IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අනඳ සිසුවා නෑ සියන් හඬවා අවසන් ගමනේ

කොළඹ ආනන්ද විද්‍යාලයේදී ගල් රෝලකට තද වී මිය ගිය සෙනිති නෙත්මිණි විජේසිංහ( 09) සිසුවා සෝ සුසුම් මැද අද අවසන් ගමන් ගියේය.

මාළඹේ උතුරු තලංගම පොතුඅරාව නිවසේ සිට තලාහේන පොදු සුසාන භූමීය දක්වා  ගමන් කළ අවමඟුල් පෙරහරට මහා ජනකායක් එක්ව සිටියහ.

ආනන්ද ගුරුවරු , සිසුහු හා ආදී සිසුහු දහස් ගණනක් සුදු ඇඳුමින් සැරැසී සිය සඟයාට අවසන් ගෞරව දැක්වීමට ඇදී ආහ.

සිසුවාගේ සීයාගේ නිවසේ පැවැති මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් පසුව දේහය සුසානය කරා රැගෙන යනු ලැබීය.

ප්‍රභාත් විජේසිංහ පියාත් නිල්මිණි බස්නායක මවත් පුතනුවන්ගේ දේහය රැගත් මංජුසාව බෝහෝ දුරක් රැගෙන ගියහ.

 

 

 

 

 



අදහස් (0)

අනඳ සිසුවා නෑ සියන් හඬවා අවසන් ගමනේ

රන්ෂි Friday, 24 January 2014 01:48 AM

රොෂාන් ඔබගේ කියමන හරි ..මේක ලංකාවනේ නීතියක් නැති රටක ඕවා කතා කරලා වැඩක් නැහැ (අ)..

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 24 January 2014 02:22 AM

නිවන් සුව ප්‍රර්ථනා කරනවා (අ)

:       0       0

චම්පිකා Friday, 24 January 2014 02:28 AM

පුංචි පුතේ ඔබට නිවන් සුව ලැබේවා....දෙමාපිය අතේ එල්ලී පාසලට ගියේ අකුරු කරනට .නමුත් අද දෙමාපිය අතින්ම ඔසවාගෙන යන්න උනේ සොහොනට . යලි මෙවන් අකල් මරණයක් සිදු නොවේවා....ඉපදෙන්න යලි මේලොව...... සනසන්න ඔබ සැමදෙන..... (අ)

:       0       0

අරුණ ගුණවර්ධන Friday, 24 January 2014 02:39 AM

ඔවුන්ට තම පුතා ගැන කොච්චර සිහින තියෙන්න ඇද්ද ඔබලාට ඔහු නැතුව ජීවිතයට මුහුණදෙන්න දිර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනාව කරනවා (අ)

:       0       0

සරත් වර්ණසූරිය Friday, 24 January 2014 02:39 AM

ගල් රෝල තියපු එකෙනට තමයි වග කියන ඕනේ ඔචර මෝඩද ළමයි ඉන් තැනක තියන්ඩ අහිංසික ළමයි මියගිය ළමයි ගන්න හිතල මිට වැඩිය ළමයි දිහා හොදට බලන්න කරුණාකරලා අවාසනාවන්ත මරණයක් පව් කොල්ල (අ)

:       0       0

මැදගම Wednesday, 29 January 2014 02:51 PM

දයාබර පුත නුවනි ඔබට නිවන් සුව ලැබේව !!! (අ)

:       0       0

ගමගේ Friday, 24 January 2014 02:41 AM

රොෂාන් ඔබ වැන්නන් ලංකාවේ ජනගහනයේ බහුතරයක් වූ දාක මෙවැනි අනතුරු ගොඩක් අඩුවේවි . රිය අනතුරක් වුනත් අපේ මිනිස්සු කියන්නේ ඔබ ඉහත සඳහන් කල ඔය කරුණු ටිකමයි.. රිය අනතුරුවලින් විතරක් දවසකට දල වශයෙන් 5-8 ත් අතර ගානක් අනිවාර්යෙන් මැරෙනවා. නීති තද කරලා ක්‍රියාත්මක කලොත් ඒවත් ගොඩක් දුරට අඩු කරගෙන රට ආරක්ෂාකාරී රටක් බවට පරිවර්තනය කර ගන්න පුළුවක්. වෙර දරමු. .

:       0       0

ප්‍රියන්ත Friday, 24 January 2014 07:26 PM

චුටි පුතේ ඔයාට නිවන් සුව පතමි.!!!!!!!!!!! (අ)

:       0       0

සරත් Friday, 24 January 2014 02:46 AM

හරි දුක හිතෙන කතාවක් මේක මේ පාසෙලේ ඉන්න ගුරුවරුන්ගේ වරද පුතා ඔයාට නිවන්සුව ලැබේවා (අ)

:       0       0

සුනිල් පෙරේරා Friday, 24 January 2014 03:24 AM

ආනන්දයට කදුලක් ගෙන ආව පුතා -- සිරිලක්දෙරන හැඩවූ පුංචි පුතා අපි සම ආදරෙයි ඔබහට පුංචි පුතා -- නිවනින් සැනසෙන්න පුංචිපුතා (අ)

:       0       0

මංජුල හල්ලාතුර Friday, 24 January 2014 03:25 AM

පුතේ නුඹට නිවන් සුව පතමි (අ)

:       0       0

සත්‍යයා Friday, 24 January 2014 03:26 AM

සෙනිති කියන්නේ වැඩි හිටියන්ගේ නොසැලකිල්ල නිසා මිය ගිය ප්‍රථම දරුවා නොවේ. එසේ මියයන අවසාන දරුවාද නොවේ. මෙය පිටිසර ගමේ පාසැලක සිදුවුවා නම් ගමේ මිනිසුන්ගේ මෝඩකම් ගැන මාසයක් කතා කරාවි. ලංකාවේ අග්‍ර ගණයේ පාසැලක ඔවැනි දෙයක් සිදුවීම තුලින් අධ්‍යාපනය ගැන කට මත දොඩවන විශේෂඥයින් හෙට දිනයේ රටේ අනාගතය වන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොහේදී හෝ වචනයක් වත් කතා කර ඇත්දැයි අප ඍජුවම අසන්නෙමු. ලංකාවට හෙටක් තිබිය හැක. එහෙත් අනාගතයක් නැත. (අ)

:       0       0

ජානි Friday, 24 January 2014 08:31 PM

හැම දේම කර්මය කියලා නැහැ, ඒත් සසරේ දුක, භයානක කම මේකයි කියල නම් පෙන්නලා දුන්න. නොසැලකිල්ල රටේ කර්මය කියලයි පේන්නේ. රටට වටිනා දරුවෙක් නැතිවුනා, පවුලේ අයගේ දුක නැතිවෙන්න කියලාත් දරුවට හොඳ ජීවිතයක් ලැබෙන්න කියලත් මෙත් සිතුවිලි යවන්න. (අ)

:       0       0

දේවින්ද Sunday, 26 January 2014 01:20 AM

සසර වසන තුරු ...... මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී ....අවසානයේ .....නිවන් සුවය පතමි පුතුනි ඔබට ! (නදී)

:       0       0

සිරිණා මාග්‍රෙට් Friday, 24 January 2014 03:48 AM

ඒ දරුවාපතා ගෙන ආ හැටි වෙන්න ඇති (අ)

:       0       0

ප්‍රදීපා Friday, 24 January 2014 04:28 AM

තමන්ගේ පුංචි පුතාව පස්වලට යටකරලා , සොහොනේ තනි කරලා , මේ අම්මයි තාත්තයි ගෙදර යන්න ඇත්තේ මොනතරම් වේදනාවකින්ද? රෝගී වෙලා ඉපදිලත්- අවයව බද්ද කරලා සමහර දරුවෝ ජීවත් වෙන්න වාසනාව ලබද්දී, මේ නිරෝගී පුතාට වුන විපත , අම්මාකෙනෙක් හැටියට මට දරාගන්න අමාරුයි. (අ)

:       0       0

නදී Friday, 24 January 2014 04:37 AM

මහත් සංවේගයක් උපදවන දසුනක්! මවුපියන් දරුවන් හදා වඩා යම් දිනක දරුවන්ගේ කරපිටින් අවසන් ගමන් යන්නයි පතන්නේ. එහෙත් ඔවුන් නොසිතපු ලෙසින්ම ආදරණීය පුතුව සොහොන් බිමට ඔසවාගෙන යන්න මේ දෙමාපියන්ට සිදුවුනා. ?(අ)

:       0       0

ආරියසේන Friday, 24 January 2014 05:01 AM

රොෂාන් ප්‍රනාන්දු අදහසට මා එකඟයි , ලංකාවේ පාසල් වල ළමුන්ට ආරක්ෂවාක් නොමැත,ඒ ළමයි ඉන්නේ ගස් උඩ,එහමත් නැත්නම් තාප්ප උඩ,උදලු කැති අරගෙන කැලා කානු සුද්දකරනවා. දැන් වත් පාසල් ළමුන්ගේ ආරක්ෂාවට ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කල යුතුයි.පවුලට හිටිය එකම පිරිමි ළමය වගේ පෙන්නේ ඒ දෙමාපියන්ට ඒ දරුවා නැතිවුනා.දරාගන්න බැරි වේදනාවක් දුකක්. (අ)

:       0       0

ශාන්ත හෝමාගම Friday, 24 January 2014 06:18 AM

නෙතට කදුලක් එක කරන ශෝක ජනක අවස්ථාවක් , පුතේ නුඹට නිවන් සුව ලැබේව ! මෙවන් අකල් මරණයකට ගොදුරු වූ ඒ දුක දරාගත් දෙමව්පියන් , සම වයසේ දරුවන්ට කුමක් හෝ දාන මානයක් දී ,දරුවාගේ නිවන් සුව දොරටු විවර කරන්න නෙත් සිත් පෑදේව ! (අ)

:       0       0

සුරේෂ් Friday, 24 January 2014 06:26 AM

මේ පුතාගේ අකල් වියෝව ගැන හදවතින්ම දුක් වෙනවා. කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ප්‍රාථමික අංශයේ ඇයි පළවෙනි මහලේ ගොඩනැගිලි වල විවෘත කොරිඩෝර් එකේ බැම්මේ දරුවන් ඉදගෙන ඉන්නවා පාරට පේනවා. පොඩ්ඩ ගැස්සුනොත් තට්ටුවකින් පහලටයි වැටෙන්නේ. ඔන්න මරු කපොල්ලක් පෙන්නා දුන්නා පුළුවන් නම් වසා දමන්න. එෆ්.ආර්. සේනානායක මාවතේ නිතර යනෙන මට මේ දර්ශනයක් මතක් වුනා සෙනිත් පුතාගේ අකල් වියෝව ඇසූ අවස්ථාවේම.(අ)

:       0       0

මාධවී Friday, 24 January 2014 06:33 AM

වැඩිහිටියන්ගේ නොසැලකිල්ල.මේවගේ අනතුරු සිදුවන දෙයක් අනාරක්ෂිතව ක්‍රියාකාරී වයසේ දරුවෝ ඉන්න තැනක තබනවාද.අනෙක අපේ රටේ පොඩි ළමයාගේ පටන් මහල්ලා දක්වා ඕන එකෙයි එපා එකෙයි ඇඟිලි ගැසීමේ පුරුද්ද තියෙනවා.මේ දුර්වල තාවය අපේ රටේ බොහොමයක් දකින්න ලැබෙනවා විතරක් නෙමේ කණගාටුදායක මරණ ගැන අහන්න වෙනවා.යමක් උනාට පසු වැඩක් නැහැ.බෝම්බයක් තිබුනත් ඔච්චර තමා.(අ)

:       0       0

ග්‍රේඩ් Friday, 24 January 2014 07:08 AM

ඉතාම කණගාටුදායක දසුනක්. දැන්වත් පාසල්වල අනාරක්ෂිත ස්ථාන සොයාබලා. ඒවාට අවැසි කටයුතු කිරීමට බලධාරීන්ගේ නෙත් විවර වේවා (අ)

:       0       0

ජයම්පති Thursday, 30 January 2014 01:58 PM

ඔබට නිවන් සුව.(දිල්)

:       0       0

හේමන්ත Friday, 24 January 2014 07:48 AM

මට හරිම දුකක්‌ දැනෙනවා. මම කරන ලද සියළු පිං සිහිකර නුඹට නිවන්සුව පතා අනුමෝදම් කරමි. සසර දුක අපට පෙන්වාදී හැරගිය ඔබ සියළු දුකින් නිදහස් වෙත්වා ! (අ)

:       0       0

නිමල්කා සුරංජන් පෙරේරා Saturday, 25 January 2014 12:56 AM

නිවන් සුව ලැබේවා! මින්පසුවවත් මෙවැනි දේ ගැන වගකිවයුත්තන්ගේ අවදානය යොමු වේවා! (නදී)

:       0       0

බුද්ධික ගාල්ලේ Friday, 24 January 2014 08:34 AM

පුතේ, ඔබට නිවන් සුවය . මෙවන් දේ සිදු නොවෙමට වග බල ගනිත්වා. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 24 January 2014 08:41 AM

පුතේ නුඹ මියගියේ වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසයි. රත්තරන් පුතේ මතු භාවයේදී මෙවන් අකල් මරණයකට පත් නොවේවා! නුඹට නිවන් සුව! (අ)

:       0       0

රිෂ් Friday, 24 January 2014 08:45 AM

එයාට ආයේමත් කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයකට ගොදුරු නොවී දුගු කලක් ජීවත් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඩන් පස්සේ වත් පාසල්වල වගකිවයුතු බලදාරින් මේ වගේ දේවල් ගැන මීට වඩා ටිකක සැලකිලිමත් වෙනවා නම් හුඟක් හොඳි. ඒ අසරණ දෙමව්පියන්ගේ හිත වල මොනතරම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද. ඔයාට පුතේ නිවන් සුව ලැබෙන්න ඕනේ. (අ)

:       0       0

බණ්ඩාර Friday, 24 January 2014 09:02 AM

හරිම දුකක් දැනෙනවා. කොහොම අම්ම තාත්ත ඉවසනවද මන්ද. මටත් පුතාල දෙන්නෙක් ඉන්නව. පුතාට නිවන් සුව පතනවා. (අ)

:       0       0

චින්තක Friday, 24 January 2014 09:13 AM

විදුහල්පතිල හා ගුරුවරු ඉන්නේ අමුතුම දඬුවම් මානසිකත්වයක. ප්‍රමාදවීම හෝ වෙන යම් කරුණකට දඬුවම් කිරීම තමයි ඔවුන්ගේ හිත් වල තියෙන මුලික අරමුණ. වෙනත් වගකීම් , ආරක්ෂාව ගැන ප්‍රමාණවත් දැනුමක් හා වැටහීමක් නැහැ. කුණු කානු සුද්ද කරවන්න , ගස් ගල් උඩ නග්ගවා වැඩ කරවගන්න දරුවන් යොදා ගන්නවා. බොහොමයක් තැන් වල අනතුරු දායක දේ දරුවන් අසලම තබා තියෙනවා. කිසිම අවබෝධයක් මේ මහා උගතුන්ට නෑ. මේ ගල් රෝල් ක්‍රිකට් ගහන බොහෝ පාසල් වල තියෙනවා. නමුත් ඒ වා බෑවුම් ඇති තැන්වල තබන්නේ නෑ. මේ අනතුර සිදුඋනේ දරුවන් ගල් රෝල තල්ලු කරගෙන බෑවුමට ආපු නිසා. (අ)

:       0       0

ආනන්ද දිසා Friday, 24 January 2014 09:20 AM

චුටි මල්ලියේ..මේ දැන් වැටෙන උණු කඳුළු ඔයා වෙනුවෙන් පැටියෝ ...ඔයාට නිවන් සුව චුටි මල්ලියේ ......(අ)

:       0       0

සෙලන්සියුස් Friday, 24 January 2014 09:26 AM

ගාමිණී අප්‍රිකා: ඔබ හරියටම හරි. ප්‍රමාද වී පැමිණීම, නිවැරදි විදිහට පන්සිල් නො ගැනීම, විදුහල්පති එනවිට නැගීසිටීම, ගුරුවරුන්ට ආයුබෝවන් නොකීම වැනි දේට මහා විශාල සැලකිල්ලක්, උවමනාවක් තියෙනවා. නමුත් අනතුරු දායක දේ මගහරවන්න තියෙන්නේ හරිම අඩු උවමනාවක්.(නදී)

:       0       0

රළපනාවසිරි Friday, 24 January 2014 09:27 AM

දරුවන් දකින හැමදේම අදින රිලවුන් නොවන්නට දෙමාපියන් වග බලගත යුතුයි.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 25 January 2014 03:33 AM

නිවන්සුව අත්වේවා පුතුණි ! නැවතත් අප අතරම, ඔබගේ මාපියන්ට දාවම ඉපැදේවා ! (අ)

:       0       0

සුගත් Thursday, 30 January 2014 05:11 PM

මේ දෙමව්පියන්ට දැනෙන දුක කොහොම ඉවසන්නද ඔබට නිවන් සුව ලැබේවා( දිල්)

:       0       0

අතුල Friday, 24 January 2014 10:08 AM

සිගිති පුතේ ඔබට නිවන්සුව පතමි.(නදී)

:       0       0

කැලුම් වෙරෝනා Saturday, 25 January 2014 07:01 AM

පාසල් වල සිසුන් සදහා ආරක්ෂක වැඩපිළිවලක් සෑදිය යුතුයි (අ)

:       0       0

සරත් Friday, 24 January 2014 10:14 AM

දඟ කරන ළමයිට හොඳ පාඩමක්.(නදී)

:       0       0

ශෂිමා Friday, 24 January 2014 10:37 AM

නිවන් සුව පතමි පුතේ ඔයාට.(නදී)

:       0       0

සේන Friday, 24 January 2014 10:53 AM

ගොඩක් සංවේදී දෙයක්. පුතේ නුඹට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

කුමාරි Friday, 24 January 2014 10:55 AM

සේනිති පුතේ ඔබට නිවන් සුව ලැබේවා! මෙවන් අකල් මරණ මතු කිසි භවයක නොමවේවා ! (නදී)

:       0       0

සේන Friday, 24 January 2014 10:57 AM

මේ කියල තියන් ප්‍රතිචාර හැම දෙයක්ම ඇත්ත දේවල්. ඉතින් මම ලංකාදීපයෙන් ඉල්ලීමක් කරන මේක කතුවැකියට අරගෙන මිනිස්සුන්ට දැනෙන ලිපියක් ලියල දැනුවත් කරන කියල. සිතුතියි (අ)

:       0       0

දොන් Friday, 24 January 2014 11:11 AM

පින්තුර ටික දැක්කහම ඇස්වල්ට කඳුලු ආවා. ඇයි දෙවියනේ මේ වාගේ විපතක් මේ පුංච් පැටියට උනේ? පුංචි දරුවෙකුව පාසලකට බාර දුන්නට පසු ඒ දරුවන් අරක්ෂා කිරීමේ වග කීම තිබෙන්නේ විදුහල්පති ඇතුලු ගුරු වරුන්ට. අනිවාර්යෙන් චුටි දරුවන්ගේ අරක්ෂවට වෙනම ගුරුවරයෙක් සිටිය යුතුයි. මේ චුටි පුතා මතු උපදින ආත්ම වලදි මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා කියල ප්‍රාර්තනා කරමි. පුතාට අමා මහ නිවන් සුවම ලැබේවා. (අ)

:       0       0

චන්ද්‍රිකා Friday, 24 January 2014 11:27 AM

පාසලක හෝ වෙනත් ආයතනයක හෝ රටක හෝ ආරක්ෂාව සම්බන්දයෙන් එහි ප්‍රධානිය වගකිවුතුයි . පාසලක ද අධ්‍යපනයට පෙර ආරක්ෂාව පිලිබඳ ඇස්තමේන්තුවක් කලුතුය . බොහෝ පාසල් තියෙනවා අබලන් ගොඩනැගිලි . අනරක්ෂිත විදුලි රැහණ ,මදුරුවන් බෝවෙන ස්ථාන ,දඩාවතේ යන බල්ලන් , සර්පයන් සිටින ස්ථාන , සුළගට කඩ වැටිය හැකි ගස් ආදිය. සෑම පාසලකම විදුහල්පති විසින් කමිටුවක් පත්කර දරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් නිසි අධ්‍යාපනයක් සිදු කර ආරක්ෂක ක්‍රියාමාර්ග සදහා අඛණ්ඩ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලයතු අතර මෙහි වකීම සුසුසුකම් සහිත පුගලයෙකුට ලිඛිතව බර දියුතුය .(අ)

:       0       0

වීරහැන්නැදිගේ Friday, 24 January 2014 11:31 AM

පුතේ ඔබට නිවන් සුව (අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 23 January 2014 07:44 PM

සැබැවින්ම මෙය එක්තරා ඛේදජනක සිද්ධියක් තමා. නමුත් ආනන්ද වැනි පාසල්වල මෙසේ සිදුවීම විශ්වාස කිරීමට අමාරුයි. පාසල් පරිපාලනයට පමණක් අත දික්කිරීමත් අසාධාරණයි. අපේ දූලා පුතාලත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව වඩා කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. සෑම සිදුවීම්වලින්ම අපි පාඩම් ඉගෙනගත යුතුයි. (අ)

:       0       0

අචිනි Friday, 24 January 2014 11:37 AM

පුතේ ඔයාට නිවන් සුව ලැබේවා! (අ)

:       0       0

ශ්‍රීමාල් Saturday, 25 January 2014 09:48 AM

අනේ පුතේ අපිට දුකයි පැටියෝ(අ)

:       0       0

සුරේෂ් දොම්පෙ Thursday, 23 January 2014 07:49 PM

ඔබට නිවන් සුව ලැබේවා!!! (අ)

:       0       0

පද්මිණී Friday, 24 January 2014 12:01 PM

දෙමාපියන්ගේ සිතේ ඇවිලෙන ගිනි දැල් මගේ හිතෙත් ඇවිලුනා පුංචි පුතේ. අම්මලට මේ දසුන් වාවන්න බැරි බව කඳුළු අතරින් ලියමි. (නදී)

:       0       0

දේවා Thursday, 23 January 2014 07:54 PM

පුතා ඔයාට නිවන්සුව පතමි (අ)

:       0       0

ශානී Thursday, 23 January 2014 07:57 PM

මෙවන් අකල් මරණයකට සංසාරේ යලි කිසි දිනෙක ගොදුරු නොවේවා....!! (අ)

:       0       0

හුෂේන් Saturday, 25 January 2014 10:13 AM

පුතා ඔයාට නිවන්සුව පතමි.(නදී)

:       0       0

දුටුගැමුණු බලකාය ලන්ඩන් Thursday, 23 January 2014 08:04 PM

ආදරණිය පුංචි පුතේ, විස්තරයක් ලියන්න වචන නැහැ. ඔබට නිවන් සුව ලැබේවා! (අ)

:       0       0

පහන් Thursday, 23 January 2014 08:04 PM

මගේ කී බෝර්ඩ් එක උඩත් කදුළු පුතේ .ඔයා ගෙනාපු ආයුෂ තමයි පුතේ .නැවත මතු ඇත බවයකදී මෙවැනි අකල් මරණයක් නොවේවා!!! (අ)

:       0       0

ප්‍රියංග Friday, 24 January 2014 12:13 PM

සියලුදෙනගේ අදහස් නිවැරදි නමුත් අපි අදහන දහම අනුව මේ ඔවුන් පතාගෙන ආ ආකාරයයි .මෙවැනි සිදුවීම් මනුෂය වර්ගයම ධර්මානුකුලව බැලිය යුතුයි. මේ පුංචි පුතාගේ අභාවයෙන් අද ඉමහත් වේදනාවක් උහුලන්නේ මපියනුයි. ආදරෙන් ආරක්ෂා කරන දෙමාපියන්ට මෙවැනි දෙවලින් දරුවන් අහිමි වෙනවා. තවතැනක තමන්ගේ ලෙයින් බිහිකළ දරුවාව දෙමාපියන්ම මරා දානවා කාගේ කොහේ හෝ වරදකින් මෙවැනි දේවල් වුනත් ජීවත් වෙන සියලු භාලධාරී , නිලධාරී, සාමාන්‍ය ජනයා වන අපි සියලු දෙනාම ජීවත් විය යුත්තේ කෙසේදකිය දෙවරක් සිත බැලිය යුතුයි . මමත් අම්මා කෙනෙක් . මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට මෙවන් දුකක් නොවේව!!!පුංචිපුතේ ඔයාට පින්වත් ආත්මයක් හිමිවේවා !!! මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවේව!!!! (අ)

:       0       0

ධනුකි Thursday, 23 January 2014 08:05 PM

නිවන් සුව පතනවා පුතේ.මෙවන් විපතක් කාටවත් නොවේවා.(අ)

:       0       0

පාලි Thursday, 23 January 2014 08:14 PM

සිතට පුදුම දුකක් දැනෙනවා පුතාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා (අ)

:       0       0

චන්දි Friday, 24 January 2014 12:33 PM

උදේ තේ ටික අරගෙන ලංකාදීප බලන්න ගත්තේ සතුටින්.., කිරි වෙහෙර දැකපු ගමන් හදවත නිවී ගියා. ඒත්, රත්තරන් පුතේ...!!! ඔයා මව සහ පියාගේ කර පිටින් නොයෙන ගමන් යනවා දුටු විට මවක් වුණ මට දරා ගන්න බැරි වුණා මේ මවගේ හදවත මොන තරම් පිච්චෙනවා ඇතිද...?මෙවන් විපත් නෙතු නොගැටේවා කිසිම දිනයක.. සදාදරණිය පුතුනුවනි පතන්නම් ඔබට මෙසේ ,කදුළු පිරුණු දෑසින්, මතු උපදින භවයක් පාසා මෙවන් රුදුරු, අකල් මරණයක් නොවේවා...!! මේ මව් කුසයේම යලි උපදින්නට හේතු වාසනා ''වේවා'' (ජිවිතය අනියතයි-මරණය නියතයි) ඒ බුදු වදනයි....!!(දිල්)

:       0       0

අනුර නාවපිටිය Thursday, 23 January 2014 08:16 PM

පුතේ ඔබට නිවන් සුව (අ)

:       0       0

චන්දි Friday, 24 January 2014 12:41 PM

සෙනිති පුත් රුවනට.., නිවන් පුර රුවන් දොරටු විවර වේවා.....!(දිල්)

:       0       0

පෙරේරා Thursday, 23 January 2014 08:25 PM

පොඩි දරුවට නිවන්සුව පතමි. (අ)

:       0       0

සුදර්ශණ Sunday, 26 January 2014 03:10 PM

දඟ කරන්නේ නැත්නම් පුතාලගෙන් වැඩක් නැහැ. දඟ කරන්න නිදහස දෙන්නේ නැත්නම් දෙමාපියන්ගෙන් වැඩක් නැහැ. ගල් රෝල දම්වැලකට ඉබ්බෙක් දාල පොලවට කොන්ක්‍රීට් කල යකඩයකට ලොක්කරලා තියන්න පුළුවන් .(දිල්)

:       0       0

චන්දවිමල හිමි Thursday, 23 January 2014 08:27 PM

මහත් සංවේගයක් උපදවන දසුනක්! මවුපියන් දරුවන් හදා වඩා යම් දිනක දරුවන්ගේ කරපිටින් අවසන් ගමන් යන්නයි පතන්නේ. එහෙත් ඔවුන් නොසිතපු ලෙසින්ම ආදරණීය පුතුව සොහොන් බිමට ඔසවාගෙන යන්න මේ දෙමාපියන්ට සිදුවුනා. "අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති". තිර නොවූ සසරක හැටි! සේනිති පුතනුවන්ට සසර භවයන්හිදී දීර්ඝයෂ ලැබී, මතු නිවන් සුවයෙන් සැනසීම වේවා! (අ)

:       0       0

ඩෙස්මන්ඩ් Friday, 24 January 2014 01:05 PM

,පුතේ ඔබට දෙවියන්වහන්සේගේ පිහිටයි.(නදී)

:       0       0

චන්දි Saturday, 25 January 2014 12:35 PM

මගේ දුක ලීවත් එය මෙහි පල වී නැහැ , කෙසේ වෙතත් චුටි පුතුට නිවන් සුවය නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා , මෙවන් අකල් මරණයකට මතු මතුත් බිලි නොවේවා..!!ඔය මව් කුසයේම උපත ලබන්න රත්තරන් පුතේ .....! (අ)

:       0       0

එවන්ජන Thursday, 23 January 2014 08:36 PM

සොයුර, ඔබට නිවන් සුව! (අ)

:       0       0

ශාන්ති Thursday, 23 January 2014 08:43 PM

හරිම දුක හිතෙන කතාවක් , මගේ ඇස්වලට කදුළු පිරුනා . සංසාරේ කිසිම දිනක මෙවන් කතාවක් අයෙත් අපට අහන්න නොලැබේවා . පුතේ නුබට මෙවන් අකල් මරණයක් ජාති ජාතිවත් නොවේවා (අ)

:       0       0

තුෂාර Friday, 24 January 2014 01:47 PM

රත්තරන් පුතේ, මට ඔයාට නිවන් සෑප ලෑබෙන්න කියලවත් ටයිප් කරගන්න බෑ. මගෙ කී බෝඩ් එකෙත් කදුලු. (නදී)

:       0       0

නිරෝෂා නාමලි Thursday, 23 January 2014 08:45 PM

පුතේ නුඹට මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් සිදුනොවේවා. නිවන්සුව පතමි. (අ)

:       0       0

නිමල් Thursday, 23 January 2014 08:50 PM

.හදිසි අනතුරෙන් මියගිය ආනන්ද විදුහල් චුටි පුතාට නිවන් සැප ලැබේවා (අ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 23 January 2014 08:50 PM

හරිම දුකයි මට මේක දැක්කම. පුතේ ඔයාට නිවන් සුව ලැබේවා, මතු ආත්ම භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (අ)

:       0       0

අර්.අයි ලෙනෝර Saturday, 25 January 2014 02:31 PM

පුතා ඔයාට නිවන්සුව පතමි(අ)

:       0       0

පතිරණ කපිල Friday, 24 January 2014 02:00 PM

පුතා ඔබ මියගියද ඔබෙගේ ගුණ සුවඳ සමදා දැනේ. ඔබට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 23 January 2014 09:02 PM

අනේ මේ දරුවාගේ මරණය සම්බන්දයෙන් කිසිම වගකිවයුතෙක් නැහැ ,පිටරටක මේක වුනානම් විදුහල්පතිl ,ඇතුළු අදාල ගුරුවරු මේකට වගකියන්න ඕන .ළමයින්ට නොගැලපෙන දෙයක්(යකඩ රෝල) ක්‍රීඩා පිටියේ තිබුනට.ලංකාවේ අය මේක හිතාමත කරපුදෙයක් නෙමේ වගේ කතා කියල ශේප් වුන.ලංකාවේ ජනතාවත් මේ ළමයාගේ කර්මය ,ගැන ආයුෂ මෙච්චරයි,නිවන්සප ලැබේව කියල ඉන්නවා.නමුත් මේක වුනේ මහා අයගේ නොසැලකිල්ලෙන් .(අ)

:       0       0

ප්‍රසන්න ද සිල්වා Thursday, 23 January 2014 09:05 PM

පුතේ උඹට නිවන් සුව. යලි මෙවන් අකල් මරණයක් අත් නොවේවා (අ)

:       0       0

අමිතා මුතුගල Thursday, 23 January 2014 09:15 PM

හරිම දුකි..වෙන්න ඕන දේ වල ඉවරයි...මොනව කිවත් වේදනාව දැනෙන්නේ දෙමාපියන් දෙන්නට ..පුතාට නිවන් සුව ලැබේවා

:       0       0

සලීම් Thursday, 23 January 2014 09:16 PM

මියගිය දරුවාගේ නාමෙන් හරි පාසල් වල සිසුන් සදහා ආරක්ෂක වැඩපිළිවලක් සෑදිය යුතුයි (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 24 January 2014 02:27 PM

යකඩ හොරකමකට සම්බන්ධ වරෙන්තුකරුවෙක් ඉහත ඡායාරුපයක සිටිනවා.(නදී)

:       0       0

කෙටවල Thursday, 23 January 2014 09:26 PM

පුතාට නිවන් සුවලැබේවා (අ)

:       0       0

ෂෙරිෆ් Thursday, 23 January 2014 09:31 PM

හරිම දුකයි, හදිසි අනතුරෙන් මියගිය ආනන්ද විදුහලේ චුටි පුතාට නිවන් සැප ලැබේවා, (අ)

:       0       0

ගාමිනි Thursday, 23 January 2014 09:42 PM

චුටි පුතේ ඔයාට නිවන් සුව පතමි.!!!!!!!!!!! (අ)

:       0       0

සෝමදාස Thursday, 23 January 2014 09:58 PM

මෙම සිදුවීම ආනන්දයට පමණක් නොව මුලු පාසල් පද්ධතියටම මහත් කැලලකි. පාසල්වල අභ්‍යන්තර පරිපාලනයේ ඇති අසංවිධානාත්මක තත්වය කෙබදුද යන්න පෙන්නුම්කරන්නකි. මෙම සිදුවීම හුදෙක්ම හය හතර නොතේරෙන දරුවා පිටින් යවා මෙහි වගකීම බැහැර නොකළ යුතුය. (අ)

:       0       0

සිරි Thursday, 23 January 2014 09:58 PM

ආනන්දයෙන් ප්‍රඥාවේ නිම්වළලු ප්‍රසාරණය කරගනු පිණිස පැමිණි පුංචි සෙනිති ආනන්දයෙන් මරුතුරුලට යාම සැබවින්ම ඛෙද වාචකයෙකි. (අ)

:       0       0

මේනකා Thursday, 23 January 2014 10:12 PM

මමත් අම්ම කෙනක්.මෙහෙම දකිද්දී ගොඩක් දුක හිතෙනවා.පුතේ කිසිම ආත්මයක් ඔබට මෙවන් දෙයක්නම් වෙන්න එපා.පුතාට නිවන්සුව ලැබේව. (අ)

:       0       0

මධු Saturday, 25 January 2014 05:28 PM

පුදුම දුකක් හිටත ඇතිවෙනවා. පුතේ ඔයාට නිවන් සුව (අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 23 January 2014 10:34 PM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ (අ)

:       0       0

සමාරා Thursday, 23 January 2014 10:35 PM

පුතාට නිවන්සුව! මෙහෙම කියල අපි කාටත් පුළුවන් ඇඟ බේරගන්න. මේ වගේ දෙයක් වෙන්න හේතුව මොකද්ද කියල හොයල එකට පිලියමක් යොදන්න හිතන අය අද නෑ. ලංකාවේ කිසිම දෙයක වගකීම හරියට බාරදීල නෑ . එවගේම ඒ නිකමට වගේ බාරදීල තියෙන කාරිය පැහැර හරියට ප්‍රස්නයකුත් නෑ .ඒ නිසා වගකීම ඇඟට ගන්නේ නෑ.අන්තිමට වැරද්දක් උනාම කාටවත් ඇඟිල්ල දික්කරන්න බෑ.මේ සිද්ධිය දිහා බලල වත් ආයතනයයක විවිධ වගකීම් ලිඛිතව අදාළ පුද්ගලයන්ට බාරදිය යුතුයි.(අ)

:       0       0

ප්‍රේමතිලකද සිල්වා Thursday, 23 January 2014 10:43 PM

මෙවන් අකල් මරණ වලට කුඩා ළමුන් පත් නොවීමට වග කීව යුත්තන් වගබලා ගන්න. පුතාට නිවන් සුව අත්වේවා (අ)

:       0       0

ටෙනිසන් Friday, 24 January 2014 03:09 PM

පුතේ නුබට නිවන්සුව.සත්‍ය ලිවූ සත්‍යට මල්මිටක් (ත)

:       0       0

චානක. Thursday, 23 January 2014 11:00 PM

ලංකාවේ ජනයාට ආරක්ෂා වීම පිළිබඳව තිබෙන්නේ අල්ප දෙනීමක් හා ඒ සඳහා උනන්දු නොවීමක්. (අ)

:       0       0

කුමාරිහාමි Friday, 24 January 2014 03:18 PM

මේ අනතුර ආනන්ද වගේ ඉහළ පාසලක සිදු වුණ නිසා ලොක්කෝ චක්‍රලේඛ ගෙනෙන්න හදනවා සිසුන්ගේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග ගැන. පොඩි පාසලක වුණානම්? (ත)

:       0       0

ජගත් ලියනගේ Thursday, 23 January 2014 11:12 PM

බුදුන් දේශනා කල "සියලු දෙයම අනිත්‍යයි" යන්න මෙනෙහි කිරීමෙන් දුක තරමක් හෝ තුනී කරගන්න. දරුවාට නිවන් සුව පතන්නෙමු. (අ)

:       0       0

ගාමිණී අප්‍රිකා Thursday, 23 January 2014 11:14 PM

මේ වගේ සිද්දි ටික කාලයකින් අමතක කරලා දානවා .කාලයකට පෙර මේ වගේ සිද්දියක් කුරුණෑගල මලියදෙවේ උනා එත් පොඩි දරුවෙක් පිට්ටනියේදී තාප්පයකටත් වහනයකටත් හිර වෙලා නැතිඋනා .මේවා හිතල නොකෙරුවට සම්පුර්ණයෙන් නොසැලකිල්ල .විදුහල් වල ප්‍රමාදවී එන ,නිල ඇදුම් ගැන ,විනය ගැන බලනවා වගේම අනතුරු විය හැකි තැන් ගැන බලන්නත් වැඩිහිටි සිසුන් යොදවන එක හොද වේවි කියල හිතෙනවා .දරුවට සසර වසන තුරු මෙවන් අකල් මරණයක් ඇත නොවේවා.(අ)

:       0       0

කීර්ති තෝරදෙණිය Thursday, 23 January 2014 11:20 PM

පුතේ නුඹට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

දුමින්ද Thursday, 23 January 2014 11:23 PM

ඉතාම සංවේගී දසුනුක්. අම්ම තත්ත කොහොම දුක උහුලන්ඩද? ඉස්කෝල වල විතරක් නෙමෙය් රට පුරාම මර උගුල්. රටේ සම්පත් ආරක්ෂා කරන්න මීට වඩා වගකීමක් ගුරුවරුන්ට තියෙනවා. (අ)

:       0       0

මදු ..ප්‍රන්සය Thursday, 23 January 2014 11:30 PM

හරිම දුක් බර පුවතක් , පුතේ ඔබ ජාති ජාති මෙවන් අකල් මරණයකට පත් නොවේවා! ඔබට නිවන් ලැබේවා ! (අ)

:       0       0

රාමයා Thursday, 23 January 2014 11:40 PM

පුතනුවනි සමාදානයේ සැතපෙවා (අ)

:       0       0

සිසිර Thursday, 23 January 2014 11:54 PM

රොෂාන් හරියට හරි (අ)

:       0       0

රොෂාන් Friday, 24 January 2014 12:17 AM

විදුහල්පති මේකට වගකියන්නඔනේ (අ)

:       0       0

රවිදු රණතුංග Friday, 24 January 2014 12:29 AM

පුතේ ඔබට නිවන් සුව ලැබේවා. මව්පියන්ගේ සිත් වලට සැනසීමක් ලැබේවා. (අ)

:       0       0

රසිකා Friday, 24 January 2014 12:37 AM

පුතාගේ වියෝව දුකක්.මරණය අප කාටත් පොදු දෙයක්.පුතේ ඔබ රැගෙනගියේ වෛරය ඉර්සියාව තණ්හාව නැති නොකිලිටි සිතක් පුතාට සුගතිය ඒකාන්තය.ඔබට නිවන්සුව (අ)

:       0       0

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ Friday, 24 January 2014 12:58 AM

මතුවටත් මෙවන් දේවල් සිදුනොවන්න වගකිවයුත්තන් ක්‍රියාකළ යුතුයි.පාසල් ළමුන් ගැන, ඔවුන්ගේ අධයාපනය ගැන ළමුන්ගේ ප්‍රශ්න ගැන රජයක් වශයෙන් කිසිම තැකීමක්වත් ප්‍රතිපත්තියක්වත් නැහැ. දරුවන් මහමග කහ ඉර උඩ පොලිස් වාහන වලට පවා යටකරගෙන ගිහින් තියෙනවා. සපත්තු දෙකක් ගන්න රුපියල් 500 හොයාගන්න බැරි ළමයින් ලැජ්ජාව නිසා පාසල් යන්න බැහැ කියල දිවිනසාගෙන තියෙනවා. කුඩා ළමුන් ලිංගික අතවරවලට සහ දුෂණයට ලක්වෙලා තියෙනවා. රටේ නීතිය දෙශපලකයන්ට බලපාන්නේ නැහැ. රටක නීතියක් කියල දෙයක් නැහැ. බොන්න වතුර ඉල්ලපු අයව වෙඩිතියල මරල දැම්ම. අනේ අපොයි මේ ධර්මදීවිපේ වෙන දේවල්. බුදුන් වහන්සේ ගේ නිර්මල ධර්මයෙන් කිසිම ප්‍රයෝජනයක් ලංකාවේ අය අරගෙන නැහැ. (අ)

:       0       0

චමින්ද Friday, 24 January 2014 01:03 AM

නිවන් සුව ලැබේවා (අ)

:       0       0

ගයාන් Friday, 24 January 2014 01:30 AM

සිතට පුදුම දුකක් දැනෙනවා පුතාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා (අ)

:       0       0

හේරත් Friday, 24 January 2014 01:38 AM

ඉතාම සංවේගී සිදුවීමක්,!නොදරුවන්ගේ පරිසරය සුරක්‍ෂිත නොකිරීමේ ප්‍රතිපලයක්.කවුරු කෙසේ කීවත් මෙය වග කිව යුත්තන්ගේ බරපතල අතපසුවීමක්.!පුතණුවනි ,ඔබට නිවන් සුව​...(අ)

:       0       0

කුමාර තායිලන්තය Friday, 24 January 2014 05:50 PM

දයාබර පුංචි පුතේ මම හොදටම අඩමින් තමයි මෙම වචන පෙළ ලියන්නේ මේ පොඩි පුතාට නිවන් සුව පතමි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 476 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 208 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 263 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 309 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 402 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site