IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


අනධ්‍යයන සේවකයන්ට දෙමසක වැටුප්- අතිකාල දීමනා

(අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ඔවුන් සේවයට වාර්තා නොකළ දවස් නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ යැයිද රාඝවන් මහතා පැවසීය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 



අදහස් (8)

අනධ්‍යයන සේවකයන්ට දෙමසක වැටුප්- අතිකාල දීමනා

Lalla Friday, 05 July 2024 09:57 PM

දැන්වත් අත්‍යාවශ්‍ය නොවන සේවකයන් වෙනුවට කොන්ත්‍රාත් පදනම මත මෑන්පවර් සේවකයින් යොදාගෙන බලන්න. වර්ජන, තර්ජන නෑ. වැඩ කරන්නේ නැතිනම් වෙනත් අය ආදේශ කිරීම පමණයි.

:       0       10

Prabha Saturday, 06 July 2024 01:18 AM

අතිකාල දෙන්නේ මොකටද?

:       0       5

සිසුවෙක් Saturday, 06 July 2024 05:44 AM

අනේ මෙහෙමත් නිවට නියාලු රජයක්. කාටකාටත් වැටුප් දීමනා ඒ විදිහටම ලැබෙයි. ඒත් මේකෙන් බරපතළම පාඩුව වුණේ අපි වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. කෝ අපිට සාධාරණයක්? අපිට උපාධිය ගන්න පරක්කු වුණා. ඒකෙන් රස්සාවලට යන්න බැරි වුණා උපාධි සහතිකය නැති නිසා...

:       0       14

එස් සමරවික්‍රම Saturday, 06 July 2024 05:52 AM

රට පුරා අන්‍යධ්‍යන සේවකයින් දැනටමත් වර්ජනය මගින් විශ්ව විද්‍යාල වසා දැනට මාස දෙකක් අමතර රැකියා හා ව්‍යාපාර මගින් මුදල් උපයා ගැනීමට පුරුදු වුණා... ඒ නිසා එයාලාගේ නව රජය එනතුරු වර්ජනය අත හරින්නේ නැහැ. පසු කලෙක ඇමැති කියන පරිදි මාස ගණනාවක හිඟ වැටුප් ගනී... විශ්ව විද්‍යාල සිසුන් ගෙවල් වල නිසා උද්ඝෝෂණ නොමැති වීම නිසා හා පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයත් නිසා රජයේ අවශ්‍යතාවයන් ඉටු වෙනවා. අසරණ දරුවන් වෙනුවෙන් කාගේ පිහිටක්ද? රට වනසන සියලු දේශපාලකයින්ට හා වෘත්තීය සමිති වලට ශාපවේවා...!

:       0       10

Mo77 Saturday, 06 July 2024 08:40 AM

ලංකාවේ කිසිම නීතියක් නෑ. ලෝකයේ කොහොම කොයි රටේවත් ඔය විදියට වර්ජන කරන්න ඉඩ දෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ ඕනෑතරම් තරුණ පරපුරේ ඉන්නවා රැකියා නැතුව ඔවුන්ට මෙම රැකියා දෙන්න පුළුවන් වර්ජනය පුද්ගලයින් ඉවත් කරලා. ඇමැතිට බෑ මෙහෙම කරන්න. ආයතන සංග්‍රහයේ කියලා තියෙනවා දවස් තිහක් නොකඩවා රැකියාවට නොපෙනී සිටියහොත් රැකියාව අහිමි වෙනවා කියලා.

:       0       9

Dammika Sunday, 07 July 2024 12:12 AM

අළුතෙන් ගන්න අය වර්ජන අය කරන එකක් නැද්ද ...☺️☺️

:       0       0

Lalla Saturday, 06 July 2024 12:42 PM

එතකොට පෞද්ගලික අංශයට සහ ස්වයං රැකියාවල නිරත අයට තවත් බදු බරක්. පින්පඩිකාරයෝ දිනුම්...

:       0       10

Sarath Nilantha Sunday, 07 July 2024 06:16 AM

මොන කෙහෙල් මෝයක් (මලක් ) හරි කරලා ජෙප්පො කුරුට්ටො පෙරැට්ටො උන්ගෙ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කරන දරුවන්ගේ අනාගතය කාබාසිනියා කිරීම (පාලනයේ පහසුවට නූගතුන් ප්‍රවර්ධනය කිරීම ) නැවැත්වීමට කටයුතු කරපල්ලා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 834 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 799 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 912 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 1144 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක
2024 ජුලි මස 08 1006 0

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


තැපැල් දුම්රියෙන් තැපැල් පෙට්ටිය ගලවයි
2024 ජුලි මස 08 569 0

තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 786 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1717 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3615 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site