IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අනුර කුමාරට පොහොට්ටුවෙන් දෝස්මුරයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා  පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඔහුගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කිරීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් අද (18)  පස්වරුවේ ඇතිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු " මිනී මරුවා මිනීමරුවා. ඔයා තමයි ඔක්කොම කළේ" යනුවෙන් කෑගසනු  දැකගත හැකිවිය .

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා  ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ආකාරයේ    තර්ජනවලට බියවන පක්ෂයක් නොවන බව ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සම්බන්ධ නම් ඒ සම්බන්ධයෙන් පවත්වන  ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට  සූදානම් බවද අනුර දිසානායක මහතා පැවසූවේය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හාරසිය පනස් දෙනා ගෙන් එකසිය පනස් දෙනකුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව පොලිස්පතිවරයා දන්වා ඇති බවයි.

මෙහිදී ඊට ප්‍රතිචාර දැක්වූ අනුර දිසානායක මහතා එසේනම් ඒ අයට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබාදී ඇත්තේ පොලිස්පතිවරයා විය හැකි යැයි ප්‍රකාශ කළේය.

තමාගේ නිවෙසද 1988දී  ගිනිගෙන විනාශවූ  බව ඔහු සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසුවේ  තමාගේ නිවෙසට  ගිනි තැබීමට  පැමිණි පිරිසේ  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකුද සිටි බවයි.

මේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරු අනුර කුමාර දිසානායක මහතාට විවිධ චෝදනා කරමින් කෑ ගසන්නට වූහ.

සියලු ප්‍රශ්න ඇතිවුණේ  තමන්ගෙ පාඩුවෙ අරගල කරපු පිරිසට මැරියන් යොදා  පහරදීම නිසා යැයිද එම සිද්ධියෙන් ජනතාව කුපිත වූවේ යැයිද අනුර කුමාර දිසානායක මහතා  වැඩිදුරටත් පැවසීය.



අදහස් (33)

අනුර කුමාරට පොහොට්ටුවෙන් දෝස්මුරයක්

යෝගා Wednesday, 18 May 2022 04:05 PM

ඉබ්බන්ගෙන් පිහාටු ගත්තත් අනුරගේ කටින් කවදාවත් ඇත්ත කියවෙන්නේ නම් නෑ...

:       1873       194

කිරි පුතා Wednesday, 18 May 2022 04:14 PM

1971 කැරැල්ල , 1989 කරැල්ල මෙදාපාර 2022 ආවේ නිර්පාක්ෂික නමින්. ජ.වි.පෙ. කවදාවත් හැදෙන්නෙ නෑ. රටට වැඩක් කරන්නෙත්.නෑ. නිකම් පව් පුරවගන්නව විතරයි.

:       1843       157

සුජිත් පල්ලේවත්ත Wednesday, 18 May 2022 08:20 PM

හෙල්මට් දාගෙන, ඩබල්කැබ්වල යන අය ඉන්න පක්ෂයකින් ගිනි මිස වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද...?

:       64       198

ThushanWednesday, 18 May 2022 08:43 PM

හෙල්මට් දාන්නේ නැති..., හොඳ වාහනවල යන මහත්තුරු මේ රටට කළ හරිය මදැයි...

:       134       69

Nandasena Thursday, 19 May 2022 05:34 AM

දැන් උඹලගේ හාමුලා,අප්පච්ච්ලා,දියසෙන්ලා,වෙන්ඩ පුටීන්ලා තමයි හොඳටම කරලා තියෙන්නේ.යකෝ තවත් වහල්ලු වගේ හිතන්න එපා.හැම වැරැද්දක්ම ජවිපෙ ගිනුමට දාලා අත පිහිදාගන්න බැහැ.ඒ ටික දෙනා නොහිටින්න මුන් කරන වංචා,දූෂණ ටික උඹලා දැනගන්නෙ නැහැ.දන්නවා ඊලග පාර ජවිපෙට බලය ගියාම අත්වෙන ඉරණම.ඒ බයට තමයි ඔය සෙට් එකම තප්පුලන්නෙ.උඹලා වගේ සුලු මී හරක් ටිකක් ඇරෙන්න බහුතරයක් ජවිපෙ එක්ක

:       4       8

kule Wednesday, 18 May 2022 04:15 PM

විප්ලවය ජයගත හැක්කේ නිර්ධන පන්තියේ නැගිටීමට රුකුල් දීමෙන්

:       57       1707

darma Wednesday, 18 May 2022 04:38 PM

කොහොමත් ජවිපෙ පෙරටුගාමී සෙට් එකට තියෙන්නේ මාර ආසාවක් අනුන්ගේ දේවල් පිච්චෙනවා බලන්න. 89 ctb එකේ වර්ජනේ වෙලාවේ බස් දිව්වා කියල අපේ මාමෙකුත් මරල බස් එකත් ගිනිතිබ්බ.

:       1983       102

සුමල්Wednesday, 18 May 2022 10:00 PM

අපේ බදු මුදල් වලින් ඉගෙනගන්න ආපු ළමයි අට්ටාල වල නංවල ඉගෙනුම කාල දානව.ඔය පප්පො සෙට් එක තමයි 89 අපේ ඉගෙනුමටත් කෙලෙව්වේ . අවුරුදු 5, 6 කැම්පස් වල රිපීට් වෙවී පොලිටික් කරල එනව මෙතන අපේ ළමයින්ටත් කෙලවන්න.

:       2       4

Lelwala Wednesday, 18 May 2022 04:52 PM

කොල්ලකෑම් සහ ගිනි තැබීම් වගේ දේවල් වලට නම් ඔවුන්ට අත්දැකීම් තියෙනවා...

:       2000       57

චමින්ද Wednesday, 18 May 2022 04:53 PM

2024 ජනාධිපති වෙන්නේ කවුද කියලා අම්බලන්ගොඩ පැත්තේ කෙනෙක් කාලෙක සිටම කියනවා..

:       13       42

fairoos Wednesday, 18 May 2022 04:54 PM

ජවිපෙ එකේ ඡන්ද ටික කඩන්න කියන කතා... රනිල්ගේ ඩීල් එකේ කොටසක්...

:       62       1895

චන්දන Wednesday, 18 May 2022 04:56 PM

ජවිපෙ ඉතිහාසය මිනීමරු එකක් බව නම් ඇත්ත... 88-89 කාලේ ජවිපෙ මිනිස්සු මරපු හැටි අදටත් අපිට මතකයි... එදා ජවිපෙ ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ පවුලේ අය මැරුවාට පස්සේ ආරක්ෂක හමුදා දිගට හරහට ජවිපෙට ගෑවිලා හිටි අය පවා පන්න පන්නා මරන්න ගත්තා. අනුරට ඒවා මතක නැති වෙන්න බැහැ...

:       1800       43

චන්දන Wednesday, 18 May 2022 08:37 PM

ඊයෙ පෙරේදා ඉපදුණු අය මේ පෝස්ට් එක බලපු බව පේනවා . 1971, ඊට පස්සේ 1988 දැන් 2022... කාල පරතරය අනුව හරිනේ...!

:       15       38

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 06:45 PM

මේ අනුරට අවලාද නගන්නේ ගිනිතිබ්බට නොවෙයි... සත්‍යය හෙලි කරනවාට... මෙයාලාට ලොකුම ඇනේ ජවිපෙ, මෙයාලා දන්නවා ජවිපෙ මේකට සම්බන්ධ නැති බව... ජවිපෙ නොහිටින්න මේ අය නතරවන තැන හිතාගන්නවත් බැහැ..

:       88       65

sampath Wednesday, 18 May 2022 06:59 PM

මේවා කවුරු කළත් ඉතාමත් පිළිකුලෙන් හෙළා දැකිය යුතුයි... සහ නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට සියලු දෙනා කැපවිය යුතුයි. මේ වගේ වචන හරඹවලින් වැඩක් නැහැ. මේවා සඟවන්නත් බෑ.

:       2       77

Sameera Wednesday, 18 May 2022 07:13 PM

නිර්පාර්ෂික අරගලය මෙහෙයවලා තියෙන්නේ අන්තරේද? කරුණාකරලා අරාබි වසන්ත ව්‍යාපෘති ගෙනැල්ලා රට තවත් පටු පරමාර්ථ කරා මෙහෙයවන්න එපා! JVP 1994 සිට පාර්ලිමේන්තුව නියොජනය කරනවා! හැම දෙයටම විරුද්ධව පාරට විශ්ව විද්‍යාල සිසුන් ගෙනැල්ලා රටේ අනාගතය පාරට දියකරනවා ! JVP අඩුම තරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවත් වැඩපිළිවෙළක් නැහැ! අනුර වැනි ජනතාව දැනුවත් කිරිමට කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැති යාවත්කාලීන නොවූ නායකත්වයකට රටක් දියුණු කළ නොහැකියි සහෝදරයා...! කරුණාකරලා යූ ටියුබ් වීඩියෝ බලන්න. තාක්ෂණය රටක සංවර්ධනයට කොතරම් වැදගත්කමක් තියෙනවද කියලා..? JVP යනු වැඩබැරි කටින් දේශපාලන පක්ෂයක්!

:       41       88

යාපාWednesday, 18 May 2022 09:06 PM

100%ක් නිවැරදියි.නමුත් අනුන්ට වහල්ලු කියන මොල හෝදපු 3% වහල්ලුන්ට ඕක තේරෙන්නේ නෑ.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 10:23 PM

දැන් කටින් නෙවෙයි හරියට වැඩ කරන ඔයා චන්දෙ පාවිච්චි කල පක්ෂය හරියට වැඩ කරල තියෙන නිසා තමයි අපි දවසෙ වැඩි හරියක් පෝලිම් වල ඉන්නෙ. ඒක නිසා දැන්වත් ඔය ජවිපෙට කරන අවලාද නතර කරන්න .

:       4       6

විපුල Wednesday, 18 May 2022 08:32 PM

කමෙන්ට් ටික කියවපුවාම හිතෙන්නේ, මේ රට කවදාවත් ගොඩ ගන්න බැරි වෙයි කියලා. වීඩියෝ සාකෂිත් එක්කම ගහපු අය එළිකරද්දීත් ඔවුන් වීරයින් කරන මිනිස්සු ඉන්න රටක්. තාක්ෂණය මෙච්චර දියුණු කාලෙත් මෙහෙම චෝදනා එල්ල වෙන කාලේ, 88/89 වුනේ මොකක්ද කියන එක දැන් මිනිස්සු දන්නවා. අපි දන්නවානේ ඒ කාලේ වර්ජනවලට මොකද වුනේ කියලා...?

:       49       52

BamunuarachchiThursday, 19 May 2022 08:43 AM

ඒගොල්ලනේගේ කතා මොනවද. ඔහේගේ කතාවත් මේලෝකේ මිනිහෙකුට තේරෙන්නේ නැහැ .කියන දෙයක් කෙලින් කියනවකො.

:       4       3

mahee Wednesday, 18 May 2022 08:35 PM

ඔය චූටි ජෙප්පන් හිතාගෙන ඉන්නේ අනුරත් පොරක් කියලා. පුළුවන් ලයික් දාන්න විතරයි. එයාලා තමයි මේ ගිනි පත්තුකරලා මංකොල්ල කෑවේ 71, 88/89... ඕවා තමයි කළේ...

:       56       126

BamunuarachchiThursday, 19 May 2022 08:47 AM

හරියට හරි මලයා කටට රත්තරන් පවුන් දාන්න ඕනේ. එදා මේ අනුර ගොයියා ගෝල්ෆේස් එකේ ඇවිද්දේ මේක අපේ රාජ්‍ය කියලා හිතාගෙන?

:       5       4

VipulaThursday, 19 May 2022 05:32 PM

මගේ කමෙන්ට් එක මොලේ තියන අය තේරුම් ගත්තාම හොඳටම ඇති. මොලේ නැතිඅය තේරුම් ගන්නෙත් නැහැ... තේරුම් කරන්නත් බෑ...!

:       1       0

asad Wednesday, 18 May 2022 09:15 PM

මෙම ලිපියේ ඇති කොමෙන්ටු වලට ලයික් වැටෙන්නේ මෙහි ඇඩ්මින් ගේ කැමැත්ත අනුවයි එයා ජ.වී.පෙ.ට ආදරය කරන කෙනෙක් බව පේනවා 18.05.2022 හවස 4.00 සිට මේ වෙනකොට ලයික් 1800 විළි ලැජ්ජාවේ සන්තෝසේ බෑ

:       0       0

යාපා Wednesday, 18 May 2022 09:16 PM

අම්මෝ 3% වහලෙක් නොකා නොබී dislike කරනවා

:       0       0

එස්. එදිඑිවෘර Wednesday, 18 May 2022 09:45 PM

අනුවන කුමාරට ඔය වගේ වැඩ හොඳට පුරුදුයි අර හාල් කාන්ත කියන්නෙ ඔව් අපි අපේ විරුද්ද මත දාරීන් මැරුව තමයි. කියල ගානක් නැතිව කියන්න පුලුවන් අපරාද කාරයො සෙට් එකක්නෙ.

:       0       0

Malape Wednesday, 18 May 2022 09:59 PM

ජෙප්පොන්ටයි උංගෙ ඇඟේ ඉන්න මැක්කොන්ටයි අනුව උං තමා සුපර් පොලිටීෂියන්ස්ල ලෝකෙ. ඇමරිකන් එම්බසියෙන් කතාකලාම හිතන්නේ ලංකාවේ නෙවෙයි ඇමරිකාවෙ ජනාධිපති කමට අනුරට කතාකරන්න ආව කියල. " අනේ ඉතිං මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න "

:       1       3

Prabha Wednesday, 18 May 2022 10:58 PM

Jvp කරපු හොර මැර කම් මේ පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට කියනවා.ඉතින් සාක්කි ඇත්නම් නඩු දාන්නකෝ

:       2       5

සුජීව Thursday, 19 May 2022 07:40 AM

දැන් එතකොට ජනාධිපතිකම අගමැතිකම පාවිච්චිකරලා මේ රටේ මහජන මුදල් කොල්ල කෑවෙ JVP එකද? ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා මාධ්‍ය ආයතන පිච්කුවේ JVP ද? තාජුඩීන්ව ලසන්තව ඝාතනය කලේ JVP ද? මේ රටේ ආන්ඩු වගේම ජනතාවත් තක්කඩි. ඇත්ත තේරුම් ගන්න බෑ. තමන් වෙනුවෙන් අවකව කැපවෙන එකාව දන්ගෙඩියට යවන්න පුදුම දුශ්ඨ ආසාවක් තියෙන්නේ. එහෙමෙ මිනිස්සුන්ට කවදාවත් මීට වඩා හොද රටක හැදෙන්නේ නෑ.

:       4       7

Nadee Thursday, 19 May 2022 08:09 AM

(Said By Ramesh Pathirana) එතකොට ඩී.අයි.ජී. තෙන්නකෝන් කිව්වා ‘සර් 12.40ට පොලිස්පතිතුමා මට කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා. මේක නවත්වන්නව එපා කියලා පොලිස්පතිතු තුමා කිව්වා’ කියලා. ජනාධිපතිතුමා කිව්වා ‘තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා’ කියලා ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නවත්වන්න ජනපතිතුමා මැදිහත්වුණේ. ඊට පස්සේ තමයි මේක මේ විදිහටවත් නැවතුණේ. අනුර කුමාර දිසානායක මහතා කරපු කථාව ඇත්ත මේ ප්‍රහාරය නවත්වන එපා කියලා නියෝග කළේ පොලිස්පතිත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන එකත් තමයි සත්‍ය කාරණය.

:       0       7

හිරාන් Thursday, 19 May 2022 10:51 AM

ඔය ජෙප්පොන්ගෙ කටේ හැමදාම තියෙන්නෙ තාජුඩීන් ලසන්ත එක්නැලිගොඩ තමා. උන්ට මතක නෑ දවස් 10 කට කලින් අතුකෝරල මංත්‍රීව කපල මැරුව උං

:       5       3

විපුලThursday, 19 May 2022 05:42 PM

අතුකෝරාලතුමා මියයන්න විනාඩි කිහිපයකට පෙර කීපදෙනෙක්ට වෙඩිතියලා පිස්ටල් එකත් අතේ තියන් දුවනවා දැක්කේ නැතෙයි.. ඒ වෙඩි තැබීමෙන් කොල්ලෙක් මැරුණා කියලා දන්නේ නැතෙයි.

:       1       0

BamunuarachchiThursday, 19 May 2022 07:59 PM

ජෙප්පන් කියන්නේ මුළුරටම කාබාසිනියා කරපු නරුමයින් ටිකක්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1817 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1376 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 798 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 973 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 4321 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 444 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27300 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19329 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1877 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site