IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘අන්තවාදීන්ගේ ගොදුරක් වෙන්න එපා‘

ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් පරාජය කැර ජන ජීවිතය හා ජාතික සමගිය වෙනුවෙන් මැදිහත් වන ලෙස ආගමික නායකයන්ගෙනුත් උගතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙනුත් ඉල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා බත්තරමුල්ල ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

අලුත්ගම සිද්ධියෙන් තිදෙනකු මියගොස් ඇතැයි ද, මෙය අන්තවාදීන් විසින් අවුළුවන ලද ගැටුමක්යැයි ද එය ඇවිළවූ අයටම දැන් නිවා ගන්නට බැරි වී ඇතැයි ද ඔහු කියයි.

‘මෙම සිදුවීම් අවුළුවන අයට රාජ්‍ය මැදිහත්වීම් ඇති බව පොලිසිය දන්නවා. එමෙන්ම ආණ්ඩුවේ දේශපාලනඥයන් මේ සිදුවීම පිටුපස ඉන්නවා. එය ආරක්ෂක අංශවලට බාධාවක් වී තිබෙනවා. ආණ්ඩුවේ දේශපාලකයන් දේශපාලන හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ඇති කළ ගැටුම් කොල්ලකෑම් දක්වා වර්ධනය වී තිබෙනවා. ‘ යැයි ද ඔහු කීවේය.



අදහස් (0)

‘අන්තවාදීන්ගේ ගොදුරක් වෙන්න එපා‘

හසිත Monday, 16 June 2014 08:40 PM

වැදි බණ (අ)

:       0       0

මාලා Tuesday, 17 June 2014 08:02 AM

මොනවා වුණත් එයාලා එදා ඉඳලම ඇත්ත කතා කළා (නි)

:       0       0

මිනිපෙ Monday, 16 June 2014 08:55 PM

මොකක් හරි කරුමයක් පටන් ගන්නවාත මිනිස්සුන්ට නිදහසේ, සැනසිල්ලේ ඉන්න දෙන්නේ නැහැ. (නදී)

:       0       0

ටෙනිසන් Tuesday, 17 June 2014 08:11 AM

පිටිගල මහත්මයා කතා කරන්නේ ඇත්ත නම් මේ වනවිට ඔබට අවම වශයෙන් වයස 60ක් විය යුතුයි. මම ජවිපෙ සාධාරණීකරනය කරනවා නොවෙයි. නමුත් ඒ යුගයට පෙර අපේ රට හා ඉන්පසුව අපේ රට දෙස බැලුවොත් අපිට ඔවුන් දුන් දේවලුත් ගොඩක් තිබෙනවා. එහෙම නේද පිටිගල මහත්තයෝ? (නි)

:       0       0

අබේ Tuesday, 17 June 2014 02:35 PM

අපි මැරිලා ඉපදුනේ නැහැ සහෝ 88-89 තාමත් මතකයි. (නදී)

:       0       0

මිලාන් Monday, 16 June 2014 09:07 PM

වෙන්න එපා කොහොමටවත් ............. (දී)

:       0       0

ශාන්ත Tuesday, 17 June 2014 08:23 AM

මේ ගැටුම් අවුලුවාලීමට උඩගෙඩි දුන් හැමදෙනාටම තරාතිරම නොබලා දැඩි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

තිලක් Monday, 16 June 2014 09:12 PM

ඔව් ඔව් අපි මේ අත්දැකීම් වලින් කියන්නේ කාගෙන් වත් අහලා නොවෙයි. 1971, 1988-89 රට විනාශ කරලා ඉගෙන ගත්ත පාඩම් වලින් (නදී)

:       0       0

ගීත් යසන්ත Monday, 16 June 2014 09:15 PM

මෙයාල තවත් ඇනගන්න යන්නේ අපි හිතුවා අනුරටවත් මොලේ ඇති කියා (නදී)

:       0       0

හරින් Monday, 16 June 2014 09:17 PM

මේ ප්‍රතිචාර දාල තියෙන අයගෙන් කී දෙනාද හිතට එකගව දාලා තියෙන්නේ (දී)

:       0       0

අනූෂා Tuesday, 17 June 2014 08:33 AM

බොහොම ඇත්ත මහත්තයෝ (නි)

:       0       0

දම්මික Tuesday, 17 June 2014 02:47 PM

අන්ත වාදීන්ගේ ගොදුරක් වන්නේ සිහිබුද්ධිය නැතුව ජිවත් වන මිනිස්සු (දී)

:       0       0

කාලිංග Monday, 16 June 2014 09:17 PM

ඔබලාගේ දර්ශනය නිවැරදි කියන මතයේ මාත් ඉන්නවා , කොයිම ආකාරයවත් ජාති වාදය ප්‍රතික්ෂේප කල යුතුයි, ගැහුවොත් ගහන්න කියල කවුරුන් විසින් කොතනකදී කියන ලක්දක්ද කියන එක වීඩියෝවකින් ඔප්පු කර පෙන්නන්න මේකේ අදහස් පළකරපු අය , අනුන් කියන්නම් වාලේ කියන්නේ නැතුව, නමුත් අපිට එකක් මතකයි මේකම තමයි පිටපත 83 කළු ජූලියේ අරම්බයත්, (දී)

:       0       0

නුවන් Tuesday, 17 June 2014 08:40 AM

ජ.වි.පෙ. ආදර්ශමත්. මිනිස්සුන්ට මතක නෑ කරපු කැපකිරීම්. අද භුක්ති විඳින ස්වෛරී නිදහස දිනාදුන්නේ ඔවුන්. (දී)

:       0       0

ලලිත් Monday, 16 June 2014 09:26 PM

නුගත් මිනිස්සු ගැන මට දුකයි. ජේවීපී එකේ 89 ගැන කතා කරනවා නම් ඇයි71 ,89 ප්‍රා ,කළු බළල්ලු .ගැන නොකියන්නේ. අහිංසක කොල්ලෝ කීදෙනෙක් මේ ආණ්ඩු 2 න් මැරුම් කෑවද ? 88,89 කාලේ පාලම බෝක්කු වල අතපය ගැට ගහලා ටයර් දාල පිච්චුවේ ජේවීපී එකෙන්ද? (නදී)

:       0       0

සම්පත් Tuesday, 17 June 2014 08:55 AM

බේරුවල කියන්නේ කොච්චර ලස්සන නගරයක්ද.? (නි)

:       0       0

සුමුදු Tuesday, 17 June 2014 08:58 AM

මොනාව වුණත් එයාලා කියන්නේ ඇත්ත (නි)

:       0       0

විදුරන්ග Tuesday, 17 June 2014 09:07 AM

නියමයි. ඔහොම යමු (නි)

:       0       0

ගිරිහාගම Monday, 16 June 2014 10:03 PM

ජේ.වි.පි යත් ඒ කාලේ කළේ මේ දේම තමයි (නදී)

:       0       0

සිරිසේන Tuesday, 17 June 2014 09:13 AM

බුදු දහමේ බලය සමානාත්මතාවයි. (නි)

:       0       0

පිටිගල Monday, 16 June 2014 10:10 PM

ජේ . වී. පී . එක කියන දේවල් දැන් ජනතාව ගණන් ගන්නේ නැහැ, කොමියුනිස්ට් වාදය දැන් කල් ඉකුත් වෙලා. ඒ කියන්නේ යල් පැනලා 1970 තමයි මම ජේ.වී.පී, එක හඳුනා ගත්තේ. එතකොට මම උසස් අධයාපනය ලබන ශිෂ්‍යයෙක්. ඒ කාලේ නම් හදවතට වදින කතා ඇහුවා නායකයන්ගෙන්. අසාර්ථක සටන් දෙකකට පස්සේ පොල්කටු යට හැංගිලා ඉඳලා එලියට ඇවිත් අලුත් නායකයෝ දැන් මෝඩ පුරසාරම් කිව්වට විජේවීර වගේ වෙන්න කතා කලාට අද ජේ,වී පී එකට එල්ලෙන්න සාරි පොටක් හරි වේට්ටියක් හරි ඕනෑමයි. නැත්නම් එ්ගොල්ලන්ටත් බෑ! බෑ !! තමයි. අර සමහර විප්ලව වාදී පක්ෂ තවමත් එල්ලිලා ඉන්නේ වවුලෝ වගේ. අහිංසකයෝ බොරු විප්ලව වලින් අමාරුවේ දාලා රස්සාවල් නැතිකරලා , විප්ලවෙටම නාකිවෙලා සමහරු මිය ඇදිලා. කරපු විප්ලවයකුත් නැහැ පස්සෙන් ගිය මිනිස්සුන්ට ලැබුන කැකිරි ගෙඩියකුත් නැහැ.71 ටත් 89 ටත් වග කියන්න ඕන ජේ .වී.පී. එක තමයි. ත්‍රස්තවාදය ඕනෑම ආණ්ඩුවක් මැඩ පැවැත්විය යුතුයි. එ්ක රජයක යුතුකම. (නදී)

:       0       0

පද්මිණි Monday, 16 June 2014 10:13 PM

අපේ මිනිසුන්ට අතීතය අමතක වෙන ඉක්මන. එදා ගංවතුරට යට වුණ වෙලාවේ අලුත්ගම ය බත් උයාගෙන ඇවිත් අසරණ වුණ අයට කන්න දුන්නා. අපි එදා මෙහි කොපමණ සතුටින ප්‍රතිචාර දැම්මද? පොසොන් දන්සල් වල එන්න කිවුව ආරාධනා පිළිගත්තා. අපි එකම ලක් මවගේ දරුවන් කියලා හිතන්න. (නි)

:       0       0

අමර Tuesday, 17 June 2014 09:23 AM

සිංහල මුස්ලිම් කියලා භේධයක් තියෙන්න බැහැ රටක මොකද අපි ඔක්කොම මිනිස්සු (දී)

:       0       0

අමල් Tuesday, 17 June 2014 09:24 AM

සාමදානෙන් ජිවත් වෙන්න බැරි නම් මේ රටේ ඉන්න එපා (දී)

:       0       0

දනුෂ්ක Tuesday, 17 June 2014 09:25 AM

කතාව ඇත්ත අන්තවාදීන්ගේ ගොදුරක් වෙන්න එපා (දී)

:       0       0

රවීන්ද්‍ර Monday, 16 June 2014 10:18 PM

ජය වේවා! නියම කතාවක් (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 16 June 2014 10:23 PM

ලලිත් මහත්තයෝ, ඔබතුමා කියන ඔය මරණ වලට මඟ පාදා දුන්නේ කවුද? බිලියන ගානක මහජන දේපල වලට කළ විනාශයට වගකියන්න ඕනෑ කවුද? ඒ කාලේ ලැබූ අත්දැකීම් වලට වඩා සියදහස් ගුණයක් මේ විදිය අපිට හොඳයි (නි)

:       0       0

සුපුන් Tuesday, 17 June 2014 09:32 AM

ඒ කතාව ඇත්ත අන්තවාදී අදහස් අවශ්‍ය නැහැ (දී)

:       0       0

නෙල්සන් Monday, 16 June 2014 10:39 PM

ඔබතුමාගේ ප්‍රකාශයට මම ගරු කරනවා (නි)

:       0       0

අමල් Tuesday, 17 June 2014 09:56 AM

ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කල ආකාරය මම අගයනවා (දී)

:       0       0

ජයසේන Monday, 16 June 2014 10:39 PM

අපේ මිනිසුන් කියන දේ නෙමෙයි තේරුම් ගන්නෙ. හරි දේ පෙන්නලා දුන්නාම එ්ක පෙන්නා දුන් කෙනාට ගහනවා. සත්‍ය බුදු දහම පැත්තක තියලා වෙන මොනවදෝ කරනවා. ආණ්ඩුවටත් බනිනවා, 88-89 ගැන කියලා ජේ වී පී එකටත් බනිනවා. අන්තිමට ඇත්ත තේරෙන්නෙ ඡන්දයක් ආවිටයි (නි)

:       0       0

රවී Tuesday, 17 June 2014 10:04 AM

ජේ වී පියට දැක්මක් තියනව ජනතාව තවම ඉන්නේ වලේ ගොඩ ගන්න බැහැ (දී)

:       0       0

ප්‍රසාද් Tuesday, 17 June 2014 10:11 AM

මෙයාල කට ඇරියොත් ලංකාවම ගඳ ගහනවා (නදී)

:       0       0

ග්‍රේසි Monday, 16 June 2014 11:07 PM

තවත් අඳුරු යුගයක් නම් උදාවෙන්න එපා (නි)

:       0       0

සිරිසේන Monday, 16 June 2014 11:09 PM

කවුරු මොන කතා කිවුවත් අන්තිමේදී මට නම් කියන්න තියෙන්නේ තවත් යුද්ධයක් නම් අපිට දකින්න සළස්වන්න එපා කියලයි (නි)

:       0       0

අෂාන් Monday, 16 June 2014 11:26 PM

බොහොම හරි. හොඳ කතාවක් (නි)

:       0       0

ප්‍රවීන් Monday, 16 June 2014 11:26 PM

මට අපේ අතීතය මතක් වුණා, මේ කතාව ඇහුවහම (නි)

:       0       0

කුසල් Monday, 16 June 2014 11:38 PM

මිනිසුන් නොයෙක් නොයෙක් ප්‍රශ්න නිසා තම තමන්ගේ සිත්තුළ ඇති පීඩනය මොනයම් හෝ ආකරයකින් පිටකරන්නයි උත්සාහ කරන‍්නේ (නි)

:       0       0

ගමගේ Monday, 16 June 2014 05:43 PM

ආ එහෙමත් එකක්ද? ඇයි පහුගිය දවසක අනුරකුමාර දිසානායක කිව්වා නේද ගහන්න කියලා (නදී)

:       0       0

චන්දන Monday, 16 June 2014 05:48 PM

නිවැරදි ආකල්පයක් (අ)

:       0       0

සමන් Monday, 16 June 2014 05:53 PM

එක හින්දද ඔය ගොල්ලෝ වෙනම අපේක්ෂකයෙක් දල ආණ්ඩුවට සපොර්ට් එකක් දෙන්න යන්නේ?(අ)

:       0       0

විදුර Monday, 16 June 2014 05:54 PM

මෙයාගේ ලොක්කම නේද මේ ලගදි කිවේ ගැහුවොත් ගහපියව් කියල (අ)

:       0       0

ලෝගේෂ්වරන් Tuesday, 17 June 2014 01:08 AM

පසුගිය ගැටුම් හා මේ ගැටුම පසුපස තිබෙන අදිසි හස්තය කාගේද? (නි)

:       0       0

පහන් Monday, 16 June 2014 05:55 PM

එතකොට ඔයාල 71 සහ 89 කලේ මොනවද මහත්තයෝ ? (අ)

:       0       0

ප්‍රියංකර Monday, 16 June 2014 05:58 PM

මෙයාල කරපු දේකුත් නෑ. කරන දේකුත් නෑ. කරන්න පුළුවන් දේකුත් නෑ. බොරුවට කටින් බතල හිටවනවා. එච්චරි.

:       0       0

මහී Monday, 16 June 2014 05:58 PM

71, 89. ගොදුරු උනේ මොනවදීන් ටද? (අ)

:       0       0

සම්පත් Monday, 16 June 2014 05:59 PM

අනුර කුමාර පහුගිය දවසක මේ ජනතාවට කිව්වෙ තමන්ට බලපැම් ආවොත් පහර දෙන්න කියලා. වැඩ සිද්ධ උනාට පස්සෙ බොරු නිවේදන දානවා (නදී)

:       0       0

ගාමිණී වියන්ගොඩ Tuesday, 17 June 2014 01:32 AM

සමහර අයට නීතිය අතට දීලා, නීතිය කළ යුතු කොටස බලා ඉන්න තැනට පත්වෙලා සිටියොත් රට යන අත ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ (නි)

:       0       0

නන්දසිරි Tuesday, 17 June 2014 02:21 AM

බොහොම හොඳ ප්‍රකාශයක් (නි)

:       0       0

ප්‍රියාන් Monday, 16 June 2014 06:11 PM

මෙයාලට වැස්සත් ආණ්ඩුව පෑව්වත් ආණ්ඩුව. පරණ තැටියම තමයි හැමදාම මෙයාල වාදනය කරන්නේ. ඕව අහල දැන් ඇතිවෙලා. (නදී)

:       0       0

ආචාර්‍ය විකී Monday, 16 June 2014 06:14 PM

අතීතය අනාගතයට පාඩමක් කරගෙන රටේ අනාගතය ගැන ඔහු කියන දේ හරි. රට ගැන කතා කරන අයව දිරිමත් කරන්න. විවේචන කිරීමෙන් රටට ලැබෙන දේ මොනවද ? (නදී)

:       0       0

ඩෙන්සිල් Tuesday, 17 June 2014 02:49 AM

ටිල්වින්, ඔබගේ මතය හරි.කෙනෙක්ගේ අතීතය අමතක කරන්න.වැරදි කළ කෙනා වැරදි නිවැරදි කරගෙන සමාජගත වෙනකොට අපි එයාව පිළිගන්න ඕනෑ. මොනවා වුණත් අද විනයගරුකව දේශපාලනය කරන පක්ෂයක් විදියට ජේවීපිය හඳුන්වන්න පුළුවන්. (නි)

:       0       0

බිමල් Monday, 16 June 2014 06:18 PM

1987 උසස් පෙළ ලියා විශ්ව විද්‍යාලය ට ගිය මට , විභාග අසමත් වීමක් වත් නැතිව ගෙදරට නාකි වෙනකන් උපාධිය කරන්න වුනේ , මොන වාදීන් නිසා ද කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. (අ)

:       0       0

රවී Monday, 16 June 2014 06:24 PM

සමාජවාදීන්ගේ ගොදුරක් වෙන්න එපා කියල තමයි මේවට කියන්න තියෙන්නේ. (අ)

:       0       0

ප්‍රතිභා Monday, 16 June 2014 06:37 PM

පැරදිල පැරදිල ඉන්නවා මොනවා කරන්න ද (අ)

:       0       0

මලී Monday, 16 June 2014 06:37 PM

එතකොට ඔයාල 71 සහ 89 කලේ මොනවද සිංහල මිනිස්සු මරන එකයි දේපල විනාශකරන එකයි බැංකු මංකොල්ලකන එකයි නේද රටේ සම්පත්නේද විනාශකලේ ඔයගොල්ලො කටින්ද ඔය කතාකරන්නෙ(අ)

:       0       0

ඉන්දික Monday, 16 June 2014 06:42 PM

හඳ පෙන්නපුවම ඇගිල්ල දිහා බලන මිනිස්සු වැඩිපුරම ඉන්නේ ..... අනේ දෙයියනේ අපේ මිනිස්සුන්ට මේ මොනව වෙලාද. (අ)

:       0       0

සෙනෙවිරත්න Monday, 16 June 2014 06:57 PM

රටේ ගැටළු පොදු ඇසෙන් දකින්න පුරුදු වෙන්න (අ)

:       0       0

සුනිල් Monday, 16 June 2014 07:00 PM

අද මේ රටේ මේ තත්වෙට මෙයාල බොහොම වගකියන්න ඕනි. අද කතා කරන්නේ මොනවත් නොදන්නා බබ්බු වගේ. ඒගොල්ලෝ හිතනවා මහා ජනතාව මෝඩයෝ කියල. (අ)

:       0       0

බුද්ධික Monday, 16 June 2014 07:03 PM

මේ ටිල්වින්ලම නේද මීට ටික දවසකට කලින් කිව්වෙ ගැහුවොත් ගහන්න කියලා.(අ)

:       0       0

ඉන්දු Tuesday, 17 June 2014 01:29 PM

"අන්තවාදීන් ඕනේ නැහැ අපේ රටට". කතාව ඇත්ත මොකද අන්තවාදීන් ඉන්නා තැන ඇත්තේ එකාදිපතිත්වයයි (දී)

:       0       0

රණේ Monday, 16 June 2014 07:03 PM

බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නෑ. ඔබලාගේ දර්ශනය නිවැරදි බව දැන් දැන් පැහැදිලි වෙනවා. (අ)

:       0       0

රංජිත් Monday, 16 June 2014 07:05 PM

අපිත් මේ සිද්දිය අනුමත කරන්නේ නෑ කාගේ උනත් වටිනා ජීවිත නේ . විශ්ව විද්‍යාල වල ඉන්න ඉගෙනගන්නේ නැතුව පිස්සු නටල රටේ මුදල් විනසකරන ඔබතුමාලගේ ගෝලයෝ ටිකටත් අන්තවාදී නොවී අනිත් සිසුවන්ට ඉගෙනගන්න ඉඩ දීල පාඩුවේ ඉන්න කියල කියන්නකෝ මහත්තයෝ (අ)

:       0       0

කුසුම් Monday, 16 June 2014 07:25 PM

නිවැරදි ප්‍රකාශයක්!! ජාතිය, ජන්මය, ආගම, අනුව ලේ වල පාට බලන්න වෙන්න ඇතිනේ සමහර අයට ඕන වෙලා තියෙන්නේ. මේවා දැකල සතුටු වෙලා කිරිබත් කන්න බලාගෙන හිටපු අයට දැන් ඒකට වෙලාව හරි. (අ)

:       0       0

රසික Monday, 16 June 2014 07:27 PM

අප්පා මෙයාල දැන් බණත් කියනවා (අ)

:       0       0

ලුම්බිණි Tuesday, 17 June 2014 05:50 AM

හොඳ ප්‍රකාශයක්. (නි)

:       0       0

සුරේෂ් Tuesday, 17 June 2014 06:05 AM

මම මේ කතාව අගය කරනවා (නි)

:       0       0

ජීවක Monday, 16 June 2014 07:35 PM

මේවා පිල්ලේ නෝනට කියන්න එකෙක් නැද්ද මේ රටේ?.(අ)

:       0       0

කුෂාන් Tuesday, 17 June 2014 06:33 AM

අපේ මිනිසුන්ට හරිම ඉක්මණට අතීතය අමතක‍ වෙනවා (නි)

:       0       0

වසන්ති Monday, 16 June 2014 07:57 PM

හොඳ අදහසක්. අපි විරුද්ද පක්ෂයටත් අවස්තාවක් දෙමු. දැන් නම් රට ගිනි ගොඩක. සියල්ලෝම සන් සුන් වෙමු. මට මතක් වෙන්නේ සමහර ලොක්කෝ යුද්දෙන් පස්සේ වපුරපු බීජ දැන් අපි නෙලනවා. (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 June 2014 07:29 AM

ඔබලාට 70,71,88,89 දී මේ බව වැටහුනා නම් ලක් මාතාවගේ වටිනා දු දරුවන්ගේ ජීවිත කොතෙක් නම් රැකෙනවද? (නදී)

:       0       0

දීප්ති Tuesday, 17 June 2014 07:35 AM

රවී,ඔයා නොදන්නා ඒවා කියන්න එපා. පළමුව සමාජවාදය හදාරලා ඉන්න. (නි)

:       0       0

සමන් ප්‍රනාන්දු Monday, 16 June 2014 08:25 PM

1971, 1987-89 බණ දෙසති (නදී)

:       0       0

පතිරණ ඉතාලිය Monday, 16 June 2014 08:27 PM

අනුර ඔබ හරි (නදී)

:       0       0

අනුෂ්ක Tuesday, 17 June 2014 07:56 AM

ඇත්ත තමයි මහත්තයෝ. අපිටත් දැන් මේවා ටික ටික තේරෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2126 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1374 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2194 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 539 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3105 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site