ත්රස්තවාදයට මග පාදන අන්තවාදයට යළි කිසිදු දිනක ශ්‍රී ලංකාවේ හිස ඔසවන්න ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසීය.
කොළඹ නිදහස් චතුරඝ්‍රයේ පැවැත්වෙන අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටින බව ද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම වැරදි කරන සුළු පිරිසකට නීතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරය මත සිමා පැනවීම නොකළ යුතු බවද පැවසූ ජනාධිපතිවරයා නීතීගරුකව, ගුණ ගරුකව, ජීවත් විමට සැබෑ නිදහසක් ජනතාවට ලබා දෙන බවද සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්රජාතන්ත්රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙමිනුයි. මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සියලූ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.
ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සෑම පුරවැසියෙකුටම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිටම තහවුරු කරනවා. ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි හැමවිටම ගරු කරනවා. තම හිතමිතුරන් තෝරා ගැනීමට මෙන්ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියෙකුටම අයිතිය තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියෙකුට තමන් විසින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන් හරහා දේශපාලන ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධවීමේ අයිතිය අපි හැමවිටම ආරක්ෂා කරනවා. මේ සියල්ලම කිසිවෙකුට අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා.
ප්රජාතන්ත්රවාදය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේදී අප විසින් තුලනය කළයුතු ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය එහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතුයි. සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගතයුතු අතර, පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව අප මතක තබා ගත යුතුයි. රජය හා ජනතාව අතර සම්බන්ධීකරණයත් මෙහිදී සුවිශේෂී වෙනවා.
නිදහසින් පසු මේ ජනරජය තුළ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා පත් කර ගනු ලැබුවේ සර්වජන ඡන්ද බලයෙන්. එසේ මහජන ඡුන්දයෙන් තෝරා පත් කර ගැනුන වත්මන් රාජ්‍ය නායකයා ලෙස, මගේ ධුර කාලය තුළ රටේ සියලූදෙනාගේම නායකයා ලෙස, රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්.
ප්රජාතන්ත්රවාදී රටක නිසි ක්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සියලූ ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ ධුර කාලය තුළ ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටයි. ඔහු තමන්ට ඡන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ. එක් ජනකොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලූ ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ප්රජාවයි.
ඕනෑම ප්රජාතන්ත්රවාදී සමාජයක යහපැවැත්ම හා ප්රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා. රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙම ප්‍රධාන ආයතනය ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය පළුදුවන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇතිවීමට හේතු වෙනවා.
ඒ නිසා සියලූ පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුභසිද්ධියට මෙන්ම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ජාතික දැක්මක් තුළ සිය කාර්යභාරය ඉටු කළ යුතුයි.
මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම හා යුතුකමයි. එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා ඔබගේ නිදහසට ගරු කරනවා පමණක් නොව, එය වර්ධනය කර අර්ථවත් ප්රජාතන්ත්රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරනවා.
කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණ වලටත් මග පෑදී තිබෙනවා. ජනතාවට අහිමි වන කාලය, සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි.
මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයන් අපි යළි විමසා බැලිය යුතුයි. වැරදි කරනා සුළුපිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනවා විනා, බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අප නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි.
ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල්පැනගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.
ලංකාව පැරණි ඉතිහාසයක් තිබෙන රටක්. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ, සියලූ ආගමිකයන්ට, සියලූ ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්. මගේ පාලන කාලය තුළදීද, ඕනෑම අයෙකුට තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස මා තහවුරු කරනවා.
බෞද්ධ දර්ශනය තුළ අපේ රාජ්‍ය පාලකයන්ට හැමවිටම උපදෙස් ලැබුනේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන කිසිදු පුරවැසියෙකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත්රයක් සඳහායි. මගේ ධුර කාලය තුළත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා.
ජනතාවට සැබෑ නිදහස ලබා දිය හැක්කේ සමාජ හා ආර්ථික විෂමතාවන් අවම කිරීමෙනුයි.ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමි විය යුතුයි.
අදත් අපේ ජන සමාජය තුළ විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික ප්‍රදේශවල ඇති පහසුකම් ග්‍රාමීය ප්‍රදේශවල නැහැ. අධ්‍යාපන පහසුකම් සෑම ප්රදේශයකටම සමාන නැහැ. සෞඛ්‍ය පහසුකම් සෑම ප්රදේශයකටම සමාන නැහැ. රැකියා අවස්ථා සෑම ප්රදේශයකටම ව්‍යාප්ත වී නැහැ.මේ කිසිවක් වාර්ගික හෝ ආගමික හේතු මත බල පවත්නා තත්ත්වයන් නොවේ. ඒවා රටේ පොදු ප්‍රශ්නයි. ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේදී අපි මුලින්ම කළයුත්තේ ජනතාවගේ ආර්ථික ගැටළු විසඳා දීමයි. අපි ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලකන්නේ ඒ නිසායි.
තිස් වසරක යුද්ධය මෙන්ම තවත් විවිධ හේතු නිසා අපේ රටේ සංවර්ධන කටයුතු බෙහෙවින් ප්‍රමාද වී තිබෙනවා. අපට තවදුරටත් කාලය අපතේ හරින්නට බැහැ. අපේ රටේ සුවිශේෂී භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත නිසියාකාරව ප්‍රයෝජනයට ගනිමින් ලෝක ආර්ථිකයේ නව ප්රවණතා හා අනුගතව අපේ සංවර්ධන කටයුතු වේගවත් කරන්නට අපි ක්‍රියා කරනවා.
කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක්. ජනතාවට නිදහසේ උපරිම ප්‍රයෝජන ලබාදීමට නම් රාජ්‍ය පරිපාලනය නිසියාකාරව ක්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා සමස්ත රාජ්‍ය පරිපාලනයම වගකීම බාර ගත යුතුයි.
ත්රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතන ජනතාවට නිදහසක් නැහැ. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ත්රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.
රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය, වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලූ සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී තිබෙනවා.
සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන්ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සැමවිටම සූදානම්. මාධ්‍ය වලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඕනෑම අයෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා.
සමාජ මාධ්‍යයන් ප්රජාතන්ත්රවාදයට නව අභියෝග එල්ල කරනවා. අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්, බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමඟ සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප්රචාරයන්ට නතු වී, තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ක්ෂණිකවම පෙළඹීමට අවස්ථාව තිබෙනවා.
ඔබේ හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. හැමවිටම රට ගැන හිතන්න. අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න.
දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑමවිටම එය නොබියව පෙන්වා දෙන්න.අපි නීතියේ ආධිපත්‍යයට හැමවිටම ගරු කළ යුතුයි. ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වන විටයි. නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවර ගෙන තිබෙනවා.
අප ඉදිරියේ අභියෝග රැසක් තිබෙනවා. ඒවා ජයගන්නට රජය දරනා උත්සාහයට ඔබ සියලූ දෙනාගේම සහාය අවශ්‍යයි. මා ඔබ ඉදිරියේ තැබූ ප්‍රතිපත්ති මාලාව අද ඔබ මුහුණපාන අභියෝගවලට මුහුණ දිය හැකි ක්‍රියාදාමයක්. ඒ තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි. අනාගත පරපුර වෙනුවෙන් මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඵෙතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලූ ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.
ඔබ සැමට සෞභාග්‍යමත් අනාගතයක් මා ප්‍රාර්ථනා කරනවා !
( ඡායාරූපය -ලහිරු හර්ෂණ )
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අන්තවාදයට යළි හිස ඔසවන්න දෙන්නේ නැහැ‘
Anuradha Tuesday, 04 February 2020 05:33 AM
එතුමා කතාව ඉවර කළේ ‘‘තෙරුවන් සරණයි..!!!‘‘ කියලා.
Nandalal DE SILVA - FranceTuesday, 04 February 2020 09:15 AM
එහෙනම් මම කියවපු කතාවත්, ඔබ කියවපු කතාවෙත් කොටසක් "මැකිලා" ගියාද දන්නේ නැහැ. මම කියවපු කොටසේ ඔබ දුටු දෙය තිබුනේ නැහැ.
BamunuarachchiTuesday, 04 February 2020 11:59 AM
අන්තවාදයට පමණක් නොව පවුල්වාදයටත් යළි හිස ඔසවන්න දෙන්නේ නැහැ කියා නිවැරදි විය යුතුවේ..
BamunuarachchiWednesday, 05 February 2020 03:17 AM
එක පවුලේ ක්‍රිකටස්ලා සිටීනවානම්, එකපවුලේ නීතිඥයෝ ස්ටීනවානම්, එක පවුලේ ඉංජිනේරුවෝ සිටිනවානම්, එක පවුලේ ගායකයෝ සිටිනවානම්. ජනතාව විසින් තෝරා ගත්ත දේශ පාලකයින් එක පවුලේ සිටීම පවුල් වාදය වෙන්නේ කොහොමද?
සේන Tuesday, 04 February 2020 05:46 AM
රටට නායකයෙක්. හිතට හයියක් දැනෙනවා. ආරක්ෂාවක්, සතුටක් දැනෙනවා.
Nadeeka Tuesday, 04 February 2020 06:08 AM
ජනාධිපතිගේ කතාව කවුරුත් අගය කළයුතුයි... මොකද අනිත් ආගමිකයින්ට සම තැන තියෙනවා කියලා කියපු හින්දා...
fairoos Tuesday, 04 February 2020 06:26 AM
සුබ පැතුම්...!!! ජයවේවා...!!!
Thilina Tuesday, 04 February 2020 06:38 AM
ජනාධිපති කළ කතාව ඉහළින්ම අගය කළයුතු විශිෂ්ඨ කතාවක්... එතුමා පැහැදිලිවම කිව්වා බෞද්ධ දර්ශනය පවතින නිසා තමයි අනිත් ජාතීන්ට මෙතරම් නිදහසක් ලැබී තියෙන්නේ කියලා. නිදහස පිළිබඳව එතුමා කළ අර්ථකථනය විශිෂ්ඨයි..
saradiyel Tuesday, 04 February 2020 07:17 AM
හොරුන්ටත් හිස ඔසවන්න දෙන්න එපා..
Rata Perata Tuesday, 04 February 2020 07:21 AM
තමුන්ගේ පවුලේ අන්තවාදයත් නැති කළොත් හොඳයි. හැම තනතුරටම පවුලේ අය රිංගවන්නේ නැතුව...
rana Tuesday, 04 February 2020 07:44 AM
මෙතුමාගේ අදහසට මල්, මුට්ටු වෙලා ඉන්න ඈයොද?
Priyantha Tuesday, 04 February 2020 07:48 AM
එතකොට අන්තවාදීන්ට කාර්යාල පවත්වාගෙන යන්න ඉඩම් දෙන්නෙත් නැත්ද? ශරියා කැම්පස්වලට රුපියල් 14,000ගානේ මහවැලියේ ඉඩම් දෙන්නෙත් නැත්ද?
Hafeel Tuesday, 04 February 2020 11:22 AM
ඒ පමණක් නොවේ. අන්න යාපන විශ්වවිද්‍යාලයේ අද කළු කොඩිත් ඔසවලා. එදා මහවිරු දිනයත් සැමරුවා...
ravi Tuesday, 04 February 2020 08:23 AM
එතකොට මත්ද්‍රව්‍ය, මත්පැන් මුදලාලිලා සහ අනිකුත් සංවිධානාත්මක අපරාධකරුවන් හා දුෂකයෝ ?
Raveendra Tuesday, 04 February 2020 08:24 AM
අගනා කතාවක්.
asela Tuesday, 04 February 2020 08:37 AM
කතාව වගේම වැඩකරනවා නම් හොඳයි. අපිට හිටපු ජනාධිපති ගැනත් මහ ලොකු කතා ඇහුවා.. ඒවා අහලා මිනිස්සුන්ගේ මොල හේදුණා. මේ ජනාධිපතිතුමා ගැන සහතිකයක් දෙන්න මේ ගෙවුණු පොඩි කාලය ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ඔහුගේ සහතිකය ලියන්නෙත් ඔහුමයි.
Aris Tuesday, 04 February 2020 09:09 AM
"ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමිවිය යුතුයි. අපිට පේන විදියට නම් සිංහලයට නොමැති අයිතිවාසිකම් අනෙක් ජාතින්ට තියෙනවා. එබැවින් අනාගතයේදී සිංහල බහුතරය හීන වී යාමෙන් අපි නිතර පෙරදැරි කරගෙන කතා කරන රට, ජාතිය, ආගම අපෙන් ගිලිහි යනු ඇත.
Aris Tuesday, 04 February 2020 09:09 AM
"ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමිවිය යුතුයි. අපිට පේන විදියට නම් සිංහලයට නොමැති අයිතිවාසිකම් අනෙක් ජාතින්ට තියෙනවා. එබැවින් අනාගතයේදී සිංහල බහුතරය හීන වී යාමෙන් අපි නිතර පෙරදැරි කරගෙන කතා කරන රට, ජාතිය, ආගම අපෙන් ගිලිහි යනු ඇත.
විපරමා Tuesday, 04 February 2020 09:29 AM
ආරංචියේ හැටියට අන්තවාදීන් හිස ඔසවන්නට පටන් ගත්තේ පවුල් පාලනේ තිබුණු කාලේ....
Naushad. Tuesday, 04 February 2020 09:52 AM
ජනාධිපතිතුමනි කියකියා ඉන්නේ නැතුව වහාම පරීක්ෂණයක් පවත්වලා අන්ත වාදීන්ව හොයලා දඬුවම් කරන්න. එතකොට අන්තවාදී වෙන්න හිතාගෙන ඉන්න අයගේ හුළං නිකම්ම බහීවි...
Warnakulasuriya Tuesday, 04 February 2020 10:07 AM
ජනතාව හෘදසාක්ෂියට එකඟව කටයුතු කළත් පාලකයන් තමන්ගේ හෘදසාක්ෂියකට එකඟව කටයුතු නොකරන්නේ නම් ඇති ඵලය කුමක්ද? අවුරුදු හැත්තෑ දෙකක් ජනතාව තමන්ගේ හෘද සාක්ෂියකට එකඟව පාලකයන් පත්කර ගනු ලැබුවා. එහෙත් පාලකයින් තමන්ගේ හෘදසාක්ෂියකට එකඟව කටයුතු කළේ නැත. නැවත නැවතත් එය නොවීමට ජනතාවගේ පැත්තෙන් අපි ප්‍රාර්ථනා කරමු. කවුරු අකමැති වුණත් නැවත ගෙදර ගියත් කළ යුතු නිවැරදි දේ කරන රාජ්‍ය පාලකයා හිතට එකඟව කටයුතු කරන්නෙක් වශයෙන් අපි සළකමු. කවදත් අපි හිතපු විදියට එම පාලකයා මෙතුමා වීමට අපි ප්‍රාර්ථනා කරමු. දූෂිතයින්, කුඩු මුදලාලිලා, මිනීමරුවන්, ඇල්කොහොල් මුදලාලිලා, බාර් හිමියන්, රේස් බුකි කාරයන් ආරක්ෂා කරමින් හිතට එකඟව කරන පාලනය අපට නම් තේරුම් ගත නොහැකියි...
Kumar Tuesday, 04 February 2020 02:59 PM
අන්තවාදීන් දුරුකරනවා වගේ අන්ත හොරු ටිකත් දුරුකළොත් තමයි රටට යහපතක් වෙන්නේ...
RIHAN Wednesday, 05 February 2020 06:27 AM
මම කතාව අගය කරමි. කතාව කරපු ජනපතිතුමාවද මම අගය කරමි.
Zaharan Wednesday, 05 February 2020 08:45 AM
තුමාගේ පැත්ත මාරුවෙන්න ඕනේ කතාවේ ඇත්ත නැත්ත බලන්න.