IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අනුරාධපුර රාජධානිය වැටුණු හැටි

අනුරාධපුර රාජධානියේ පරිහානිය ගැන මහාවංශය වැනි වංශකතාවන්හි එන තොරතුරු නවීන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් ද තහවුරු වී ඇතැයි එංගලන්තයේ ඩරම් සරසවියේ මාහාචාර්ය රොබින් කනින්හැම් කියයි.

කාල නිර්ණය පිළිබඳ නව තාක්ෂණික විද්‍යා උපකරණ යොදා ගනිමින් අනුරාධපුර රාජධානියේ පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්හි කාලනිර්ණ ප්‍රතිඵල ද පෙන්වාදෙමින් අනුරාධපුර රාජධානිය සම්බන්ධයෙන් ඔහු කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.

අනුරාධපුරයෙන් සොයා ගත් පස් ඇතුළු ඉපැරණි සාම්පල කාල නිර්ණය සඳහා ලොව නවීනතම පර්යේෂණ ක්‍රම වලට ලක් කළ බවත්, ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 11 වැනි සියවසේ දී අනුරාධපුර රාජධානියේ පිරිහීම ඇරැඹුණු බවත් ඔහු කියයි. =

එදා අනුරාධපුරයේ වැව් හා ජල මාර්ග රොන් මඩින් පිරී වාරි මාර්ග පද්ධතිය බිඳ වැටී ඇතැයි ද ක්‍රිස්තු පූර්ව නව වැනි සියවසේ සිට ඉතා හොඳන් පැවැති කර්මාන්ත හා කෘෂි කාර්මාන්ත 11 වැනි සියවසේ දී බිඳ වැටී ඇති බව පෙනේයැයි ද ඔහු සඳහන් කරයි.

මහාචාර්ය කනින්හැම් ශ්‍රී ලංකාවේ නගර වාරි කර්මාන්තය හා බුද්ධාගම පිළිබඳ 25 වසරක් පුරා ගවේෂණයක් කර ඇත. සිදුහත් කුමාරයාගේ උපත සිදුවූ නේපාලයේ ලුම්බිණියේ කැණීම් කටයුතුවල ප්‍රධානත්වය දරන්නේ ද කනින්හැම් මහතා විසිනි.

ලුම්බිණියේ කැණීම්වල දී බෝධියක් සේ සැලකෙන ශාඛයක මුලක පොසිලයක් ද සොයා ගත්තේය.

ඔහු ශ්‍රී ලංකාවේ  අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් පනහක අර්ධ විශ්කම්භයක් ඇති පෙදෙසක් ගවේෂණයට ලක් කළේය.

භූ භෞතික හා භූ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් අනුරාධපුර ප්‍රත්‍යන්තයේ විහාරාරාම, ගල්කණු ශිලා ලේඛණ ඇතුළු ඉපැරණි ස්ථාන 800ක් පමණ ඔහුගේ පරීක්ෂණයට ලක්වී ඇත.

අද අනුරාධපුරයේ නාගරීකරණයේ අඩු ඝනත්වයේ හේතුවලට සාධක එදා පැවැති තත්ත්වයේ බලපෑම යැයි ද ඔහු කියයි.

අනුරාධපුර රාජධානියේ ප්‍රත්‍යන්තයේ එදා යකඩ කර්මාන්තය සුළුවෙන් පැවැති බව ද ඔහු කියයි.

අනුරාධපුර නුවර කේන්ද්‍රකරගනිමින් විහාරාරාම පැවැති බවත්, ඒ වටා ගම් දනව් බිහි වී තිබුණු බවත්, එය කම්පුචියාවේ අංකෝර් වට් විහාරාරාම ප්‍රදේශය මෙන් පවතින්නට ඇති බවත් ඔහු පවසයි.

කැලණි සරසවියේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ඔහුගේ පර්යේෂණ හවුල්කරු විය.

අනුරාධපුරයේ මුල්ම වැව තැනූ කාලය සොය ගැනීම සඳහා වෑකණ්ඩිවලින් ගත් පස් කාල නිර්ණ පර්යේෂණයට ලක් කළ බවත්, ක්‍රිස්තු පූර්ව තුන් වැනි හා හතරවැනි සියවස් වන විට අපේ ආදිමයන්ට වැව් තාක්ෂණයේ මූලික දැනුම තිබූ බවත් ඔහු පවසයි.

මහාචාර්ය කනින්හැම්ගේ පර්යේෂණ වාර්තා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා ආයතනය ප්‍රකාශයට පත් කර ඇත. එහි පිටපතක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද භාර දුන්නේය.



අදහස් (0)

අනුරාධපුර රාජධානිය වැටුණු හැටි

අජන්ත Tuesday, 27 May 2014 07:19 PM

අපේ අතීතය ගැන දැනගැනීමට ලැබීම වාසනාවක් (නි)

:       0       3

පිටිගල Tuesday, 27 May 2014 07:36 PM

ඒ කියන්නේ මේ සියල්ල පුජාභූමිද? (නි)

:       0       1

සුමංගල - ඇල්පිටිය Tuesday, 27 May 2014 07:49 PM

අපට ඇත්තේ පිරිසිදු ඉතිහාසයකි (නි)

:       0       0

සංදීපා Tuesday, 27 May 2014 08:22 PM

මේ වගේ සොයාගැනීම් දිගින් දිගටම කරන්න හැකිවේවා! (නි)

:       1       0

සුජිත් Tuesday, 27 May 2014 08:28 PM

මේ වගේම වර්තමාන රටේ පිරිහීමටත් හේතු හොයලා නිවැරදි කරන්න පුලුවන් නම් හොඳයි (නි)

:       6       2

ගිහාන් Tuesday, 27 May 2014 08:34 PM

රාජධානියකුත් බිඳවැටුණා කියන්නේ ඉතින්, සාමාන්‍ය අපේ ජීවිත ගැන මොන කතාද? (නි)

:       0       1

මිනිපෙ Tuesday, 27 May 2014 08:51 PM

මම හිතන හැටියට, මේ රජදහනි අපි හිතනවට වැඩිය පුරාණයි.වෙහෙර විහාර,හා මාලිගා පමනයි.සාමාන්‍ය නිවෙස් තවම සොයාගෙන නැත්තේ ඇයි.වැව, දාගැබ හදන්න පාවිචි කල උපකරණ කට්ටල, සොයාගෙන නැත.කුතුහලෙන් මනසට නැගෙන ප්‍රශ්න. (අ)

:       0       1

වසන්ත Tuesday, 27 May 2014 09:02 PM

ගිහාන්ගේ කතාව හරි. මමත් එයට එකඟයි. (ස)

:       4       6

සදුනි Tuesday, 27 May 2014 09:07 PM

ඔව් පිටිගල..ඔයා අහලා නැද්ද සමහර රජවරු මුළු රටම බුදු සසුනට පිදු බව?? (ස)

:       0       0

විධුෂක Tuesday, 27 May 2014 10:58 PM

මේ මහාචාර්ය තුමා සේවය කරන එංගලන්තයේ විශ්ව විද්‍යාලයේ නම උච්චාරණය කරනුයේ ඩරම් ලෙසය. අද සවස කැලණිය සරසවියේ බෞධාලෝක මාවතේ පිහිටි පශ්චාත් උපාධි ආයතනයේදී කොනින්හැම් මහතා විසින් අනුරාධපුර රාජධානිය සහ එහි වටාපිටාව පිලිබදව කරන්නට යෙදුන පුරාවිද්‍යා ගවේෂණය ආශ්‍රයෙන් ඉතා වටිනා සාරගර්භ දේශනයක් පරිගණකයද උපයෝගී කරගනිමින් පත්වන්නට යෙදුනි.සැබවින්ම මෙය විරල අවස්ථාවකි. හෙට සවස 3.00 ට ඉන්දියාවේ මෑතකදී කළ කැනීම් ආශ්‍රයෙන් ද එතුමාගේ දේශනයක් එහිදීම පැවැත්වෙන බව සැලයි. උනන්දුවක් දක්වන්නේනම් කරුණාකර එය තහවුරු කරගන්න. (ස)

:       0       1

සරත් Tuesday, 27 May 2014 11:40 PM

වසර 3000 දී ලංකාදීප වාර්තා කරයි. 21 වෙනි සියවස මුලදී කොළඹ රාජධානිය කඩාවැටීමට හේතු වූ කරුණු සහ හම්බන්තොට රාජධානිය පිහිටුවීමට හේතු වූ කරණු. 1. අධික කාර්මීකරණය (පස නිසරු වීම සහ බීමට ඇති ජලය පවා නුසුදුසු වීම.) 2. සමාජ සංහිදියාව කඩා වැටීම. (කොළඹ හා ඒ අවට ගණිකමඩම් පිහිටුවීම, කැසිනෝ පැමිණීම, පාතාලය රජ කිරීම, කුඩු ගංජා ඉතා සුලබව තිබීම,) 3. හම්බන්තොට රාජධානිය, රාජ්‍ය නායකත්වය බිහිවීම

:       0       0

විද්‍යා Wednesday, 28 May 2014 02:42 AM

යක්ෂ, නාග කට්ටිය ඉන්න රටනේ මේක.දැන් කරන දේවල් පේනවනේ.... (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 28 May 2014 10:54 AM

කොළඹ යනු රාජධානියක් නොවේ. කසල ගොඩක් පමණි. (නදී)

:       0       0

එමිල් සිල්වා Tuesday, 27 May 2014 06:32 PM

අතීතය පස් කඳු වලින් වසාලිය නොහැකියි කියන්නේ මෙන්න මේ නිසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 753 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1678 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1619 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 403 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 661 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 485 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24316 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site