IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අනුරාධපුර තරුණයාගේ ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්'වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වේ. 

'ඩච් රූල්ස්' ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්' පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

2022 වසරේදී ආරම්භ කරන ලද 'ඩච් රූල්ස්' සමාගම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්වී ඇත.

'ඩච් රූල්ස්' සමාගමේ නිර්මාතෘ ඩැනී පෙරේරා අනුරාධපුර නගරයේ ඉපිද හැදීවැඩී ඇති බවත් 2000 දශකය මැදභාගයේදී ඔහු වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.

ඉගෙන ගන්නා කාලය තුළ වියදමට මුදල් සොයා ගැනීම සඳහා සොයාගත් අර්ධකාලීන රැකියාව සියල්ල වෙනස් කර ඇති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

නගරයේ තැබෑරුමක කළ රැකියාවට තමන් බෙහෙවින් ප්‍රියකළ බවත් තමාගේ ජානවල තිබෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම සඳහා එම රැකියාව හේතුවූ බවත් ඩැනී පෙරේරා ප්‍රකාශ කළේය.

තැබෑරුම තුළදී මිනිසුන් සමඟ කතා කිරීම සහ ඔවුන්ට මධ්‍යසාර පිළිගැන්වීම බෙහෙවින් ප්‍රියවූ බවත් තමන් ඉදිරියට යා යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් නොවන බව අවබෝධවූ බවත් පෙරේරා පැවැසුවේය.

ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී නිව් වර්ල්ඩ් කන්ටෙම්පරරි ජින් කාණ්ඩය යටතේ ඩැනී පෙරේරාගේ 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්' පානය රිදී පදක්කම දිනාගෙන ඇත. ශ්‍රී ලාංකික කුළුබඩු ඇතුළුව අමුද්‍රව්‍ය 15 ක් යොදා ගනිමින් මෙම ජින් පානය නිපදවෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.

 



අදහස් (21)

අනුරාධපුර තරුණයාගේ ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති

ජිනසේන Thursday, 20 June 2024 04:28 PM

2500 යක ජාතික අභිමානය. ඔබට දළදා සමිඳු පිහිටයි...

:       27       49

බණ්ඩාThursday, 20 June 2024 05:36 PM

මත්පැන් සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ඕනෑම ක්‍රියාවක් සඳහා දළදා සමිඳු පිහිට ලැබෙන්නේ නෑ. සල්ලි සහ ප්‍රසිද්ධිය ඔහෙලාට ලොකු වුණු පලියට බුදු දහම ඕනේ ජරාවක් අනුමත කරන්න යොදාගන්න එක දැඩිලෙස හෙලා දකිමි. ලැජ්ජයි... අපිට අපේ දුප්පත්කම හොඳයි.

:       56       77

බණ්ඩාගේ මායියාThursday, 20 June 2024 06:01 PM

යමං බණ්ඩො වෙසක් බලන්න...

:       11       33

බණ්ඩාFriday, 21 June 2024 02:17 AM

පලයන් ඩෝ. මම බණ්ඩා තමයි ඩෝ. කන බොන එකයි, ආගම ජාතියයි එකක් නෙමේ දෙකක් ඩෝ. මම බණ්ඩා වුනත් වැඩ කෙලින් ඩෝ.

:       0       0

ගුන්ඩාThursday, 20 June 2024 06:45 PM

අනේ බොල බණ්ඩෝ, පන්සලකට වෙලා පිළිකුල් භාවනාව කරගෙන ඉන්න. ඔබ වගේ ලංකාවේ ඔක්කෝම හිතුවොත් දුප්පත්කම හොඳයි නොවේ අනිවාර්යයි..!

:       28       38

*****-**----*****Friday, 21 June 2024 06:03 AM

බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි කාලයේ කැලයට ගොස් සතුන් මරා ජීවත්වන මනුෂ්‍යයෙක් හිටියා ඔහුගේ බිරිඳ සෝවාන් වෙලා හිටපු කාන්තාවක් ඇය තමන්ගෙ සැමියාට ඉතාමත් ආදරයෙන් හිටියා දිනපතාම උදේ සැමියාට ආහාර සකසා දීලා පිටත්වෙන වෙලාවට අවශ්‍ය දුනු ඊතල අතටම දීලා ආශීර්වාද කරනවා ඒක කරන්නෙ සතුන් මරන්න නොවෙයි සැමියාගේ ආරක්ෂාව වෙනුවෙන් .එම කාන්තාවගේ සතුන් මරන්න කිසිම කැමැත්තක් නැහැ ඒත් සැමියාගේ රැකියාව කරන්න ඉඩ දුන්නාලු ඔය අතර බුදුහාමුදුරුවෝ මිනිස්සු නොකලයුතු වෙළදාම් පහක් නොකලයුතු ක්‍රියාවන් පහක් (පංසිල් ) පෙන්වා දීලා තියෙනවා ඒවා ගැන පෘතග්ජන අපිට හිතන්න අමාරුයි ඒනිසා අපිට තියෙන්නෙ අනුන්ගේ වැඩ ගැන නොසිතා තමන්ගෙ වැඩක් පලක් ගැන බලාගෙන ඉන්න තමයි

:       2       19

සචිනි Thursday, 20 June 2024 05:47 PM

ලංකාවේ හිටියා නම් ඔහොම දෙයක් හදන්න තියා හිතන්නවත් ඉඩක් නම් ලැබෙන්නේ නැහැ... අත්ට්‍රැක්ටරය හෙලිකොප්ටරය වගේ නිමැවුම් ලංකාවේ කළත් ඉදිරියක් දකින්නට ලැබුනේ නැහැ වගේම තමයි ඔය කොයිදේ නිෂ්පාදනය කළත් කරන්න දෙන්නේ නැහැ...

:       5       75

Ruhunu Thursday, 20 June 2024 06:39 PM

අනුරාධපුරය පැත්තේ ඒවා හොඳයි...

:       1       21

ඇන්ඩෘා සෙබඩවිල Thursday, 20 June 2024 08:04 PM

නිත්‍ය ලෙසම පත්වන ඊළඟ npp රජය යටතේ ඩැනී මහතා ලංකාවට ගෙනැවිත් සුරාබදු කොමසාරිස් තනතුර ලබාදීමට අකුදි ජනාධිපති සහෝදරයා කටයුතු කරනු ඇත...

:       12       26

Lalla Friday, 21 June 2024 10:37 AM

ව්‍යවසායකයෙක් පින්පඩිකාරයෙක් කරන්න තරම් කුහක කට්ටියක්ද මාලිමාව? එහෙම වෙන්න බෑ නේද?

:       1       5

M M C Jayasooriya Thursday, 20 June 2024 08:13 PM

ලංකාවේ හොරට හදන කසිප්පු වලයි, මේකෙයි වෙනසක් තියෙනවද?

:       5       22

shanthaFriday, 21 June 2024 03:06 AM

පොඩි පොඩි වෙනස්කම් පමණයි තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේදී මිදී ඇපල් වගේ පලතුරු දමලා නිෂ්පාදනාගාරයේදී හදන අතර . ලංකාවේදී රට ඉඳි , වරකා වලට අමතරව සමහර ගැරඬි වගේ පන තියෙන සත්තු දමලා මහා කැලෑවේ සඟවලා පෙරනවා. අන්තිමට එන අවුට්පුට් එක බලද්දී අපේ රටේ එක සැරයි මිලෙන් අඩුයි.

:       0       10

katukambiFriday, 21 June 2024 01:33 PM

නිෂ්පාදන කියාවලිය කසිප්පු පෙරීම මෙන් එකම වුනත් මෙහිදි ගෝඩා කටි කම්බි දමන්නේ නැලු

:       0       0

Lalla Thursday, 20 June 2024 09:07 PM

ඕස්ට්‍රේලියාවෙ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑ නෑ නෑ නේද? මයිනා ජනපති කාලේ එක්තරා ප්‍රසිද්ධ පොල් මෝලක් පොල්වතුරවලින් බ්‍රැන්ඩි හැදුව. නිශ්පාදනය සඳහා බලපත්‍ර ඉල්ලුව... ප්‍රතිඵලය...මතට තිත වැඩසටහන අනුව බලපත්‍ර දිය නොහැක.... දැන් ඒ ආයතනය පොල්වතුර කෑන්වල අසුරා අපනයනය කරනව. අගය ආදේශ කර බ්‍රැන්ඩි විදියට යවන්න පුලුවන් වුනානම් අපතේ යන පොල්වතුර හොඳම අමුද්‍රව්‍යයක් වී පොල්වගාවට තව අගයක් ලැබෙන්න තිබුන නේද? රාජපක්ෂ ක්‍රමය....

:       5       46

කසියා බොකුදිරාස් Friday, 21 June 2024 02:19 AM

මගේ ගම දන්කොටුව , අපිත් ජීවත්වන්නේ ඔය මහත්තයා කරන ව්‍යාපාර කරලා.නමුත් අපි ලංකාවේ මේ කර්මාන්තය කරන නිසා පිළිගැනීමක් නැහැ. මාසෙකට සැරයක් දෙකක් අල්ලාගෙන යනවා පොලිසියට.පොතේ නොලියා උසාවි නොදා එලියට එන්න එක වතාවකට ලක්ෂයක් එකහමාරක් දෙන්න ඕනා ජරාව. මාසෙක මගේ ලාභය 50 000 යි, පොලිසියේ ලාභය 150,000 යි. මගේ නිෂ්පාදනවලටත් මේ රටේ රහස් වට්ටෝරුවක් දානවා ..ඔක්කොම ජාති කියන්න බැහැ එකක් දෙකක් කියන්නම්. හොඳට මලකඩ කාපු කටු කම්බි අවශ්‍යමයි. කුනුවුණ ඇඹුල් කෙසෙල් ගෙඩි , කජු පුහුලම් , සක්කර. මැරුණ බල්ලෙක් .මේවා ඔක්කොම දාලා බඩු කැලෑවේ හංගනවා . සුවඳට කටුස්සෝ , ගෙම්බෝ එහෙම වාඩියට පනිනවා. ඒවාගෙන් තමයි ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලැබෙන්නේ. මටත් ඔස්ට්‍රේලියාවට පනින්න කවුරුහරි උදව්කරනවාද ?

:       0       0

Prase Friday, 21 June 2024 03:09 AM

ලංකාවේ ඕවා කලා නම් අද ඔය කොල්ලා හිරගෙදර සුරාබදු එකෙන් පොලිසියෙන් පැනලා ඔය බඩු එක්ක අවුරුදු 20හිරේ දාලා

:       0       7

බණ්ඩා පුත්‍ර Friday, 21 June 2024 05:14 AM

රසායන විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව වගේ මේ රටට ප්‍රයෝජනයක් නැති විෂය ඉගෙන ගන්නත් එපා උගන්වන්නත් එපා. අපරාදේ සල්ලි නේද?

:       3       5

SamanthaFriday, 21 June 2024 06:21 PM

අරගලය" යනු පක්‍ෂ දේශපාලනය එකහෙලාම බැහැර කල, බලය වැනි පටු අරමුණු, ජාතිවාදය, ප්‍රචන්ඩත්වය පිලිකුලෙන් බැහැර කොට, ප්‍රජාතන්ත්‍රවාදය, අවිහිංසාව, මානව දයාව, කරුණාව මත පදනම්ව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට යහපත් අනාගතයක් උද කන්ඩ ඕනේ වෙනකොට කබරගොයා තලගොයා කරගන්න අපේ අයියලා මාර දක්සයි. ඔව්, අපරාදේ තමයි. මොකද දුප්පත් අහිංසක මිනිස්සු උඹලා වගෙ එවුන්ට උගන්වන්න කඹුරන සල්ලි වලින් මාළුන්ට පාන් කන්න දැම්මා නම් ඊට වඩා වටිනවා. උඹලා කරේ ඒ සල්ලි වලින් ඉගෙනගෙන පිටරට ගිහින් සුද්ද්ණ්ට කඹුරලා ආත්මාර්ථකාමී ලෙස තම සුඛ විහරනය උදෙසා ඒ මිනිස්සු පාවා දීපු එක. ඒ නිසා ඒක හොඳ

:       1       0

Perera Friday, 21 June 2024 05:32 AM

අතිවිශිෂ්ටයි.. ඔය ගමන්ම අපේ කසිප්පඅ අපනයනය කරලා බලනින හොද ඉල්ලුමක් තියෙයි.

:       1       9

බණ්ඩාFriday, 21 June 2024 09:37 AM

කන්ඩ ඕනේ වෙනකොට කබරගොයා තලගොයා කරගන්න අපේ අයියලා මාර දක්සයි. එදා අර අම්මන්ඩි, කව්ද මේ ඩයනා ගමගේද මොකාද​, ගංජා රට යවන්න හදමු කිව්වම, රනිල් ගේ පටන් අම්මා මුත්තා මතක් කරලා බැන්න එවුන්, දැන් කසිප්පු රට පටවන්න කතා කරන කොට කොහෙන් ද බං අපි හිනා වෙන්න ඕනේ?

:       0       0

wimal Friday, 21 June 2024 04:33 PM

වාසනාව.. ටික කාලෙකින් ටිලියනපතියෙක් කියන පුවතක් අහන්න පුළුවන්

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 40 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 103 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 192 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 702 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 529 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 356 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site