෙනවා. (ර)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 16 June 2016 10:01 PM

විශ්ව විද්‍යාල වරම අහිමි වූ අය තමාගේ නොහැකියාව වසාගෙන එහෙත් හිතේ තිබෙන හීනමානය තරමක් හෝ මන්දනය කරගැනීමට උත්සාහ දරන බව පෙනේ. යම් හෙයකින් 71 කැරැල්ලට සමාන දෙයක් සිදුවූවොත් අපේ කට්ටිය උඩ පැන පැන පොලිසියට ඉස්සරටත් වඩා පෙත්සම් ගසමින් මර්දනය තමන්ගේ අතට ගනීවි (නි)

:       0       0

අමිල Wednesday, 15 June 2016 02:59 PM

නුවන්, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 16 June 2016 10:04 PM

සත්‍යපාල මහත්මයාණෙනි, ඔබේ නමෙහි තේරුම සාක්ෂාත් කරමින් ඔබ දක්වන අදහස් වලට විදේශයක සිට මම බුහුමන් කරමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 518 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 929 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 222 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 775 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1475 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 578 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38787 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site