(බී.ජී. චතුරංග)
අනුරාධපුර පූජා නගරයේ සිටි කොවිඩ් 19 රෝගය වැළදුණු යාචකයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට නොදැනුවත්ව ඇතුලත් කිරීම හේතුවෙන් රෝහලේ අංක 17 වාට්ටුව අද (8) තාවකාලිකව වසා දැමූ බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.
මෙම යාචක රෝගියා හදිසියේ අසනීප තත්වයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන අතර, එහිදි කළ පී.සී.ආර් පරීක්ෂාවේදි ඔහු කොවිඩ් 19 රෝගය ආසාධිත බවට තහවුරුවී තිබුණි.
ඔහු පසුගිය දින 20 ක පමණ කාලයක් අනුරාධපුර පැරණි පූජා නගරයේ සැරිසරා තිබෙනා බවත් පූජා නගරයේ ගැවසුනු පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වීම ඉතා යෝග්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශ පවසයි.
මේ අතර ඊයේ(07) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 19ට කොවිඩ් සුව වී ස්වයං නිරෝධායනය වූ, අනුරාධපුර මහමාංකඩවල පදිංචි පුද්ගලයෙකු හදවත් රෝගී තත්වයක් නිසා ඇතුලත් වී ඇති අතර, ඔහුටත් කොවිඩ් 19 වෛරස තත්වය නැවත පෙන්නුම් කරන බව පී.සී.ආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
පසුව එම රෝගියා මෙත්සිරි සෙවන කොවිඩ්-19 රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් සිදු කල විමසීමේදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසුවේ මෙත්සිරි සෙවන රෝහලේ ඇදන් ප්‍රමාණය වැඩිකර රෝගීන් ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවයි.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුරාධපුර රෝහලේ 17 වාට්ටුව වහයි