IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අනුර කුමාර ඇතුළු 26කට අධිකරණයෙන් දුන් නියෝගය

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 25 දෙනෙකුට කොළඹ කොටුව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම සහ විරෝධතා පාගමන් වල නියැලීම අද(26) පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය

කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොටුව පොලිස් බල ප්‍රදේශයන්හි විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට විරෝධතාකරුවන් පිරිසක් සැලසුම් කර ඇති බවත් ජනාධිපති කාර්යාලය සහ තවත් ගොඩනැගිලිවලට විරෝධතාකරුවන් ඇතුළුවීමට සැලසුමක් තිබෙන බවත් ඒ හේතුවෙන් එය වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් කොටුව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව විරෝධතාකරුවන්ට ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යාංශයට සහ ගාලුමුවදොර පිටිය ප්‍රදේශයට ඇතුළු නොවන ලෙසත් මහජනතාවට සහ රියදුරන්ට අපහසුතාවයක් ඇතිවන පරිදි මාර්ග අවහිර නොකරන ලෙසත් පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලට සම්බන්ධ නොවන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයේ දැක්වේ.

 



අදහස් (19)

අනුර කුමාර ඇතුළු 26කට අධිකරණයෙන් දුන් නියෝගය

තුනිදු Sunday, 26 February 2023 02:30 PM

එහෙම කියලා හරියන්නේ නැහැ.. බිලියන දහය කොහොම හරි හොයලා ඡන්දේ තියලා තව රට අස්ථාවර කරලා ගන්න ඕනෑ. මොකද 88/89 වගේ දැන් බැහැනේ....

:       95       207

SanthuSunday, 26 February 2023 02:57 PM

අර අඳින්නෙ වෙන කුමටද

:       1       4

fairoosSunday, 26 February 2023 05:06 PM

බයි වහල්ලුන්ට 2020, 2022 වෙච්චි දේවල් අමතක වෙලා.. හැබැයි 88/89 මතකයි. දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.

:       82       67

සත්‍යජිත් Sunday, 26 February 2023 06:57 PM

ඔයා කියන විදිහට 88/89 අමතක කලාම වහල් කමෙන් මිදෙනවද? අපේ සිංහලයට මතකය සතියයි, ඒ නිසයි ඔයතරම් සෙනග රැස්වීම් වල ඉන්නෙ, මොකද මේ රටේ ඉස්කෝල තැපැල් කන්තෝරු පොලීසි කච්චේරි ගිනි තියල, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවල, ටෙලිපෝන් කණු කඩල, බස් ගිනිතියල එකී මෙකී නොකී දේවල් කරලා මේ රට මුලින්ම නය කලේ කවුද?

:       7       14

නිශාන්ත Sunday, 26 February 2023 07:51 PM

ඉපදෙන්න ඉන්න එවුනුත් දුක් විඳිනවා... ඔයාලා වගේ අය ජීවතුන් අතර ඉන්නකල්...

:       29       20

sisiraSunday, 26 February 2023 08:20 PM

සමස්ත ලෝකයම ප්‍රතික්ෂේප වූ සමාජවාදී කොමියුනිස්ට් දේශපාලනයට නායකත්වය ලබාදෙමින් රටේ ජනතාව රවටන අනුර ඇතුළු කණඩායමට ජාතික මැතිවරණයකදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇත...

:       6       18

විජිත් Sunday, 26 February 2023 03:08 PM

ජාතික ජනබලවේගයට ජයවේවා!!! පසුගිය අවුරුදු 70 තුළ අපේ රට පාලනය කළ දුෂ්ඨ හොරුන් විසින් විනාශකළ "ශ්‍රී ලංකාව" නැවත ගොඩනැගීමට ඔබලාට දිරිය, බලය, හැකියාව සහ ශක්තිය නොඅඩුව ලැබේවා..!!!

:       169       71

Rohana Sunday, 26 February 2023 03:32 PM

අනුර කුමාර ඉල්ලන්නේ දෙන්න බැරි දෙයක් නොවේ. ආණඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ ඡන්ද අයිතියයි. ඡන්දයෙන් පරදියි කියලා බයට මේ හොර කපටි රෑන ඡන්දය වළක්වන්න කළහැකි හැම දෙයක්ම කරනවා...

:       137       92

ගමේ එකාලා Sunday, 26 February 2023 04:44 PM

ජනතාව පාරට වැටෙන තැනට වැඩසිද්ද කෙරුවේ දූෂිත දේශපාලුවන්. සෞභාග්‍යයේ දැක්ම කෙසේවෙතත් අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත දේශපාලුවන් කරපු වැරැදි නිසා. කිසිම ජනවරමක් නැති, මහජන අප්‍රසාදයට ලක්වූ පින් ජනපතියාට විරුද්ධව, ආණ්ඩුවේ දූෂිත දේශපාලුවන්ට විරුද්ධව උද්ඝෝෂණ නොකර වෙන මොනවා කරන්නද? එකම විසඳුම ඡන්දයක් පවත්වන එක...

:       158       48

SenakaSunday, 26 February 2023 05:32 PM

ඔව් ඔව්... එච්චරයි අඩුවෙලා තිබ්බේ. දැන් දෙන්නකෝ ඡන්දෙට කෝටි ගාණක් වියදම් කරලා හොර හැත්ත 8000 ක් ගෙනැත් ඔවුන්ට පඩිත් එක්කම... එතකොට හැදිලා එනවා රට නියමෙට... මෝඩ විදියට හිතන්නේ නැතුව පොඩ්ඩක් තේරුම් ගන්න... ඔවුන් මේ නහින්නේ ඔබලාට හෙටක් හදන්න නෙමේ. ඔවුන්ට හෙටක් හදාගන්න බව. තව අවුරුද්දක් පරක්කු වුනොත් ඔවුන්ට ආපහු 3% වෙන බව ඔවුන් දන්නවා. ඒකයි ඔය නටන්නේ...

:       30       113

අරවින්ද මොනරවිලSunday, 26 February 2023 07:23 PM

මහ බැංකුව කැඩුව කෙනා රට හදයි කියලා බලන් ඉන්න හරක් තවම ඉන්නවා රටේ...

:       45       29

VenuraSunday, 26 February 2023 05:38 PM

ඒ දූෂිත දේශපාලුවන් ගොඩේ ජවිපෙත් ඉහළින්ම ඉන්න බව මතක තියාගන්න. මොකද 88, 89දී ඔවුන් මරා ගත්තේ අදට එන්න හිටපු දේශපාලන නායකයින් ටික. ඔවුන්ව ගොනාට අන්දලා අවි දීලා, තරුණ මනස විකෘති කරලා, අරගලේ වගේ විප්ලවයක් ගෙනාවා. අන්තිමට ඔවුන් සේරම මැරුම් කාලා පාවාදෙන්නෝ ටික ජවිපෙ අතට ගත්තා. එදා ඒ කොල්ලො කෙල්ලෝ මරන්න ඔත්තු දීපුඅය අද උද්ඝෝෂණ කරකර ආපහු පොඩි අයගේ මනස කනවා. බෞද්ධ විශ්ව විද්‍යාලයේ බුදු හාමුදුරුවන්ට මල් පහන් තියන්න, බුදුන් වඳින්න දුන්නේ නැති කාලකන්නි මනසක් ඔවුන්ට හදලා තිබුණා. සාක්ෂරතාවය විතරක් තියෙන රටේ මිනිස්සුන්ට හිතන්න තේරෙන්නේ නෑ. ඒකයි ප්‍රශ්නේ...

:       19       131

අරවින්ද මොනරවිලSunday, 26 February 2023 07:21 PM

ජේ.ආර් කියන මුග්ධ පාලකයා තමන්ට 5/6 ලැබුණු බලය අවභාවිතා කරමින් නියමිත පරිදි මහමැතිවරණය නොපවත්වා ඒ වෙනුවට ජනමත විචාරණය කියන ප්‍රෝඩාව කරමින් මහ ඡන්ද කොල්ලයක් සිදු කිරීමයි. එයට හොඳම සාක්ෂි වන්නේ එවකට හිටිය මැතිවරණ කොමසාරිස් චන්දානන්ද සිල්වා තම වාර්ථාවෙන් එය එතෙක් පැවැති දූෂිතම මැතිවරණය ලෙස නම් කිරිමයි. එසේ කර තම බලය තරකර ගත් මේ අධම පාලකයා ඉන්දු ලංකා ගිවිසුම හරහා රට ඉන්දියාවට පාවාදිමයි සිදු කෙරුවේ. එයට එරෙහිව රටට දැයට ආදරය කරන දස දහස් ගණන් තරුණයෝ අවිගත් අතර අද මෙන් එදාද රටේ නිදහස වෙනුවට වහල්භාවය තෝරාගත් දිනයන්ද රට පවාදෙන එවුන් සමග පෙල ගැහුණායි.

:       38       14

BinaraSunday, 26 February 2023 09:19 PM

කපටි කාලකන්නින්ට රට දීලා ඔවුන්ගෙන්ම බෙල්ල කපා ගන්න මොනරවිලලා ඉස්සර ඉඳන්ම නම් දරනවා. ඔහෙත් ඒ මොට්ට පරපුරේම බව පේනවා. මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන්නේ ආර්ථික සහනයක් සහ දේශපාලන ස්ථාවර භාවයක්. ඒකට ඕනෑ එක්කෝ මහ මැතිවරණයක් නැත්තන් ජනාධිපතිවරණයක්... පළාත් සභා මොන කෙහෙල් මලකටද?

:       3       6

සිල්වා Sunday, 26 February 2023 04:57 PM

ඡන්ද ප්‍රතිඵල කෙසේවෙතත් ඡන්ද අයිතිය වැළැක්වීම නීති විරෝධියි.

:       71       46

ලුම්බිණි Sunday, 26 February 2023 05:33 PM

ලැජ්ජයි නේද රනිල් මහත්තයෝ?

:       36       27

Pradeep Sunday, 26 February 2023 06:19 PM

හොරු වෙනුවෙන් කඩේ යන නිවටයින් තවමත් ඉන්නවනේ...!

:       36       28

අරවින්ද මොනරවිල Sunday, 26 February 2023 07:03 PM

මේ උම්මත්තකයා හිතාගෙන ඉන්නේ පොලිසිය හමුදාව දාලා රටේ ජනමතය නිහඬ කරලා හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා ඒ උනාට මතක තියා ගනින් ඔබේ මාමණ්ඩියටත් ඒ ටික කොර ගන්ට ඉරි උන විත්තිය.

:       7       4

Lal Monday, 27 February 2023 12:59 PM

පහුගිය දවස්වල සෑම ජනතා විරෝධයක්ම ප්‍රචණ්ඩ වුනේ මේ රටේ නීතිය රකින්න ඉන්න මහමොල දුන් මොලේ නැති විධාන නිසා කියලයි මට හිතෙන්නේ...!

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 160 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 521 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 793 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1886 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2286 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 3410 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site