IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අන්තවාදී වැඩ හොයන්න මැති ස‍බේ කමිටුවක්?

අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේදැයි විමසා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත් කිරීමට අදහස් කර ඇතැයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.



අදහස් (0)

අන්තවාදී වැඩ හොයන්න මැති ස‍බේ කමිටුවක්?

නවාස් Friday, 25 January 2013 02:49 AM

ජාතිවාදය අවුස්සන සියලු සංවිධාන වහා තහනම් කළ යුතුයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 24 January 2013 06:55 PM

හොද යෝජනාවක්. ලංකාව යනු බෞද්ධ, සිංහල රටකි. (නි)

:       0       0

රිස්මි Thursday, 24 January 2013 06:55 PM

මේවා කරන්න ඕනෑ බොදු බල සේනා මුවාවෙන් අන්තවාදී වැඩ කරන අයටයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 25 January 2013 02:56 AM

කරන්නවා නම් අන්න හොඳ වැඩක්. මේක සිංහල බෞද්ධ රටක්නේ. වෙන දේවල් බැහැ. (නි)

:       0       0

ලාරා Thursday, 24 January 2013 06:58 PM

ඒ ගමන මොකක්ද කරන්න යන්නේ ශාසනයට? දෙන්නම්කෝ අපිත්. (නි)

:       0       0

මර්සි Friday, 25 January 2013 03:20 AM

බොදු බල සේනාව කරන්නේ හොද දෙයක්. එහෙත් මේ වගේ දේවල් හොද කල්පනාවෙන් කරන්න ඕනෑ. නූතන වකවානුවේ මිනිස්සු මරාගන්නේ අපේ ඉතිහාසයේ කිසිදා නොවූ විරු විදියට. මාස 6 යේ පොඩි දරුවාගේ ඉදලා අවුරුදු 85 ආච්චි දක්වා දුෂණයට ලක්වීම, තාත්තා තමන්ගේම දුවව දුෂණය කිරීම නිතර වාර්තා වන අතර මේ නිහඩ පිළිවෙත දිගින් දිගටම පැවතුනහොත් පුතා තමන්ගේම අම්මාව දුෂණය කරන දිනය වැඩි ඈතක නොවේ. මේ සියලු දේ සළකා බැලීමේදී අද අපේ රටට මුලික වශයෙන් බලපා කිසිදු ප්‍රශ්නයකට ජනතාවගේ අදහස් සළකා බැලීමක් හෝ ඒ සදහා පිළියම් යෙදීමක් සිදුවන්නේ නැත. ඒ නිසා බොදු බල සේනා වැනි ආගමික සංවිධානවල මුලිකම කාර්යය විය යුත්තේ කිසිම ජාතියකට ආගමකට හානියක් නොවනසේ රටේ ප්‍රශ්න වලට ඍජුව මැදිහත්වී පිළියම් සොයන ලෙසට රටේ වගකිවයුත්තන්ට බලකර සිටීමත් එයට ඇහුම් නොදී මුලින් දක්වා ඇති කරුණු මතම රැදී රට තවත් අඝාදයට ගෙන යනවානම් සියලුම ජාතින් සියලුම ආගම් සමග එක්වී අදාල වගකිවයුත්තන් රටින් පන්නා දැමීමත්ය. (නි)

:       0       0

ෆෙරෝස් Friday, 25 January 2013 03:20 AM

ජාතිභේද අවුස්සන්න එපා. (නි)

:       0       0

ශානිකා Friday, 25 January 2013 03:19 PM

අන්න නියම වැඩ. (නි)

:       0       0

අචල Friday, 25 January 2013 03:22 PM

අපගේ අයිතිවාසිකම් වෙනුවෙන්, උරුමයන් වෙනුවෙන් හඩ නැගිය යුතුය. එහිදී අන්‍ය ජාතිකයන්ගේ අයිතිවාසිකම් හා සංස්කෘතින්ට ගරු කළ යුතුය. එය සිංහල බෞද්ධ ලකුණයි. (නි)

:       0       0

සදරුවන් Thursday, 24 January 2013 07:05 PM

වෙනත් රටවල මේවා කරන්නේ බුද්ධියෙන්. අපේ රටේ පාරවල් වල බෝඩ් උස්සගෙන කෑගහලයි කරන්නේ. (නි)

:       0       0

රොෂාන් Thursday, 24 January 2013 07:22 PM

ඕක භාරදෙන්න තිබුණේ පොලිසියට. (නි)

:       0       0

මොහොමඩ් Friday, 25 January 2013 03:38 PM

අහවල් රූපවාහිනි නාලිකාව වැඩේට බැස්සොත් අපේ බොදු බල සේනාවත් ඉවරයි. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 24 January 2013 07:27 PM

මේ රටේ සහෝදරත්වයෙන් ජීවත්වන සියළුම ජන කොටස් අවුලුවන කුමන ජාතිවාදී ආගම් බේදවාදී කණ්ඩායම් වලට කිසිදු බේදයකින් තොරව වැට බැදීම සහ අනෙකුත් ජාතීන්ට විරුද්ධව කෙරෙන විවිධ අනවශ්‍ය උද්ඝෝෂණයන් තහනම් කළ යුතුය. (නි)

:       0       0

සුගත් Friday, 25 January 2013 04:39 AM

මම කියනවා මේ සේරම කරන්නේ ‍බොදු බල සේනා කියලා. මොනවද ඔට්ටු? (නි)

:       0       0

සුගත් Friday, 25 January 2013 04:40 AM

රිස්මිට හරිම සන්තෝෂයි වගේ. (නි)

:       0       0

පහන් Thursday, 24 January 2013 07:29 PM

ධර්මපාලතුමාටත් ජාතිවාදී කියලා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

පහන් Thursday, 24 January 2013 07:33 PM

බුදුදහම අන්තවාදීන්ගෙන් බේරාගැනීම හොද දෙයක්. ඒක බොදුබල සේනා දිවිහිමියෙන් කරමින් සිටී. (නි)

:       0       0

නිමල් Friday, 25 January 2013 05:27 AM

අත්තටම සතුටු දායක වැඩක් (දී)

:       0       0

සමරසේකර Friday, 25 January 2013 06:08 AM

හොඳ වැඩක්. හැබැයි විස්තරාත්මක සහ ගවේෂණාත්මක විමර්ශනයක් වුවමනාය. (නි)

:       0       0

දේවින්ද Thursday, 24 January 2013 07:56 PM

ඇතැම් මාධ්‍ය වාර්ථාකර තිබූ ආකාරයට මේ කමිටුව පත් කරන්නේ මුස්ලිම් ආගමට වෙන අකටයුතුකම් ගැන සොයන්න. එතකොට බෞද්ධයාට වෙන අසාධාරණකම් ගැන හොයන්නෙ බලන්නෙ කවුද? නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය කරනවා. ඒ මදිවට දැන් ලංකාවෙත් බුද්ධා බාර් පටන්ගෙන. ඔය කෑගහන එක නායකයෙක් මේ වෙනකල් ඒ ගැන එක වචනයක් කිව්වද? හෙව්වද? බැලුවද? ඒවාටත් කමිටු දාලා විසදුම් දෙන්න. නැත්නම් බෞද්ධයා නැගිටින එක වළක්වන්න බැරිවෙයි. (නි)

:       0       0

ෂාමල් Saturday, 26 January 2013 03:44 PM

මොහොමඩ්, ටීවී නාලිකා වලට කරන්න බැරි ගොඩක් දේවල් කරන්න අපේ බොදු බල සේනාවට පුලුවන්. (නි)

:       0       0

සම්පත් Thursday, 24 January 2013 08:04 PM

අපි හැමදාම ඔය ගැන සොයාබලා කටයුතු නොකළොත් අපි ණයකාරයෝ වෙනවා. (නි)

:       0       0

රුවන් Friday, 25 January 2013 08:22 AM

1. වැඩේ පටන්ගන්න කූරගලින්. 2. ආගමක් නාමෙන් වෙනම උසාවි ඉල්ලන වෙනම බැංකු වෙනම දේවල් ඉල්ලන අයට ඉස්සෙල්ල තහංචි දාන්න. 3. ආගමේ නාමයෙන් මිනීමැරුම් කරන්න කියලා තිබෙන ආගමික ග්‍රන්ථ, ආගම් තහනම් කරන්න. කරන්න ඕනෑ නම් ඇත්තටම කරන්න ඕනෑ මේවා. (නි)

:       0       0

නදීෂා Thursday, 24 January 2013 08:17 PM

බොදු බල සේනාව ‍ජාතිවාදය අවුස්සනවා කියලද කියන්නේ? (නි)

:       0       0

නීල් Thursday, 24 January 2013 08:17 PM

ආගම බේරාගන්න ඕනෑ අනෙක් ආගම් වල අයට කෙනෙහිළිකම් කරලා නෙමෙයි, වැඩ වැඩියෙන් ආගමට නැඹුරුවීමෙනුයි. (නි)

:       0       0

චාමර Friday, 25 January 2013 08:38 AM

හලාල් වර්ජනය කරන එක නොකරන එක තමන්ගේ කැමැත්ත. ඒකට හැමෝටම අයිතියක් තිබෙනවා. කාගෙවත් ආගමික ඇදහිල්ලක් අනිත් අය මත බලෙන් පටවන්න බැහැ. නමුත් මේක අනිත් අය වගේ උද්ඝෝෂණ මගින් විසදන්න හදන එක අනුමත කරන්න බැහැ. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන වලට කරන විනාශය ගැන හොයන්න කමිටු නැත්තේ ඇයි? (නි)

:       0       0

බන්දුල Thursday, 24 January 2013 08:25 PM

අන්තවාදය,ජාතිවාදය ,ආගම්වාදය සියල්ල සාපේක්ෂ සංකල්ප. ඔය කියන කමිටුව තුළත් ඉන්න පුද්ගලයන් අනුව අඩු වැඩි වශයෙන් මේවා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වාර්තා වැඩක් වෙයිද? (නි)

:       0       0

වෙනුර Thursday, 24 January 2013 08:34 PM

අන්න හොද වැඩක් (දී)

:       0       0

නිසා Friday, 25 January 2013 08:48 AM

මොනම ආගමේ අය වුණත් කමක් නැහැ, තමන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් තවත් අයකුගේ හිත් රිද්දන්න කිසිම අයිතියක් නැහැ. මෙය ක්‍රියාවට නංවන්න කටයුතු කෙරෙනතාක් මෙම රට සංවර්ධනය කරන්න බැහැ. සත්‍ය මෙයයි. තීරණය කරන්න. (නි)

:       0       0

සදමාලි Thursday, 24 January 2013 08:36 PM

ආගම් ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා (දී)

:       0       0

අචල Friday, 25 January 2013 08:57 AM

තමන්ගේ ජාතියට ආගමට ආදරය කළ යුතුය. අනුන්ගේ ජාතිය ආගම විවේචනය නොකළ යුතුය. (නි)

:       0       0

වෙනුර Thursday, 24 January 2013 08:39 PM

ඒක නම් හොද වැඩක් (දී)

:       0       0

රුවන් Friday, 25 January 2013 09:23 AM

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදු වූ වංචාව, කුරගල ඉපැරණි පුරාවස්තු විනාශ කිරීම, මුහුදු මහා විහාරයේ ඉඩම් මංකොල්ල කෑම, නැගෙනහිර වෙහෙර විහාර ඩෝසර් කිරීම, මෙවැනි කරුණු සම්බන්ධව කමිටු පත් නොකරන්නේ මන්ද..? (නි)

:       0       0

රුවන් Friday, 25 January 2013 09:28 AM

සිංහල මිනිහෙක් වරදක් කළහම අපි විවේචනය කරනවා. කවුරුත් මොකුත් කියන්නනේ නැහැ. නමුත් මුස්ලිම් මිනිහෙක් හරි දෙමළ මිනිහෙක් හරි වරදක් කරලා අපි විවේචනය කළොත් අපි ජාතිවාදය අවුස්සනවා කියලා බෙරිහන් දෙනවා. මොකක්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය? (නි)

:       0       0

ඉසුරංග Thursday, 24 January 2013 08:47 PM

ඒ ගැන සොයා බලන්න (දී)

:       0       0

ශාන් Friday, 25 January 2013 09:40 AM

පූජකවරුන්ට දේශපාලනය අනවශ්‍ය බව මගේ හැගීමයි. (නි)

:       0       0

නිහාල් Friday, 25 January 2013 09:46 AM

අන්තවාදීන් නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය විනාශ කරනකොට කමිටු පත් කරන්න බැරි මොකද? (නි)

:       0       0

ප්‍රසාද් Friday, 25 January 2013 09:47 AM

අන්තවාදීන්ව මේ රටෙන් එළවලා දාන්නයි තියෙන්නේ (නි)

:       0       0

සදුන් Thursday, 24 January 2013 08:53 PM

එතකොට නැගෙනහිර ජිහාඩ්ලා ගැන ඔය රිස්මි මොනවද කියන්නේ (නි)

:       0       0

සංජිව Friday, 25 January 2013 10:01 AM

එකෙන් වත් හරියයිද මේ ප්‍රශ්න (දී)

:       0       0

බුරම්පි Thursday, 24 January 2013 09:20 PM

රිස්මිලාට රිදුනේ බොදු බල සේනාවෙන් කරපු දැනුවත් කිරීම් නිසානේ. තාම පටන් ගත්තා විතරයි යාලු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. (නි)

:       0       0

රාශි Friday, 25 January 2013 11:23 AM

නියමයි (දී)

:       0       0

රෝ Friday, 25 January 2013 11:26 AM

බුද්ද බාර් එක තමයි පලවෙනි එක (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 25 January 2013 11:36 AM

කමල් , ආගම ජාතිය රකින්න කැසපොට ගසමින් බොහෝ දෙනා සඟරුවන සමග අතිනත ගන්නේ මුස්ලිම් කට්ටියට විරුද්ධව දොඩවන්න මිස පන්සිල් අටසිල් සුරකිමින් (විශේෂයෙන් සුරාවෙන් වැළකී) දැහැමි දිවියක් ගෙවීමට නොවන බව අපි දන්නවා. සුගත් හා මර්සි, ඔබ දෙපලගේත් , උමතු ආගම් වාදයට විරුද්ධව දක්වා ඇති සියලු දෙනාගේත් අදහස් වටිනවා. බෞද්ධ කතා ලොකුවට කියාගෙන එන වීරවරු පළමුවෙන්ම සුරාවෙන් වැළකී සිටිය යුතුයි. මේ රටට මෙතරම් පරිහානියක් ගෙනවිත් තියෙන්නේ මෙතරම් කලක් බොරුවට බුදු දහම ඉස්සර කරගෙන රට පාලනය කරපු, බලය වෙනුවෙන් හැම ජාතියේම අයට වැඳ වැටුණු පාලකයින් මිස අන්‍ය ජාතීන් නොවේ. සුළු ජාතීන්ගේ ජාතිවාදය හිස ඔසවන්න මෙතෙක් ඉඩ දීලා තිබුනෙත් ඔවුන්ගේ පටු බල ලෝභය නිසයි. එයට ඔබේ ගමේ කඩේ මුසල්මානුවා වගකිව යුතුයි කියා ඔබට පෙන්වන්න හදන්නේ ඇත්ත පින්තුරය වසන් කිරීමෙන් වාසියක් ලබන්නන් විසිනි.උසාවියටත් ගල්ගසපු අර දේශපාලඥයාට විරුද්ධව කෝ ඔය බලසේනාව කට අරිනවාද? (නි)

:       0       0

සුගත් Thursday, 24 January 2013 10:04 PM

හොද දෙයක්! මේ ලොකේ මුස්ලිම් අය, ක්‍රිස්තියානි අය ඕනෑ තරම් ඉන්නවා. නමුත් සිංහල බෞද්ධ අය ඉන්නේ ලංකාවෙ මේ ඉන්න ටික විතරයි. 74% කියනවා 69% කියනවා. කොච්චර වුණත් අපි මේ ටික ආරක්ශා කරගන්න ඕනෑ. අනෙක් ආගම් වලට ගරහලා වැඩක් නැහැ. අපේ පුජනීය හාමුදුරුවරු ශාසනය ආරක්ෂා කරගන්න ඕනෑ. මේ රට අපේ. බෞද්ධ වුණත් අනෙක් ආගම් වලට ගරු කළ යුතුයි. හලාල් වලට වැඩිය බෞද්ධ අපිට ප්‍රශ්න තියෙනවා. අපි, ෆාතිමාලා, රාමලින්ගම් අන්කල්ගෙ දුව සරොජා ඔක්කොම හැදුනෙ එකට. අපි නොදන්න ජාතිවාදයක් ඇයි අපිට බලෙන් පටවන්න හදන්නෙ? (නි)

:       0       0

අචල Friday, 25 January 2013 11:44 AM

සැබවින්ම ලක් මවට ආදරය කරන්නේ නම් මුස්ලිම් අන්තවාදය මෙන්ම සිංහල අන්තවාදයද පරාජය කළ යුතුය. අප විසින් සිදු කරන වැරැද්ද වන්නේ ඉතිහාසය අමතක කිරිමය.මෙවැනි පසුබිමක් පැහැදිලි කර දෙන්නේ අප විසින් උගත් පාඩමක් නොමැති බවද? මෙම අන්තවාදින් පිටුපස සිටින බලවේග නිවැරදිව හදුනා ගත යුතුය.මිනිසුන්ගේ සිත් තුළ සාමය බිද වට්ටන ‍මෙවැනි සිදුවිම් වලට කිසි විටකත් ඉඩ නොතැබිය යුතුය. (නි)

:       0       0

චතුරිකා Thursday, 24 January 2013 10:15 PM

හොද වැඩක්. (නි)

:       0       0

අසේල Friday, 25 January 2013 12:45 PM

අනවශ්‍ය දේවල් අනවශ්‍යයි. අපි අපේ බුද්ධාගම රැකගනිමු. (නි)

:       0       0

ඩි.ජි නිශාන්ත දසනායක...(සුමුදු) Thursday, 24 January 2013 11:22 PM

මේකෙන් බොදු බල සේනා වලට වැට බදින්න නම් යන්නේ, අපේ බොදු සංවිධානය කඩාකප්පල් කරන්න කලින් කුරගල දෙවන ගල වගේ ප්‍රශ්න විසදලා ඉන්න වෙනවා. නැත්තම් අපිත් එක උසාවියකට නෙමෙයි, උසාවි සියයකට නගින්න වුණත් ලැහැස්තියි..... (නි)

:       0       0

ෂාබීන් Thursday, 24 January 2013 11:54 PM

මම නම් කැමති, අපේ මවු රටේ අපි හැමෝම සාමයෙන්, සමගියෙන් එකට එකතුවෙලා එක මවකගේ දරුවන් වගේ සිටින්නයි. (නි)

:       0       0

ෂ්‍යාමිල් Thursday, 24 January 2013 06:01 PM

අන්න කරනවා නම් වැඩ... (නි)

:       0       0

ජීව Friday, 25 January 2013 12:10 AM

පුළුවන් තරම් ඉක්මන් කළොත් තමයි හොඳ. මොකද මේ වෙනකොට රතුගල වැදි ජනතාවත් ආගමට හරවාගෙන. ඉතින් තවත් මොනවද? (නි)

:       0       0

නිරෝෂන් Thursday, 24 January 2013 06:16 PM

ඔය කියන ජාතියේ අය ෆේස්බුක් එකේ නම් වැහිවැහැලා. (නි)

:       0       0

කමල් Thursday, 24 January 2013 06:17 PM

බොදු බල සේනා වලට වැට බදින්න වගේ ලැහැස්ති වෙන්නේ. ගරු මහා සග රුවන, අපි ඔබ සමගයි. (නි)

:       0       0

කුමාර Friday, 25 January 2013 12:50 AM

හැමදේටම කමිටූ පත්කරනවා වගේම වැඩක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

තුසිත් Friday, 25 January 2013 02:13 PM

ඒක නම් හොද වැඩක් (දී)

:       0       0

හර්ෂණ Thursday, 24 January 2013 06:30 PM

හරිම හොද වැඩක්. ම‍ගේ රට අන්තවාදීන්ගෙන් රැකගනිමු. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Friday, 25 January 2013 01:25 AM

අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග කියල කියපු ගමන් මොකද හැමෝටම බොදු බල සේනාව සහ මහා සග රුවන මතක් වෙන්නේ? (නි)

:       0       0

සිල්වා Friday, 25 January 2013 02:20 AM

බලයට පැමිණීමට බෞද්ධාගම අතකොළුවක් කරගැනීම නවත්වමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 213 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1244 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2436 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2695 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6983 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site