(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කළාය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් ජනාධිපති මන්දිරය පිහිටි අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වී උද්ඝෝෂණය කිරිමට සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, මැදිරිගිරියේ ධම්ම හිමි, උදාර රණසිංහ, චමෝද් රණසිංහ ඇතුළු පිරිතක් ප්‍රමුඛ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අන්තරේ විරෝධයට තහනම් නියෝගයක්
Ahmed (Gulf) Wednesday, 08 January 2025 01:19 PM
අන්තරේ හොරිකඩයින්...
indikaWednesday, 08 January 2025 02:27 PM
තමන් කරනකොට හොඳයි... දැන් තමයි වැරැද්ද පේන්නේ. දෙපැත්තට බෙදිලා මරාගන්න කල්... අවුරුදු 73ක් ඕක තමයි කරේ හිටපු ආණ්ඩුවලට...
අමා Wednesday, 08 January 2025 01:48 PM
දැන්වත් තේරුණොත් ඇති. ඕවා කරන්න හොඳ නැහැ කියලා.
එක මිටට... Wednesday, 08 January 2025 02:03 PM
අනේ මන්දා.. මාස තුනක් තිස්සේ මම හිතාගෙන හිටියේ ක්‍රමය දැන් වෙනස් වෙලා කියලා...
රම්බොඩ Wednesday, 08 January 2025 02:17 PM
ආණ්ඩුවට එනකම් අන්තරේ අවුස්ස අවුස්සා ඕනෑ එකටයි, එපා එකටයි පාරට බැස්සුවා. දැන් තේරෙයි අන්තරේ කියන්නේ කාලකණ්ණි කොටසක් කියලා...
පිටිගල මිලානෝ Wednesday, 08 January 2025 03:26 PM
රජයට විරුද්ධව ජනමතයක් නැත. ඒ නිසා මේ කැරැළි නිකං පුස් වෙඩි වගේ…
විකුම් Wednesday, 08 January 2025 03:34 PM
ඉතින් තහනම් නියෝග ගත්තු එක හරිනේ. දැන් jvp එක නෑනේ. ඉතිං එහෙනම් කොහේ ද අන්තරායක්. අර කවු ද කීවා නේද සියලු වෘත්තිය සමිති විසුරුවා හරිනවා කියලා. දැන් ගෙදර යන්න හොඳ ළමයි වගේ...!
ගමේ එකාලා Wednesday, 08 January 2025 03:44 PM
අන්තරේ කියන උන් රටට සාපයක්..මේ වගේ කඩාකප්පල් කාරයෝ ඉන්නකම් රටට හොන්දක් වෙයිද? මේ වගේ උන් ලෝකෙම නැතුව ඇති .
චන්දිම Wednesday, 08 January 2025 04:05 PM
මාර වැඩක්නේ ! මේ අය බැරිවෙලාවත් කවදා හරි ඔවුන්ගේම ආණ්ඩුවක් පත් කර ගත්තත් ඒකටත් විරුද්ධව ඔවුන්ම පාරට බහීවි නොවැ...
මලින් Wednesday, 08 January 2025 04:52 PM
JVP, පෙරටුගාමී, අන්තරේ කියන තුනම එකම කල්ලියක්. මුලින්ම තිබුනේ JVP විතරයි. අන්තරේ කියන්නේ JVP බළල් අතක්. තමන්ගේ දේශපාලන වැඩ වලට කඩේ යවන කල්ලිය තමයි අන්තරේ කියන්නේ. 1980/1990 කාලේදී ලංකාවේ විශ්ව විද්‍යාල වල හිටපු අය මේ ගැන හොඳට දන්නවා. විශ්ව විද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය ස්ම්පූර්නයෙන්ම කඩා කප්පල් කරපු තකතීරු රැලක් තමයි JVP/අන්තරේ කියන්නේ. 2012 දී JVP එක දෙකට කැඩුනා. ඒ කෑල්ල තමයි පෙරටුගාමී කියන්නේ. මෙතැනදී අන්තරේ පාලනය JVP එකෙන් පෙරටුගාමී එකට ගියා. දැන් අන්තරේ මෙහෙයවන්නේ කුමාර් ගුණරත්නම්ගේ නායකතත්වයෙන් තියෙන පෙරටුගාමී පක්ෂය. මේ ඔක්කොම එකයි. ඉල්ලන හැමදේම දුන්නත් ස්ට්‍රයික් කරනවා, රට අඩාල කරන එක මොවුන්ගේ එකම පරමාර්ථයයි. රටේ බොහෝමයක් දෙනා විශ්ව විද්‍යාලවල වෙන දේවල් ගැන දන්නේ නැහැ. කරුණාකර මේ ගැන අවදානයෙන් ඉන්න. මොවුන්ට අනුකම්පා කරන්න එපා.
[email protected] Sunday, 12 January 2025 10:56 AM
පිටිගල, ආන්ඩුවට විරුද්ධව ඉක්මනට ජනමතයක් එනවා. තව තවත් බොරු කියන්න ඉඩදෙන්නේ නැත.