IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා‘

යුද හමුදාවේ මුල් පෙල නිලධරයින් පිරිසක් සමග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ අතිශය රහසිගත හමුවක් මෙරට ආරක්ෂක අංශ අතර දැඩි කතාබහට ලක්වෙමින් තිබේ.ආරක්ෂක ලේකම්වරයා හෝ යුද හමුදාපතිවරයා මෙවන් හමුවක් පැවැත්වෙන බවක් නොදැන සිටීම ඊට හේතුවයි.

 

හමුවට සහභාගීව සිටි හමුදා නිලධරයෝ යුද්දයේ අවසන් භාගයේ කැපී පෙනුනු චරිත වූහ.හමුව පැවැත්වුනේ මීගමුව ප්‍රදේශයේ හෝටලයකදීය.මෙම නිලධරයින් යුද්දයේ තම තමනගේ කාරයභාරයන් ගැන ජනපතිවරයාට සවිස්තර කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇති බව දැනගන්නට ඇත.මෙවැනි හමුවක් පැවැත්වෙන්නේ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රීලංකාවට වැදගත් වන යෝජනාවලියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහයෙන් සම්මතවී,එම යෝජනා අනුව කටයුතු කිරීමට ශ්‍රීලංකාව එකඟතාවය පළකර ඇති වාතාවරණයකය.එම එක් යෝජනාවක් වන්නේ යුද අපරාධ නැගී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට අන්තර්ජාතික විනිසුරුවන්ගෙන් සැදුම් ලත් විශේෂ අධිකරණයක් ඇති කිරීමය.

 

ආරක්ෂක ලේකම්වරයා හා හමුදාපතිවරයා යන දෙදෙනම මෙම හමුව සම්බන්ධයෙන් දැනුම්වත් කෙරුණේ එය පැවැත්වූවායින් පසුවය.හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ඉහළ පෙල නිලධරයෙක් බවත්,ඔහු ඒ සඳහා එක්තරා ඇමැතිවරයෙක්ගේ සහයද ලබාගෙන ඇති බවත් දැනගන්නට හැකිවින.

 

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා කටයුතු කර තිබේ.නිලධරයින් හමුවට සහභාගීව තිබෙන්නේ නියමිත ක්‍රියාපිළිවෙත අනුව තමන්ව හෝ ආරක්ෂක ලේකම්වරයාව හෝ දැනුම්වත් කිරීමකින් තොරව බව ඔහු එහිදී කියා ඇත.

 

අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදාපතිවරයා තම නියමයෙන් නියෝගයක් නිකුත් කළේය.පහත දැක්වෙන්නේ එයයි.

  • නාවික හමුදා,ගුවන් හමුදා,යුද හමුදා නිලධරයින් ආරක්ෂක අමාත්‍යංශයේ හෝ රජයේ ඉහළ නිලධරයින් හමුවට යෑම සම්බන්ධයෙනි.
  • වහාම ක්‍රියාත්මක වන පරිදි මින් පසු ආරක්ෂක අමාත්‍යංශයේ හෝ රජයේ වෙනත් ඉහළ නිලධරයින් හමුවට කැඳවෙන ආරක්ෂක අංශ සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් හමුදා ලේකම්වරයාගේ මාර්ගයෙන් හමුදාපතිවරයාගේ අවසරය ලබාගත යුතුය.
  • මෙය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුවේ.

 

මේජර් ජෙනරාල් ජගත් ඩයස්,මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ,ඇඩ්ජුටන්ට් ජෙනරාල් කමල් ගුණරත්න,මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා,මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත,මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා,මේජර් ජෙනරාල් ජගත් අල්විස්,මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා,සහ මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ, මීගමුවේදී ජනපතිවරයා හමුවූ හමුදා නිලධරයෝ වූහ.

 

ඇමරිකාවෙන් පීඩනය

හමුදා නිලධරයින් හා ජනපතිවරයා අතර මෙම හමුව පැවැත්වුනේ ජිනීවා යෝජනා පරිදි මෙරට ඇතිකිරීමට යන විශේෂ අධිකරණ හමුවේ නැගෙන්නට ඉඩ තිබෙන චෝදනා වලට පිළිතුරු සැපයීමේ කටයුතු සම්බන්ධයෙන් යුධ  හමුදා මූලස්ථානය අතිශයින් කාර්යබහුලව සිටියදීය.මෙම අධිකරණ පිහිටුවීම සම්බන්ධ කෙටුම්පත ලබන වසරේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.රජයේ වත්මන් අදහස වන්නේ යුධ අපරාද චෝදනා විමර්ෂණය කිරීම අරබයා මෙම අධිකරණ පිහිටුවිය යුතු බවයි.නමුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පාර්ශවයන්යට මේ සම්බන්ධයෙන් වැඩි පැහැදීමක් නොමැත.ජනපති සිරිසේන පොදුරද මඩුලු සමුළුවට සහභාගීවීමට මෝල්ටාව බලා යෑමට ප්‍රථමයෙන් ඔහු හමුවූ මෙවන් පාර්ශවයන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මේ සම්බන්ධයෙන් ජනපතිවරයාව දැනුම්වත් කළහ. ජනපතිවරයා එහිදී කියා සිටියේ ජිනීවා වල සම්මතවූ යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකාව පොරොන්දුවක් දී තිබෙන බැවින් ඒ අනුව කටයුතු කළ යුතුව තිබෙන බවයි.නමුත් මෙම අධිකරණ ඇතිකෙරෙන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කළේ නැත.මෙම අධිකරණ ඇතිකිරීමේ කටයුතු පසුගියදා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනී සමන්තා පවර් මහත්මියගේද සැළකිල්ලට බඳුන් විය.එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රීලංකාව දුන් පොරොන්දු ඉටු කරන්නේදැයි ඇමරිකාව ඉතා විමසිල්ලෙන් සිටින බව පෙන්වා දුන් අවස්ථාවක් වුනි.යෝජනා ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඇය අදියර තුනකින් සොයා බැලුවාය.විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා,අගමැති රනිල් වික්‍රමසිංම මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඇය සාකච්ඡා පැවැත්වූවාය.

 

ශ්‍රීලංකාව පොරොන්දු ඉටුකරමින් සිටින ආකාරය ගැන සැළැකිලිමත්ව සිටින්නේ ඇමරිකාව පමණක් නොවේ.ගෙවනු සතියේදීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් නීති කටයුතු සම්බන්ධ විශේෂ දූත පිරිසක් දිවයිනට පැමිණියහ.යුධ අපරාධ විමර්ෂණය කිරීමට ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දුන් දේශිය යාන්ත්‍රණය සකස් කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සොයාබැලූ ඔවුහු විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධරයින් සමගද සාකච්ඡා කළහ.මෙම යාන්ත්‍රණය සකස් කිරීමේදී වැදගත් වන අන්තර්ජාතික විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ අධිකරණ ඇතිකිරීමට හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දැනට තිබෙන වාර්තා සංරක්ෂණය කිරීමට මානව හිමිකම් කවුන්සිලයේදී පැවසූ අයුරින්ම ශ්‍රීලංකාව කටයුතු කරමින් සිටින්නේදැයි ඔවුහු සොයාබැලූහ.තොරතුරු ලබාදෙන පුද්ගලයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ලබන ජූනි මාසය වන විට ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජය කටයුතු කළයුතු බව ඔවුන්ගේ අදහස වුනි.අවශ්‍ය නීති සම්මත කර මෙවන් පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය දැනටමත් කටයුතු කර ඇත.මේ සියල්ල සැළැස්මකට අනුව අනුරූප කාල පරාස වලදී ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජය වගබලා ගතයුතුව ඇතැයිද මෙම දූත පිරිස කියා සිටියහ.

 

එක්සත් ජාතීන්ගේ යෝජනා වලට ප්‍රකාරව රජය කටයුතු කරනු පසුගිය සති කිහිපයේදීම දැකගත හැකිවිය.ඉන් එක් අවස්ථාවක් වූයේ අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කිරීමයි.අත්අඩංගුවට පත්ව සිටියත් මේ දක්වා චෝදනා ගොනුකර නොමැති සැකකරුවන් නිදහස් කිරීම මෙහිදී සිදුවින.නමුත් ඇතැම් පුද්ගලයින් සම්බන්ධව ක්‍රියාත්මක වන අධිකරණ නියෝග හා නීතිමය කටයුතු අනුව එක්වරම සියලුදෙනා නිදහස් කළ හැකි වාතාවරණයක් නොමැත.ආරක්ෂක අංශ භාරයේ තබාගෙන සිටි උතුරේ පෞද්ගලික ඉඩකඩම් විධිමත් සංගණනයන් පවත්වා ඒවායේ සැබෑ හිමිකරුවන්ට භාරදීමේ කටයුතුද ක්‍රියාත්මකය.තම බල ප්‍රදේශ වලින් බැහැර  ප්‍රදේශවල ආරක්ෂක අංශ පවත්වාගෙන යමින් සිටි ආපනශාලා හා වෙනත් වෙළදසැල් මේ වන විට තිබෙනුයේ වසා දමාය.කෙසේනුමුත් හෝටල ව්‍යාපෘති හා වෙනත් සංචාරක මධ්‍යස්ථාන ආදියෙහි ආරක්ෂක අංශ සිදුකර තිබෙන ආයෝජන වල අනාගතය පිළිඹදව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැත.එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු වලට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ට අවස්ථාව දිනා දීමේ කටයුතු වලද රජය නිරතව සිටී.

 

නව විපක්ෂ කණ්ඩායම

රජය මෙම කටයුතු වල නියැළී සිටින අතරේ දෙමළ ජාතික සන්ධානයට වඩා මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමිව තිබීම නිසා නව විපක්ෂය යැයි හඳුන්වාගන්නා කණ්ඩායමක් ජිනීවා යෝජනාවලිය මෙරට ක්‍රියාත්මක කිරීම වැළැක්විය යුත්තේ ඇයිදැයි ජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටී.මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාය.

‘මේක අපේ වැඩපිළිවෙලේ එක අදියරක්.අපේ අනෙක් අදියර වන්නේ ඉහළ යන ජීවන වියදම හමුවේ මුහුණදෙන්නට වෙන ගැටලු ජනතාවට පෙන්වා දීම.ජනපති සිරිසේන එයාගේ පැත්තට මන්ත්‍රීවරුන් ඇද ගන්න මොනවද කරන්නේ කියලත් අපි ජනතාවට කියනවා.අයවැය විවාදය පැවැත්වෙන අතරතුරේදී ඉඩම් හා වෙනත් ගැටලු සම්බන්ධයෙනුත් අපි හඬ නගනවා.‘ ඔහු සන්ඩේ ටයිම්ස් හා පැවසීය.

 

ඉහළ ගොස් තිබෙන ජීවන වියදම හමුවේ ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අවධානය යොමුව තිබේ.ඒ සම්බන්ධයෙන් ඔවුහු සිකුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී අදහස් දැක්වූහ.මෙම හමුවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද සහභාගීව සිටියේය.අගමැතිවරයා පසුව අදහස් දක්වමින් එම මන්ත්‍රීවරුන් රබර් හා පොල් කර්මාන්ත වලටද සහන ලබාදිය යුතුව ඇති බව පවසා සිටියේයැයි කීය.මුදල් ඇමැතිවරයා අදාළ වෙනස්කම් සිදුකිරීමට එකඟතාවය පළකල බවත් ඔහු පැවසීය.ඊට අමතරව ඔවුන්ගේ ඡන්ද බල ප්‍රදේශවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන වෙන්කර නැති බවත් මන්ත්‍රී පිරිස කියා ඇත.

‘අපිට මේ ගැන මොනවා හරි කරන්න වෙනවා.ඡන්ද දායකයින් සතුටින් තියන්නයි මේ අයගේ වුවමනාව.‘ වික්‍රමසිංහ කීය.

 

අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් පිරිසක් ජනපතිවරයා හමුවීමට අවසරය ඉල්ලා සිටියහ.මෙම පිරිස මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නෝය.මුල් අවස්ථාවේදී අදාළ ඇමැතිවරුන් සමග සාකච්ඡා කරන ලෙස කීවත් පසුව ඔවුන් හමුවීමට ජනපතිවරයා කැමැත්ත පලකළේය.එහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් තම පිරිස අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පැවසීය.එසේ කළහොත් අපේක්ෂා කරන පරිදි ඔවුන්ගේ ඡන්ද බල ප්‍රදේශවල ජනතාවට සහන ලබාදීමට නොහැකි වන බව ජනපතිවරයා පෙන්වාදුන්නේය.බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින්

‘අපි දැන් මේකට විරෝධය දැක්වුවේ නැත්නම් අපි මේකට සහය දුන්නා කියලා කියාවි.අපේ පක්ෂයේ අදහසත් මේකට සහය දෙන්න නෙවෙයි.‘ යැයි කියා සිටියේය.

 

ජනපතිවරයා ප්‍රකාශයක් සිදුකරමින් තමන්ට රජය වෙනුවෙන් එක් මතයකුත්,පක්ෂය වෙනුවෙන් තවත් මතයකුත් දැරීමේ හැකියාවක් නොමැති බවත් අයවැය යෝජනා වලට තමන්ගේ මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද අනුමැතිය හිමිව තිබෙන බවත් කියා සිටියේය.එස්.බී.දිසානායක හා නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් මෙතැනදී අදහස් දක්වමින් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අයවැයට සහය දැක්විය යුතු බව පැවසීය.නමුත් කෙහෙළිය රඹුක්වැල්ල,මහින්දානන්ද අලුත්ගමගේ,කුමාර වෙල්ගම,බන්දුල ගුණවර්ධන අයවැයට සහය ලබා නොදෙන බව අවධාරණය කළහ.

 

ජාතික නිදහස් පෙරමුණේ වෙළඳ දැන්වීම

හමුව අවසාන වීමත් සමග මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී පිරිසගේ අවධානය යොමුවිය.රාජපක්ෂ හිතවාදීන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂවල සාමාජිකයින් 44 දෙනෙකුගේ අත්සනින් යුතුවූ එය කතානායක කරූ ජයසූරිය මහතාට භාරදීමද සිදුවිය.අයවැයට විරුද්ධව මනාපය පළකිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් විමසීමටද මොවුන් කටයුතු කර තිබෙන බව සඳහන්ය.එක් ආරංචි මාර්ගයකින් දැනගැනීමට හැකිවූ පරිදි එහිදී ඔවුනට උපදෙස් ලැබී තිබෙන්නේ අයවැයට විරෝධය පලකළහොත් සියලුදෙනා අතරින් කොන්වී යෑමට ඉඩ තිබෙන නිසා මුලින්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේදීම අයවැය සම්බන්ධ විරෝධතා දක්වන ලෙසයි.තම ඉල්ලීම නොතකා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන පක්ෂ සාමාජිකයින්ට එරෙහිව පියවර ගන්නා බව ජනපති සිරිසේන ඔහුගේ හිතවතුන් සමග පවසා තිබීමත් මෙම පිරිස තවත් දුර්මුඛ කරවීමට හේතුවක්ව තිබේ.

 

ඔවුන්ගේම සාමාජිකයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය සතියේ පුවත්පත් දැන්වීම් පළකරමින් ඉදිරි පළාත් පාලන ආයතනයන්ගේ මැතිවරණ වලට එම පක්ෂයෙන් ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයින් තෝරාගැනීමේ වෑයමක නිතරවීම ඔවුන්ව මහත්සේ කෝප ගැන්වීය.

‘මෙයා අපේ කට්ටියවත් අල්ලාගත්තොත් අපිට කවුරුවත් ඉතිරි වෙන්නේ නැහැ.‘ කණ්ඩායමේ එක් සාමාජිකයෙන් නායකයා හමුවේ කියා ඇති බව සැළය.

 

අයවැයට විරුද්ධව මනාපය ලබාදීම නිසා පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරුණහොත් සියලුදෙනා අතරමංවනු ඇති බවද ඔහු කියා ඇත.උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සමගද සාකච්ඡා කිරීමට නියමිතය.රටේ වත්මන් වාතාවරණය පිළිඹදව විදේශයන්හි සිටින ශ්‍රීලංකා පුරවැසියන්ව දැනුම්වත් කිරීමේ විශේෂ සංචාරයක ඔහු මේ දිනවල නියැළී සිටින බව පැවසේ.නමුත් නොනිල වශයෙන් ඔහුගේ පක්ෂයේම තොරතුරු මාර්ග පවසන්නේ ඔහු විදෙස් සංචාරයක නිරතව සිටින්නේ ළග එන මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයාගැනීමට බවයි.

 

පක්ෂයක් තැනීමට කාලයයි

මෙම තත්ත්වය වෙනත් පාර්ශවයන් කරාද ව්‍යාප්තව ඇති බවක් දැකගන්නට ඇත.පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ පැවති ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ උත්සවයේ දේශනයක් පැවැත්වූ මුනිදාස කුමාරතුංග මහතාගේ ඥාතියෙක් වන ගෙවිඳු කුමාරතුංග මහතා දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා සමාන අලුත් පක්ෂයක් තැනීමට කාලය පැමිණ තිබෙන බව කීවේය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද,ඔහුගේ සොහොයුරු හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.කුමාරතුංගගේ ප්‍රකාශය අරබයා පැමිණ සිටියවුන් අතර සාකච්ඡා පැවැත්විණ.කෙසේවුවත් විශ්වාසභංගයට අත්සන් කළ බොහෝ දෙනා අයවැය ඡන්ද විමසීම අවස්ථාවේ පාර්ලිමෙන්තුවේ පෙනී සිටීමෙන් වැළකී සිටිනු ඇතැයි එක් ආරංචි මාර්ගයක් කියයි.එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම පක්ෂ සාමාජිකත්වය අන්තරායේ නොහෙලා නමුත් අයවැයට විරෝධයද පළකිරීමටය.

 

ජනපති සිරිසේන හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සිදුවූ අහඹු හමුවක් පසුගිය සතියේ දේශපාලන පුවත් රැසක් මැවීය.හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දෙවැනි දියණියගේ විවාහ උත්සවයට ආරාධනා ලැබ සිටි බැසිල් රාජපක්ෂ දහවල් දොළහ පමණ වන විට උත්සව ශාලාවට ගොස් ඇත්තේ ඒ වන උත්සවයට සහභාගීව සිටි සම්භාවනීය අමුත්තන් පිටත්ව ගොස් ඇතැයි සිතාය.නමුත් අසුන්ගත් වහාම ආරක්ෂකයින් කැටුව එහි ඇතුළුව ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේනය.

 

වහාම පිටවීමට සිතා දොරටුව වෙත පියනැගුවත් රාජපක්ෂය ජනපති ආරක්ෂකයෙක්ගේ නියමයෙන් නැවතීමට සිදුවිය.එසේ වූයේ ජනපතිවරයාට උත්සව ශාලාවෙන් පිටව යෑමට ඉඩ සළසා දියු යුතු වූ බැවිනි.නැගිට ඉදිරියට එමින් සිටි ජනපත සිරිසේනගෙන් වසන් වීමට බැසිල් උත්සාහ කළත් ඉන් ඵලක් වූයේ නැත.ඔහුව හඳුනාගත් ජනපතිවරයා ඔහුගෙන් ‘කොහොමදැයි‘ විමසීය.‘මම හොඳින්‘ යැයි බැසිල් පිළිතුරු දුනි.මාතලේ මහත්මා ගාන්ධි මධ්‍යස්ථානය විවෘත කිරීමට ආරාධනා ලැබී තිබෙන නිසා ඉක්මනින් පිටත්ව යෑමට සිදුව තිබෙන බව ජනපතිවරයා බැසිල්ට කීය.සිදුවීම එතැනින් නිමා වුවද පසුදා උදෑසන බැසිල්ට ලැබුණු ඇමතුමකින් පැවසුණේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ෂණ ඒකකයට පැමිණෙන ලෙසය.ඒ අනුව එහි ගිය බැසිල් ආපසු එන ගමනේදී තම මිතුරෙක් හා පවසා තිබුණේ කරදර තවමත් ඉවර නොමැති බවය.

 

අල්ලස් පණත පණතට වෙනස්කම්

සොරකම් කරන ලද සම්පත් පිළිඹද ජනපති කාර්යබලකායේ නිර්දේශයන් අනුව වංචාව හා දූෂණය වඩා ප්‍රබල ලෙස මැඩලීමේ කටයුතු සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ.වංචා හා දූෂණ මැඩපැවැත්වීමට ප්‍රබල යාන්ත්‍රණයක අවශ්‍යතාව ජිනීවා යෝජනාවලින්ද පෙන්වාදී තිබෙන්නකි.

 

එසේ ඉදිරිපත්ව ඇති ප්‍රධාන නිර්දේශයක් වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම මත බලාත්මක වන අල්ලස් හෝ දූෂණ පණතට වෙනස්කම් සිදුකිරීමයි.අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නම අල්ලස් හෝ දූෂණ විමර්ෂණය කිරීම සඳහා වන ස්වාධීන කොමිසම ලෙස වෙනස් කිරීමටද,ශ්‍රීලංකාවේ පමණක් නොව විදෙස් රටවල විමර්ෂණ පැවැත්විය හැකිවන සේ කොමිසමේ බලතල ව්‍යාප්ත කිරීමටද,පොලිසිය වැනි නීතිය සම්බන්ධ ආයතනයන්ට කොමිසමේ විමර්ෂණ වලින් අනාවරණය වන තොරතුරු ලබාදීමටද, ආදී ලෙස යෝජනා එම නිර්දේශ අතර ඇත.රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය,තෝරාගත් සුවිශේෂී පුද්ගලයින්ගේ වත්කම් හා බැරකම් පිළිඹද වාර්තා පවත්වාගැනීමේ බලය,විමර්ෂණ තනිව පැවැත්වීම හෝ එම නීතිපතිවරයා වෙත යොමුකිරීමේ බලය,පොලිස් දෙපාර්තමෙන්තුවෙන් පිට සේවය කරන්නවුන්ද විමර්ෂකයින් ලෙස තෝරාගැනීමේ බලය ආදී බලතලද කොමිසමට ලබාදිය යුතුව ඇති බව මෙම නිර්දේශ වලින් යෝජනා කර තිබේ.

 

දැනට ක්‍රියාත්මක මූල්‍ය අපරාධ විමර්ෂණ දෙපාර්තමෙන්තුව වෙනුවට මූල්‍ය හා ආර්ථික අපරාධ පිළිඹද විමර්ෂණ දෙපාර්තමෙන්තුවක් ඇතිකිරීමට පොලිස් ප්‍රඥප්තියේ වෙනස්කම් සිදුකිරීමටද නියමිතය.මෙය පොලිස්පතිවරයා ගැසට් නිවේදනයක් මගින් දැනුම්දෙනු ඇත.

 

මූල්‍ය අපරාධ සම්බන්ධව කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමෙන්තුවේද විශේෂ ඒකකයක් ඇතිකිරීමට නියමිතය.

 

කොට්ටාශ අධීක්ෂණ කමිටු

ආර්ථීකය,අන්තර්ජාතික සබඳතා,ජාතික ආරක්ෂාව,නීති කටයුතු,මාධ්‍ය හා බලශක්තිය, යනාදී ක්ෂේත්‍ර වල කටයුතු අධීක්ෂණය කෙරෙන විශේෂ කොට්ටාශ අධීක්ෂණ කමිටු ඇතිකිරීම සම්බන්ධ යෝජනාවලියක් අගමැතිවරයා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම කමිටු ඇතිකෙරුනායින් පසු අදාළ ක්ෂේත්‍ර වල ඇතිවන කෙටුම්පත්,යෝජනා,සහ ගිවිසුම් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් මෙම කමිටු වලට ඉදිරිපත් කෙරෙනු ඇත.පහත දැක්වෙන්නේ ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියේ සංක්ෂිප්තයකි.

 

  • පාර්ලිමෙන්තුවේ පළමු සැසිවාරයෙන් සති 6 ක් ගතවීමට මත්තෙන් සෑම කොට්ටාශ අධීක්ෂණ කමිටුවක්ම එම පාර්ලිමෙන්තුවේ සාකච්ඡා කෙරුනු කරුණු පිළිඹඳ වාර්තාවක් සකස් කර පාර්ලිමෙන්තු කටයුතු පිළිඹද කමිටුවට පිළිගන්වනු ඇත.

 

  • මෙම සැළසුම් සකස් කිරීමේදී පාර්ලිමෙන්තුවේ සාකච්ඡා කෙරුනු අදාළ ක්ෂේත්‍රය හා සම්බන්ධව ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හා ආයතනයන් සමගද සම්බන්ධ වීමට මෙම කමිටුව කටයුතු කරනු ඇත.එවන් ව්‍යාපෘති කටයුතු හා වෙනත් ආයතනයන් සමග මනා සම්බන්ධීකරණයකින් හා සහයෝගයකින් සබඳතා පවත්වාගන්නා ආකාරය ගැන පැහැදිලි කිරීමක්ද එම සැළැස්මට එකතු කිරීමට අදාළ කොට්ටාශ අධීක්ෂණ කමිටුවට සිදුවේ.

 

  • රජයේ නීති වල,රෙගුලාසි වල,ප්‍රතිපත්ති වල හා අධිකරණ තීන්දු වල ආඥාදායක,අනිසි හෝ පක්ෂපාතී ස්වරූපයක් පවතින්නේ නම් හා මහජනවා මත බරපතල මූල්‍ය බරක් පැටවෙන පරිදි රජය කටයුතු කරයි නම් එවන් අවස්ථා විමර්ෂණය කිරීමද පැවරෙන්නේ මේ කමිටු වලටය.

 

  • නීතිගතකර තිබෙන මහා පරිමාණ ව්‍යාපෘති,වැඩසටහන් හා ආයතනයන් වල කටයුතු හා ප්‍රගතිය සෑම වසර 10 කට වරක් විමර්ෂණය කෙරේ.

 

  • අමාත්‍යවරයෙක්ට,තමන් යටතේ පවතින විෂය පථයක,ක්‍රියාවලියක,දෙපාර්තමෙන්තුවක හෝ ආයතනයක පැන නගින ඕනෑම ගැටලුවක් හෝ තත්ත්වයක් අදාළ ක්ෂේත්‍රය මත බලපැවැත්වෙන කොට්ඨාශ අධීක්ෂණ කමිටුවට යොමුකළ හැකිය.

 

  • පාර්ලිමෙන්තුවේ විවාදයට ගැනෙන කෙටුම්පත්,යෝජනා,රෙගුලාසි ආදිය එම කරුණු වලට ආදාළ කොට්ටාශ අධීක්ෂණ කමිටුවලට යොමු කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇත.ඒ ස්ථාවර නියෝග අනුවය.

 

  • කරුණු ඉදිරිපත් කළ යුතු කිසියම් ආයතනයක්,ව්‍යාපෘතියක් හෝ ක්ෂේත්‍රයක් මත බලපැවැත්වෙන කොට්ටාශ අධීක්ෂණ කමිටුවකට ඒවායේ තොරතුරු ඉල්ලා සිටීමට බලය ඇත.

 

  • සාකච්ඡාවට ගැනෙන සියලු කාරණා පිළිඹදව වාර්තා සකස් කර ඒවා කතානායකට භාරදීම කමිටුවේ වගකීමයි.කතානායකවරයා එම වාර්තා පාර්ලිමෙන්තුවේ සභාගත කරනු ඇත.

 

  • රෙගුලාසියකට හෝ කෙටුම්පතකට සංශෝධන සිදුකිරීමට අවැසි අවස්ථාවක එම සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීමටද මෙම කමිටු වලට හැකිය.එවන් සංශෝධනයන්,අදාළ කෙටුම්පත සම්මත කිරීමට පෙර පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇත.

 

මෙවන් පියවර ගනිමින් සිටියත් වංචාව හා දූෂණය මර්දනය කිරීමට රජය තවමත් කල්යල් බලිමින් සිටිනා බව ජනතා මතයයි.විශේෂයෙන් මුල් පෙල පුද්ගලයින්ට එරෙහිව නැගී ඇති වංචා දූෂණ චෝදනා සම්බන්ධ විමර්ෂණ කටයුතු වල සැළකිය යුතු තරමේ ප්‍රගතියක් දැකගන්නට නැත.

 

ඇමරිකාව ජිනීවාහිදී අප රටේ සහයට සිටියත් ඇමරිකාවේ පිටින් දමා ශ්‍රීලංකාවට එරෙහිව නැගී තිබෙන චෝදනා වසා ගැනීමට අවස්ථාවක් නොමැති බව සමන්තා පවර්ගේ හා මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ නීතිඥ දූත පිරිසගේ සංචාර වලදී ඔවුන් දැක්වූ අදහස් වලින් පැහැදිලි විය.එකඟවූ පරිදි ශ්‍රීලංකාව කටයුතු කරන්නේදැයි සියල්ලෝම බලා සිටින්නේ විමසිල්ලෙනි.විදේශ අමාත්‍ය මංගල සමරවීම මහතාට මේ අනුව පැවරී තිබෙන්නේ සුළුපටු වගකීමක් නොවේ.ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීමට මෙන්ම එම කටයුතු පිළිඹදව එක්සත් ජාතීන් හමුවේ කරුණු දැක්වීමටද ඔහුට සිදුව ඇත.



අදහස් (0)

‘අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා‘

අමා Monday, 30 November 2015 05:05 AM

රජින්ද ඔබ හරි. අපි පෙළගැසිය යුත්තේ දේශපාලනය කරන හමුදා නිලධාරීන් බේරා ගන්න නොවේ යුද්දය කර රට බේරා ගත් හමුදා නිලධාරීන් බේරා ගන්නයි (බ)

:       0       0

රජින්ද Sunday, 29 November 2015 09:06 AM

අවසාන යුද්ධයට නායකත්වය දුන් සුපිරි මොළ ටිකක් පළිගැනීම් හා පාවාදීම් හමුවේ ඔවුන්ව ලාංකික අප සියලුම දෙනා එකට එක්ව රැක ගත යුතුය. පාවාදෙන්නන්ගේ හෝරාව එළඹ තිබේ. (බ)

:       0       0

සොපි Sunday, 29 November 2015 10:00 AM

ඔව් ...රජින්ද යක්ෂයාගේ හෝරාව එළඹිලා .පාවා දෙන්නන්ගෙන් විරුවන් රැක ගන්න පෙළගැසෙමු. (බ)

:       0       0

සෑම් Sunday, 29 November 2015 10:18 AM

අවසාන යුද්ධයට නායකත්වය දුන් සුපිරි මොළ ටිකක් පළිගැනීම් හා පාවාදීම් හමුවේ ඔවුන්ව ලාංකික අප සියලුම දෙනා එකට එක්ව රැක ගත යුතුය. පාවාදෙන්නන්ගේ හෝරාව එළඹ තිබේ. අපිත් එකතු වෙමු (බ)

:       0       0

ප්‍රසන්න Monday, 30 November 2015 01:59 PM

අත්සන් 44ද ඔක්කොම.(හේ)

:       0       0

හිරන්ති Sunday, 29 November 2015 11:14 AM

අවසාන යුද්ධයට නායකත්වය දුන් සුපිරි මොළ ටිකක් පළිගැනීම් හා පාවාදීම් හමුවේ ඔවුන්ව ලාංකික අප සියලුම දෙනා එකට එක්ව රැක ගත යුතුය. පාවාදෙන්නන්ගේ හෝරාව එළඹ තිබේ. අපිත් එකතු වෙමු. (බ)

:       0       0

ප්‍රසන්න Sunday, 29 November 2015 11:57 AM

සේනා විධායක ජනාධිපතිතුමා... (බ)

:       0       0

ටෙනිසන් Sunday, 29 November 2015 12:53 PM

අප වෙනුවෙන් දිවිදුන් විරුවනි සමාවන්න තොප මලේ වරක් පමණි. ඔබ හා උරෙනුර ගැටී යුද කළ, අද පාවාදෙන්නන්ගේ ගිරයට හසුව මැරිමැරී උපදින, අප හා වසන විරුවන්ගේ සාපයෙන් අප මුදවාලන්න. (බ)

:       0       0

ලතා Monday, 30 November 2015 05:21 PM

මගේ රටට දළදා හිමි සරණයි., මගේ රට බේරා දුන් විරුවන්ටත් දළදා හිමි සරණයි (රේ)

:       0       0

වින්සන්ට් Sunday, 29 November 2015 01:15 PM

අවසාන යුද්ධයට නායකත්වය දුන් සුපිරි යුධ හමුදා නායකයා පළිගැනීමට ලක්ව සිරගෙදරට ගිය හෝරාවේ එකට එක්ව රැක නොගත් අපි, අද පමණක් සුපිරි හමුදා නායකයන් ගැන පෙළ ගැසීම ගැන කථා කරන්නේ කව්රු වෙනුවෙන්ද? අද රටේ නායකයා රණවිරුවන් ආරක්ෂා කරන බවට සහතිකයක් ලබා දී ඇත.එහෙත් රට ඉදිරියේ ඇති මෙම බාධකය ඉවත් කර ගැනීමටද අපි පෙළ ගැසිය යුත්තෙමු. සැබෑ දේශප්‍රේමයක් ඇති කව්රු ගැනත් අවබෝධ කර ගැනීමට ජනතාවට ඇති හොඳ මොහොතකි. (බ)

:       0       0

ඇසළ Sunday, 29 November 2015 01:13 PM

මුන් හදන්නේ උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි මුළු ලංකාවේම කොටි කොඩිය උස්සන්න. (බ)

:       0       0

ඉඳුනිල් Sunday, 29 November 2015 01:40 PM

මොනවා වුණත් කමක් නැහැ, මගේ රට නැවත යුද්ධයකට නොගොස් (නි)

:       0       0

වසන්ත Sunday, 29 November 2015 01:36 PM

නිශ්ශබ්දව අපි බලාසිටින්නෙමු (නි)

:       0       0

මොහාන් Sunday, 29 November 2015 02:17 PM

වින්සන්ට්,මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද? අවසාන යුද්ධයට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ. (නි)

:       0       0

රජින්ද Sunday, 29 November 2015 02:43 PM

වින්සන්ට් මහත්මයා, පළිගැනීමයි වීරත්වයයි කිසිදා සමවන්නේ නැහැ. ෆොන්සේකා මහත්මයා යුධ පිටිය තුළ හැසිරුනේ වීරත්වයෙන්. එහෙත් දේශපාලන මඩේ එරී ගියපසු ඔහු හැසිරුනේ පළිගැනීමෙන්. අදටත් යුධ විරුවෙක් ලෙස ඔහු ගෞරවනීයයි. එහෙත් දේශපාලනය තුළ වෙනස්. (නි)

:       0       0

විජිත් Sunday, 29 November 2015 07:24 PM

පහත් තැනින් ජලය ගලායයි... (නි)

:       0       0

අශෝකා විජේරත්න Sunday, 29 November 2015 07:49 PM

රටට වෙන්න යන දේ දැන්වත් මිනිස්සු තේරුම්ගත යුතුයි. ලෝකයේ කොතැනක හෝ වේවා තමන්ගේ මව්බිම ආරක්ෂා කළයුතුයි. සිංහල ජාතියට තිබෙන එකම මහා පොළව ශ්‍රී ලංකාව පමණි (නි)

:       0       0

චන්න Sunday, 29 November 2015 08:05 PM

අපේ යුද්ධය අපියි අවසන් කළේ. දැන් කාටවත් වාර්තා දෙන්නේ ඇයි? අනික අපේ රටේ දේවල් අපි නේද බලාගන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 29 November 2015 08:37 PM

රට බේරාදුන් කිසිවෙකුටවත් මෙමඟින් අගතියක් ඇති කළොත් 40% සිංහයින් නිදාසිටීද? තීරණය ඔබේ අතේ. (නි)

:       0       0

වසන්ත Sunday, 29 November 2015 11:43 PM

මොනවා වෙන්න යනවද මන්දා? (නි)

:       0       0

සුනිල් Monday, 30 November 2015 12:38 AM

ඇත්ත මොකක්ද කියලා නිවැරදිව සොයාගන්න නොහැකිවුණොත් මේ පාර ඇමෙරිකාව අපිට 'ගේම' දෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 313 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1648 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1006 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1624 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1184 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2822 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20796 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19781 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site