(යොහාන් භාසුර)
ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.
ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව ඒ මහතාගේ මෙම සංචාරය සංවිධානය කරයි.
අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී අද පස්වරුවේ ජන හමුවකට සහභාගී වීමට නියමිතය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
කරුණානාන්ද Saturday, 27 April 2024 02:01 PM
අනුරට පිටරට සංචාර රහවැටිලා වගේ. දැන් ඡන්දේ දෙන්නේ ඔහේ ඉන්න මිනිස්සුද මේ ලංකාවේ ඉන්න අපිද? ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙමෙයිද...? හොයලා බලලා සාකච්ඡා කරන්න ඕනේ... ඒවාට විසඳුම් නෙමෙයිද? පෙන්නලා දෙන්න ඕනේ මේ කොහේද රිංගන්නේ..? ආස හිතිලා වගේ මේවගේ දේවල් වලට. ඇමැතිවරු ඔහොම යනවා කියන්නේ ඉතිං අහන්න දෙයක්ද? මෙයාට බලයක් ආවොත් පිටරට ඉන්න මෙයාගේ යාළුවෝ සෙට් එක තමයි රට පාලනය කරන්නේ. මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්නේ නෑ. ඕං කීවා..
ඇන්ටන් Saturday, 27 April 2024 05:10 PM
පිටරටවල සිටින අයගේ පවුලේ අය නෑ හිතමිතුරෝ ඉන්නේ ලංකාවෙනේ..! අනික පිටරට ඉන්න අයත් ඡන්දෙට ලංකාවට එනවානේ...!
EdwinSaturday, 27 April 2024 08:01 PM
පිටරට අපේ අත්දැකීම් ග්‍රහනය කරගන්න හාල් බෙදලා වැසිකිලි පෝච්චි බෙදන දේශපාලනය කරන ඕගොල්ලන්ගේ නායකයින්ට බෑ නේද?
චතුරිSunday, 28 April 2024 03:31 AM
ඔයාගෙ කතාව දැනුම හරියට නාමල් බේබි වගෙ. තමන්ගෙ පක්ශේ සංවිධායකවරුන්ගෙන් කැදැවිමක් ආවාම කොහොමත් යන්න ඕන. අනුර කුමාට ළඟ දෙක පාස් කරපු කට්ටිය නැහැ. ඒකයි හොද. ඇත්තටම තමන්ගෙ රටට තම ජාතියට කැක්කුම තියෙන පක්ශයක්. බලන්නකො අහලා ගැහැනු පිරිමි දෙගොල්ලොම. කතා කරන ලස්සන ආආ දැන්සැපද කියලා අහන්නෙ නැහැ මොලේ මැරුන නාකි මයිනා වගේ . හොරා කාලා කාලා කාලා ටකරන් මඩුවට නැගලා අසරන මිනිසුන්ගෙන් අහන්නෙ අල ලූනු ලාභද කියලා. උන් කෑවා මිනිස්සු ලෙව කෑවා
හරින්ද්‍ර Monday, 29 April 2024 12:21 AM
කව්රුත් දන්නවා ජෙප්පෝ හොඳ කතාකරයෝ කියලා. වැඩක්නම් බෑ.
අරවින්ද මොනරවිල Saturday, 27 April 2024 02:49 PM
රනිල් බැසිල් සජිත් කල්ලිය සහ එහි වහලුන් කළබලයට, භීතියට හා සන්ත්‍රාසයට පත්වෙලා අනුර ඇතුළු ජාතික ජනබලවේගයේ සාර්ථකත්වයට, දැන් රටට විතරක් නොවෙයි, ලෝකයටම පැහැදිලියි සුළං හමන දිශාව...!
කට ඇද කරලSaturday, 27 April 2024 09:33 PM
ලෝකය කියන්නෙ රටේ ඉන්න බැරුව පිටරට පදිංචිවෙලා ලංකාවෙ දියුණුවක් දකින්න අකමැති මිනිස්සුන්ටද මොණර.අනෙක බලේ තියන මිනිස්සු හොරකං කරල රට සවාරි ගහනව කියල කට ඇද කරල දිව උල්කරල කියන මෙයාට බලයක් නැතුව රට සවාරි ගහන්න සල්ලි උනනවද.
කුමාර Saturday, 27 April 2024 03:36 PM
ජවිපෙ වගේ පක්ෂයක් ශිෂ්‍ය දේශපාලනය තුළ එකතු කරන රුපියල දෙක හෝ සහාය විස්ස කැට සල්ලිවල විගණනයක් හෝ විනිවිද යොදාගැනීමක් අප දැක නැහැ. එමෙන්ම ජාජබ විධියටවත් මේ එන යන මුදල් කොපමණද? විශේෂයෙන් මෙවැනි දේශපාලන සංචාර වලදී පාක්ෂිකයෝ ඩොලර් 500,1000 දෙනවා. නමුත් ඒවා කොපමණද? වියදමි වුනේ කුමකටද? යන්න පාක්ෂිකයින්ට දැන ගැනීමට සැලැස්වීම අනාගත මූල්‍ය යහපාලනක් ඇති කිරීමට උත්සාහ කරන ව්‍යාපාරයක වගකීම යැයි මම යෝජනා කරමි...
Prabha Saturday, 27 April 2024 07:52 PM
බස් බෙදන හාල් බෙදන ඒවගේ විගණනයක් කරන්න හිතුනෙම නැද්ද
Kumara Saturday, 27 April 2024 04:12 PM
බලය නැති කොට මෙහෙම නම්, බලය ඇතිවිට කෙසේ වේවිද?
shantha Saturday, 27 April 2024 04:29 PM
ජාතික ජනබලවේගයට ජයවේවා !!!
රුවනි Saturday, 27 April 2024 05:53 PM
විදේශගත ලාන්කික අයට ඔන්ලයින් ක්‍රමයට එක් වරක් භාවිතා කළහැකි අංකයක් යොදගෙන ඡන්දය භාවිතා කරන්න ක්‍රමයක් හදන්න පුළුවන් නේද? මොරටුව කැම්පස් එකට බාරදෙන්න...! මැතිවරණ දෙපාර්තමේන්තුවට පුළුවන් නේද? මෙපමණ දියුණු ලොකේ මේක හදන්න බැරිද?
Kapila Saturday, 27 April 2024 06:08 PM
ගෝඨාභය රට නොගිහින් ලොකු සහායක් විදේශිකයින්ගෙන් ලබාගත්තා. අනුර බොහෝ රටවලට ගිහින් කැම්පේන් එක හොඳින් කරනවා. සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත...
sachith Saturday, 27 April 2024 07:34 PM
ගොඩක් අයට මූල්‍ය විනිවිදභාවය ගැන මාර කැක්කුමක් ඇවිත්නේ .ඕකම අපේ රට ණයට ගත්ත ට්‍රිලියන ගානට වෙච්ච දේවල් හොයන්නත් හිතුනානම් මේ රට මීට වැඩිය හොඳ තැනක තියනවා
Rohana Saturday, 27 April 2024 07:34 PM
අනුර පිටරට ගිහින් කරන්නේ මොනවද කියල ජනතාවට දැනෙන්න සලස්වන්න. සත්‍යවශයෙන්ම පිටරැටියන් අතර ජවිපෙ දේශපාලන කටයුතු ප්‍රචාරය නම් එය හොද වැඩ පිලිවෙලක්. කෙස්වෙතත් බලය ගැනීමට පෙර කියන ප්‍රතිපත්ති වැඩපිලිවෙලවල් ගැන ඇගයීමක්කල හැක්කේ බලය ලබාගත් පසු කටයුතුකරන ආකාරය අනුවයි. හේතුව හැමෝටම ජනතාව ආකර්ශනයවන පොරොන්දු දෙන්න පුළුවන්. නමුත් ඒ පොරොන්දු ප්‍රතිපත්ති ක්‍රියාත්මකවන ආකාරය රටට ජනතාවට යහපත්වන්නේ පොරොන්දු ප්‍රතිපත්ති ක්‍රියාත්මකවන ආකාරය අනුවයි. පසුගිය වසර 76 තුලම සිදුවූයේ දේශපාලකයන් විසින් ජනතාව අතරමංකර රට ප්‍රපාතයට ඇදගෙන යාමයි. ඒ නිසා මාලිමාවටත් බලය ලබාදී ඔවුන්ගේ ක්‍රියාපිලිවෙත් ජනතා හිතවාදී දැයි උරගා බලමු.හැබැයි එසේ නොවුනොත් කුමක්වේදැයි සිතිය නොහැක.
නිකදළුපොත බණ්ඩාර Sunday, 28 April 2024 04:05 PM
ගෝඨාභයට මිනිස්සු තිබුණු විස්වාසය අනුරට කොහොමත් නැහැනේ. අනුරට වැඩිය ටිකක් හරි දේශපාලනය ගැන හා ඒ පරිසරයේ ස්පර්ශය තිබුණා. අනික පැවරුණු වගකීමක් හරියට කරලා පෙන්නපු මනුස්සයෙක්. දැක්කනේ ගෝඨාභය කරපු දේ. හත්පොලේ ගාගත්තා. ගෝඨාභයට එහා වෙනවා අනුර ආවොත් ස්ථිරයි. අත්හදා බැලීම් කරකර ඉන්න කාලයක් නෙමෙයි මේ... රටේ තියෙන කිසිම ප්‍රශ්නයකට මේ අය ළඟ පැහැදිලිව පිළිතුරු කෝ...? ගැලරිය පින්වල වැඩක් නෑ. රටේ සංවර්ධනයට කිසිම සැලැස්මක් නෑනේ ඇත්ත ඒකනේ... මොනවා හරි කියවලා වැඩක් නෑ...
SUNIL MILANO Saturday, 27 April 2024 07:57 PM
ලපය මේ යන්නෙ කැම්පේන් එකකට කෙසේවෙතත්. සල්ලිටිකක් යටිමඩි ගහගෙන එන්න කියල මුලු ලෝකෙම දන්නව
VINU SWEDEN Saturday, 27 April 2024 08:01 PM
උනුසුම කෙසේ වෙතත්. සූ ගාල 100ක් විතර හිටිය
රනිල් Saturday, 27 April 2024 08:20 PM
රට ඉන්න ඇත්තො දන්නැතිව ඇති ට්‍රාන්ස්පෝපෝමර් පුපුරවපුව, බස් ගිනිතියල, මිනීමරපු ඒව. බොරුවට වර්ජන කරල රට මේ තත්ත්වයට ගෙනෙන්න ජවිපෙ කරපු දායකත්වය ටිකක් හොයල බැලුවොත් වටිනව මේ අයට අරමුදල් චන්ද දෙන්න කලින්.
Dharme Saturday, 27 April 2024 10:42 PM
සූ ගාලා සෙනග 20ක් විතර .බොහොම උණුසුම් පිලිගැනීමක්
Vithana Sunday, 28 April 2024 07:58 AM
මේ වගේ විගඩම් නටන්නේ ජේවිපී කාරයෝම තමයි...!
සමන් ප්‍රියන්ත Sunday, 28 April 2024 08:22 AM
අනුරලාට ටිකක්හරි මිනිස්සුන්ගේ කැමැත්තක් තිබුනේ වෙන කව්රුත් ගැන විශ්වාසයක් නැති නිසයි. ඒ ඔක්කෝම හොරු නිසා. දැන් අනුර මේ කරන කිසිම තේරුමක් නැති විදේශ ගමන් නිසා ඒකත් ටික ටික අඩුවෙලා යනවා. අනුරත් ඉතිං මේ ගමන් වලට සංචාරය කරන්න කැමැති ඇති. නිකන්නේ ඉතිං. ලැබුණු අවස්ථාව පැහැර හරින්න හොඳ නැහැනේ. අනිත් සහෝදරයෝ බලාගෙන ඇති මේ මොනවද මේ මනුස්සයා කරන්නේ කියලා... මෙයාලාට බලයක් තිබුනොත් කොහොම හිටීද කියලා බුද්ධිමත් ජනතාවට හිතාගන්න පුළුවන්. මෙයාලට මේවා අලුත් අද්දැකීම්. බැරිවෙලාවත් දින්නොත් ඒ අද්දැකීම් විඳලා ඉවරවෙනකොට අවුරුදු පහ ඉවරයි. රටට කරපු දෙයක් නෑ. දැන් ඔහොමනම් බලයක් තිබුණොත් කොහොම කරයිද...? ජෝප්පොත් මනුස්සයොනේ...!!!
anura Sunday, 28 April 2024 09:19 AM
17 ක් 20 ක් පමණ අති ඉතා විශාල සෙනඟක් ඔහු වට කරගෙන සිටින බව ඔව් දැන් අපට පේනවා... තව සුළු මොහොතකින් ස්වීඩන් ජනතාව ඇමැතීමට ඔහු සූදානමින් සිටින බව...
Jim kuru Sunday, 28 April 2024 09:57 AM
කලබල වෙන්න එපා කාලය ආවහම ප්‍රශ්නය විසඳේවි...!
ජගත් ලියනගේ Sunday, 28 April 2024 11:20 AM
අනුර කුමාර මෙදා පාර අනිවාර්යයෙන් දිනනවා. ලංකාවට ජයවේවා , අපිට හොඳ කලක් ලැබෙනවා.
Nishan Sunday, 28 April 2024 11:28 AM
ලෝකේ වටේ ඇවිද ඇවිද තමන්ගේ මවුබිම විවේචනය කර කර ඩොලර් හිඟාකන එකම පක්ෂය.
ෆස්රුල් ගෆූර් - කටාර්Sunday, 28 April 2024 01:55 PM
නිකරුණේ චෝදනා කිරීමට හැමෝටම පුළුවන්, හැකිනම් ඔප්පු කරන්න ලෝකේ වටේ ඇවිද ඇවිද තමන්ගේ මවුබිම විවේචනය කර කර ඩොලර් හිඟාකාපු අවස්ථාවක්.
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 28 April 2024 11:43 AM
බොහෝදෙනා ජාතික ජන බලවේගයට විරුද්ධ වන්නේ ඔවුන්ගේ වහල් දේශපාලනයෙන් මිදීමට නොහැකිකම මිස වෙන කිසිවක් නැත. මේ රටේ වර්තමාන තත්වය හොඳම නිදසුනක්... පසුගිය වසර 76ක් තුළ ප්‍රධාන පක්ෂ දෙකක් එකතුවෙලා කල දූෂිත පාලනයන්හි ප්‍රතිඵලය කුමක්දැයි කියා. එම පක්ෂ දෙක බලයට ලබාගත් සෑම මොහොතකම ඔවුන්ගේ නියෝජිතයින් එහාට මෙහාට පනින එක අපි හැමෝම දන්නවා. ඔවුන්ට රට සේවය කිරීම නොවේ අරමුණ... ඔවුන්ගේ පෞද්ගලික සුඛවිහරණය මිස.... ජවිපෙ ප්‍රමුඛ ජා.ජ.බ.වේගයට දූෂිතයින්, හොරුන් කියා බනින්න කිසිවෙකුට බෑ... හේතුව ඔවුන් හොර, මැර, වංචා නොමැති උගත් බුද්ධිමත් කණ්ඩායමක්... හැමෝම විශ්වවිද්‍යාල උපාධිධාරීන්. පුළුවන් නම් මිට වඩා හොඳ දේශපාලයට සුදුසු කණ්ඩායමක් සිටියි නම් යෝජනා කරන්න අපිත් ඡන්දය දෙන්නම්...!
Ruwan Sunday, 28 April 2024 09:57 PM
වහල්ලු කලබල වෙලා හොඳටම.කමෙන්ට් වලින් ඒක පැහැදිලියි .හැබැයි කියන්න තියෙන්නෙ මූණෙ තියෙන ලපේ ගැනයි අඳින අඳුම් පැලදුම් ගැනයි විදේශ සංචාර යන එක ගැන විතරයි.තමන්ගේ දේශපාලන නායකයන් කෝටි ප්‍රකෝටි ගණන් වංචා දූෂණ කරද්දි ගොළුවන් බීරන් වගේ හිටපු අය ඇයි මෙච්චර කලබල වෙන්නෙ.ගුල්ලො ගහපු හාල් බෙදුවම රැවටෙන මිනිස්සු මේ ලංකාවෙන් එතෙර රටවල් වල නෑ.යමක් කමක් තේරුම් ගන්න පුළුවන් රට ලෝකය හරි විදියට දැකපු මිනිස්සු ඉන්නෙ.දියුණු රටවල් වල ක්‍රම දැකපු පිළිවෙළකට ජීවත් වෙන මිනිස්සු අනුමත කරන්නෙ ජාතික ජන බලවේගයේ මතයයි.
Nishan Monday, 29 April 2024 09:58 AM
ගෆූර් ජාජබ ගේ පාස්කු නානාගේ නෑයෙක් වගේ. අනේ තව නම් මරාගෙන මැරෙන්න එපා ගෆූර්. ලෝකේ වටේ ඇවිද ඇවිද ලංකාව ගැන හොඳ වෙන්න ඇති කියන්නේ ඔහේගේ නායකයා. අපිටත් කියනවා නම් ඔහේලා ගැන ඔහේලගේ පක්ෂේ උදවියගේ කෙරුවාවල් ගැන රෑ එළි වෙනකන් උනත් කියන්න දේවල් තියෙනවා. ඒත් මේ 3% ක් ගැන ඇයි අපි කාලේනාස්ති කරගන්නේ කියලා නිකන් ඉන්නවා.
ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 29 April 2024 04:23 PM
පාස්කු නානලාද? නැත්නම් අයියලාද කියන වග හැමෝම දන්නවා. මරාගෙන මැරුණාද මැරුවාද කියලා තාම හොයාගෙන නෑ. වහලුන්ට මේවා තේරෙන්නේ නෑ. ඔවුන් එක පාරයි මැරුණේ ඔයාලගේ ලොක්කෝ මිනිසුන්ට වද දීලා දෛනිකව නොමරා මරණවා. ඔව් ඉතිං මොනවා කළත් ඔයාලා වගේ අය ඉන්නේ ඔවුන්ව දෝලාවේ උස්සගෙන යන්න...
Nishan Wednesday, 01 May 2024 03:30 PM
ගෆූර් කියන විදියට පාස්කු ප්‍රහාරවලදී මිනිස්සු මරලා නෑ නානගේ පුත්තු... ඒ මිනිස්සු දිවි නසාගෙන.... මේවා ලෝකේ වටේම මිනිස්සු බලනවා. ගෆූර්ලා වගේ අය තමයි 87-89 කාලේ මිනීමරලා බලේ අල්ලන්න ගිහින් ඉතිහාසේ ලොකුම ඉල්ලන් කෑම කෑවේ අද වෙනකන්වත් ඔලුව උස්සා ගන්න බැරුව ඉන්නවා. ඒත් කටේ නරිවාදම නැතිවෙලා නෑ...