( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් හා වගකිවයුතු සියලු පිරිසට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා ට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපති සහ වගඋත්තරකාර ලාෆ් හෝල්ඩින්ස් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අද (10) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම රුවන් ප්‍රනාන්දු,සම්පත් අබේකෝන් යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු විණි.
මෙහි වගඋත්තරකාරකරුවන් නොතීසි නිවරුදිව ලැබී නැති හෙයින් ඔවුන් නැවත නොතීසි දන්වා යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කරුට නියෝග කළේය
ඒ අනුව පෙත්සම ලබන14 සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය (10) කෙරිණි.
විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වෙළද ඇමැති බන්දුල ගුණවර්ධන ,රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,ලාෆ් හා ලිට්රෝ ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරිය ,ශ්‍රී ලංකි ප්‍රමිති කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය හා නීතිපතිවරයා ඇතුළු 10 දෙනෙක් නම් කර සිටිති.
අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කල ගෑස් සමාගම් සහ වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත
තවද වගඋත්තරකාර ලාෆ්ස් සහ,ලිට්ට්‍රෝ ගෑස් සමාගම් සතු සියලු වත්කම් අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර පුපුරා යාමෙන් අනතුරට පත් සහ මියගිය අයගේ පවුලේ ඥාතීන් ට වන්දි ගෙවන ලෙස අදාළ ගෑස් සමාගම් වලට නියෝගයක් කරන්නැයි ද පෙත්සම මගින් ඉල්ලා තිබේ.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර භාවිතයට ගන්නා පාරිභෝගිකයන් විශාල පිරිසක් සිටින බව පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමින් පෙන්වා දේ.
ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ කටයුතු සමාගම් දෙකක් මගින් සිදු කරන අතර ගෑස් සිලින්ඩර වල සංයුතිය බියුටේන් සියයට 80ක් සහ ප්‍රොපේන් සියයට 20ක් ලෙස පැවතියද එම සංයුතිය සියයට 50 තෙක් වෙනස් කිරීමට එම සමාගම් රහසිගතව කටයුතු කර ඇති අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධිය වාර්තා වූ බවද පෙත්සමෙහි සදහන් වේ.
එසේම පුපුරා යාමේ සිද්ධි වාර්තා වූ විගස එම ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ කටයුතු අත්හිටුවීමට බලධාරීන් කටයුතු නොකළ බවද පෙත්සම්කරු පෙන්වා දෙයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ බලධාරීන්ගේ නොසැලකිලිමත් කම මත මෙම සිදුවීම් වන බවට පෙත්සම්කරු චෝදනා කරයි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගෙන අදාළ නියෝගයන් ලබා දෙන ලෙස පෙත්සම්කරු සිය රිට් පෙත්සමෙන් සිටී.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනාරක්ෂිත ගෑස් බෙදා හැරි සමාගම් ඇතුළු පිරිසකට එරෙහි පෙත්සමට විරෝධතා
de silva Friday, 10 December 2021 01:52 PM
ගෑස් මිල දෙගුණයක් කරලා... ප්‍රමිතියත් වෙනස් කරලා, ඒවා පුපුරලා, මිනිස්සු මැරිලා දේපළ හානිවෙලා... සර්ගේ වෙනස සැපයිද?
de silva Friday, 10 December 2021 04:03 PM
මිනිස්සුන්ගෙන් සල්ලි අරන් ඔවුන්ට බෝම්බ විකුණලා...